
ගොවි සංවිධානවල අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව ඉරණමඩු වැවේ ජලය යාපනය දක්‌වා රැගෙන යැමට බලධාරීන් මේ වන විට පිඹුරුපත් සකස් කොට ඇති බවට චෝදනා කරන කිළිනොච්චියේ ඒකාබද්ධ ගොවි සංවිධාන සම්මේලනය මේ ක්‍රියාව නිසා කිළිනොච්චියේ කිසිදු වැසියෙකුට කාෂිකාර්මික කටයුතුවල නිරත වීමට ජලය නොලැබෙන තත්ත්වයකට පත්වන බවද ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
නමුත් වාරිමාර්ග නිලධාරීන් හා ජල නිලධාරීන් ප්‍රකාශ කරන්නේ ඉරණමඩු ජලාශයේ බැම්ම අඩි හතරක් ඉස්‌සීම සිදුකොට අඩි 35 ක අඛණ්‌ඩ ජල ධාරිතාවක් ඉරණමඩු ජලාශයේ පවත්වාගෙන යමින් යාපනයට පානීය ජලය සපයන බවයි.
ගොවි සංවිධාන නියෝජිතයෝ මෙම නිලධාරීන්ගෙන් ඊට සහතිකයක් ඉල්ලා ඇතත් නිලධාරීන් සැම දෙයක්‌ම වාචිකව ප්‍රකාශ කිරීම මිස සහතික නොවීම නිසා ඉරණමඩු ජලාශයේ ජලය යාපනය දක්‌වා රැගෙන යැමේ ව්‍යාපෘතියට කිළිනොච්චි ගොවි සංවිධානය විරෝධය පළකොට තිබේ.
දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/01/30/news06.html
Pic Source
0 comments:
Post a Comment