අතීත සාධක ඇසුරෙන් උපදින බොහෝ කරුණු වර්තමාන සැසඳීමත්, අනාගත දැක්‌මත් සමග ගලපන කල මැවෙන්නේ යථාවාදී සිතුවමකි.
එකල ගම්වර බොහොමයක් සහිත වූ හෙවත් බොහෝ ගම්වර ඇත්තා වූ පෙදෙස බෝගම්බර නම් විය. වී අමුණු දෙකයි, ලාස් දහසයක ඉඩක් හෙවත් අක්‌කර දොළහක් සහිත බෝගම්බර අනුපමේය ඓතිහාසික සිද්ධි දාමයකට හිමිකම් කියන ඉසව්වකි.
හීල්පැන්කඳුර උල්පතින් හා දුනුමඬලාව ඔයෙහි ජල මූලාශ්‍රවලින් පෝෂණය ලබමින් මහා ජල කඳක් දරා වුන් බෝගම්බර වැව් ඉහත්තෑවේ ඉංගී්‍රසින් විසින් ඉංග්‍රීසි හමුදා රෝහලක් තැනවූහ.
කන්ද උඩරට දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම උදෙසා රජකළ "දේව සංහිඳ" ලෙසින් බෝගම්බර වැව ඇසුරෙහි ගිල්වා මැරීමේ දඬුවම් ක්‍රමයක් ක්‍රියාත්මක කෙරුණු බව සඳහන් වේ. අනාදිමත් කලක සිට එවන් දඬුවම් ක්‍රම පැවතියේය යන්න පත පොතෙහි සඳහන් වුවද සාක්‍ෂිද සහිතව එවැන්නක් පිළිබඳ දැක්‌වෙන්නේ කීර්ති ශ්‍රී රජු යුගයේය. ඒ ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මැරූ අවස්‌ථාය.
ඒ හැර පන්සිල් පද රකිමින් බෞද්ධ සංකල්ප මත යෑපෙමින් සිටි රාජවංශිකයෝ මනුස්‍යත්වයට හානිවන දඬුවම් ක්‍රම දැඩිව භාවිත කළ බවක් ඉතිහාසයේ හමු නොවන තරම් වුවද ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මැරූ දා සිට බෝගම්බර වැව ජීවිත බිලි ගන්නා දිය රකුසෙක් ලෙස ගම් නියම් ගම් පුරා රැව්දුන් බව ඉතිහාසය සිහිකර දෙයි.
ඉංග්‍රීසින් විසින් බෝගම්බර වැව් පිටියේ 1852 ඉදිකරන ලද බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ඔටුන්න හැඩැති ගොඩනැඟිල්ලකි. ඔවුන් ඒ ගොඩනැඟිල්ල තැනුවේ නීතියට අවනත නොවූවන් ඒ තුළ රඳවා තබන්නටය.
හිස් පළඳනාව හෙවත් ඔටුන්නෙහි හැඩය විදහා පාමින් දිගින් අඩි 556 ක්‌ද, පළලින් අඩි 144 ක්‌ද, උසින් අඩි 102 ක් වන එකම අත්තිවාරමේ තැනූ මේ මහා ප්‍රාසාදය ආසියාවේම වූ දිගම අත්තිවාරම ලෙස නම් දරා තිබේ.
මෙවන් අපූරු ගෘහ නිර්මාණ ශිල්පයක් ඇසුරෙහි වූ මේ ගොඩනැඟිල්ලේ ඇත්තේ දොරටු දෙකකි.
එම දොරටු දෙක ගොඩනැඟිල්ලේ වම්පස හා දකුණුපස ඉදිකොට ඇති හෙයින් එක්‌කෝ වම් පසින් ඇතුළු වී දකුණු පසින් පිටවිය හැකියි. නැතිනම් වම් පසින් ඇතුළුව දකුණු පසින් පිටව යා හැකිය.
මැදිරි හතරකින් සහ කුටි හතළිස් තුනකින් සමන්විත බෝගම්බර ප්‍රතාපවත් බන්ධනාගාර ගොඩනැඟිල්ලකි. අභ්‍යන්තරය ගුප්ත අඳුරින් වැසී ඇත. ලී තරප්පු පෙළෙහි ඇත්තේ බොල් හඬකි. මේ බිහිසුණු පරිසරය රැඳවියකුගේ සියොළඟම සලිත කරවන ගෘහ නිර්මාණ ශිල්පය පවා ඒ අරමුණු කොට සාදාගත් බව හැඟේ.
බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික බව ඉන් විද්‍යාමාන වන අපූර්ව ගෘහ නිර්මාණ ශිල්පය හා අභ්‍යන්තර සැලැස්‌ම නිලධාරීන් යෙදවීම පිණිස භූමිය සකසා ඇති අන්දම පමණක් නොව රැඳවියන්ගේ ආරක්‍ෂාව හා යහපත් කල්කිරියාව උදෙසා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නොහැක්‌කේ කාටද?
අක්‌කර හතරක් පුරා විහිදුවා ඇති රැජිණගේ ඔටුන්න මේ තාක් සතුව තිබුණේ වරදක් කළේ යෑයි සැක කරනු ලැබූ වරදක් කළ බැව් තහවුරු වූ නීති පොතට හා බැටන් පොලුවලට මැදිවූ ජීවිතය හා සැබැවින්ම පොරබඳින මිනිසුන්ටය. ඔවුහු මේ අඳුරු බිත්ති අතරින් නික්‌ම ගියද ඒ මතකය ඉතිරිකොට තබා ජීවත් විය යුතු අන්දම පසක්‌කොට ගත්තෝ වූහ. ඔවුහු වරදකරුවන් වුවද සාමාන්‍ය ජනයාය.
එහෙත් අප අද මෙතරම් බෝගම්බර බන්ධනාගාරය පිළිබඳව උදම් අනන්නේ එහි අපූරු ගෘහ නිර්මාණ ලක්‍ෂණ පිළිබඳව අතොරක් නැති කතා තනන්නේ එය සාමාන්‍ය සමාජයෙන් වෙන් කරනු ලබන තවත් ආයතනයක් බව සැලවූ පසුවය. එය සැබවින්ම සෝක ජනක සිද්ධියක් ලෙස හැඟෙනුයේ මෙයට පෙර කරුණු හා සිදුවීම් පිළිබඳ ගැලපීමේදීය.
මහනුවර ශ්‍රී දළදා පරිශ්‍රය ආසන්නයේ තිබූ ඇහැලේපොල වලව්ව හෙවත් කාන්තා රිමාන්ඩ් බන්ධනාගාරය එක් නිදසුනක් සේ ගිනිය හැකිය. ඇහැලේපොල අදිකාරම්ගේ සැබෑවේ දුක් අඳෝනාවේ සිට ඉකුත් සියවසේ කාන්තාවන්ගේ සෝ දුක් අදෝනා රැව්දුන් ඒ ඓතිහාසික බිම අද අධිරාජ්‍යවාදීන් නතු කරගත් බිමක් වැනිය. ඊට වගකිව යුත්තෝ කවරහුදැයි අපි නොදනිමු.
වර්ෂ 1856 දී ඉදිකරනු ලැබූ බෝගම්බර බන්ධනාගාරය මේ වන විට වසර එකසිය හැටක ස්‌මරණයකට හිමිකම් කියයි. මෙපමණ කලක් එහි සොයිබයකටද, අගුලකටද හානි නොවී රැකුණේ සාමාන්‍ය ජනයා සතුව තිබූ බැවින්ම විය යුතුය.
තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම සපයා ගත යුතුය යන්න සනාථ කරන්නා සේ බෝගම්බර ප්‍රාසාදය ඉදිවී ඇත්තේ ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව සිටි සිරකරුවන්ගේ වරදකරුවන් අතිනි. එංගලන්තයෙන් එවකට ගෙන්වන ලද දොරවල්, සොයිබ, ඇණ, තහඩු ඇසුරින් හා ඉංග්‍රීසීන්ගේ තාක්‍ෂණ ඥනයෙන් මෙය ඉදිකොට තිබේ. දැන් දැන් සිදුවෙතැයි සැලකෙන ප්‍රසිද්ධ රහසක්‌ව ඇති අනාගත බෝගම්බර හෝටලය යථෝක්‌ත ඓතිහාසික බවත්, අතිවිශිෂ්ට නිමැවුමක් එපරිද්දෙන් රැක ගනීවිද? මෙහිවූ ප්‍රතාපවත් බව ඉදිකිරීම්වල විශිෂ්ටත්වය හා ඇණ මුරිච්චි අප රැකගත යුත්තේ සුද්දාට ගැතිවී නොවේ. මෙය ලෝක උරුමයක් නිසාද නොවේ. මේ බිත්ති අතරේ රැව් දෙන්නේ සැබෑ මිනිස් හඬ නිසාමය.
වසර 1860 පමණ වන විට බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් තුන්සියය ඉක්‌මවා සිට ඇති අතර එවකට මුලාදෑනිවරු 150 ක් සේවය කර ඇත. බන්ධනාගාර ලිපි ලේඛන අනුව මුලාදෑනියකුගේ දෛනික වැටුප ශත තිස් තුනකි. පළමු බන්ධනාගාර පරීක්‍ෂක ජෙනරාල්වරයා ලෙස පත්ව ඇත්තේ ආර් සෝන්ඩර්ස් මහතා යි. ඒ 1876 දී බන්ධනාගාරයත්, පොලිසියත් එක්‌ව පරිපාලනය කරන සමයේදීය.
