
එම නිසා ඉන්දීය ධීවරයන්ට කච්චතිව් දූපත අවට මුහුදේ මසුන් ඇල්ලීමට කිසිදු අයිතියක් නොමැති බව ඉන්දීය රජයේ විදේශ කටයුතු හා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් මදුරාසි මහාධිකරණයට ප්‍රකාශ කොට ඇත්තේ ඉකුත් බ්‍රහස්‌පතින්දා පැවැති නඩු විභාගයකදීය.
කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දකුණු ඉන්දීය වැසියකු විසින් මෙම නඩුව පවරා ඇත.
මෙහිදී ඉන්දීය රජයේ නිලධාරීන් තවදුරටත් අධිකරණය හමුවේ පවසා තිබෙන්නේ 1974 දී ඉන්දියාව, ශ්‍රී ලංකාව අතර ඇති කරගනු ලැබූ ගිවිසුම අනුව කච්චතිව් දූපත, ඉන්දීය ධීවරයන්ට සිය දැල් වියලා ගැනීමට හා එහි පැවැත්වෙන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය සඳහා සහභාගී වීමට පමණක් පාවිච්චි කළ හැකි බවයි. මෙම ගිවිසුම ඉන්දීය පාර්ලිමේන්තුව මගින්ද අනුමත කොට තිබේ.
මේ පිළිබඳ නඩු විභාගය ජනවාරි 27 දාට කල් තබනු ලැබීය.
http://www.divaina.com/2014/01/26/news08.html
Pic Source
0 comments:
Post a Comment