Pages

Monday, January 13, 2014

වස හරණය ගෙවත්තෙන් අරඹමු

වස විස වෙළ`දාම් කරන බහුජාතික සමාගම්වල ලාභ දැලේ පැටළුනු මෙරට ගොවි ජනතාව මුලින්ම වස විස යොදන්නට පටන් ගත්තේ තම බත්පත ලබාදෙන කුඹුරටය. කුඹුරු මී හරක්‌ ලවා මඩවා, දෙහීය හා, තෙවනුව පෝරුගාගත් ගොවියා වස භාවිතයට ඇද දැමුවේ ''මාත් මේ පාර අහවල් ක්‍රමයට කුඹුර කොටන්න ඕනෑ. වල් පැළත් සේරම ඉවරයි. දෙතුන් සැරයක්‌ කොටන්න ඕනැත් නෑ'' කියාය. මෙම ප්‍රචාරයට රැවටුනු අප රටේ ගොවි ජනතාව මී හරක්‌ මසට විකුණා අහවල් ක්‍රමය නැතුව කිසිම ගොවිතැනක්‌ කරන්නට බැරි තැනට පත් වුණේය. මේ වන විට වල් පැළ සේරම කෙසේ වෙතත් ගොවි ජනතාවගේ වකුගඩු ටිකනම් සේරම ඉවර වී ඇත. වකුගඩු රෝගයෙන් පමණක්‌ මේ වන විට 20,000 කට වැඩි ගොවි ජීවිත ප්‍රමාණයක්‌ විනාශ වී ගොස්‌ ඇත. වස පානය කර සෘජුවම මියගිය අති විශාල සංඛ්‍යාව මීට ඇතුලත්ව නැත. 

මුලින්ම තම කුඹුරට එසේ වල්නාශක යොදන්නට පුරුදු වූ ජනතාව ඊළ`ගට වල් නාශක යොදන්නට පුරුදු වුයේ විශාල ඉඩම්වල පවත්වාගෙන යන වාණිජ මට්‌ටමේ වගාවන් ස`දහාය. එහෙත් මෑත කාලීනව ඉතාම භයානක ප්‍රවණතාවයක්‌ මතු වී තිබේ. එනම් තම තමන්ගේ ගෙවත්තේ වල් මර්දනය ස`දහා වල් නාශක භාවිතයයි. මෙම භයානක ප්‍රවණතාවය මතු වූයේ කෘෂි රසායන නිසා නිධන්ගත වකුගඩු රෝගය ඇති වන බවට හෙළිවූවාටත් පසුව වීම අතිශයින් කනගාටුදායක තත්ත්වයකි. එයින් කියවෙන්නේ අපේ රටේ පොදු ජනතාව බහුජාතික සමාගම් අප රටට එරෙහිව කරන නොපනත්කම් ගැන කොතරම් නිද්‍රශීලී පිළිවෙතක්‌ අනුගමනය කරනවාද යන්නයි. මෙතරම් විනාශයක්‌ මෙම සමාගම්වලට අප රටට කරන්නට හැකි වූයේ ඉතා සරල කාරණා දෙකක්‌ ඉස්‌මතු කිරීමෙනි. එම කාරණා දෙක වන්නේ පහසුව සහ ලාභයයි. ක්‌ෂණික පහසුව සහ ලාභය ලොකුම අලාභය වන නිදන්ගත ලෙඩරෝග රාශියකට හේතු වන බවත් ජීවිතය අපා දුක්‌ වලට ඇදදමා අකල්හි තොර කරන බවත් ඔවුන් සිතන්නේ නැත.

