Pages

Sunday, January 5, 2014

දුම්වැටිවලට වඩා කිරිපිටි භයානකයි. මිල වැඩිකරන්නත් එපා. ගෙන්වන්නත් එපා – රජයේ වෛද්‍යවරු

බහුජාතික සමාගම් විසින් කිරිපිටි මිල වැඩි කරන්නට කරන ඉල්ලීමට ඉඩ නොදී මෙරටට කිරිපිටි ගෙන්විම නතර කිරිමට මෙම අවස්ථාව උපයෝගි කර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය රජයෙන් ඉල්ලිමක් කරයි.

අධික කිරිපිටි පරිබෝජනය බෝ නොවන රෝග රාශියකට හේතුවි ඇතැයි පෙනි යන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිෂාන්ත පේ‍්‍රමරත්න මහතා පවසයි.

කිරිපිටි නිසා සිදුවන සෞඛ්‍යමය හානිය දුම්කොළ- දුම්වැටි නිසා සිදුවන හානියට වඩා සියයට 70කින් පමණ වැඩි යැයි ද ඒ මහතා කීය.

රජයේ රෝහල් වල ප‍්‍රතිකාර ලබන බෝනොවන රෝග වැළදුණු පිරිස අතරින් දුම්කොළ දුම්වැටි නිසා රෝගි වු පිරිය සියයට 2-3 අතර වන නමුත් කිරිපිටි නිසා එවැනි රෝග වලට ගොදුරු වන පිරිස සියයට 70-75 ක් පමණ වෙතැයි  ද වෛද්‍ය පේ‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළේය.

ඉදිරියේදි දියවැඩියා රෝගින් සංඛ්‍යාව සියයට 50ක් වෙතැයි පවසා ඇති අනාවැකිය කිරිපිටි භාවිතය තවදුරටත් පැවතුන හොත් තහවුරුවනු ඇතැයි කී ලේකම් වරයා. මේ නිසා කිරිපිටි මාෆියාවෙන් රට ඛේරා ගැනිමට මෙය අවස්තාවක් කර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසිය.

කිරිපිටි සමාගම් ඉල්ලන පරිදි මිල වැඩි කිරිමට ඉඩනොදි ගෙන්විම සිමා කර මෙරට නැවුම් දියර කිරි ප‍්‍රචලිත කිරිමට සහාය දක්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කළේය.

http://lankacnews.com/sinhala/news/107566/

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

රට පිටි කිරි වලට ආලේ - ඇයි තවම ගොන් රාළේ
http://denethharinna.blogspot.com/2014/01/blog-post_7667.html
ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.html
පිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
ඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

2 comments:

Anonymous said...

මේ ප්‍රකාශය කරන ලද්දේ GMOA විසින් නොවේ
මෙවැනි ප්‍රකශයක් කරන ලද්දේ දුම්කොල සමාගම් වල වුවමනාවට මිසක් හිතට එකගව නොවේ
GMOA විසින් කල පැහදිලී කිරිමේ link එක පහත දක්වා තිබේ
http://www.gmoa.lk/wp-content/uploads/2011/10/30-12-2013-letter.pdf

sarath said...

Ane pacha kelin nathuwa innawa.Lankawe minissu kiri piti bonna wela dan awurudu panahak wenawa. Dan thamayi kiri piti naraka!