පොලිතින්, ඉටිකොළ, ප්ලාස්‌ටික් භාවිතය දැන් අපෙන් ඈත් කරන්නට නොහැකි තරමට ම එදිනෙදා චර්යාව හා තදින් බැඳී තිබේ. මුදල් සාක්‌කුවේ හෝ පසුම්බියක දමාගෙන කඩයකට යන අපට පොලිතින් මලු කිහිපයකට පුරවාගෙන ඒමට ලැබෙන්නේ පොලිතින් ආවරණවලින් ම සැදුම්ලත් අසුරණ සහිත ද්‍රව්‍ය රැසකි. පොල් ගෙඩියක් මිලදී ගත්ත ද එය පවා පොලිතින් උරයකට දමා අපට ලබා දීමට කඩ මුදලාලි කාරුණික වන්නේ රටට ම පෙනෙන්නට පොල් මුඩ්ඩෙන් එල්ලාගෙන පොල් ගෙඩියක් ගෙදරට රැගෙන ඒම විළිලඡ්ජාවට කාරණාවක් වන්නේ යෑයි සිතන නිසා වන්නට ඇත. දණහිසෙන් අඟල් තුනහමාරක් ඉහළට අඩ නිරුවතින් දෙනෝ දාහක් එහා මෙහා යන මහ මග කිසිදු විළිලඡ්ජාවකින් තොරව ගමන් කළ හැකි අයකුට වුවද කඩේකින් මිලදී ගන්නා පලා මිටියක්, පොල් ගෙඩියක්, පොලිතින් උරයක නොසඟවා ගෙදරට ගෙන එන්නට නොහැකි තරමට වර්තමාන සමජයේ විළිලඡ්ජාව උත්සන්න වී තිබේ.
වර්තමාන කඩපළේ පරිප්පු, සීනි, සබන්, තුනපහ, මිරිස් ඇතුළු සියලු දේ ඇත්තේ පොලිතින් ආවරණවල බහාලූ වෙළෙඳ නාමයන් ද සහිතවය. බඩු කිරන්නට වෙළෙඳුන්ට මහන්සියක් නැතුවා සේම කිරන තුරු බලා සිටින කාලය නාස්‌ති කරන්නට පාරිභෝගිකයාට ද අවශ්‍ය නැත. පොලිතින් උරවලට තද කර පුරවා නම, බර ඇතුළු සියලු විස්‌තර ද සමඟ ඕනෑ ම ද්‍රව්‍යයක් අද ඕනෑ ම කඩයකින් මිලදී ගත හැකිය. බඩු කිරන තුරු බලා සිටින්නට තරම් ඉස්‌පාසුවක් නැති කාර්ය බහුල පාරිභෝගිකයාට සුපිරි වෙළෙඳසැල්වල, සුපිරි රෙදි සාප්පුවල පැය, වරු නොව දවසක්‌ම වුවද ගත කරන්නට ඕනෑ තරම් කල්වේලා ඇත. එසේ ම සුරූපිනියන්ගේ රුව සහිත පොලිතින් ආවරණවලින් යුතු තෙල් වර්ග, ශැම්පු වර්ග ආදිය ඇසුරූ ප්ලාස්‌ටික් ඇසුරුම් ද නිමක් නැත.
අපේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිරිකිත්තා, නම් මේ විදිහට කඩේ ගියේ නැත. අපට මතක ඇති කාලයේ අත්තලා, ආත්තම්මලා කඩපිලට ගියේ පන් මල්ලක් ද කිහිලි ගන්නාගෙන ය. හාල් හුණ්‌ඩුවක් සොච්චම් මිලකට කඩමණ්‌ඩියෙන් ලබා ගන්නේ පන් මල්ලට මිස පොලිතින් උරවලට නොවේ. පරිප්පු ටිකක්, සීනි ටිකක්, කරවල කෑල්ලක් කිරා මැන දුන්නේ කඩදාසි ගොට්‌ටකට ය. ඒවා පන් මල්ලේ ඔබාගෙන ගෙදරට රැගෙන විත් වීදුරු හෝ මැටි ඇසුරුමකට බහාලන තුරු කඩදාසි ගොට්‌ට කැඩී, ඉරී විසිරී ගියේ නැත. පොල්තෙල් කාලක්, භූමිතෙල් ටිකක් ගන්නේ නම් වීදුරු බෝතල් පොඩ්ඩක් ගෙදරින් රැගෙන යැමට අමතක කළේ නැත. හදිසියෙන් හෝ අමතක වූ පාරිභෝගිකයකුට මුදලාලිගෙන් බෝතල් පොඩ්ඩක් ලැබුණේ පසු දවසක ආපසු ගෙනැවිත් දීමේ පදනම මතය. එදා පොලිතින් උරවලට පොල්තෙල් දුන්නේ නැත. කොහොමටත් අත්‍යවශ්‍ය ම දෙයක් හැරෙන්නට කඩේකින් මිලදී ගැනීමට එදා අපේ මුතුන් මිත්තන්ට අවශ්‍ය වූයේ නැත. ගෙදර ළිපක හින්දන ලද තැඹිලි තෙල් ටිකකට පොල්තෙල් ටිකකට කී කිරිඳිය, සැවැන්දරා, ගොටු කොළ ආදී බෙහෙත් ඖෂධ ස්‌වල්පය බැගින් දමා රත්කර නිවුණු පසු වීදුරු බෝතලයක අසුරා තබා හිසට ගැල්වූ අතීත කාන්තාවන්ගේ හිසකෙස් පාදයේ විලුඹෙනුත් පහළට වැඩුණා මිස ලේයර් කරන්නටවත්, කලර් කරන්නටවත්, µර්ම් කරන්නටවත් අවශ්‍ය වූයේ නැත. ගොඩපර ගෙඩියක් කළුගල් කැබැල්ලකින් තලා හිසේ අතුල්ලා හිතේ හැටියට ස්‌නානය කළ කාන්තාවන්ගේ හිසේ ඉස්‌හොරි හටගත්තේ නැත.
වර්තමාන නිවෙස්‌වල කුණු වළක් නැති හෙයින් පොලිතින් උර, ප්ලාස්‌ටික් බාල්දි හෝ ප්ලාස්‌ටික් බඳුන් නිවසේ ඉවතලන දැ දැමීම සඳහා අවශ්‍ය වේ. එළවළු ටිකක් හෝදා ගන්නට, පොල් ටිකක් ගා ගන්නට මැටි කොරහක් නැති වර්තමාන මුළුතැන්ගෙට ප්ලාස්‌ටික් බේසම්, ප්ලාස්‌ටික් පිඟන් නැතුව ම බැරිය. මිනිසුන්ට තියෙන හදිස්‌සියට පෝසිලේන්, වීදුරු පිඟන් පරෙස්‌සම් කරන්නට බැරි නිසා ප්ලාස්‌ටික් පිඟාන පහසුවකි. දර ළිපක් මැටි වළඳක ආහාර පිසීමෙන් දැළි නෑමටත්, දැළි ගෑවීමෙන් දැඟිලිවල දිගට දිගේ නියපොතු වවාගෙන සිටීමට හෝ වර්ණ ගැන්වීමට හෝ නොහැකි වනු ඇත. පිළිකා, වකුගඩු රෝගවලින් ජීවිතයේ වැඩි කලක් දුක් විඳින්නට සිදුවන බව දැන දැනත් මැටි වළං භාවිත නොකර ඇලුමිනියම් භාජනවල ආහාර පිස කෑමට ගන්නේ ශරීරයේ සියලු දේට වඩා නියපොතු වටිනා නිසා විය හැකිය. පොලිතින් භාවිතය නිසා ද සිදු වන්නේ පිළිකා රෝගවලට අනුබල දීමක් සහ පරිසරය විනාශ කර දැමීමකි. පොලිතින්වල ඔතා එළවළු, පලතුරු ශීතකරණයේ දමා ආහාරයට ගැනීමෙන් ද සිදුවන්නේ ආහාරවල නැවුම් බවත්, පෝෂණ ගුණයත් විනාශවීම පමණක් නොව පොලිතින්වල ඇති අපේ ශරීරයට අහිතකර කුඩා අංශු පහසුවෙන් ශරීරයට ඇතුළු වීමය. ප්ලාස්‌ටික් ද නොදිරන, පරිසරයට ඉතාම අහිතකර ද්‍රව්‍යයකි. ප්ලාස්‌ටික් හා පොලිතින් පිළිස්‌සීමේ දී පිටවන විෂ දුම වාතලයට එක්‌වී අප ආශ්වාස කරන වාතය සමඟ අපගේ පෙනහලුවලට ඇතුළත් වනු ඇත. එයින් ඇති කරන පෙනහලු රෝග මොනවාදැයි වර්තමානයේ වෛද්‍යවරුන්ට පවා හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. අද සමාජයේ මිනිසුන් බොහෝ දෙනකු මරණයට පත් වන්නේ බොහෝ කාලයක් නොවිඳිනා දුක් විඳිමින්, මුළු ජීවිත කාලය පුරාම දුක් මහන්සියෙන් ඉපයූ සියලු සේසත වෛද්‍යවරුන්ට දන් දෙමින් අවසානයේ මරණයේ කටයුතු කර ගැනීමට තරම්වත් මුදලක් අත නැතිවය.
