Pages

Tuesday, January 7, 2014

බුදුරුව යොදා කැලැන්ඩරයක්‌ බෙදා හැරිය මස්‌කඩේ මුදලාලි අත්අඩංගුවට

මොනරාගල නගරයේ මස්‌ හා බිත්තර අලෙවි කරන වෙළෙඳසලකින් බුදුන් වහන්සේගේ පිංතූරයක්‌ හා දළදා මාලිගාවේ පිංතූරයක්‌ යොදා 2014 දින දර්ශනයක්‌ සකස්‌ කර බෙදා හැරී යෑයි එහි හිමිකරු මොනරාගල පොලිසිය විසින් ඊයේ (6 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දින දර්ශනයේ බුදුන් වහන්සේගේ හා දළදා මාලිගාවේ පින්තූරය යොදා පහළ කොටසේ ඔබට අවශ්‍ය කුකුල් මස්‌, ඌරු මස්‌, බිත්තර තොග හා සිල්ලර මිලට ලබාගත හැකි ලෙස සටහන් කර තිබිණි.

මෙම දින දර්ශනය බෙදා හැරිය වෙළෙඳසල් හිමියා සමඟ එම දින දර්ශනද මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම වෙළෙඳසලේ හිමිකරුගේ බිරිඳ අන්‍ය ආගමික කාන්තාවක බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ මොනරාගල පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක හා සහකාර පොලිස්‌ අධිකාරි (1) අනුර පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි මොනරාගල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක බී. එම්. එම්. දසනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ උ. පො. ප. නලින් වසන්ත, පො. සැ. (28645) සරත්, පො. කො. (57971) සමන්ත යන නිලධාරීහු සිදු කරති.

මොනරාගල - නයන ඉහළගෙදර, සියඹලාණ්‌ඩුව - මාපා තිලකසූරිය සහ බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
http://www.divaina.com/2014/01/07/news11.html

සබැඳි ලිපි -
[
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html
ඉඳුරුව හෝටලයක බිකිනි වනන්න බුදු පිළිම දමලා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4446.html
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
බුද්ධ බාර් වැටලීම
http://denethharinna.blogspot.com/2013/01/blog-post_882.html
රෑට කන්නේ නිර්වාණේ සමාවෙන්න බුදු රජුනේ!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_9046.html
]

0 comments: