ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නිදහස් ය. එහෙත් රටේ දෙමාපියෝ එහි සිරකරුවෝ ය. ළමයකු පාසලකට ඇතුළත් කිරීම ම දෙමාපියන් බරපතළ වැඩ ඇතුව හිර දඬුවමකට යටත් කිරීමකි. අද ළමයකු හොඳ ඉස්‌කෝලයකට දමා ගැනීමට නම් දෙමාපියන් ක්‍රියාත්මක විය යුත්තේ ළමයා ඉපදීමටත් පෙර ය. මුලින්ම ඔවුන් පාසල පෙනෙන දුර මානයේ ගෙයක් මිලට ගත යුතුය. නැත්නම් හදා ගත යුතු ය. සමහර විට ඔවුන්ට බදු රිසිට් එක ලැබුණත් පදිංචිය නො ලැබේ. පාසලට අවශ්‍ය වන්නේ ළමයාගේ පවුලේ අය අවුරුදු තුනක - හතරක - පහක සිට පාසලට ආසන්නයේ සිටින බව තහවුරු කෙරෙන ලියෑවිලි පමණි. ජාතික පාසලක් අසල නිවෙසක බදු ඔප්පුවක් රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ 5 දක්‌වා විවිධ මිල ගණන්වලට විකුණනු ලැබෙයි. ගෙයි අයිතිකාරයාට සියයට පනහක් ද, බ්‍රොකර්ට ඉතිරි පනහ ද යනාදී වශයෙන් මුදල බෙදී යයි. බදු ඔප්පුවකින් පමණක් ළමයකු පාසලකට ඔබා ගත හැකිද? කිසිසේත්ම බැරි ය.
බදුකරුවන්ට එම ලිපිනයෙහි ස්‌ථිර පදිංචිය තිබෙන බව ඔප්පු කිරීම සඳහා ඔවුන්ගේ නමට ඇති ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්, වරිපනම් කඩදාසි සහ හැකිනම් උසාවිවලින් එවන සිතාසි ද, ඉදිරිපත් කළ යුතුය. මේ සියල්ලම මුදල් ය. නිකම්ම මුදල් නොව කොළපාට දාහේ කොළ, දුඹුරුපාට දෙදාහේ කොළ, කහපාට පන්දාහේ කොළ යනාදියෙන් ගනුදෙනු කරන මුදල් ය. මේ සියලු සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු ළමයා පාසලට භාර ගනු පිණිස සම්මුඛ පරීක්‍ෂණයට ලක් කරන දිනය එනතුරු අම්මා සහ තාත්තා කකුල් වෙවුලමින් සිටිය යුතු ය. ඉන් පසු ළමයා පාසලට ගන්නේද නැද්ද යන්න දැන ගන්නා තුරු අස්‌වැසුමක් නැත. මේ අතර කපටි නරි ළමයා පාසලට ඇතුළත් කරදෙන ව්‍යාජයෙන් හාල් ඇටයේත්, පොල් ගෙඩියේත් සිට මුදල් හරහා මවගේ පතිවෘතය ඇතුළු සියලු දේ අල්ලස් වශයෙන් ලබා ගනිති. හැකි එකා ඒ සියලු දේ දී ළමයා පාසලට ඔබා ගත් පසු ද ඒකා ඒ ලෙවල් පන්තියෙන් එළියට එනතුරු පාසල් වත්තේ ගේට්‌ටුව සෑදීමේ සිට කැන්ටිමට උළු සෙවිලි කිරීම දක්‌වා විවිධ වැඩවලට මුදල් එකතු කරනු ලැබේ.
අප මෙතෙක් කතා කළේ හැකි එකා ගැන ය. මෙතැන් සිට කතාව නොහැකි එකා ගැන ය. නොහැකි එකාගේ ළමයා ගමේ ඉස්‌කෝලෙට යයි. ඒ දරුවාගේ සපත්තුවල ඉස්‌සරහින් කට ඇරී තිබේ. අඩිය හිල් වී තිබේ. සුදු කලිසමෙහි හෝ ගවුමෙහි දැලි කුණු/ රබර් කිරි පැල්ලම්/ කෙසෙල් කහට ගෑවී තිබේ. මේ දරුවන්ට අභ්‍යාස පොත් සහ පෑන් ගැනීමට මුදල් නැත. මේ අතර පාසල් සංවර්ධන ගාස්‌තු වශයෙන් රුපියල් 50 සිට රු. 600 දක්‌වා මුදලක් දෙමාපියන්ගෙන් අයකර ගැනීමට බලය පවරන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. කලින් තිබූ පාසල් සංවර්ධන සමිති ගාස්‌තු අවමය රුපියල් තුනකි.
එම අවමය රුපියල් 50 දක්‌වා ඉහළ දැමීමෙන් පෙනෙන්නේ රටේ ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් තිබෙන බව නොව පාසල් පවත්වාගෙන යැමේ වියදම් ඉහළ නැඟ - රජයට ද එය දරා ගන්නට බැරි තත්ත්වයක් හටගෙන තිබෙන බවය. කොළඹ පවතින සිතුම් පැතුම් රටාවට අනුව රුපියල් 600 පොඩි දෙයකි. ඒ බුරියානි එකක්‌ද රුපියල් 350 ක් වන නිසා ය. බැදපු කුකුළකු රුපියල් 1000 ක් වන නිසා ය. නො බැදපු කුකුළකු රුපියල් 500 ක් වන නිසා ය.එහෙත් ගමේ විදියට අනුව රුපියල් 50 ත් ලොකු දෙයකි. එහෙත් රුපියල් 3 පොඩි දෙයකි. ගම්පළාත්වල හිඟන්නන්ට අදටත් සත 50 ක් දී දිවි ගලවා ගත හැකි ය. නගරයේ හිඟන්නකුට රුපියල් 5 ක් දුන්නත් ගතියක් නැත.
බස් ගාස්‌තු ඉතිරි කර ගැනීමට පා ගමනින් යන ගැහැණු ළමයින් පිරිමි ළමයින් අදටත් ගම්වල බහුල ය. උදේ සිට දහවල් එකහමාර වන තුරුත් කුසගින්නේ සිට පයින්ම ගෙදර ගොස් එක එළවළුවක් සමඟ බත් කා ගෙදර වැඩ කර ඉස්‌කෝලෙන් ගෙනා ගෙදර වැඩත් කරන දරුවෝ අදටත් ගම්වල සිටිති. අප ඉල්ලන්නේ රුපියල් 50 හෝ 600 අඩු කරන ලෙස නොවේ. ඒ මුදල සියලුම දෙනාට සාමාන්‍ය මුදලක් ලෙස දැනෙන තත්ත්වයට ජනයාගේ ජීවන තත්ත්වය නැංවිය යුතු බව ය.
http://www.divaina.com/2014/01/18/editor.html
Pic Source

0 comments:
Post a Comment