ගෙවතු ස`දහා වල්නාශක යොදන ප්‍රවණතාවය අද කොතරම් කූටප්‍රාප්තියට පත්ව ඇති දැයි කිවහොත් පන්සල් වත්තට පවා වස ගහණ තත්ත්වයට අද සමාජය පත් වී තිබේ. අපේ ආධ්‍යාත්මිකව පිරිහීම අද එතම්ම බලවත්ය. පසුගිය වකවානුවේ පන්සල් කීපයකම වත්තට වස ගසා තිබෙනවා දකින්නට තරම් අප දෙනෙත් අවාසනාවන්ත විය. ස්‌වාමීන් වහන්සේලාට පන්සල් වත්තේ ප`දුරු කොටන්නට බැරි බව සැබෑය. එහෙත් පන්සලේ දායක සභාවක්‌ තිබේ. දහම් පාසලේ දරු දැරියන් ඕනෑතරම් සිටී. ගමේ උපාසක උපාසිකාවන්ද ඕනෑතරම් සිටී. එසේ වන විට පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කරගැනීම මොනතරම් නම් සුළු දෙයක්‌ද? ඒ නැතත් පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම මොන තරම් නම් පුණ්‍යකර්මයක්‌ද? මෙරට ජනතාව මෑතක්‌ වන තුරුම එය කළේ මොනතරම් නම් බුද්ධාලම්භන ප්‍රීතියකින්ද? එතරම් බුද්ධාලම්බන ප්‍රීතියෙන් කළ එම පුණ්‍යකර්මය අද මහා පාපකර්මයක්‌ බවට හරවාගෙන ඇත. දැන් පුදුම විය යුත්තේ වකුගඩු ඔය මට්‌ටමෙන් වත් බේරී තිබීම පිළිබ`දවය. 

අප රටේ දැන් තිබෙන නාගරික සහ අර්ධ නාගරික ගෙවතු ඉතා කුඩාය. ඒවා පර්චස්‌ 20, 15 හෝ 10 ඉක්‌මවන්නේ නැත. නමුත් මෙතරම් කුඩා ගෙවත්තේත් අද වල් මර්දනය කරන්නේ වල් නාශක ඉසීමෙනි. උදැල්ලක්‌ හෝ වීසි කැත්තක්‌ ගත් විට උපරිම වශයෙන් පැය 2 ක්‌ තුළ සමස්‌ත ගෙවත්තම සුද්ධ පවිත්‍ර කළ හැකිය. උදැල්ලෙන් වීසි කැත්තෙන් වල් පැළ මැඩීමේදී ඔබට කදිම ව්‍යායාමයක්‌ද නිරායාසයෙන්ම ලැබේ. පැයක්‌ එකහමාරක්‌ ගෙවත්තේ එවන් වැඩක යෙදුණු දාට වෙනත් ව්‍යායාමයක්‌ සිරුරට අවශ්‍ය වන්නේද නැත.

දාඩිය බිංදුවක්‌ හෙලන්නට නූතන මිනිසාට ඇති සුපිරි කම්මැලිකම නිසා අප කරගන්නේ මොනතරම් විනාශයක්‌ද? ගෙවත්තේ වල් මර්දනයට වල් නාශක යෙදූ විට එහි ඇති වල් පැලෑටි පමණක්‌ නොව ප්‍රයෝජනවත් ශාකද ආහාර භෝග පැලෑටිද ඖෂධ පැලෑටිද ආදී වශයෙන් වූ සියලුම පැලෑටි විනාශයට පත්වේ. මෙවන් අමන ක්‍රියාකාරකම් තුළින් ලෝකයේ වැඩිම ජෛව විවිධත්වයක්‌ ඇතැයි උදම් අනන අප රටේ ජෛව විවිධත්වය බිංදුවට වැටේ. 

සියලුම පැලෑටි මිය යාමෙන් විනාශය නවතින්නේ නැත. ගෙවත්තේ සිටින ගැඩවිළුන්, බත්කූරන්, සමනලයින්, මීමැස්‌සන් ආදී සියලුම ප්‍රයෝජනවත් ප්‍රාණීන්ද සංහාරයට පත් වෙයි. එසේම ඔබේ ගෙවත්තට වල් නාශකයේ ස`දහන්ව ඇති ක්‍රියාකාරී වල්නාශකයට අමතරව ආසනික්‌, රසදිය, කැඩ්මියම් ආදී බැර ලෝහද සයනයිඩ් ආදී විෂ රසායනිකද එකතු වේ, මේවා එක්‌ කර ඇත්තේ අංශුමාත්‍ර වශයෙන්ද නොවන බව පසුගිය කාලයේ හො`ද මිනිසුන් විසින් කළ පර්යේෂණ වලින්ද මනාව පෙන්වා දී තිබේ. 

ගෙවත්තට වස යොදා වල් මර්දනය කරන විට අවම වශයෙන් මාස තුනකට වතාවක්‌වත් යොදන්නට සිදුවේ. ඒ කියන්නේ අවුරුද්දකට හතර වතාවක්‌. අවුරුද්දකට හතර වතාවක්‌ ඔබ ජීවත්වන අවට පරිසරය හෙවත් ඔබේ ගෙවත්ත වස විස වලින් නාවන විට එය වස ගබඩාවක්‌ වීම කිසිවෙකුටත් නොවැළැක්‌විය හැකිය. 