බෝගම්බර එල්ලුම් ගස හෙවත් පෝරකය වරකදී තිදෙනෙක් එකවර එල්ලා මැරිය හැකි ලෙස තනවා ඇත. ඒ එසේ වී ඇත්තේ මරණ දඬුවම එකල සුලබ වූ නිසාද යන්න සාධක නැත. පළමුවර වරදකරුවකු එල්ලා මරා ඇත්තේ 1876 දීය. එතැන් සිට වසර හතළිහක් පුරා එනම් 1915 වන තෙක් එල්ලා මරා ඇති මනුෂ්‍ය ප්‍රාණීන් ගණනින් අනූවකි. මරණ දඬුවම හෙවත් එල්ලා මැරීම නතු වන්නේ මිනීමරුවන් වුවද මරණ දඬුවම පැමිණ වීමෙන් පසුව ඔවුහු අන්ත අසරණ තත්ත්වයට පත්ව කම්පාවෙන් හා පසුතැවිල්ලෙන් පසුවන බව අසා තිබේ. බෝගම්බර තුළදී ඔවුහු හඳුන්වනුයේ "කන්ඩෙම්කාරයෝ" ලෙසය. ජම්පර් සූට් ඇඟලාගත් ඔවුහු සිටි සිරකුටි කන්ඩෙම් ෂෙල් විය. මරණ දඬුවමට ආසන්න දිනයන්හිදී දඬුවම නියම වූ තැනැත්තා දිනෙන් දින කාමර හතක් හරහා විත් පෝකරය අසල මැදිරියට එයි. එහිදී තමන් කැමැති ඕනෑම ආහාරයක් අනුභව කිරීමටත් නිවැසියන් බැහැ දැකීමටත් හැකි වුවද දඬුවම් ලැබූ කිසිවෙක් එහිදී ආහාරගත් බවක් හෝ නිවැසියන් සමග දොඩමළු වූ බවක් සඳහන්ව නැත. මරණාසන්න මොහොත අසුවල් දොඩමලුවක්‌ද? එල්ලුම් ගස අබිසට යන්නෙකුට ගිරිමාන්නද සූත්‍රය හෝ අනාථ පිණ්‌ඩිකෝ සූත්‍රය වටීද?
"මෝඩයකුට හිර ගෙදර දන්සැලකි. නුවණැත්තෙකුට විශ්වවිද්‍යාලයකි" යන කියුම සඳහන්ව තිබූයේ බන්ධනාගාර බිත්ති ම තය. පසුව එය චාල්ස් දයානන්දයන්ගේ "සිපිරි ගෙයක වසර හයක්" කෘතියෙහිද දුටිමි. එය සැබෑවක්‌ම විය යුතුය.
සිරකුටි හෙවත් වාට්‌ටුවල බොහොමයක් බිත්ති පුරා ඇත්තේ අඟුරු කැබැල්ලෙන් සිත්තම් වූ මානුෂීය සිතිවිලිය. අඟුරු අතරින් ජනිතව හුන් අකුරු ඇමුණුම් කවි පදවැල් කියා පාන්නේ ජීවිතයේ යථාර්ථයමය. ඒවායෙහි ගැබ්ව ඇති රසවත් බව, හරවත් බව විඳින්නේ ඔවුනොවුන්මය. අහස උසට නැගි තාප්ප අතරේ ගෙවන ජීවිතවල සුන්දර අසුන්දර බව විඳින්නේ ඔවුන්මය.
එහෙත් එය රසවත් කරගන්නට සේම හරවත් කරගන්නට ඔවුනොවුන් කැපවූ සෙයක් පෙනෙයි.
එක් උසාවියක අංශ කිහිපයක් වේ. මහාධිකරණය, දිසා අධිකරණය, මහෙස්‌ත්‍රාත් අධිකරණය නිදසුන්ය. ඒ එක් අධිකරණයක් වෙනුවන් අවශ්‍ය විනිශ්චයකාර ආසනය සහ මේසය තැනවීමට රුපියල් ලක්‍ෂ දොළහක් පමණ වැයවෙතැයි ඇස්‌තමේන්තු කොට තිබිණි. නමුත් බෝගම්බර බන්ධනාගාර වඩු පාටියේ නිලධාරියන් සහ රැඳවියන් සිය ශ්‍රමය හා කැපවීමෙන් දිවයින පුරා සෑම අධිකරණයකටම ආසන මේස පුටු, බංකු තනවා දී තිබේ. රාජ්‍ය ලාංඡන ඇතුළු සියලුම රජයේ ආයතන දෙපාර්තමේන්තු සඳහා බොහොමයක් භාණ්‌ඩ තනවා දී ඇත්තේ ද බෝගම්බරිනි. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ලී කොටස් සියල්ලක් පාහේ සපයා ඇත්තේ අධිකරණයය.