අප බොහෝ විට දොස් නගන්නේ සමාජයටය. එහෙත් සියයට අනූවක් ම වරද ඇත්තේ අපගේය. පරිප්පු පොලිතින් ආවරණවල දමා අලෙවි කරන සුපිරි වෙළෙඳසල්වල ම ඒවා කිරා ගැනීමට ගෝනිවල හෝ පෙට්‌ටිවල දැමූ ලිහිල් පරිප්පු ද විකිණීමට ඇත. ඒවා පොලිතින් මල්ලක දමා කිරා දුන්නත්, එම පොලිතින් මල්ල ගෙදර ගෙන ගියත් එක්‌වරම අපතේ නොයවා නැවත නැවත සෝද සෝදා භාවිත කිරීමෙන් පොලිතින් අවශ්‍යතාව අවමකර ගැනීමට අපට හැකිවනු ඇත. කඩයකට යනවිට නිවසේ තිබෙන පොලිතින් උර දෙක තුනක්, රෙදි මල්ලක් රැගෙන යන්නට අප උනන්දු වුවහොත්, කඩේකින් ගෙදරට අලුතෙන් පොලිතින් උර රැගෙන ඒම සීමා කළ හැකිය. වට්‌ටියක, ඇතුල්පොතක හොඳින් පෙනෙන ස්‌ථානයක එළවළු අසුරා තබා එම ප්‍රමාණයේ ම වට්‌ටියකින් හෝ ඇතුල්පොතකින් හෝ එය වසා තැබීමෙන් කෘමි සතුන්ගෙන් එළවළුවලට වන හානිය අවම වන්නා සේම නිතර ම නැවුම් එළවළු නරක්‌වීමේ ප්‍රවණතාව පිළිබඳ සැලකිලිමත් වෙමින් පිළිවෙළට පිසීමට ද හැකියාව උදා වනු ඇත. ශීතකරණයක් සැබැවින් ම අපට අවශ්‍ය වන්නේ කුණු වූ ආහාර නැවත නැවත ආහාරයට ගෙන ලෙඩ රෝග සාදා ගැනීමට මිස අරපිරිමැසුම්දායී හිතකර ආහාර වේලක් උදෙසා නම් නොවේ. නිවසක ශීතකරණයක් භාවිත නොකරන්නේ නම් විදුලිය ද විශාල වශයෙන් පිරිමසා ගැනීමට හැකිවේ. එක නිවසක විදුලිය පිරිමැස්‌ම රටේ විදුලිය සැපයුම සීමා කිරීම සඳහා විශාල දායකත්වයක් සපයනු ඇත. එළවළු වැඩිපුර නිවසට රැගෙන විත් ශීතකරණයේ දමා දින ගණනක් තිස්‌සේ ආහාරයට ගැනීමට වඩා සතියට දෙවරක් ටික ටික ආහාර රැගෙන ඒමෙන් නැවුම් මෙන්ම විවිධත්වයකින් යුතු ආහාර වේල් සකසාගත හැකි වනු ඇත. අතීත මිනිසුන් එදා වේල දිනපතා නෙළා ගෙනවුත් පිසගත්තේ එක්‌කෝ ගෙවත්තෙනි, නැතිනම් හේනෙනි. අසල්වැසියන් අතර ගෙවතු භෝග හුවමාරුවක් ද තිබූ බැවින් නිරතුරුවම සමබර, නැවුම්, පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට ඔවුහු භාග්‍යවන්තයෝ වූහ. වර්තමානයේ නම් අසල්වැසියන් කවුදැයි කියාවත් උනුන් හඳුනන්නේ නැති තරම්ය.
මිනිසුන් ලෙඩ කරන, ආයුෂ අඩු කරන, පරිසරය නසන ආහාර පුරුදු හා ආහාර වර්ග අපට හුරු කළේ බහුජාතික සමාගම් ය. පොලිතින් ඇසුරුම්, ප්ලාස්‌ටික් භාවිතය හුරු කළේ ද ඔවුන්මය. එහෙත් ඊට පෙර කාලාන්තරයක් තිස්‌සේ අප හුරු පුරුදු කරගෙන ආ පරිසර හිතකාමී වූත්, සෞඛ්‍යාරක්‍ෂිත වූත් ජීවන රටාවෙන් දුරස්‌වීම අපගේත්, රටේත්, පරිසරයේත් පරිහානියට හේතු වී තිබේ. කවුරු කෙසේ කොහොම කීවත් අපේ රටට, අපට උරුම වූ සංස්‌කෘතික ජීවන රටාවට අපි යළිත් යායුතුව ඇත. බහුජාතික සමාගම්වලින් අපට අලුතෙන් යම් යම් දේ හුරු පුරුදු කරගනිමින් ඔවුන් සිදු කළේ ඔවුන්ගේ කුණු කන්දල් අපට අලෙවි කරගනිමින් උන්ගේ මඩිය තර කර ගැනීමය. අපේ රටේ බහුතරයකගේ රෝගී තත්ත්වයන් ද බහුජාතික සමාගම්වල ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් වන්නේ බෙහෙත් පෙත්තකින් පවා ඔවුන්ගේ ගිණුම් වර්ධනය වන බැවිනි. හිමිදිරි උදැසන කොළ කැඳ උගුරක්, ලුණු කැඳ කෝප්පයක් බිව් අපට ගොන් කිරි පුරුදු කළේ ද බහුජාතික සමාගම් ය. බිමට හිරු එළිය පතිත වන්නටත් මත්තෙන් කහට උගුරක් පානය කර දලු නෙළන්නට ගිය නැත්නම් රබර් කට්‌ටියේ කිරි කපන්නට ගිය අපේ ගැමි කාන්තාවන්ට ගැස්‌ට්‍රයිටිස් වැළඳුණේ නැත.
කිරිපිටිවල නුසුදුසුකම වාගේ ම ඒවා ඇසුරුම් කර ඇති පොලිතින් ද අපටත්, රටටත් විශාල හානියකි.
බැලූ බැලූ සෑම අතකින් ම අද දක්‌නට ලැබෙන පොලිතින්, ප්ලාස්‌ටික් ආදී අපටත්, පරිසරයටත් විනාශ කර වූ සියලු දේ අපගේ භාවිතයෙන් වහාම ඉවත් කළ යුතුව ඇත. කියන තරම් එය පහසු නැතැයි කවුරුත් පැවැසුවත්, එය ඉතා පහසුවෙන් නතර කිරීමට හැකි ක්‍රමයක් ඇත. එනම් අපගේ ජීවන රටාවට අතීතය අදාර්ශ කොට ගැනීම ය. එයින් අනවශ්‍ය මෙන්ම අහිතකර ආහාර පුරුදු ද අපගේ ජීවිතයෙන් දුරස් වනු ඇත. අපගේ ජීවිත ඉබේම පරිසර හිතකාමී වන විට පරිසරය ද ඉබේම අපට හිතකාමී වනු ඇත.
තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2014/01/07/feature05.html

0 comments:
Post a Comment