2012 වසරේ මැයි මාසයේ ඊශ්වර දේවාලය, ඉදිරිපිට ගෝපුර කුලුනක් ඉදිකිරීම සඳහා දේවාල කමිටුව විසින් කැණීම් කටයුතු සිදුකරන ලද අතර එහිදී කැණීම් කටයුතු සිදුකරන අවස්‌ථාවේ ඉපැරැණි සඳකඩ පහණක් හමුවී තිබේ. අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කටයුතු අත්හිටුවන ලදී. මෙම කැණීම් කටයුතු සිදුකිරීමේදී ඉවත්කළ පස් එම දේවාල භූමියේ ස්‌ථානයක ගොඩ ගසා තිබිණි. 2012 අගෝස්‌තු මාසයේ පැවැත්වූ මංගල්‍යය සඳහා භූමිය සකස් කිරීමේදී මෙම ගොඩ ගසා තිබූ පස් තොගය එම ස්‌ථානයෙන් ඉවත් කරන ලදී. එම අවස්‌ථාවේ අස්‌ථි කොටස් කීපයක් හමුවී තිබේ.
පසුව මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව පඬුවස්‌නුවර පුරාවිද්‍යා කාර්යාලයේ පර්යේෂණ නිලධාරිනී කේ. ඒ. එම්. ඒ. කුමාරිහාමි මහත්මිය හා පුරා විද්‍යා පර්යේෂණ සහකාර ඊ. එම්. සෙනරත් යන අය එම ස්‌ථානයට පැමිණ හමුවූ අස්‌ථි කොටස් පරීක්‍ෂණ කටයුතු සඳහා රැගෙන යන තෙක් හලාවත පදිංචි තරුණ පුරාවිද්‍යා ගවේෂකයකු වන ඩේවිඩි ගයාන් ඉන්දික මහතාගේ නිවසේ තැන්පත්කර තිබේ. නමුත් මේ වන තෙක් මේ පිළිබඳව අදාළ නිලධාරීන්ට කීප වතාවක්‌ම දැනුම්දී සිටියත් මෙම අස්‌ථි කොටස් රැගෙන යැමට මේ දක්‌වා කටයුතු කර නොමැති බව ඩේවිඩ් මහතා කියා සිටී.
කාල නිර්ණය කිරීම සඳහා මෙම අස්‌ථි කොටස් පරීක්‍ෂණයට ලක් කිරීමට අවශ්‍ය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටියත් මේ වන තෙක් ඊට අවධානය යොමු නොකිරීම ගැන තමන් පුදුමයට පත්වන බවද ඒ මහතා සඳහන් කර සිටී.
මීට ශත වර්ෂ ගණනාවකට ඉහතදී පෘතුගීසි සෙන්පතියකු වූ අසවේදු විසින් හලාවත මුන්නේෂ්වරම ප්‍රදේශයේ මිනිස් ඝාතන රැසක් සිදුකර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.
අමරනන්ද විඡේසේකර - මහවැව
http://www.divaina.com/2014/01/06/news18.html

0 comments:
Post a Comment