භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පතුල සටහන්ව ඇති ශ්‍රී පාදස්‌ථානය, බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු වූ අති පූජනීය වූත්, අති ශේ්‍රෂ්ඨ වූත් පුදබිමකි. බුද්ධත්වයෙන් අට වැනි වසරේ, භාග්‍යවතුන් වහන්සේ තෙවැනි වර, ශ්‍රී ලංකාවට වැඩම කළ වේලේ වම් පා සටහන සමනල කන්ද මුදුනේ පිහිටුවාලූ බව, ඉතිහාසයේ දැක්‌වේ. "සුමන" නම් ආර්ය ශ්‍රාවකයාගේ ආරාධනාව පරිදි තම වම් පා සටහන පිහිටුවා වදාළ. භාග්‍යවතුන් වහන්සේ එය රැක බලා ගැනීම "සුමන" වෙතම පවරන ලද බව වැඩිදුරටත් දැක්‌වේ. පසු කලක, මෙකී "සුමන" ආර්ය ශ්‍රාවක සුමන සමන් දෙවියන් ලෙස ප්‍රසිද්ධියට පත්විණ. එදා මෙදා තුර වසර දහස් ගණනක් තිස්‌සේ මෙම පුද බිම අති පූජනීය සිද්ධස්‌ථානයක් බවට පත්විණ. වර්තමානය වන විට මේ පුද බිම ලෝක උරුමයක් ලෙස පිළිගෙන ඇත.
බෞද්ධ ජනතාව ශ්‍රද්ධා භක්‌තියෙන් යුතුව සිරිපා වන්දනාව ඉටු කරති. එම වන්දනාව ඈත අතීතයේ සිටම පැවැති බවට සිතිය හැකි අතර, එහි ආරම්භය කුමන වකවානුවකද යන්න පොත්පත්වල සඳහන් නොවේ. සෑම වසරකම උදුවප් පුර පෝය දිනෙන් ඇරඹෙන, සිරිපා වන්දනා සමය, නිමවන්නේ ඊළඟට එළැඹෙන වෙසක් පුර පසළොස්‌වක පෝය දිනෙනි.
සිරිපා වන්දනාව සිදුවී ඇත්තේ ෂ වැනි විජයබාහු රජ (1059-1114) සමයේ බව ගිලීමලේ හා අඹගමුව සෙල්ලිපිවල දැක්‌වේ. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන්ගේ සිරිපා සටහන් සමනලගිරි මුදුනේ පිහිටුවා ඇතැයි යනුවෙන් ද අඹගමුව සෙල්ලිපිය දක්‌වයි. සිරිපා වන්දනා කළ විජයබාහු රජතුමා සිරි පා ආරක්‍ෂාවත්, වන්දනාකරුවන්ගේ පහසුවත් ඇති කරවන වැඩපිළිවෙළ රැසක් යෙදවූ බව පොත්පත්වල දැක්‌වේ.
සිරිලක රජ පැමිණි, පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා, සිරි පා වන්දනා කර සමන්ගිර මුදුනේ සමන් දේවාලයක් කළ අන්දම දැක්‌වේ. දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාද ස්‌ථානයට ඉඩම් පූජා කර මාර්ග පහසුකම් සලසාලීම උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළ අන්දම පූජාවලියේ දැක්‌වේ. ඊට සමගාමීව සිරිපා මළුව වටා ශක්‌තිමත් පවුරක් බැඳි අන්දමත්, අනර්ඝ මණ්‌ඩපයක් කරවා පූජා කළ අන්දමත් කියෑවේ. පසු කලක රජ පැමිණි, සීතාවක රාජසිංහ රජතුමා ශිවාගම වැළඳ ගත් අතර, සිරිපා පුදබිම ශිව භක්‌තිකයන්ට පවරා දෙනු ලැබිණ. නමුත් රටේ මහජනතාව මේ ගැන ප්‍රසාදයට පත් නොවීය. අනතුරුව, අභිෂේක ලත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ, ශ්‍රී පාද පුද බිමේ ශිව බලය නැති කර දමා, නැවතත් ශ්‍රී පාදස්‌ථානය බෞද්ධයනට ලබාදීම සඳහා ක්‍රියා කළේය. එහි පාලන බලය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේට ලබාදීමට ක්‍රියා කළේය. ආරාම ඉදිකර භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සැපයීය. මෙම තොරතුරුවලින් අවබෝධ කර ගත හැකි වන්නේ, අන්‍යාගමිකයන් ශ්‍රී පාද පුදබිම අයිති කර ගැනීම උදෙසා, රාජ්‍ය සහාය පවා ලබා ගත් අන්දමත්, එහි ඉතිහාසය, ආගමික වටිනාකම ආදිය වටහා ගත් රජවරුන් බෞද්ධ උරුමය ආරක්‍ෂා කරවාලීමට ක්‍රියා කර ඇති අන්දමත්ය.
