Pages

Monday, January 13, 2014

වහබ් මුසලු අන්තවාදයේ ගෝලීය ව්‍යාප්තිය - බුද්ධගයා ප්‍රහාරයේ සැඟවුණු ඇත්ත

b2බෞද්ධ ශිෂ්ටාචාරයට බෞද්ධ සංස්‌කෘතියට අන්‍යාගමික තර්ජන එල්ල වූයේ අද ඊයේ සිට නොවේ. එය බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ පවා පැහැදිලිව දක්‌නට ලැබිණි. තීර්ථකයෝ සුන්දරී පරිබ්‍රාජිකාව මරා ඡේතවනාරාමයේ මල්ගොඩක්‌ යට සැඟවූවේ ද බුදුන් වහන්සේට නිග්‍රහ කරනු පිණිසය. එහෙත් අවසානයේ වැරදිකරුවෝ කවුද යන්න හෙළි විය. සුන්දරීගේ ඝාතනය නිසා සමාජයෙන් නැගෙන දොෂාරෝපණ දරුණු වූ විට ආනන්ද හිමියන් බුදුන්ගෙන් ඉල්ලා සිටියේ ටික කලකට හෝ මේ ප්‍රදේශය අතහැර යැම වඩා සුදුසු බවයි. එහෙත් බුදුහු එය ප්‍රතික්‍ෂේප කළහ.

බෞද්ධයින් කිසිවිටකවත් බයිනෙත්තුවේ බලයෙන් හෝ කඩුවේ ආනුභාවයෙන් ආගම පතුරුවන්නට ගියේ නැත. එදා භක්‌තියාර් ඛල්ජිගේ සේනාව නාලන්දාවට පහර දෙද්දී එතැන සිටි භික්‍ෂූන් මරණානුස්‌වතිය වැඩූ බව ප්‍රකට සත්‍යයකි. මේ මුස්‌ලිම් ආක්‍රමණිකයින්ගේ ප්‍රහාර නිසා අපේ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ විය. භක්‌තියාර් ඛල්ජි එදා නාලන්දාව විනාශ කිරීමට පැමිණියේ අශ්වාරෝහක සේනාවක්‌ සමගය. එයින් වසර 800 කට පමණ පසුව නැවතත් මුස්‌ලිම් අන්තවාදීහු බෞද්ධයින්ගේ උතුම් පින්බිම පුපුරවා හරින්නට කටයුතු කළහ. ඒ අවාසනාවන්ත දිනය ඉකුත් වසරේ ජුලි 07 වැනිදාය. එදින උදැසන 5.30 ත් 6 ත් අතර කුඩා ගෑස්‌ ටැංකි යොදාගෙන සකස්‌ කර තිබූ බෝම්බ 10 ක්‌ බුද්ධගයා විහාරය හා ඒ අවට භූමියේ පුපුරා ගිය අතර තවත් පුපුරා නොගිය බෝම්බ තුනක්‌ ආරක්‍ෂක අංශ විසින් සොයා ගනු ලැබිණි.

මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉන්දියන් මුජහිඩීන් සංවිධානය විසින් බව දැන් වඩාත් තහවුරු වී ඇත. ඉකුත් වසරේ ඔක්‌තෝබර් 27 වැනිදා පැට්‌නා නගරයේ භාරතීය ජනතා පක්‍ෂය අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි සහභාගි වූ මහජන රැළියක බෝම්බ පුපුරා ගියේය. මේ ප්‍රහාරය සිදු කළේ ද මුජහිඩීන්වරු විසිනි. බුද්ධගයා ප්‍රහාරයත් පැට්‌නා හි සිදුවූ බෝම්බ පිපිරීමත් සම්බන්ධව චැටිස්‌ගාර් ප්‍රාන්ත පොලිසිය මොහොමඩ් උමේර් සිද්දීක්‌ නම් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු බුද්ධගයා ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ බුරුමයේ රෝහින්ගා මුස්‌ලිම්වරුන්ට එල්ල වන ප්‍රහාරවලට පළිගැනීමක්‌ ලෙස බව හෙළි කර තිබිණි.

