
වර්තමානයේ අපේ රට මත්ද්‍රව්‍ය වලින් පිරුණ රටක් බවට පත්වෙලා තියෙනවා. ඉස්‌සර නම් අපේ රටට කුඩු ගේන්නේ ඊයම් කොළයක ඔතලා ගුලියක් හදලා. ඒ ගුලි තුන හතරක් ගිලලා එහෙම නැත්නම් පිටිපස්‌සේ හංගාගෙන තමයි කටුනායක ගුවන් තොටුපළින් ලංකාවට ගේන්නේ. ඒත් අද කුඩු කන්ටේනර් ගණන් ගේනවා. පසුගිය දවස්‌වල ආසියාවේ ලොකුම කුඩු තොගය ඇල්ලුවා. ඒ කිලෝ ග්‍රෑම් 261 ක්. මෙතෙන ඉන්න අය කුඩු බොන්නේ නැති එක ඇත්ත. එහෙත් මෙතරම් කුඩු ප්‍රමාණයක් ලංකාවට ගෙනාවම අපේ දරුවන් මේකට ඇබ්බැහි වෙන්නේ නැහැ කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්‌ද?
දැන් බලන්න සාමාන්‍ය කෙනෙකුට අගමැතිගේ ගෙදර යන්න පුළුවන්ද? යන්න බැහැ. හැබැයි කුඩු මුදලාලි අගමැතිගේ ගෙදර ගියා. ඒ කියන්නේ අගමැතිගේ ගෙදර තියෙන තැන දැන ගෙනයි. යන්නත් ඕන. එහෙනම් ගොඩක් කිට්‌ටු අය වෙන්න ඕනනේ. අගමැතිගේ පුතා තමයි ලියුම යවන්න කිව්වේ. ඒ නිසා මේ කුඩු තොගය නිදහස් කර ගැනීමට අගමැති සෘජුවම සම්බන්ධයි. හැබැයි අගමැතිට විරුද්ධව මේ රජය කිසි තීරණයක් ගත්තේ නැහැ. ඇයි ඒ පංගුව බෙදනවා කට්‌ටිය ගානට. දැන් ආණ්‌ඩුවේ ගෝල බාලයන් කියනවා අගමැති ඉවත් වෙන්න ඕන කියලා. එතුමාගේ කාර්යාලය අසලත් උද්ඝෝෂණ. හැබැයි එතුමා අයින් වෙන්නේ නැතිනම් ජනාධිපතිතුමාට අයින් කරන්න පුළුවන්නේ අපේ ව්‍යවස්‌ථාවට අනුව. නමුත් අයින් කරන්නේ නැහැ.
කැකනදුර - ගයාන් දර්ශන
http://www.divaina.com/2014/01/16/news43.html
0 comments:
Post a Comment