සමනල ප්‍රදේශය, සිරිපා ස්‌පර්ශය ලැබීමට පූර්ව කාලීන සමයේ සිටම, ජනාවාසයක්‌ව තිබූ බව වංශ කතා ඉතිහාසය හා බැඳුණු ජනප්‍රවාදයන්ගෙන් හෙළි වේ. සමනල ගිරි ජනාවාස පිළිබඳ වූ ඉතිහාසය, ප්‍රාග් ඓතිහාසික සමය දක්‌වා විහිදෙන්නක් බව සමහරුන්ගේ මතයයි. සිරිපා සටහන පිහිටුවාලීමෙන් පසු සමනල ගිරි අඩවිය සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙස සැලකීමට පුරුදු විණ. මිනිස්‌සු සුමන සමන් දෙවියන් අදහමින් පුද පූජා පැවැත්වීම කළහ. කාලයත් සමග සිරිපා වන්දනා කිරීමට පැමිණෙන බැතිමත්හු සුමන සමන් දෙවියන් යෑදීමටද නිරායාසයෙන් පුරුදු වූහ. කුවේණිගේ දරු දෙදෙනා ස්‌වකීය මව මිය යැමෙන් පසුව ජීවිතාරක්‍ෂාව උදෙසා සමනල අඩවියේ සැඟවී සිටි බව මහා වංශය දක්‌වයි. අනුරාධපුර යුගයේදී සමනල අඩවියේ විශාල ප්‍රමාණයක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වාසය කළ බව මහාවංශයේ තවදුරටත් සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ සමනල ගිර මත සිරිපතුල පිහිටුවාලීමෙන් පසු ඒ වන්දනාමාන සහ පූජනීය කටයුතු සඳහා ප්‍රචලිත සිද්ධස්‌ථානයක් බවට පත් වූ බව පෙනේ. මේ පිළිබඳව මහා වංශයේ පමණක් නොව සෙල්ලිපි, දේශාටන වාර්තා හා ඓතිහාසික ග්‍රන්ත රාශියකම සඳහන්ව තිබේ. මෙරටට පැමිණි පාහියන්, ඉබන් බතූතා වැනි සංචාරකයන් සිය දේශාටන වාර්තාවෙහි සිරි පතුල පිළිබඳ තොරතුරු දක්‌වනු ලැබ ඇත. මෙයින් අවබෝධ වන්නේ ලාංකික බෞද්ධයන් පමණක් නොව, දේශාටකයන් පවා, සමන් ගිර තරණය කොට "සිරිපතුල" වන්දනා කරනු ලැබ තිබීමත් එහි ඇති පූජනීයත්වය හා අති ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කර ගෙන තිබීමත්ය.
සමනල තරණය කිරීම සඳහා ඈත අතීතයේ වර්තමානයේ පවත්නා තරම්, පහසුකම් සැලසී නොතිබුණු බව පෙනේ. දැඩි ශීතල පරිසරයක ගිරි දුර්ග, වන දුර්ග හරහා ගිය ඒ ගමන ජීවිතය පරදුවට තබා කළ ඉතා දුෂ්කර කටයුත්තක් විණ. සමහර බැතිමතුන්, තමන් සතු මිල මුදල්. වතුපිටි, හරකබාන සහ වෙනත් දේපළ ආදිය තම දූ දරුවන්ට පවරා දෙමින් මෙම වන්දනාවට එක්‌වූ බව ජනප්‍රවාදයේ පවතී. මෙයින් දෘශ්‍යමාන වන්නේ ගමනේ ඇති දුෂ්කරතාවත්, ගමනට සහභාගිවීමෙන් පසු යළි නිරුපද්‍රිතව තම නිවෙස් කරා ඒමට ලැබේද යන්න පිළිබඳ වූ දෙගිඩියාවක් බවය.
නෑ හිතවතුන් පිරිසක් එකතුව "නඩයක්" සෑදී වන්දනා ගමන සිදු කෙරිණ. නඩේ ප්‍රධානියා "නඩේ ගුරා" ලෙස හැඳින්විණ. වන්දනා මාන පිළිබඳ අත්දැකීම් ඇති ශ්‍රද්ධා සම්පන්න අයකු බොහෝවිට "නඩේ ගුරා" විය. තම "නඩය" රැක බලා ගනිමින් වන්දනාව ඉටු කිරීම, ඔහුට පැවරුණු වගකීමයි. මෙසේ එක් වන්දනා නඩයක් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය වර්ධනය කරමින්, සිරිපතුල වන්දනාවට එක්‌වන ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකි. ඔවුන් නඟන සාධු හඬ හා තුන් සරණයේ පද්‍ය ගායනා හඬ, සමනල අඩවිය සිසාරා රැව් පිළිරැව් දුනි. අධික සීතල, කාලගුණය, දුෂ්කර වන ගමනේ විඩාව, සොබා දහමේ විවිධ බාධක හා ගැටලු හිරිහැරයක් හෝ බාධකයක් ලෙස නොසලකා, බොදු බැතියෙන් හද පුරවාගෙන. සිරි පතුල වන්දනා කිරීම ඔවුන්ගේ අදහස විණා. මෙහිදී, වන්දනාකරුවන්ගේ මුවින් පිට වූ බුදුගුණ හා සමන්දෙවි ගුණ ගායනා අතර "වඳින්න යන කිරි කෝඩුට බුද්ධං සරණේ සරණයි" , "වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි" ආදී වශයෙන් වූ අතොරක් නැති ගායනා විය.
අපේ මුතුන් මිත්තන් ආරක්‍ෂා කර ගත් මේ ලෝක උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීමේ වගකීම අප හැම සතුව පවතී. ඒ සඳහා රජයෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ටය. මේ අනුව සිරිපා වන්දනා ගමන, විනෝද ගමනක් කර නොගෙන, එහි ගෞරවය ආරක්‍ෂා වන අයුරු හා එහි පරිසරය සුරැකෙන අයුරු, කටයුතු ඉටු කිරීමට සැමදෙනාම ක්‍රියා කළ යුතුයි.
එස්. ඩබ්ලිව්. ගුණරත්න
http://www.divaina.com/2014/01/15/feature01.html
Pic Source

0 comments:
Post a Comment