Pages

Friday, June 30, 2017

අයිසීස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වූ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මරුට

අයිසීස්‌ ත්‍රස්‌ත සංවිධානය වෙනුවෙන් සටන් කළ තවත් ශ්‍රී ලාංකිකයකු වූ අහමඩ් තාජුඩීන් නමැත්තා සිරියාවේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.

සිරියාවේ රක්‌නා නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් මොහු මරුමුවට පත්වී තිබෙන අතර කොළඹ සංචාරක ආයතනයක සේවය කළ බව කියන මොහු තුර්කිය හරහා සිරියාවට ගොස්‌ ඇතැයි වාර්තා වේ.

මෙයට පෙර කෑගල්ලේ පදිංචිව සිටි ගුරුවරයකු ද සිරියාවේදී මරුමුවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ සිට අයිසීස්‌ ත්‍රස්‌ත සංවිධානයට බැඳීම සඳහා පිටව ගිය සංඛ්‍යාව කොතෙක්‌ දැයි හෙළිවී නැත.

ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසූවේ ඇතැමුන් මත්කම යන බව පවසා සිරියාවට පැනගොස්‌ ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2017/06/30/news20.html

Pic Source

සබැඳි ලිපි -
[
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_28.html
]

Wednesday, June 28, 2017

ට්‍රම්ප් ඉතිහාසය වෙනස් කරයි.. ධවල මන්දිරයේ රාමසාන් ‘ඉෆ්තාර්‘ උත්සවය අත්හිටුවයි!

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අතහැරීමේ ‘ඉෆ්තාර්‘ රාත්‍රී භෝජන සංග්‍රහය අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

1996 දි බිල් ක්ලින්ටන් විසින් රාමසාන් උත්සවයේදී ඇමරිකානු මුස්ලිම් භක්තිකයන් වෙනුවෙන් ඉෆ්තාර් රාත්‍රි භෝජන සංග්‍රහයක් ඇමරිකානු ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ ආරම්භ කල අතර ජනාධිපතිවරුන් වන බුෂ් සහ ඔබාමා පරිපාලන තුල නොකඩවා එම භෝජන සංග්‍රහය පවත්වන ලදි.

Colombo Today

‘මේ රටට ඕන බෞද්ධ ඒකාධිපතියෙක්‘ – 2020 රටට ඕන නායකයා ගැන ඥාණසාර හිමි කතා කරයි!

2020 මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ සිංහල බෞද්ධ ඒකාධිපතියෙක් බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. ‘ඉරිදා ඇපල්‘ පුවත්පත සමග සංවාදයකට එළඹෙමින් උන්වහන්සේ මේ අදහස් දක්වා ඇත.

එම පුවත්පත සමග උන්වහසේ සිදුකළ සාකච්ඡාවෙන් උපුටාගත් කොටසක් පහත පලවේ.

බොදු බල සේනාවේ ආරම්භක අරමුණ වුණේ මොකක්ද?

2012 පටන්ගත්ත වෙලේ ඉදන් මේක කියල තියනවා. සංහිදියාව විනාශ කරන්න ආපු රාජ්‍ය ගණයේ යක්ෂයෙක් නෙවෙයි මේ. ධර්මය මත ගොඩනැගුණු ධර්මයෙන් ශික්ෂණය වුණු සමාජ ව්‍යාපාරයක් මේක. රට තුළ දලුලා වැඩෙන අන්තවාදී මෘදු ආක්‍රමණයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ ආක්‍රමණය සංස්කෘතික ඝාතන කල්ලි පිළිබදව රටට තොරතුරු ඉදිරිපත් කිරීම සහ බෞද්ධ සමාජය ආරක්ෂා කිරීම.

දැන් අරමුණ මොකද්ද?

මුල් අරමුණේ වෙනසක් නෑ. ඒත් ප්‍රශ්නය වෙලා තියන්නේ, හොරා, තක්කඩිය. ජාතිවාදියා කිය කියා අපට පහර දෙන එක.

ඒකාබද්ධ මැයි රැළියෙන් පස්සෙලු බොදු බලේ සද්දෙ වැඩි වුණේ?

සාත්තර කියන්න වගේ නිකම් වගේ ගහනව. දහ දොළොස් දෙනා එකතු වෙලා හැන්දෑවට බෝතලයක් තියාගේ එයාලගෙ රසවත්ම බයිට් එක බොදු බලේ. නැත්නම් ඥාණසාර හාමුදුරුවෝ. ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීෙග ඉදල කැබිනට් එක දක්වාම තත්ත්වෙ ඕකයි. අපි ඕව ගණන් ගන්න යන්නෙ නෑ.

අස්ගිරි පාර්ශවය හැරෙන්නට වෙනත් පාර්ශව කිසිවක් පසුගිය සිද්ධියේදී ඔබවහන්සේලාට සහයෝගය දැක්වූවේ නැහැනේ?

නැහැ. නැහැ. හාමුදුරුවරු අඩු වැඩි වශයෙන් මේ සිද්ධියේදී සහයෝගය දක්වූවා. බලන්නකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. ඔක්කොම ශක්තිය එකවර දියකරන්නේ නැහැ.

සිහළ රාවයේ මාගල්කන්දේ සුදත්ත හිමියන් කීවා ඉල්ලීම් ඉෂ්ට කරනව නම් රට හැරදා යන්න ලෑස්තියි කියලා. දැන් රජය කිව්වොත් රට හැරදා ඔබ යනවනම් මේක විසදනවා කියල මොකද කරන්නේ?

එහෙම රට දාල යන්න ඕන නැහැ. ඒක මාගල්කන්දෙ හාමුදුරුවෝ ඒ වෙලාවෙ ආවේගෙට කරපු ප්‍රකාශයක්. අපට ඇහුම්කන් නොදෙන තැනක හිතේ වේදනාවට කියපු දෙයක්. අපිට මහ වේදනාවක් නම් තියනව මේ දේශපාලන නායකයන්ගෙ හැසිරීම ගැන. අපි සිවුර අදින විදිහ හරිද. මූත්‍රා කරන්නෙ හිටගෙනද කියල හොයල වැඩක් නෑ. අපි පෙන්නන ප්‍රස්තුතය ගැන අවධානය යොමු කරල විසදන්නෙ නැතිව.

