හලාල් සහතික නිකුත් කිරීම තම සංවිධානය විසින් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා සිට නවතා දමන ලද බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය නිවේදය කර සිටී.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
තම සංවිධානයේ හලාල් අනුකූලතා සහතික නිකුත් කිරීමේ අංශය 2013 දෙසැම්බර් 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ජමියතුල් උලමා සංවිධානය තීරණය කර ඇත. එම ජාතික කාර්ය භාර්යය ශ්‍රී ලංකාවේ ප්‍රකට ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තිය වේදීන්ගෙන් සැදුම්ලත් වෙනම ආයතනයක් මගින් 2014 ජනවාරි 01 වැනිදා සිට සිදුකරන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දැනට මාස කිහිපයකට පෙර ජාතික පුවත්පත් මගින් මේ සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනාවන් ලබා ගැනීමට කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීය සමාජයීය එකමුතුව හා ජාතික ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාවයක් ලබා දෙමින් මෙම තීරණය ගෙන ඇත.
මෙම ක්‍රියාදාමය දැනට මාස කිහිපයක සිට රටේ විවිධ පාර්ශ්වයන්, බලධාරීන්, වියතුන්, වෘත්තිකයන්, සිවිල් සහ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජිතයන් සමගින් ජමියතුල් උලමා සංවිධානය විසින් සිදුකරන ලද සාකච්ඡා සහ අදහස් හුවමාරුවන්හි ප්රතිඵලයකි.
හලාල් අනුකූලතා ප්‍රමිතීන්ට අනුව සහතික නිකුත් කිරීමේ වගකීම මින් මතුවට ක්‍රියාත්මක කරනු ලබන නව ආයතනය, දේශීය පාරිභෝගික ඉල්ලුම මෙන්ම ශ්‍රී ලාංකික අපනයන ක්ෂේත්රයේ අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගෙන මෙලෙසින් දැනටමත් අප රටේ ක්‍රියාත්මක වන අනෙකුත් විශේෂ ප්‍රමිති හා අනුකූලතා සහතික ලබාදෙන වෘත්තීමය ආයතන හා සමාන ලෙසින් කටයුතු කරනු ඇත.
හලාල් අනුකූලතාවය සම්බන්ධ තාක්ෂණික පැහැදිලි කිරීම් සඳහා පමණක් ජමියතුල් උලමා හෙවත් ආගමික වියතුන්ගේ සංවිධානයේ උපදෙස් ලබා ගැනීමට නව ආයතනය බලාපොරොත්තු වන අතර මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව මේ වන විටත් දැනුවත් කිරීම් කර ඇති බවත් මෙම කටයුත්තේදී සියලු දෙනාගේම සහය තවදුරටත් බලාපොරොත්තු වන බව ඔවුන් දන්වා සිටී.
http://www.divaina.com/2014/01/07/news04.html

0 comments:
Post a Comment