35 හැවිරිදි සිද්දීක්‌ මේ ප්‍රහාරය ගැන ආරක්‍ෂක අංශ වෙත තොරතුරු හෙළි කර තිබුණු අතර ඒ තොරතුරු අනුව මේ ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ අබ්දුල්ලාහ් හෙවත් හයිදර් අලි නම් තැනැත්තාය. "2013 මැයි මාසයේදී හයිදර් මට හමුවුණා. ඔහු කිව්වා අල් ජසීරා වෙබ් අඩවියෙන් බුරුමයේ රෝහින්ගා මුස්‌ලිම්වරුන්ට වන කරදර ගැන තමන් දැක්‌කා කියලා. මේවාට පලිය ගන්න ඕනෑ කියලා ඔහු තදින්ම ප්‍රකාශ කළා. එතකොට මම කිව්වා බුද්ධගයාව හරි පැට්‌නා නගරයේ බෞද්ධ උද්‍යානය හරි ඉලක්‌ක කරමු කියලා. ඒ උපදෙස්‌ පරිදි ඔහු මේ ස්‌ථාන දෙකම බලන්න ගියා. දින විස්‌සකට පසු ඔහු රායිපුර්වලදී මට හමුවුණා. එහිදී අපි තීරණය කළා බුද්ධගයාවට ප්‍රහාර එල්ල කළ යුතු බව. අපි දින 15 ක්‌ පමණ මේ ගැන සාකච්ඡා කළා. ඔහු දෙවතාවක්‌ බුද්ධගයා විහාරය බලන්න ගිහිල්ලා තිබුණා. බෝම්බ සවි කළ යුතු තැන් ගැන විශේෂයෙන් ප්‍රකාශ කළා. ඒ අතර අඩි 80 ක්‌ උසැති බුදු පිළිමය මෙන්ම චීන හා තායිලන්ත පන්සල ද ඇතුළත් වුණා. එමෙන්ම රාත්මිහි පදිංචි හිදයාත් බායි, අස්‌ලාම්, අෆ්ටාබ් අලාම් යන පුද්ගලයන්ගෙන් මේ ප්‍රහාරයට මුදල් ලැබෙන බවත් කිව්වා. ප්‍රහාරය ජුලි 07 වැනිදා සිදු වුණා. අපි නැවත මුණගැසුනේ ජුලි 12 වැනිදා. එහිදී ඔහු මේ බෝම්බ තැබීම සඳහා ඕන ද්‍රව්‍ය, ගෑස්‌ සිලින්ඩර් හොයා ගත්තු හැටි මට විස්‌තර කළා"යනුවෙන් සිද්දීක්‌ මේ ප්‍රහාරය ගැන පාපොච්චාරණයක්‌ කර තිබිණි.

ඉන්දියන් මුජහිඩීන් සාමාජික පිරිස අගෝස්‌තු 12-15 යන දින අතර ද හමුවී සාකච්ඡා කර ඇති අතර ඔවුන් දිල්ලියේ දුම්රියකට පහරදීම කෙරෙහි අවධානය යොමු කර තිබිණි.

2001 මාර්තු මාසයේදී තලෙයිබාන් නායක මුල්ලා ඕමාර්ගේ අණ පරිදි බාමියන් පිළිම විනාශ කර දැමූ අතර 2012 දී බංගලාදේශයේ රාමු ප්‍රදේශයේ බෞද්ධ පන්සල් 11 ක්‌ ගිනි තබා විනාශ කළේ ද "අල්ලාහු අක්‌බාර්" යනුවෙන් කෑ ගසමින්ය. බෞද්ධයන්ට එරෙහිව ශිෂ්ටාචාරයේ ගැටුම ආරම්භ වී ඇත. මෙය කොතනින් අවසන් වන්නේද? මේ ප්‍රහාරයට හේතුව බුරුමයේ කාරණය පමණක්‌ද? ඇෆ්ගනිස්‌තානයේ, ඉරාකයේ මුස්‌ලිම්වරුන්ට වන අසාධාරණ ගැන ඉන්දීය මුජහිඩීන්වරුන් තුළ කැක්‌කුමක්‌ හට නොගන්නේ මන්ද? බුද්ධගයාව අධි ආරක්‍ෂිත නොවන තැනක්‌ නිසා ප්‍රහාර එල්ල කළේද? කවරක්‌ නමුත් සැඟවුණු ඇත්ත හෙළිව තිබේ. එදා තුර්කි ආක්‍රමණිකයින් නාලන්දාව ගිනි තැබුවා සේම අදත් හෙටත් මේ ආක්‍රමණිකයන්ගෙන් බෞද්ධයන්ට ගැලවීමක්‌ නැත. එහෙත් එදා මෙන්ම අදත් නිහඬව සිටිය හැකිද?

