
පිළිකා නාශක ඖෂධ සාමාන්‍ය වශයෙන් ගත් කල මිල ඉතා ඉහළය. එයට හේතුව පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා පර්යේෂණ පිණිස අති විශාල වූ මුදලක් වැය කරන්නට නිෂ්පාදකයන්ට සිදුවීමය. රුපියල් 50000 ට විකුණන ඇතැම් පිළිකා නාශක ඖෂධයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 50 ක් වත් වැය වන්නේ නැත. එහෙත් මේ ඖෂධය නිපදවීම සඳහා කරන පර්යේෂණවලට අදාළ සමාගම රුපියල් කෝටි 50 කට වඩා වැය කරයි. ඉන් පසු එය නැවත උපයා ගැනීම සඳහා ඔවුහු එම ඖෂධ අධික මිල ගණන්වලට විකුණති. කල් යන විට තමන් ලබන අධික ලාභය දකින ඖෂධ සමාගමට ඖෂධයේ මිල අඩු කිරීමට ලෝබ සිතෙයි. මෙවැනි ඖෂධ විකුණන දේශීය සමාගම්වලට ඇතැම් විට 50% ක පමණ කොමිස් මුදලක් ලැබෙයි. ඒ කොමිසෙන් සත 5 ක් වත් අඩු කිරීමට එම දේශීය නියෝජිතයා සූදානම් නැත. මෙයට දිය හැකි තවත් උදාහරණයක් වන්නේ ජල භීතිකා රෝගය වෙනුවෙන් මනුෂ්‍යයන්ට එන්නත් කරන පළමුවන එන්නත රුපියල් 36000 කි. මෙහි සත 36000 ක්‌වත් වටිනා අමුද්‍රව්‍ය නැත. එහෙත් රුපියල් ලක්‍ෂ 36000 ක් පමණ වියදම් කර දිගු කාලයක් තිස්‌සේ කළ පර්යේෂණ සමූහයක් මේ එන්නත තුළ ඇත.
කෙසේ වුවද පිළිකා රෝගීන්ට සහ වකුගඩු රෝගීන්ට පමණක් නොව වෙන කිසිදු රෝගියකුට බෙහෙත් නැතිව මිය යැමට වගකිවයුතු බහුතර බලයක් ඇති ආණ්‌ඩුවක් තිබෙන රටක ඉඩ තැබිය යුතු නැත. ආණ්‌ඩුවක් නැති සෝමාලියාව වැනි රටක නම් මෙබන්දක් වුණාට කරන්නට දෙයක් නැත. ඒ නිසා ඉහත සඳහන් ඖෂධ වර්ග සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලමු. පිළිකා ඖෂධ ආනයනය කිරීම ඖෂධ සංස්‌ථාවට භාර ගැනීමට නොහැකිද? වෙනත් විකල්ප මේ සඳහා නොමැතිද? මරණයට මෙහා දිය හැකි විසඳුමක් රෝගීන්ට ඉදිරිපත් කළ යුතුය.
http://www.divaina.com/2014/01/21/editor.html
සබැඳි ලිපි -
[
ඖෂධ සමාගමේ ඒකාධිකාරයෙන් පිළිකා වකුගඩු රෝගීන් මරු කටේ. ඒකාධිකාරිය රැක ගන්න කෝටි ගණන් මුදල්...http://denethharinna.blogspot.com/2014/01/blog-post_5620.html
]
0 comments:
Post a Comment