තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්‍ෂිත කරන පනතක් නොමැති කලාපයේ එකම රට ශ්‍රී ලංකාව වීම ගැන අප කනගාටුවිය යුතු යෑයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විශ්‍රාමලත් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය පෙරේදා (13 වැනිදා) සවස ලක්‍ෂ්මන් කදිර්ගාමර් ආයතන ශ්‍රවණාගාරයේදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට වසර දහයක් පිරීම නිමිත්තෙන් "ස්‌වයං නියාමනය සහ ආචාරධාර්මික වාර්තාකරණය" මැයෙන් වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන කතාව කරමින් මහාචාර්ය ගුණසේකර මහත්මිය එසේ කීවාය. දෙස් විදෙස් මාධ්‍යවේදීන් සහභාගී වන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද (15 වැනිදා) නිමාවට පත්වේ.
කොළඹ නීති පීඨයේ ගෞරවණීය මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය මෙසේද කීවාය.
ශ්‍රී ලංකාව හොඳ වගේම නරක දේටත් පසුගිය කාලයේ ලොව පුරා අවධානයට ලක්‌වුණා. අපේ රටේ කොමිසම් ගණනාවක් ඇති කළා. ඒත් ඒ පත්කළ කොමිසම් සභාවල විශ්වාසය ජනතාව තුළ නැතිවී තිබෙනවා. ජනතාවට නිදහසේ තොරතුරු ගලා යැමට ඇති නිදහස සීමා වී තිබෙනවා. ආණ්‌ඩුව තම අරමුණ ළඟා කර ගන්න මාධ්‍ය පාලනය කරනවා.
අපි සිහිතබා ගත යුතුයි අපි කොහොමද ස්‌වයං වාරණය පවත්වාගෙන යන්නේ කියා. ජනතාවගේ හිතසුව පිණිස මතයන් එහා මෙහා ගෙන යැම මාධ්‍යයේ කාර්ය භාරයක්. එය රටක යහපාලනයට හේතු වෙනවා. මානුෂීය අයිතිවාසිකම් ඛාදනය වෙද්දී ඒ වෙනුවෙන් පෙනී ඉන්න මාධ්‍යයට විශාල අයිතියක් තියෙනවා.
ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම ඕනෑම රජයක වගකීමක්. රජයන් තම සීමාවන් ඉක්‌මවා යන අවස්‌ථාවලදී මාධ්‍ය පාලනය කිරීමට සැඟවූ හස්‌ථයන් ඇති බව කියනවා. රටේ මානව හිමිකම් සීමා යටතේ වාරණ පැනවිය හැකිය කියාත් පවසනවා.
ඇත්තටම රජයන් තම සීමා පරයා ගොස් ඇත්ද කියා එවිට අපි තක්‌සේරුවකට ආ යුතුයි. නැතිනම් අපට අපේ සමාජ වගකීම ඉටුකරන්න බැරි වෙනවා. ස්‌වයං වාරණයක් මගින් අපට සමාජ වගකීම හොඳින් ක්‍රියාත්මක කළ හැකියි. ස්‌වයං වාරණ ආවෙත් රජයන්හි තිබූ අසීමිත පාලනය නිසායි. මාධ්‍යයේ වූ යම් යම් ඛාදනයන් නිසයි. මේ සංකල්පය ආවේ රජයෙන් පමණක්‌ම නොවේ ව්‍යාපාරික අංශයෙන්, නාගරික මාෆියාවෙන් දේශපාලකයින් ඇතුළු රාජ්‍ය නොවන ක්‍රියාධරයන්ගෙන් යම් යම් බාධා අභියෝග මාධ්‍යයට එල්ලවී තිබෙනවා. අන්තර්ජාලය ජනමාධ්‍යයේ මූලික අංග උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. අන්තර් ජාලයත් පුවත්පත්කරණයට අභියෝගයක්.
මාධ්‍යවේදීන් නිතර කටයුතු කළ යුත්තේ තොරතුරු පූජනීයයි යන සංකල්පය මතයි. සමහරු කැමතියි තොරතුරු හෙළි කරන්න. ඒත් අනන්‍යතාව හෙළිකරන්න කැමැති නෑ.
ජනමාධ්‍ය නිදහස සුරක්‍ෂිත කරන හොඳ ප්‍රායෝගික ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් ගැනත් අප සාකච්ඡා කළ යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්‍ෂිත කරන පනතක් නොමැති කලාපයේ එකම රට ශ්‍රී ලංකාවයි. අප ඒ ගැන කනගාටු විය යුතුයි. දේශපාලනයෙන් තොරවූ පොලිසියක් වගේම නිදහස් මාධ්‍යයක් සහ අපක්‍ෂපාතී අධිකරණයක් රටේ තිබේ නම් මාධ්‍යවේදීන්ට තම කාර්ය භාරය ඉතා හොඳින් කරගෙන යාමට හැකි පරිසරයක් නිර්මාණය වේවි. මේවා නොමැතිව මාධ්‍ය නිදහසක් ගැන කතා කිරීමේ තේරුමක් නෑ.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලයේ සභාපති කුමාර් නඩේෂන් මහතා-
එදා සාපරාධි අපහාස නමැති ගොරහැඬි නීතිය අවලංගු කර දමන්න මාධ්‍යවේදීන් එකතු වුණා. අපේ කලාපයේ තිබෙන එකම කොමිසම පුවත්පත් පැමිණිලි කොමිසමයි. මෙය පිහිටුවූවාට පසුව දහස් ගණන් පැමිණිලි එන්න පටන් ගත්තා. එහි පැමිණිලි විභාග කරන්න හොඳ ක්‍රමවේද ස්‌ථාපිත වෙන්න පටන් ගත්තා.
ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර දීමේ මුර දේවතාව තමයි මාධ්‍යවේදියා. එම නිසා මාධ්‍යයේ ගුණාත්මක බව වැඩි කිරීමේ ක්‍රමවේද ස්‌ථාපිත කරන්න පටන් ගත්තා. මාධ්‍ය ප්‍රතිපත්ති, මූලධර්ම හරියාකාරව අනුගමනය නොකිරීම නිසා බලපෑම් ආවා.
යුනෙස්‌කෝ සන්නිවේදන වැඩසටහන් විශේෂඥ ඉස්‌ත්‍රා පැටෙන්ස්‌කා මහත්මිය-
සාකච්ඡාවෙන් සහ සම්මන්ත්‍රණයෙන් අපේ ගැටලු විස¹ගත යුතුයි. අපි නිතර ර¹ පවතින්නේ අන්‍යයන් මතයි. හැම කෙනකුගේම අයිතිවාසිකම් සුරක්‍ෂිත කළ යුතුයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉතාම වැදගත් සංඝටකය තමයි ජනමාධ්‍ය නිදහස. විවිධ හේතූන් මත අභ්‍යන්තර හා පරිභාහිර අංශවලින් ලංකාවේ මාධ්‍යයට බලපෑම් ඇතිවී තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්‌ඩල ජනමාධ්‍ය භාරයේ සාමාජික සහ පුවත්පත් උපදේශක ඉයන් බේල්ස් මහතා-
පුවත්පත් පැමිණිලි කොමිසම රටවල් ගණනාවක පිහිටුවනු ලැබුවා. ඒත් එම කොමිසම අතරින් අද දක්‌වා පවතින්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසම විතරයි. මේක විශාල ජයග්‍රහණයක්. මාධ්‍යවේදීන්ගේ දුරකථන සංවාදවලට හොර රහසේ සවන්දීම බරපතළ ප්‍රශ්නයක්. ලෝකයේ ඇතැම් රටවල මෙය සිදුවෙද්දී මාධ්‍යවේදීන් අතර ඊට එරෙහිව පිබිදීමක් ඇති වුණා.
විශ්‍රාමලත් විනිසුරු සී. ඡේ. වීරමන්ත්‍රී මහතාගේ දේශනය මෙහිදී වීඩියෝ තාක්‍ෂණය ඔස්‌සේ ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රධාන විධායක සුකුමාර් රොක්‌වුඩ් මහතාද මෙහිදී අදහස් දැක්‌වීය.
අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/01/15/news22.html
Pic Source

0 comments:
Post a Comment