ලෝක ආගමික ජනගහන දත්තවලට අනුව ක්‍රිස්‌තියානි ආගමිකයින්ට පසුව දෙවැනි තැන හිමි වන්නේ මුස්‌ලිම් ආගමිකයින්ටය. 2010 වාර්තා අනුව ලොව ජනගහනයෙන් 23% ක්‌ මුස්‌ලිම්වරුන්ය. ලොව පුරා රටවල් 49 ක අති බහුතරය මුස්‌ලිම්වරුන්ය. දකුණු හා ගිණිකොන දිග ආසියාවේ වෙසෙන මුස්‌ලිම්වරුන්ගේ ප්‍රමාණය බිලියනයකට අධිකය. ඇත්තෙන්ම ලෙබනනයට වඩා මුස්‌ලිම්වරු ප්‍රමාණයක්‌ බ්‍රිතාන්‍යයේ සිටින අතර සිරියාවට වඩා මුස්‌ලිම්වරු පිරිසක්‌ චීනයේ වෙසෙති. ලොව පුරා වෙසෙන බෞද්ධයින්ගේ ප්‍රමාණය මිලියන 350 කි. ක්‍රිස්‌තියානි මෙන්ම මුස්‌ලිම් ආක්‍රමණයට ද මුහුණ දෙමින් සිය ආගම මෙන්ම ශිෂ්ටාචාරය රැක ගැනීමේ අනවරත අරගලයක යෙදීමට බෞද්ධයින්ට සිදුව ඇත.

ලෝක මුස්‌ලිම් ජනගහනයෙන් 10% ක ප්‍රතිශතයක්‌ ජීවත්වන්නේ ඉන්දියාවේය. පසුගියදා කොළඹ ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලයට මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරයක්‌ එල්ලවීමට ඉඩ ඇති බැවින් එහි ආරක්‍ෂාව තර කරන ලෙස ඉන්දීය බලධාරීහු මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර තිබිණි. මේ ඉල්ලීම නිසා මෙරට මුස්‌ලිම් දේශපාලනඥයෝ යම් කැලඹීමකට පත්වූහ. ඉන්දීය ඔත්තු සේවාවන් මීට පෙර කිහිපවිටක්‌ම මෙරට පකිස්‌තානයේ ආධාර ලබන මුස්‌ලිම් අන්තවාදී කල්ලි ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර තිබිණි. මේ කිසිම කල්ලියක්‌ මෙතෙක්‌ එළි බැස නැතත් ඔවුන් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය. ඉදිරියේදී ලොව ඇති වන්නේ ආගමික ගැටුම්ය. විශේෂයෙන්ම සම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් යට කරමින් වහාබ් අන්තවාදය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතී. සිරියාවේ ගැටුම් ඇතිවීමට මූලික හේතුව කුමක්‌ද? වහාබ් අන්තවාදයයි. ඉරාකයේ ෆලුජා නගරය අත්පත් කරගෙන සිටින්නේ කවුරුන්ද? වහාබ් අන්තවාදීන්ය. දැන් මොවුන්ට එරෙහිව ඉරාක හමුදාව සමග සාමාන්‍ය වැසියෝ ද සටන් වදිති. මේ වහාබ් අනතුර ගැන අප හොඳ අවබෝධයෙන් සිටිය යුතුය.

2013 වසරේ ලොව පුරා ආගමික ගැටුම්වල වර්ධනයක්‌ දක්‌නට ලැබිණි. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඇතිව තිබෙන සටන කුමක්‌ද? ක්‍රිස්‌තියානි මුස්‌ලිම් ගැටුමකි. ප්‍රංශ රාජ්‍යය එයට මැදිහත්වී සිටින්නේ මන්ද? එය ප්‍රංශ කොලණියක්‌ව පැවැති බැවිනි. කවරක්‌ වෙතත් මේ සියලු අර්බුද හමුවේ බෞද්ධයා වඩා හොඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්ය. එමෙන්ම බුද්ධගයා ප්‍රහාරයේ සැඟවුණු ඇත්ත ගැනත් අවධානය යොමු කළ යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2014/01/12/feature12.html

චතුර පමුණුව
http://www.divaina.com/2014/01/07/news07.html

සබැඳි ලිපි
[

කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
බුද්ධගයාවට පහර දුන්නේ බුරුමයේ ප්‍රහාරවලට පළිගැනීමට - ඉන්දීය මුජහඩීන් සාමාජිකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_7008.htmlබුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයිhttp://denethharinna.blogspot.com/2013/07/6.htmlබුද්ධගයාව බේරාගනිව්http://denethharinna.blogspot.com/2013/07/blog-post_7342.htmlඉන්දීය බෞද්ධයෝ සත්‍යග්‍රහයකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_2158.htmlබුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9.htmlමහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: