Pages

Tuesday, January 7, 2014

පළමුව කොළඹ - පළාත් පාලන ආයතන බදු මුදල් අන්තර්ජාලයෙන් ගෙවීමට අවස්‌ථාව

පළාත් පාලන ආයතන මගින් අය කෙරෙන වරිපනම් ඇතුළු වාර්ෂික බදු මුදල් ගෙවීම අන්තර්ජාලය ඔස්‌සේ සිදු කිරීමට ජනතාවට පහසුකම් ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

මෙම සේවාව ජනවාරි 8 දා කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කිරීමට නියමිතය. ව්‍යාපාර බදු, ව්‍යාපාර බලපත්‍ර ගාස්‌තු, නාගරික කුලී නිවාස ගාස්‌තු ඇතුළු බදු වර්ග 7 ක්‌ අන්තර්ජාලය ඔස්‌සේ ගෙවීමට හැකි වේ.

තමන් ගෙවන ලද සහ ගෙවීමට නියමිත බදු මුදල් පිළිබඳ විස්‌තර ද අන්තර්ජාලය ඔස්‌සේ දැන ගැනීමට හැකි වන අතර ගෙවන ලද බදු මුදල් සඳහා අන්තර්ජාලය මගින්ම විද්යුත් ලදු පතක්‌ නිකුත් කෙරෙන බව එම නියෝජිතායතනය පවසයි.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ස්‌ථිර පදිංචිකරුවන් හයලක්‍ෂයකට ආසන්න වන අතර වාර්ෂික වරිපනම් බදු මුදල් පමණක්‌ රු මිලියන තුන්දහස්‌ තුන්සියය ඉක්‌මවයි.

මෙම සේවාව ලබාගැනීම ලබන 8 දා සිට අඅඅගජපජගකන සහ අඅඅගිරසක්‌බන්ගකන වෙබ් අඩවිවලට පිවිසීමෙන් හැකියාව ලැබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/01/07/news26.html

Pic Source

0 comments: