ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව තරම් වස විස හා කල් ඉකුත් වූ මෙන්ම නරක් වූ ආහාර ද්‍රව්‍ය අනුභව කරන අවාසනාවන්ත පිරිසක් ලොව කොතැනක හෝ සිටිත්දැයි අපි නොදනිමු. පරිභෝජනය සඳහා නුසුදුසු ආහාර ද්‍රව්‍ය සකසා වෙළෙඳපොළට එවන වෙළෙඳුන්ගෙන් රටට අඩුවක් නැත. නරක් වූ හා කුණු වූ පලතුරු ජනතාවට ගිල්ලවන වෙළෙන්දො ද එමට සිටිති.
නොබෝදා වත්තල ප්‍රදේශයේදී නරක් වූ හාල්මැස්‌සන් කිලෝ 48,000 ක් පමණ ද තවත් තැනක ගුල්ලන් ගැසූ බාස්‌මතී හාල් කිලෝ 20,000 කට අධික තොගයක් ද පාරිභෝගික අධිකාරිය විසින්ම අල්ලා ගන්නා ලදැයි වාර්තා විය. මේවාට අමතරව කිසිවකුගේ ඇස නොගැසී හෙමින්ම ජනතාවගේ ආමාශයට ගිය හා යන පාරිභෝගික ද්‍රව්‍ය කොපමණ තිබේද යන්න දන්නේ දෙවියන් පමණි.
අද වෙළෙඳපොළේ තිබෙන එළවළුවල හා පලතුරුවල තත්ත්වය කුමක්‌ද? වෙළෙඳසල්වල ගොඩගසා තිබෙන බොහෝ පලතුරුවල ඇත්තේ ශරීරයට බෙහෙවින් අහිතකර රසායනික දියර බවද සෞඛ්‍ය බලධාරීහුම ප්‍රකාශ කරති. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල පවා අසුරා තිබෙන පලතුරුවලට රසායනික දියර ඉසින ආකාරය ද රහසක් නොවේ.
පෝෂණ විශේෂඥයන්ට අනුව ඇපල් ගෙඩියක් නරක් නොවී තබාගත හැකි කාලය උපරිම දින 10 ක් හෝ 12 ක් පමණය. එහෙත් අපේ රටේ ඇපල් ගෙඩියක් කිසිදු බාධාවක් නොමැතිව මාසයක් දෙකක් රාක්‌කවල දිලිසෙමින් තිබෙන බව ඔබ දන්නෙහිද? අඹ, ගස්‌ලබු, දොඩම් යනාදී හැම පලතුරකම තත්ත්වය එයයි.
රසායනික දියර නොතැවරුණු එළවළුවක් තබා පළා මිටියක් හෝ ඔබට ලබාගත හැකිද? ඇත්ත වශයෙන්ම අද අප ආහාරයට ගන්නා බත් ඇටයද රසායනික ගුලියක් වැන්න. පලිබෝධ නාශක හා රසායනික ද්‍රව්‍ය නිසා නාස්‌ති වී ගිය කෙත් යායක් අද අපට ඉතිරි වී තිබේ. එහි අනිටු ඵලයක් ලෙස රජරට, වකුගඩු රෝගීන්ගේ ජනපදයක් බවට ද පත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ වස විස නොමැති පලතුරක්, එළවළුවක් නොමැති බව මනාව දත් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් පසුගිය පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පැමිණියේ ඔහුට වුවමනා ආහාර ද්‍රව්‍ය සියල්ලම වාගේ එරටින්ම රැගෙනය. මේ තත්ත්වය ගැන අපි ලඡ්ජා විය යුතු නොවෙමුද? වියළි දණ්‌ඩක් වුවද පැළවෙන සරු බිමක් මුඩු බිමක් බවට පත් කළෝ කවරහුද? මේ බිමේ වැඩෙන පලතුරක්, මේ කෙතේ පැහෙන වී කරලක් වස විසක් බවට පත් කරන ලද්දෝ කවුරුන් විසින් ද?
පරිභෝජනය සඳහා නුසුදුසු ආහාර වෙළෙඳපොළට එවීම අතිශය සංවිධානාත්මක වූ එහෙත් තුච්ඡ ජාවාරමක් බව අපි නිර්භයව කියන්නෙමු. ලාභයම ඉලක්‌ක කරගත් දුෂ්ට වෙළෙන්දොa මානව සංහතියම විනාශය කරා ඇද දමන්නෝ නොවෙත්ද? ඒ තරම් කුරිරු ලෙස මානව හිමිකම් විනාශ කරන්නෝ තවත් සිටිත්ද? ඔවුහු මුළු මානව වර්ගයාම සදාකාලික අඳුරකට හෙළන්නෝ ය.
අද මේ රටේ තිබෙන ඉතා අයහපත් රෝග ලක්‍ෂණයක් නම් කිසිම දෙයක නිසි ප්‍රමිතියක් නො වීමය. මහා පරිමාණ ඉදිකිරීම්වල සිට අපේ මුළුතැන්ගෙයි තිබෙන හාල් ඇටය, පලතුර, පළාමිටිය දක්‌වාම කිසිදු ප්‍රමිතියක් නැත. බොහෝ පිසූ ආහාර පවා ප්‍රමිතියෙන් තොරය.
පසුගියදා රටම කැළඹුණු කිරිපිටි පිළිබඳව මතු වූයේ ද ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකි. ලෝකයේ බොහෝ රටවල් විසින් ඉවතට දමන ලද කිරිපිටි පරිභෝජනය නමැති විපත තවමත් අපේ රටේ ජන ජීවිතයට උඩින් පාවෙමින් තිබේ. අපේ අසල්වැසි ඉන්දියාව ද බහුලව දියර කිරි භාවිතයට ගන්නා රටකි. එහෙත් අපේ රටේ කිරිපිටි නැතැයි සුසුම් හෙළති·
කිරිපිටි වෙනුවට දියර කිරි භාවිතය හුරු කළ යුතු බව වෛද්‍යවරු ද කියති. දියර කිරි පිටි බවට පත් කිරීමේදී සෙල්සියස් අංශක 300 කට අධික තාපයක් යටතේ උණුසුම් කළ යුතු බවද ඔවුහු කියති. එහිදී කිරිවල සියලු පෝෂ්‍ය ගුණය විනාශ වන බවද ඊට අමතරව මෙම කිරිපිටිවලට ඌරු තෙල් මේදය එක් කිරීම ඉතා අයහපත් දෙයක් බවද ඔවුහු අවධාරණය කරති.
තතු මෙසේ වුවද දේශීය දියර කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බවද අපි දනිමු. අනෙක් අතට කිරිපිටි සමාගම් විසින් ඇති කරනු ලබන කෘත්‍රිම හිඟය ද අද පාරිභෝගික ජනතාව මුළා කරන හේතුවක් වී තිබේ.
කෙසේ හෝ අද වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආකාරය දෙස විමසිල්ලෙන් බලන කා හට වුවද එහි තිබෙන පාරිභෝගික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙබඳුදැයි වටහා ගැනීමට බාධාවක් නැත. වෙළෙන්දන්ගේ මාෆියාවෙන් ද බලධාරීන්ගේ නොතකා හැරීමෙන් ද වර්ධනය වී තිබෙන මේ විපතින් රට මුදවා ගැනීම අද අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.
පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළෙඳපොළට එවන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති අවශ්‍යය. එසේම ස්‌වාභාවික පලතුරුවලටත් ආනයනය කෙරෙන පලතුරුවලටත් රසායන දියර ඉසින දුෂ්ට වෙළෙන්දන්ට එරෙහිව ද නීතිමය පියවර ගත යුතුය. තම උදර පෝෂණය සඳහා සමස්‌ත සමාජයම රෝගීන් බවට පත් කරවන මේ වෙළෙන්දන් බරපතළ සමාජ විරෝධීන් හා අපරාධකරුවන් ලෙස නම් කිරීම කිසිසේත් වරදක් නොවන බව අපගේ අදහස ය.
ආහාර යනු සකලවිධ ජීවීන්ගේ මූලික හා ප්‍රමුඛ අවශ්‍යතාවකි. සියලු සත්ත්වයෝම ආහාරයෙන් යෑපෙතියි බුදුන් වහන්සේ ද වදාළහ. එහෙත් අද මිනිසා ඇතුළු සියලු ප්‍රාණීන්ට ආහාර වශයෙන් ලැබෙන්නේ කෙබඳු දේවල්ද? ගංගා, ඇළ, දොළ ඇතුළු සියලු ස්‌වාභාවික සම්පත් අද දූෂණය වෙමින් තිබේ. ගෝලීයකරණය යන ව්‍යාජ සංකල්පය ඔස්‌සේ මිහිතලය, වායුගෝලය යන සියල්ලම දූෂණය වෙමින් ද විනාශ වෙමින් ද තිබේ.
ලොව පුරා පරිසරවේදීහු මේවා පිළිබඳව දැඩි අනතුරු හැඟවීම් කරති. එහෙත් කිසිදු වෙනසක් සිදු වී නැත. ශ්‍රී ලංකාව බඳු ස්‌වාභාවික සම්පත් අනූන රටක මේ විපත ඉතා අවම කර ගත හැකි බව නිසැකය. ඒ සඳහා නිසි සැලසුම් ද, දැඩි නීති රීති ද වුවමනාය. ආහාර ද්‍රව්‍ය, පලතුරු, එළවළු වැනි සියල්ල සඳහා විධිමත් ප්‍රමිතියක් ඇති කිරීමත් ඒවා නොතකන අයට එරෙහිව දැඩි පියවර ගැනීමත් අද කළ යුතු ප්‍රධාන ජාතික මෙහෙවර බවට පත්ව තිබේ. එසේ නොවුවහොත් වස විස ගිල්ලවා, මන්දපෝෂණය ඇතුළු කෙළවරක් නැති රෝගාබාධ සහිත පරපුරක් මේ මිහිතලය මත ඉතිරි වනු නිසැකය. නිවහල් රටක්, නිවහල් දැයක් මෙන්ම නිරෝගී ජනතාවක් ද අපට වුවමනාය.
http://www.divaina.com/2014/01/12/editorial.html

0 comments:
Post a Comment