එවන් වස ගබඩාවක හැදෙන ගොටුකොලයක්‌, මුගුණුවැන්න ගහක්‌ ඔබේ ආහාරයට සුදුසු වේවිද? ඔබේ ගෙවත්තේ පහසුවෙන් වවා ගත හැකි මිරිස්‌ කරලක්‌, බටු ගෙඩියක්‌, මෑ කරලක්‌, දඹල කරලක්‌, බණ්‌ඩක්‌කා කරලක්‌ වස විෂ වලින් තොර වේවිද? ඔබේ ගෙවත්තේ ඇති කරපිංචා කොලයක්‌, රම්පේ කොලයක්‌ පවා විශ්වාසයෙන් ඔබේ ආහාරයට එකතු කර ගත හැකිද? වත්තේ බහින මඤ්ඤොක්‌කා අලයක්‌, බතල අලයක්‌, හි`ගුරල අලයක්‌ බියක්‌ සැකක්‌ නැතුව ආහාරයට ගන්නට ඔබට තවදුරටත් හැකි වේවිද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුර කිසිසේත්ම නැත යන්නයි.

ඔබ ගෙවත්තට වස යෙදුවොත් ඔබේ වත්තට උ`දුපියලිය ටිකක්‌ උලාකන්නට එන අහිංසක හා පැටියාගේ ජීවිතය කොතරම් කොට වේවිද? තවමත් අප රටේ වස විස නැතැයි සිතන පොලොස්‌ ගෙඩිය, කොස්‌ ගෙඩිය පවා වස වලින් දූෂණය වන්නේ නැතිද?

ඔබේ ගෙවත්තේ ඇති ඔබම වතුර බොන ලි`දට මෙම වස විෂ අනිවාර්යයෙන්ම එකතු වෙයි. වකුගඩු රෝගය වැළඳෙන්නේ රජරට ගොවියන්ට පමණකැයි කියා වස සරණ නොයන්න. ගෙවත්තට වස ගසා ඔබේ පානීය ජලය ඔබ විසින්ම දූෂණය කරගන්නා විට අනාගත වකුගඩු රෝගය ස`දහා ගිණුමක්‌ විවෘත කළ පුද්ගලයෙකු බවට ඔබත් අනිවාර්යයෙන්ම පත් වෙයි. 

ගෙවත්තට වස යෙදීමෙන් දූෂණය වන්නේ ඔබේ පස සහ ජලය පමණක්‌ නොවේ. ඔබට හුස්‌ම ගන්නට සිදු වන්නේද වස වලින් දූෂණය වූ වාතයයි. මෙම වල් නාශක ඔබේ පෙනහළු වලට අතිශයින්ම විස සහිතය. වල් නාශක පානය කළ පුද්ගලයන් මිය යන්නේ පෙනහළු විනාශ වීමෙන් බව මොහොතකටවත් අමතක නොකරන්න. ඔබ එය පානය නොකලත් නිතර ආග්‍රහණය කිරීම පෙනහළුවලට හානි සිදුවීමට හො`දටම ප්‍රමාණවත්ය. 

ඔබ ගෙවත්තට වස යෙදීමෙන් ඔබට සහ ඔබේ පවුලේ අයට කරගන්නා හානිය ඒ තරම්ම දරුණුය. ගෙවත්තට වස ගසා ඔබම වස කන විට, වස බොන විට, වස ආග්‍රහණය කරන විට, වෙළ`දපොළේ ඇත්තේ වස විස යෑයි චෝදනා කිරීමෙන් පමණක්‌ වස විසෙන් බේරෙන්නට ඔබට බැරිය. එබැවින් වස හරණය ආරම්භ කළ යුත්තේ අපමය. තමන්ගේම නිවහන පිහිටි ගෙවත්තට මින් මතු වස නොයොදන්නට සෑම කෙනාම දැඩි ලෙස අධිෂ්ඨාන කර ගනිමු. එය වස හරණය ස`දහා ඉතා හො`ද ආරම්භයක්‌ වේ.

වෛද්‍ය, පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/01/12/feature07.html

0 comments: