
දැනට බැංකුව මගින් ලබාදෙන ණය පහසුකම්වල ඉදිරියෙන් සිටින විස්‌ඩම් ණය පහසුකම රැකියාවක නියුතු ඕනෑම පුද්ගලයෙකුට සහ පාසල් අධ්‍යාපනය අවසන් කළ අපේක්‍ෂකයින්ට සහනදායී පොළී අනුපාත මත ලබාගත හැක. (බද්ධ අයදුම්කරුවෙක් සමග)
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා බැංකුව විසින් ඉටු කිරීමට අපේක්‍ෂා කරන වගකීම පිළිබඳව අදහස් දක්‌වමින් මෙසේ ප්‍රකාශ කළේය. "ජනතාවගේ බලාපොරොත්තුව බවට පත්වීමේ සහ අධ්‍යාපනය නඟා සිටුවීමට දායකත්වය ලබාදීමේ අපගේ දැක්‌ම අනුව මෙම විස්‌ඩම් ණය පහසුකම මගින් අපගේ ජනතාවට තම ජීවිතවලට නව වටිනාකම් එක් කරගැනීමටත් හෙට දිනය දීප්තිමත් කරගැනීමටත් හැකියාව ලැබෙන බව අපට විශ්වාසයි. මෙම ණය මුදල් ඕනෑම වයස් කාණ්‌ඩයක අපේක්‍ෂකයෙකුට ලබාගත හැකි අතර අපගේ යොවුන් ඉතුරුම් ගිණුම් හරහා ඒ සඳහා සුදුසු ශිෂ්‍යයින් දිරිමත් කිරීමටත් අපි කටයුතු කරනවා."
දිවයින පුරා පිහිටා ඇති ශාඛා 730 කට අධික ශාඛාවන් සමග මහජන බැංකුව ශ්‍රී ලංකාවේ පුළුල්තම ශාඛා ජාලයට හිමිකම් කියන අතර මොබයිල් බෑන්කින් සහ ඉන්ටර්නෙට් බෑන්කින් ඇතුළු නවතම පහසුකම්ද සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබයි.
http://www.divaina.com/2014/01/29/velanda03.html
Pic Source
0 comments:
Post a Comment