උතුරේ මහ ඇමතිට විශ්වාසභංගයක් ආවා. ජාතිවාදි කොටස් පැත්තකින් තියල ඔහු දූෂණයට එරෙහිව ගත් පියවර ගැන මොකද හිතෙන්නෙ?

හොරු අල්ලන්න ආණ්ඩුවක් ආවා. ඒත් දැන් හොරු ආණ්ඩුව අල්ලනවා. එච්චරයි. උතුරටත් ඒක වලංගුයි.

බොදු බල සේනාවට අරමුදල් ලැබෙන්නෙ කොහෙන්ද?

අපිට විශේෂ අරමුදලක් කියල එකක් නැහැ. දායකයන්ගෙන් ලැබෙන දේවලින් තමා ඕක කරගෙන යන්නේ.

බොදු බල සේනාවට තියන වත්කම් ප්‍රමාණය කොපමණද?

කාටවත් නැති වත්කමක් අපට තියෙනවා. ඒක මිල කරන්න බැරි සමාජීය ප්‍රාග්ධනය. අපි හම්බකරපු ධනය තමයි ඒ.

ආධ්‍යාත්මික වශයෙන් ජනතාව එක්රැස් කරගත්තා කියන බොදුබල සංවිධානයට ඡන්ද බලයක් තියනව කියලා විශ්වාසද?

අපට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා උවමනාවක් නැහැ. ඒ පැත්තට. අපි හදිසිවෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම දේවල් කරන්න බැරිකමකුත් නැහැ.

2015 දී උඩු රැවුල තියෙන කෙනෙක් ඕන කිව්වට ජනාධිපති වෙන්න දැන් 2020දී කොහොම කෙනෙක්ද ඕන?

බෞද්ධ ඒකාධිපතියෙක්

මෛත්‍රීපාල ජනාධිපතිතුමා 2020දී සිංහල බොදු මතධාරීන් එක්ක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කටයුතු කරන අතර එහි එක්තරා කොටසක් ඥාණසාර හිමි භාරගෙන කියල දැන් කතාබහට ලක්වෙනව.

මම කතා කරොත් කියනව නෝර්වේන් සල්ල අරන් කියලා. නැත්නම් වෙන කාගෙන්හරි කුට්ටියක් අරන් කියලා. කට වහගෙන සද්ද නැති වුණාම ඔන්න කුට්ටියක් දීල කට වහලා සල්ලි අරන් සද්දෙ වහල කියනවා. කට ඇරියත් වැරදියි වැහුවත් වැරදියි. මොකද්ද දැන් කරන්න කියන්නේ?

ගෝඨාභය රාජපක්ෂ 20202 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් සහයෝගය දෙනවද?

පුද්ගලයො අපට වැදගත් නෑ. ප්‍රතිපත්තියයි අපට වැදගත්.

ඔබවහන්සේ අත්අඩංගුවට ගත්තා නම් රටේ කලබලකාරී තත්ත්වයක් ඇතිවේවි. බොදු බලය ප්‍රකෝපකාරී වැඩ කරයි කියල ජනතාව බිය වුණා.

අපට ආදරය කරන පිරිස් ඉන්නවා. අපි කතා කරන දේ සත්‍ය ඔබ දන්න මිනිස්සු ඉන්නවා. ඔවුන් සමහර අවස්ථාවල අවේගශීලීව කටයුතු කරන්න පුළුවන්.

Colombo Today

ඉස්ලාමීය හා ක්‍රිස්තියානි අන්තවාදීන්ගෙන් හින්දුන්ටත් හිරිහැර! අන්තවාදයට එරෙහිව ලාංකික හින්දු ප්‍රජාවත් අස්ගිරි සංඝ සභාව සමග එක්වෙයි!

රට තුළ ගොඩනැගෙමින් පවතින ආගමික අන්තවාදයට එරෙහිව ශ්‍රී ලාංකික හින්දු ප්‍රජාවත් බෞද්ධ ජනතාව හා මහා සංඝරත්නය සමග එක්වන බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය පවසයි.

හින්දු සම්මේලනයේ නියෝජිතයන් පසුගිය 24වනදා අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

ඉස්ලාමීය හා ක්‍රිස්තියානි අන්තවාදී කණ්ඩායම්වලින් බෞද්ධ මෙන්ම හින්දු ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් හින්දු සම්මේලනය එහිදී මහා නාහිමියන් හමුවේ කරුණු පැහැදිළි කර සිටියහ.  විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවන පුරාවස්තු සංහාරය, ඉස්ලාමීය අන්තවාදීන් විසින් හින්දු කෝවිල්වලට සිදු කරන පහරදීම් සහ නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා සහ දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් හින්දු ජනතාවට සිදු කරන හිරිහැර සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකර ඇත.

හින්දු සම්මේලනයේ නියෝජිතයන්ට ඉදිරියේදී අස්ගිරි මහා සංඝ සභාව හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන බවද මහා නාහිමියෝ එහිදී ප්‍රකාශ කර ඇත.  මහා සංඝ සභාවේ අදහස් ප්‍රකාශ කිරීමට ද්‍රවිඩ ජාතිකයෙකුට අවස්ථාව ලැබෙන්නේ සියවස් ගණනාවකින් පසුව වීමද විශේෂත්වයකි. බෞද්ධ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර එකමුතුව ගොඩනැගීම සදහා මෙය තමන්ට ලැබුණු මහගු අවස්ථාවක් බවත්, තමන් සෑම විටම මෙරට ගෞරවණීය මහා සංඝරත්නයේ අනුශාසනාවලට එකගව කටයුතු කරන බවත් හින්දු සම්මේලනය කියා සිටී.

මේ පිළිබදව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනය පහතින්

Hindfos President Hon.Arunkaanth calls on Asgiriya chapter Most venerable Warakagoda Sri Gnanarathana Mahanayake Tero on 24.06.2017.Srilanka Hindu Federation National Advisor Hon.Sellaiah Rasaiah,Hon members of National Committee S.Thillaiambalam je ,K.Nadaraja je ,A.Poobaalaratnam je ,E.Gunasinham je,S.Nadason je also accompanied….

When arunkaanth explained to mahanayake tero he told

“01.My most ven.Hamathuruvane…..There are lot of archiological places which are being destroyed by some religious extremists groups and some political leaders ..They want to destroy the cultural identity and establish their own. Good example for this is Batticaloa Arayampathi Ulaganaatchiyar Sivan temple .and so many buddhist Viharas arround it .We need ur attention in this regard ape Hamathuruvane.

02. 2nd issue is The mass factories and industrial estates establised under the political leadership of the chief minister Hon.Naseer Ahamed .He never allow to fullfil the vacancies with tamils or sinhalees.There are thousands of unemployed tamil and sinhalees in the estern province where as he never concerns.This situation create tamil women and young girls to seek job opportunities in the shops and companies run by religious extreamists .This is the place where the widows and girls sexually misused.

03.Our 3rd issue is The Islamic University which is being constructed in Batticaloa.As per their documents more than 1000 movlavies are to be trained and produced to the nation.We are much worried ape hamduruvane what are they going to do in the future…For a small muslim communty in our country is this a compulsary need ape hammaduruvane.?They will create a big extreamism in the future.

04.Our 4th issue is convertion.Both muslims and christians convert both buddhits and hindus.More than 300 hundred hindu girls have been abducted and converted forcefully and married after sexual molestation.This happens every year.There is no one dare to make an entry in the police station.

05.Our 5th issue is that The Chief minister directly appoint muslim teachers to Tamil schools where there is no need for them where as the tamil teachers who are getting training from the teachers training colleges and college of education will have to be appointed in Uva province.This is a well planed opperation to remove and reduce the tamil population in the estern province.

06.And ape hamathuruvane Mass amount of land have been parchesed by billioners with the help of Arabians..This is a very big invasion to make estern province as a muslim dominated province.

07.and also we face very big problem in language basis with that community.They invade in all the field by saying that they are tamil medium students or candidates.We the tamils loose all the opportunities for that reason.

08.And to build good relationship between buddhists and hindus we have formed Hindu buddhist Dharmarakshana Sabawa. Which is now implementing so many projects acrossthe country.We need ur blessings for that Ape hamthuruvane.

When the Manayake Tero responded he said that he is very much glad to here that a hindu organization fight even for the buddhists.My blessings are always with u all.We will form a committee to look into those matter.I wish to invite the President of Srilanka Hindu Federation Mr.Arunkaanth to do a OHP presentation at the upcoming Maha Sanga Sabawa Meeting on July 4th at 2.00pm.There we will decide what we should do in the future.

Median Unit Hindfos.

Colombo Today

සබැඳි ලිපි -
[
බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි! රට, දැය, සමය වෙනුවෙන් චීවරයේ කාහල අස්‌ගිරි නාදය රැව් දෙයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/06/blog-post_21.html
]

සබැඳි ලිපි -

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

Tuesday, June 27, 2017

සංස්‌කාර යනු පංචඋපාදානස්‌කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්‌මය! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

(පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් දා ලිපියෙන් අවසන් වීමෙන් පසු එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරේ අවසන් කොටසයි මේ)

උතුම් සම්මා දිට්‌ඨියට පත්වූ පිංවතා, තමන් බියට පත් නොවන වගේම අනුන්ව බියට පත් නොකරන පිංවතෙක්‌. ඔහු තුළ ඇති කර්මය, කර්මඵල විශ්වාසය නිසා සියලු ජාතිකයන්, සියලු ආගමිකයන්, රකින පෝෂණය කරන පිංවතෙක්‌. තමන් මැරෙනවාය, මැරිලා පටිච්චසමුප්පන්නව උපදිනවාය කියල හිතන්න දක්‍ෂ පුද්ගලයෙක්‌. ඔහු හැම ආගමකටම, හැම ජාතියකටම අයත් සෑම පිංවතෙක්‌ම සංසාරයේ තමන්ට අම්මා තාත්තා වෙලා තිබෙනවාය, අතීත භවයන්හිදී ඥාතිත්වයකින් බැඳුණු කෙනෙක්‌ය, කියන විශ්වාසය තිබෙන පිංවතෙක්‌. ඒ නිසාම සමාජයට ඔහු හොඳ ආරක්‍ෂකයෙක්‌ වෙනවා. සම්මා දිට්‌ඨියට පත්වූ පුද්ගලයා, මේ මොහොතේ තමන් සිංහල බෞද්ධයෙක්‌ වුණත්, අතීත භවයන්හිදී, මම ද අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් හැටියට සිටියාය කියලා හිතන්න දක්‍ෂ පුද්ගලයෙක්‌ වෙනවා. ඔහු දන්නවා, තමන්ද මේ ජීවිතයේදී සම්මා දිට්‌ඨියෙන් දුර්වල වුණොත් නැවත තමන් ද, අන්‍ය ජාතික මවු කුසක උපත ලබනවාය කියන කාරණය. මේ නිසාම ඔහු සෑම ජාතිකයකුටම මනුෂ්‍යත්වයෙන්, ඥාතීත්වයෙන් සලකන කෙනෙක්‌ වෙනවා. ඔහු එසේ කරන්නේ තමන්ගේ සම්මා දිට්‌ඨියේ අර්ථයන් තව තවත් පෝෂණය කොට ගන්නවා.

සම්මා දිට්‌ඨියට පත්වූ පිංවතා, සමාජයේ පවතින සම්මා දිට්‌ඨිය මිථ්‍යාදෘෂ්ටිය, දුප්පත් පොහොසත් බව, උගත් නූගත් බව, කුලවත් කුලහීන බව උපතින්වත්, සමාජය නිසාවත් සිදුවූ දේවල් නොව, අතීත සංස්‌කාරයන්ගේම ඵලයක්‌ බව දකිමින්, ඒවාට නොඇලෙන, ඒවාට නොගැටෙන කුසල් පක්‍ෂයම වර්ණනා කරන, සමාජයට දානයෙන්, ශීලයෙන් පූර්වාදර්ශයක්‌ ලබාදෙන පුද්ගලයෙක්‌ වෙනවා. ඔහු ජනතාව තුළ බේදයක්‌ ඇතිවෙන, අකුසල් උපදවන ක්‍රියාවන් තම සම්මා දිට්‌ඨියේ දැක්‌ම තුළින්ම මඟහරවා ගැනීමට දක්‍ෂ කෙනෙක්‌ වෙනවා. පිංවත් ඔබ නුවණින් විමසා බලන්නකෝ, සම්මා දිට්‌ඨිය වැනි මෙච්චර මනුෂ්‍යත්වයෙන් පිරුණු, සමාජ ආරක්‍ෂකයෙක්‌ ජීවමානව තිබියදී සමාජය මොනතරම් මිථ්‍යදෘෂ්ටි, මිථ්‍යා සංකප්ප පසුපස්‌සේ ගමන් කරනවාද. ඒවා ක්‍රියාත්මක කිරීමට ගොස්‌ ප්‍රශ්න ඇති කොට ගන්නවාද කියලා. මේවායේ අවසාන ඵලය වෙන්නේ සිංහල බෞද්ධකම දුර්වල වීමය. සිංහල බෞද්ධකම දුර්වල වීමෙන් සිදු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල වීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල වීමෙන් සිදු වන්නේ මාරයා අත්පොළසන් දෙන සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් දුර්වල වීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකම ආරක්‍ෂකයා වන්නේ, සම්මා දිට්‌ඨියට පත් බෞද්ධ ජනතාව බව හොඳින් තේරුම් ගන්න. එම නිසා පිංවත් ඔබ ජීවිතය ඉදිරියට පැමිණෙන මොනම අභියෝගයකදීවත්, මොනයම් ජයග්‍රහණයකදීවත්, 'මම සිංහල බෞද්ධයෙක්‌'ය කියලා කියන්න බය වෙන්න එපා.

සම්මා දිට්‌ඨියට පත් පිංවතුන්ට පමණක්‌මයි සමාජයට යහපත් ආරක්‍ෂකයෙක්‌ බවට පත්වීමට අවස්‌ථාව ලැබෙන්නේ. එසේ නොවන තැනදී සමාජය එක ප්‍රශ්නයක්‌ විසඳාගන්නේ, අනාගතයේදී තවත් බරපතල ප්‍රශ්න ඇති වෙන ආකාරයෙන්මයි. මේ මොහොතේ ඔබ ජීවත් වන සමාජය තුළ සිදුවන්නේ ඔබ කැමැති කරන දෙයක්‌ නම් එයත් හේතුඵල ධර්මයක්‌මයි. ඔබ ජීවත් වන සමාජය තුළ සිදුවන්නේ ඔබ අකැමැති කරන දෙයක්‌නම් එයත් හේතුඵල ධර්මයක්‌මයි. මනුෂ්‍යයාගේ කැමැත්ත අකැමැත්ත කියන්නේ සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. සංස්‌කාර කියන්නේ පංචඋපාදානස්‌කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්‌මය. එම නිසා මාරයාට අයිති කැමැත්තට පිංවත් ඔබ ඇලෙන්නේ නැතිව, මාරයාටම අයිති අකැමැත්තට ඔබ ගැටෙන්නෙත් නැතිව කැමැත්ත අකැමැත්ත දෙකම ඉදිරියේ ධර්මයේ අර්ථයන්ම, සංසාර බියක්‌ම, අකුසලය වර්ධනය වන ලෝකයක පංචනීවරණවලින් විසිරුණු මනෝභාවයන්ගේ බියකරු බවම දකිමින් පිංවත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයෙන් සමාජයට පූර්වාදර්ශයන් ලබාදෙන සමාජය ආරක්‍ෂකයෙක්‌ බවට පත්වෙන්න. 

පිංවත් ඔබ ඉදිරියට පැමිණෙන ඕනෑම පුද්ගලයෙක්‌ගේ විශ්වාසය එකම මිනුම් දණ්‌ඩ සම්මා දිට්‌ඨියේ අර්ථයන් බවම හිතටගන්න. එහෙත් පංචඋපාදානස්‌කන්ධ මාරයා කෙරෙහි විශ්වාසය නොතබන්න. පිංවත් ඔබගේ මේ ව්‍යායාමය හුදු නිස්‌සාර, නිත්‍ය සැපයක්‌ ගැන බලාපොරොත්තුව නොව, නැසෙන ලෝක ධර්මයන් හමුවේ තමන් තව තවත් සද්ධර්මයෙන් ශක්‌තිමත් වීමටත්, අනුනට කල්‍යාණමිත්‍රභාවයෙන් සද්ධර්මය එක දිනක්‌ හෝ ආරක්‍ෂාකොට දීමත් පමණක්‌ම බව කල්පනාකොට ගන්න. වෙනස්‌ වන ලෝකයක්‌මයි මේ. තත්පරයෙන් තත්පරය වෙනස්‌ වන ලෝකයක්‌ මේ. අධිවේගයෙන් වෙනස්‌ වන පංචඋපාදානස්‌කන්ධ ලෝකයක්‌ මේ. තෘෂ්ණාවේ වේගවත්භාවයට සරිලන ආකාරයට සිතුවිලි ක්‍රමවේදයන් වෙනස්‌ වෙනවා. අකුසල් වේගවත් වන සමාජයක පිංවත් ඔබ ඇති කොට ගන්න සෑම බලාපොරොත්තුවක්‌ අභියසම සියලු සංස්‌කාරයෝ අනිත්‍ය බවම සිතන්න දක්‍ෂ වෙන්න. අකුසලය පොදුවේ කාටවත්ම වැඩි වේලාවක්‌ සතුටු වෙන්න අවස්‌ථාව දෙන්නේ නැහැ. විනෝද වෙන්න දෙන්නේ නැහැ. විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා තෘෂ්ණාවේ වේගවත්භාවය නිසා වර්තමානයේ දැඩිව සක්‍රියවයි සිටින්නේ. විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා මනුෂ්‍යයාව සුදු රෙදි කඩකින් වසා, තම මැජික්‌ යෂ්ටිය උපයෝගී කොටගෙන අනාගත ලෝකයට ප්‍රේතයන්, නිරිසතුන්, තිරිසන් සතුන්, අසුරයින්, මිථ්‍යදෘෂ්ටික මනුෂ්‍යයින් නිර්මාණය කරවයි. මැජික්‌ සංදර්ශනයේ දෝංකාරයයි, සමාජය තුළ වර්තමානයේ දකින්නට ලැබෙන්නේ. මෙවන් සංදර්ශන භූමි තුළ පිංවත් ඔබ කැමැත්තට හෝ අකැමැත්තට ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව සම්මා දිට්‌ඨියේ අර්ථයන් තමන් තුළිනුත්, අනුන් තුළිනුත් ශක්‌තිමත් කිරීම දෙසටම ගමන් කිරීමට දක්‍ෂ වෙන්න. සෑම අභියෝගයක්‌ හමුවේම පලා යැමෙන් තොරව, අකුසලයේ කටුක යථාර්ථය පිළිබඳව අර්ථයන්ම , විදර්ශනාමය දැක්‌මක්‌ම ජීවිතයට එකතුකොට ගන්න.