බෝගම්බර රැඳවියන් ඉකුත් වසරේ දෙදහස ඉක්‌මවා සිට ඇත. කුණ්‌ඩසාලේ නව එළිමහන් සිර කඳවුරට (දුම්බර සිරකඳවුරට) යෑවූ තුන්සිය හැත්තෑ පස්‌දෙනා හැරුණු කොට මේ මොහොත වන විටත් තවත් එක්‌දහස් හත්සිය දහසය දෙනෙකු බෝගම්බර සිටිති. ඉන් එකසිය හතළිස් පස්‌දෙනකු මරණීය දණ්‌ඩනයටත්, දෙසීය තිස්‌හත්දෙනකු ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමටත් නතුව සිටිති. ඉකුත් දිනෙක වහලය මත නැගී තම ඉල්ලීම් ඉල්ලා උද්ඝෝෂණය කළේ ඔවුන් අතරේ කිහිප පොළක් විය හැකිය.
බෝගම්බර ප්‍රවිශ්ඨ දොරෙහි උස හරියටම අඩි 5 කි. වරකට යා හැක්‌කේ එක් අයකුට පමණි. සිර මැදිරියකට දෙදෙනකු ගාල් කරන්නේම නැත. එක්‌කෝ එක්‌කෙනෙකි. නැතිනම් තිදෙනෙකි. මේ සියල්ලක්‌ම සැලසුම් කර ඇත්තේ ඔවුන්ගේ ආරක්‍ෂාව පිණිසය.
සිරිපාල හෙවත් මරුසිරා තිස්‌මඩ මිනී මැරුම සිදු කළ ඩබ්ලිව්. ඒ. සහ ටී. එම්. ජයවර්ධන, සුමිතිපාල, කුඩු නවුෆර් මෙහි උන්හ. එන්. එම්. පෙරේරා, නමගිය රාජ්‍ය නිලධාරීහු, මැති ඇමැතිවරු, නළුවෝ රැසක් බෝගම්බර සුවය වින්ඳහ. ඒ සියල්ලෝම බන්ධනාගාරයේ යන්ත්‍ර සූත්‍ර, වෘත්තීය පුහුණුව, ගහකොළ, බිත්ති අතරේ සෝ සුසුම් සැබෑ සුවඳින් විඳ ඇතුවා සැක නැත.
ඇහැල්පොල කුමාරිහාමිව දියේ ගිලී යළි මතුවූ තැන (කුඩා ස්‌මාරකය) ඇත්තේද බන්ධනාගාර බිමෙහිය. අද රැඳවියන් ස්‌නානය කරන්නේ අතීත වීරවරියකගේ ජීවන හුස්‌ම රැඳි ජලයම විය හැකියි. ඒ හුස්‌ම පොද වාතලයේ රැඳෙමින් රැඳිවියන්ගේ සුසුම් හා මුසුව සහෘදත්වය පානු ඇත. එය සිහි වන්නේ ජාති, ආගම්. කුල භේද නොතකා සිය ආගම් මෙනෙහි කරන පූජනීය ස්‌ථානවලට රොක්‌ව රැඳවියෝ ආගම් සිහි කරනු දුටු විටය. සියලු අගමික ස්‌ථාන බෝගම්බර බිත්ති හතර තුළ ඇත.
බෝගම්බර බන්ධනාගාරය ඉවත් කොට එය රටේ සංවර්ධන වැඩසටහනකට දායක කරගන්නා බිමක් බවට පරිවර්තනය කරන්නේ, මෙතෙක් එහිදී සිදු වූ දායකත්වය නොදුටු නොදන්නා අයවළුන් විය යුතුය. අපි සිංගප්පූරුවක් නොතනමු. සිරුරේ දුවන සිහල රුහිරෙන් ප්‍රකම්පනය වන හැඟීම් සමගින් හෙට දරුවන් යහමඟට ගන්නෝ වෙමු.
එසේ නම්, විකල්ප සංවර්ධන ක්‍රියාදාමයේ මහා අරුමය කුමක්‌ද?
සුද්දා එදා අපටම කියා මහා සාගරයක් බඳු ප්‍රාසාදයක් තනවා ගියෝය. අද අපේ අය තනන්නේ සුද්දාට ප්‍රාසාදයක් තනවා දෙන්නද?
උපේක්ෂා
http://www.divaina.com/2014/01/19/feature03.html

0 comments:
Post a Comment