තුඩුගල දිය ඇල්ල පෝෂණය කළ පෝෂිත ප්‍රදේශවල පැවැති ජල මූලාශ්‍ර වෙත මේ දිනවල එල්ල වී ඇති පාරිසරික හානි නිසා තුඩුගල දිය ඇල්ල දැඩි අවදානමකට ලක් වී තිබේ.
ජල මූලාශ්‍ර පැවැති ප්‍රදේශවල ආරම්භ කර ඇති මහා පරිමාණ කළුගල් කැඩීමේ (ගල් කොරිය) ව්‍යාපාරවල සිදු කෙරෙන කටයුතු මෙන්ම පැවැති රබර් වගාව වෙනුවට බිහි වූ කටුපොල් වගාව මෙයට ප්‍රධානතම හේතුව වී ඇත. 80-90 දශකය දක්‌වා තුඩුගල දිය ඇල්ලට ගලා ආ ජල කඳ අඩු වී ඇති අතර මේ වන විට එම ජලයට විවිධ රසායනික ද්‍රව්‍යයන්ද එකතු වී ඇතැයි ජනතාව කියති.
ඇල්ලෙන් වැටෙන ජල කඳ පහත වූ ඇළ මාර්ග හරහා කළුගඟෙන් මුහුදට වැටීමට පෙර බොහෝ ස්‌ථානවල දිය නෑමට භාවිත වූ ඇළ මාර්ගවල දිය නෑම මේ නිසා අවදානම් වී ඇතැයි එම ජනතාව කියති.
සමහරුන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන පතා මේ පිළිබඳව හඬ නොනඟන බවද ජනතාව කියති.
ඇල්ලෙන් ගලන ජල කඳ කළු ගඟට එකතු වීමට පෙර තවත් කුඩා දියඇළි රැසක් බිහි වී ඇත.
එයින් ශීත ඇල්ල ලෙස භාවිත කොට ගෙන දියනෑමේ යෙදෙන ස්‌ථානය ඇතුළු තවත් නාන තොටුපළ රාශියක්‌ද ඇත. ඒ තුළින් එදා මෙදා බොහෝ ගම්වැසියෝ විවිධ කටයුතු උදෙසා එම ජලය පරිහරණයද කළහ.
කළුතර දිස්‌ත්‍රික්‌කයේ වූ දියඇළි 26 අතර කළු ගඟට ආසන්නවම පිහිටි දිය ඇල්ල තුඩුගල දිය ඇල්ලයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති දියඇළි 382 අතර තුඩුගල දිය ඇල්ලට 262 වැනි ස්‌ථානය හිමිව ඇති අතර ජනප්‍රිය දියඇළි අතර 11 ස්‌ථානයේ වේ. පහතරට තෙත් කලාපයට අයත් මෙහි උස මීටර් අටකි. බස්‌නාහිර පළාතේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අංක 808 තුඩුගල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ මෙය පිහිටා ඇත.
ඇල්ල අවට පරිසර පද්ධතිය පියකරුය. විවිධ ශාක හා සත්ව වර්ග පක්‌ෂි වර්ග මෙන්ම දුර්ලභ මත්ස්‍ය වර්ගද වෙයි.
අද මෙහි එන යන බොහෝ දෙනා මදුවිතෙන් සප්පායම්ව වැඩි වූ තැන ආරවුල් හටගෙන පොලිසිය පවා ගිය වාර එමටය. පදම වැඩි වූ විට ගෙන එන ලද බෝතල් බිඳ ඇල්ලට දමන්නෝද වෙති. ඔවුන් කරන පරිසරහානි ප්‍රදේශයේ පරිසර හිතකාමීන්ගේ ද අප්‍රසාදයට ලක්‌වී ඇත.
කෙසේ මුත් තුඩුගල දිය ඇල්ල මත පරපුර උදෙසා රැක ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යව පවතින යුගයක් බිහිවෙමින් පවතින බව නම් දැකිය හැක.
දොඩන්ගොඩ - එඩ්වඩ් සමරවීර
http://www.divaina.com/2014/01/22/provin04.html

0 comments:
Post a Comment