
එම මුදල දින 14 ක් ඇතුළත ගෙවීමට අගමැතිවරයා කටයුතු නොකළහොත් නඩු පවරා මුදල් අයකර ගැනීමට පක්‍ෂයේ නීති උපදේශක සභාව කටයුතු කරන බවත් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත පී. වර්ණසිංහ මහතා "දිවයින"ට පැවසීය.
අගමැති දි. මු. ජයරත්න මහතා සිදු කළ අපහාසාත්මක ප්‍රකාශ ය දින 14 ක් ඇතුළත ඉල්ලා අස් කරගෙන ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නයෙන් සමාව ගන්නා ලෙස තම පක්‍ෂය කළ ඉල්ලීම නොතකා හැර දිගින් දිගටම භික්‍ෂූන් වහන්සේලාටත්, මහානායක හිමිවරුන්ටත් අපහාස සිදු කිරීම නිසා මහා සංඝරත්නයේත්, ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේත් ගෞරවය හා කීර්තිය පිළිගැනීම ආරක්‍ෂා කර ගැනීම පිණිස මෙම පියවර ගත් බවත් හෙතෙම සඳහන් කළේය.
නීතිඥ ටියුඩර් පෙරේරා මහතා විසින් ඊයේ (20 වැනිදා) අගමැති දි. මු. ජයරත්න මහතා වෙත එන්තරවාසි යවා ඇත.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/01/21/news23.html
Pic Source
0 comments:
Post a Comment