'මෙයා හොඳයි. මෙයා නරකයි' කියා ඔබ හඳුන්වන සියලු පාර්ශ්වයන් මාරයාගේ කාසියේ දෙපැත්ත බවම නුවණින් දකිමින් සම්මා දිට්‌ඨියේ අර්ථයන්ට මුල් තැන දෙමින් පිංවත් ඔබ, ධර්මය සුරැකීමට උත්සාහ කරන්නා ධර්මය තුළින් සුරක්‍ෂිත වෙනවාය කියන ස්‌වභාවයට ජීවිතය අතහරින්න. 

චිත්තානුපස්‌සනාව - 36 - ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ indrajith.media@gmail.com
http://www.divaina.com/2017/06/25/feature19.html

කාවන්තිස්‌ස රජු දුටුගැමුණු කුමරුට එළාර සමඟ යුද්ධයට යැමට අවසර නුදුන්නේ ඇයි?

මාගම රාජධානිය ඇරැඹෙනුයේ අනුරාධපුර සිට රුහුණට පලාගිය මහානාග යුව රජුගෙනි. මහානාගට පසු මාගම රජ වූයේ ගෝඨාභය රජුය. මේ පරපුරේ කාවන්තිස්‌ස රජු මාගම රජ කරන විට ලංකාවේ රජරට පාලකයා වූයේ එළාරයි. එළාරගේ රාජ්‍ය කාලය ක්‍රිස්‌තු පූර්ව 205 - 161 අතර විය. එළාර ධර්මිෂ්ඨව අනුරාධපුර පාලනය කළ බව කියන මහාවංශය ඔහුගේ ධාර්මික බව - අපක්‌ෂපාත බව දැක්‌වීමට ජනකතා කීපයක්‌ ද ඉදිරිපත් කරයි. ඔහු උතුරු ඉන්දියාවේ උජු ගෝත්‍රික රජකු බව "සිංහලයේ මහාරාජ වංශය - 1" ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. "අනුරපුර නටබුන්" ග්‍රන්ථයේදී කඹුරුපිටියේ වනරතන හිමි දක්‌වන පරිදි එළාරගේ මධ්‍යස්‌ථ බව ප්‍රධාන හේතුව ඔහු ජෛන භක්‌තියකු වීමයි. එළාර හා සමකාලීනව මාගම රජ කළ කාවන්තිස්‌ස රජුගේ රාජ්‍ය කාලය වංශකතා අනුව දක්‌වා නැත. මහාවංශය කියනුයේ ඔහු අවුරුදු 64 ක්‌ රජකළ බවයි. තරුණ ගැමුණු කුමරු එළාර හා සටනට යැමට පියරජුගෙන් තුන්වරක්‌ අවසර ඉල්ලුවත් කාවන්තිස්‌ස රජු එම අවසරය නොදෙයි. ඉන් කිපුණු ගැමුණු කුමරු පියරජුට ස්‌ත්‍රී පළඳනා යවයි. පිය රජු කුමරු ඇල්ලීමට සොයද්දී ඔහු කඳුරටට පලා එයි. පියරජුට කිපුණු බැවින් කුමරුට "දුටුගැමුණු" යන නම ලැබුණු බව "මහාවංශය" 24 පරිච්ඡේදයේ 6-7 ගාථා කියයි. එහෙත් ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය පළමු වෙළුම - පළමු කාණ්‌ඩයේ මහාචාර්ය දක්‌වන පරිදි දුටුගැමුණු යනු ධ්‍රැෂ්ට - නිර්භීත - බිය සැක නැති - යන අර්ථය මේ නමේ ගැබ් වී ඇත.

තරුණ ගැමුණු කුමරුට එළාර හා සටනට යැමට පියරජු අවසර නුදුන්නේ ගැමුණු කුමරුගේ හදිසි ප්‍රහාරයකින් මාගම රාජ්‍යය පැරදුණහොත් දීර්ඝ කාලයකට මාගම රාජ්‍යයේ එළාරට විරුද්ධව යුද සැලසුම් බිඳවැටිය හැකි බැවිනි. දීර්ඝ කාලීන මාගම යුද සැලසුම් තරුණ ගැමුණු කුමරුගේ හදිසි ආක්‍රමණයකින් බිඳවැටීමට ඇති ඉඩ ගැන දුරදක්‌නා නුවණක්‌ තිබූ කාවන්තිස්‌ස රජුට අවබෝධ විය. එළාරට විරුද්ධව මාගම පරපුරේ රජ පෙළපත පරම්පරා දෙක තුනක්‌ සකස්‌ කළ දීර්ඝකාලීන යුද සැලසුම් විය. ඒ යුද සැලසුම් මොනවාදැයි කෙටියෙන් පහත දැක්‌වෙයි. 

මාගම පරපුරේ එදා තරගකාරී රාජ්‍යයක්‌ වූයේ කතරගම දසබෑ රජ පරපුරයි. මාගම ගෝඨාභය රජු මාගම හා තරගකාරී කතරගම දසබෑ රජවරුන් මරා ඒ පව් ගෙවීමට මහවැලි ගඟෙන් එගොඩ මෙගොඩ විහාර පන්සීයක්‌ කරවා "ගෝඨාභය" නම් හිමිනමකට පිදූ බව "ධාතුවංශය" කියයි. බෝවත්තේගල ලෙන්ලිපිවල දසබෑ රජ පරපුර ගැන කියෑවෙයි. මේ අනුව මාගම ව්‍යාප්තියේ පළමු පියවර ගෝඨාභය රජු අරඹා ඇත.

එදා මාගම හා තරගකාරී තවත් රාජ්‍යයක්‌ වූයේ කැලණිය හා ගිරිනුවරයි. මේ රාජ්‍ය දෙක විවාහ ගනුදෙනු මඟින් ජයගැනීමට කාවන්තිස්‌ස රජු කටයුතු කළේය. "ධාතුවංශය" පරිදි කැලණියේ ශිව රජුගේ බෑණා වූ ගිරිනුවර ගිරිඅභය රජුට කාවන්තිස්‌ස රජු තම සොහොයුරිය වූ සෝමාදේවි විවාහ කර දුන්නේය. ඒ මඟින් කැලණිය හා ගිරිනුවර කාවන්තිස්‌ස රජුට නතු විය.

එදා මාගම හා තරගකාරීව සිටි කැලණියේ කැලණි රජ පරපුර ජයගැනීමට කාවන්තිස්‌ස රජු විවාහ ගනුදෙනුවක්‌ යොදාගත්තේ ය. රුහුණු රට හැඩඔය අසල කැලණි රජ පරපුර ආරම්භ කළේ අනුරාධපුර රජ කළ මුටසිව රජුගේ පුතෙකි. මේ රජුට 

"ආර්ය උත්තිය" නමින් සහෝදරයකු විය. කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවිය කාවන්තිස්‌ස රජු පාවා ගැනීමෙන් කැලණිය මාගමට පක්‌ෂපාතී විය. කාවන්තිස්‌ස - විහාරදේවි විවාහය දේශපාලනමය විවාහයකි. "සීහළ වත්ථුව" පරිදි මේ දෙදෙනා එකට වැඩී තරුණ කල විවාහ පත් විය. ගොඩබිම සිටි සතුරන් නිසා කැලණිතිස්‌ස රජු තම දූ වූ විහාරදේවිය මුහුදින් මාගමට යෑවීම වංශකතා ඇය මුහුදට බිලිදීමක්‌ ලෙස දක්‌වයි. "පාලි රසවාහිනී" කාකවණ්‌නතිස්‌ස වස්‌තුව අනුව කාවන්තිස්‌සට විහාරදේවිය පාවා දෙන විට ඇගේ වයස අවුරුදු දොළහකි.

මාගම රාජ්‍යයේ තවත් කුඩා තරගකාරී රාජ්‍ය කීපයක්‌ එදා විය. සේරුනුවර - ගිරිනුවර - ලෝණ නුවර ඒවාය. ධාතුවංශය - ලලාට ධාතු වංශය - සියම් රටේ ලියෑවුණු "ජිනකාලමාලි" ග්‍රන්ථ අනුව කාවන්තිස්‌ස රජු සේරුවිල දාගැබ කරවීමේ ආගමික මුහුණුවර මඟින් මේ කුඩා රාජ්‍යය තමාට නතුකර ගත් බව පෙනෙයි. සේරුවිල දාගැබ උත්සවයට සේරුනුවර ශිව රජු - ගිරිනුවර ගිරිඅභය රජු - කැලණියේ ශිව රජු - ලෝණනුවර මහානාග රජු ආ බව ධාතුවංශය ලලාට ධාතුවංශය - ජිනකාලමාලි විස්‌තර කරයි. ඒ මඟින් මාගම රාජ්‍යය එළාරගේ රාජ්‍ය මායිම දක්‌වා සේරුවිල දක්‌වා ව්‍යාප්ත වූ බව "නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය" ග්‍රන්ථයේ මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමි දක්‌වයි.

කැලණි රජ පරපුරේ කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවි විවාහකර ගැනීම මාගම රජ පරපුර ලැබූ විශාලම රාජ්‍ය ව්‍යාප්තියයි. එහෙත් විහාරදේවියගේ මව පිළිබඳ තොරතුරු අප්‍රකට බව "කාවන්තිස්‌ස රජතුමා හා විහාරදේවිය" ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. කොටා දැමූ හෙළ ලෙන් ලිපි දහහතරක "අභිසවෙර" නමින් දැක්‌වෙනුයේ විහාරදේවියයි. ඇගේ සහෝදරයකු වූ චුල්ල පිණ්‌ඩතිස්‌ස ථෙරනම ගැන ජිනකාලමාලි ග්‍රන්ථය කියයි.

කාවන්තිස්‌ස රජු හා එළාර අතර මායිමේ මහවැලි ගඟේ කසාතොට එදා ඉතා වැදගත් විය. කසාතොට රැකවලට කාවන්තිස්‌ස රජු තමාගේ වෙනත් බිසවකගේ පුතකුවූ දීඝාභය කුමරු යෙදවූ බව මහාවංශය හා සහස්‍රවත්ථුප්‍රකරණය කියයි. පාලි රසවාහිනී සුරනිමල වස්‌තුව අනුව මේ දීඝාභය කුමරු කසාතොට යොදුන් හයක්‌ අවටින් හමුදාව බඳවාගත් බව කියයි. එහෙත් පසුකල මේ දීඝාභය එළාර පිලට එකතුව සිටි බව වංශකතා කියයි. ඔහු තමාට නම්මා ගැනීම එළාරගේ දක්‌ෂකමක්‌ විය.

මහාවංශය - සහස්‌සවත්ථු - පාලි රසවාහිනී - පරිදි කාවන්තිස්‌ස රජුට යෝධයෝ දහදෙනෙක්‌ වූහ. මහාවංශය - නොසඳහන් දාඨාසේන මහානෙල යෝධයන් ගැන පාලි රසවාහිනියේ එයි. ජනප්‍රවාදවල ඔහුට සිටි බුලතා යෝධයා ගැන එයි. බුලතාගේ බිරිඳ ද යෝධ කාන්තාවකි. දසමහා යෝධයන් යටතේ කාවන්තිස්‌ස රජු යුද හමුදාව 1110 රැස්‌ කළ බව මහාවංශය - සහස්‌වත්ථු - පාලි රස වාහිනි කියයි (එළාරට විසිමහා යෝධයන් විය.)

එළාර හා සටනට රුහුණු රට කාවන්තිස්‌ස රජු ආයුධ නිෂ්පාදනය කළ අතර ඒවා කාවන්තිස්‌ස රජුගේ පෞද්ගලික නිරීක්‌ෂණයට පාත්‍ර වූ බව පාලි රසවාහිනියේ නන්දිමිත්‍ර - සුරනිමල - දාඨාසේන - කතාවස්‌තුවල කියෑවෙයි. කාවන්තිස්‌ස රජු මෙසේ එළාර සමඟ යුද්ධයට ක්‍රමානුකූලව සූදානම් වන අතරතුර තම බාල පුත් සද්ධාතිස්‌ස කුමරු දීඝවාපී ප්‍රදේශය රැකීමට හා එහි ගොවිතැන් දියුණු කොට යුද්ධය සඳහා ආහාර රැස්‌කිරීමට දීඝවාපියට යෑවූ බව මහාවංශය හා පාලි රසවාහිනී කියයි. මේ අතරතුර කාවන්තිස්‌ස රජු ආරක්‌ෂාව සඳහා තරුණ ගැමුණු කුමරු "දාවා" නම් හිතවත් සෙනෙවියා පිය තනතුරේ තබා ගැමුණු කුමරු ආරක්‌ෂාව සඳහා ගිරිරට ගිරිඅභය රජු වෙත යවා ඇත. ඒ ගැමුණු කුමරුට ආරක්‌ෂාව සඳහා ගත් පියවරක්‌ බව පෙනෙයි. කුඩුම්බිගල ලෙන් ලිපියක මේ දාවා ඇමැතිගේ නම සෙන්පති "ජුව" ලෙස සඳහන් වන බව මහාචාර්ය පරණවිතානගේ "ලංකාවේ බ්‍රාහ්මී ලෙන් ලිපි" ඉංග්‍රීසි ග්‍රන්ථයේ අංක 500 දරන ලෙන් ලිපියෙන් සඳහන් වෙයි. මේ පිළිබඳ සටහනක්‌ එල්ලාවල මේධානන්ද හිමිගේ "දුටුගැමුණු මහ රජතුමා" නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය" ග්‍රන්ථවල එයි. 

කලක්‌ යන විට ගිරිඅභය රජු හා ගැමුණු කුමරු අතර කුල ගැටුමක්‌ ඇරැඹුණු බව "ධාතුවංශය" කියයි. මෙය රජ පවුල් පිළිබඳ ගැටුමක්‌ විය. මේ ගැටුමට පසු ගිරිනුවර ගිරිඅභය රජු තම බිසව වූ සෝමාදේවිය සමඟ ගිරිරට අත්හැර සේරුනුවර ශිව රජු වෙත යයි. ධාතුවංශය විස්‌තර කරන තොරතුරු අනුව සෝමනුවර වෙරුගල් උතුරේ පිහිටා ඇති බව "දුටුගැමුණු මහ රජතුමා" ග්‍රන්ථය පෙන්වා දෙයි. ධාතුවංශය අනුව සේරුවිල දාගැබ කරවීමට පෙර කාවන්තිස්‌ස රජු ගැමුණු කුමරු ආපසු මාගමට කැඳවා අවශ්‍ය උපදෙස්‌ ලබාදී තිස්‌ස කුමරු - විහාරදේවිය සමඟ සේරුනුවර දාගැබ කරවීමට ගිය බව කියෑවෙයි.

මේ අනුව ගිරිරට සිට ආපසු මාගමට ගැමුණු කුමරු දාවා ඇමැති සමඟ කැඳවා මාගම රාජ්‍යය භාරදී කාවන්තිස්‌ස රජු සේරුනුවර දාගැබ කරවීමට ගිය බව ධාතුවංශය කීම වැදගත් සටහනකි.

කාවන්තිස්‌ස රජුගෙන් එළාර හා සටනට තුන්වරක්‌ අවසර ඉල්ලා පිය රජු අවසර නුදුන් විට කුමරු කඳුරටට පලායන්නේ මින් පසුවයි. පාලිරසවාහිනී කියනුයේ තරුණ ගැමුණු කුමරු මායා රට කොත්මලේට පලා ගිය බවයි. සියම් රට "ජිනකාලමාලී" ග්‍රන්ථය අනුව පියා හා ගැටී ගැමුණු කුමරු කඳුරටට පලා යන විට ඔහුගේ වයස අවුරුදු දහසයක්‌ විය. කුමරු අවුරුදු දොළහක්‌ "ගුත්තා" නමින් කොත්මලේ සැඟවී සිටි බව කොත්මලේ ජනප්‍රවාදවල එයි. ඒ කොත්මලේ කොටඟේපිටිය ගමේ "ඌරු පැළැස්‌ස" හෙවත් වීසුරු ගෙදරයි. "දුටුගැමුණු මහ රජතුමා" ග්‍රන්ථයේ එල්ලාවල මේධානන්ද හිමි කියනුයේ දාවා ඇමැති යටතේ කුමරු ගිරිරටට යෑවීම මෙන් තරුණ කුමරු කොත්මලේට පලා යැම ගැමුණු කුමරුගේ ආරක්‌ෂාවට පිය රජු ගත් පියවරක්‌ බවයි. එහෙත් කාවන්තිස්‌ස රජු මියයන විට කුමරු සිටියේ කඳුරට කොත්මලේය. පිය රජු මළ පසු කුමරු කොත්මලේ සිට මාගමට පැමිණි බව පාලි රසවාහිනී වස්‌තුව කියයි. පාලි සහස්‌සවත්ථුවේ "දුට්‌ඨ ගාමිණී" කතාවේ දුටුගැමුණු කුමරු ථෙරපුත්තාභය යෝධයා සමඟ මහා මලය රට පාලත්ථ සතුරා පරදවා උයනක්‌ හා රජමැඳුරක්‌ කළ බව කියයි. මෙය කොත්මලේට පලා යැමට පෙර සිදුවූවක්‌ ද නැත්නම් පසුව සිදුවූවක්‌ දැයි පැහැදිලි මදිය.

එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/06/25/feature12.html

Pic Source

සිරිමා මැතිනියගේ දේශසීමා ගැටය මෝඩි ලිහයි ද?

ලංකාවත් ඉන්දියාවත් යා කිරීමට දුම්රිය මාර්ගයක්‌ ඉඳි කිරීමට 2007 වර්ෂයේ නිකුත් කරන ලද රජයේ භෞතික සැලැස්‌ම මගින් යෝජනා කර තිබේ. 2004 අප්‍රේල් 26 දින හිටපු විදේශ ඇමැති ලක්‌ෂමන් කදිරගාමර් මහතා විසින් අත්සන් කරන ලද ආසියානු අධිවේග මාර්ග පිළිබඳ ජගත් ගිවිසුම අනුව මෙරට තැනෙන අධිවේග මාර්ග අවසාන වශයෙන් තලේ මන්නාරම හරහා ඉන්දියාවට සම්බන්ධ වෙයි. ගෝලීය ධනවාදයේ අඬුපඬු ආසියානු කලාපයේ සියලුම රටවල් හරහා දිගු කර ගැනීමට මේ සැලැස්‌ම බලවත් සේ උපකාරී වනු ඇත. මෙම ගිවිසුම්වලින් ලංකාවට අත්වන ප්‍රතිලාභ කෙසේ නමුත් ජගත් කෙළිබිමක්‌ බවට ලංකාව පත් කිරීම එහි අවසාන අරමුණයි. වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සිය දේශපාලන හස්‌තය ලංකාවට දිගු කරමින් තිබෙන්නේ මෙම ගිවිසුම් මගින් ඇති කළ පසුබිම ප්‍රයෝජනයට ගැනීමෙනි. ඉන්දියානු පුරවැසියනට නිදහසේ ලංකාවට පැමිණීමට හැකි පරිද්දෙන් සහ වතු දෙමළ ප්‍රජාව අතරට ඉන්දියානු දේශපාලනය රිංගා යැවීම පිණිස ද ඔවුන්ගේ මෙම සැලැස්‌ම දියත් වේ.

ලංකාව ස්‌වාධීන රටකි. ප්‍රාග් ඓතිහාසික යුගයේදී ඉන්දියාවත් ලංකාවත් අතර තිබූ භූගෝලීය සබඳතාවය දැන් නැත. පැරණි දඹදිව ශාක්‍ය ජනපදවලින් පැමිණි කුමාරවරුන් විසින් ලංකාවේ රාජ්‍යත්වය සහ බලය අත්පත් කරගත් නමුත් ඉන්දියාවට පරිබාහිර වූ ස්‌වාධීන දේශපාලනයක්‌ ගොඩනඟා ගැනීමට මෙරට ස්‌වදේශිකයන් දැක්‌වූ කැමැත්ත විශේෂ වෙයි. එම නිසා යුග ගණනක්‌ ඉතිසාහස තුළ සිංහලයන් වශයෙන් විවිධ ඉන්දියානු ආක්‍රමණයන්ට එරෙහිව සිය ස්‌වාධීනත්වය උදෙසා සටන් වැදී තිබේ. පසුගිය සන්ධාන රජය විසින් යෝජනා කරනු ලැබූ ඉහතකී භෞතික සැලැස්‌ම මගින් මේ ස්‌වාධීනත්වය අහිමි කිරීමට පිඹුරු පත් සාදා ඇත. රජයේ භෞතික සැලැසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල්ව සිටි 


ඡේ. එම්. එල්. ජයසේකර මහතා මෙම සැලැස්‌ම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි බව කියෑවෙයි. වර්ෂ 2000 අංක 49 දරණ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනතේ 5ඒ (බී) වගන්තිය අනුව ද එකී පනතෙහි 4බී(සී) වගන්තිය ප්‍රකාරවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාව විසින් 2011-01-03 දින මෙම සැලැස්‌ම අනුමත කර ඇත. ඉන්දියාවත් ලංකාවත් යා කරනු ලබන පාලමක්‌ සෑදීමට අවශ්‍ය පසුබිම මෙහි නිර්මාණය වෙයි. එවිට දේශසීමා සහ තම තම අනන්‍යතාවයන් ගෙන් යුක්‌ත අයිතිවාසිකම් භුක්‌ති විඳීමට සිදු වන්නේ එකිනෙකා කෙරෙහි බල පවත්වන බලය පාදක කොට ගෙනය.

1974 වර්ෂයේ ජූනි මස 16 වැනි දින ලංකාවේ අග්‍රාමාත්‍ය ව සිටි සිරිමා බණ්‌ඩාරනායක මහත්මියත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ව සිටි ඉන්දිරා ගාන්ධි මැතිනියත් දේශසීමා ගිවිසුමක්‌ අත්සන් කළහ. මෙම ගිවිසුම 1974 වර්ෂයෙහි ජූනි මස 23 දින ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළහ. එය ඉදිරිපත් කරමින් සිරිමා මැතිනිය කළ කතාව මෙහිදී සිහිපත් කිරීම වටී. ඒ මන්ද ලංකාවේ ස්‌වාධීනත්වය උදෙසා ඉතා අසීරුවෙන් සහ කැපවීමෙන් කළ මෙහෙය අද දින බොහෝ දෙනකුට අමතකව ගොස්‌ ඇති බැවිනි. සිරිමා මැතිනියගේ කතාවේ කොටස්‌ කීපයක්‌ මෙලෙසය.

'ගරු කථානායක තුමනි. පෝක්‌ සමුද්‍ර සන්ධියෙහි සිට ආදම්ගේ පාලම දක්‌වා ඇති මුහුදු තීරයේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර මුහුදු මායිම් සළකුණු කර ගැනීම සම්බන්ධයෙන් මා හා ඉන්දියානු අගමැතිනිය අතර ඇති කරගත් ගිවිසුම අද මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන මා ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ ගිවිසුම පසුගිය ජූනි මාසේ 16 වෙනිදා අත්සන් කිරීමෙන් පසුව අප දෙරටේ ආණ්‌ඩු විසින් ස්‌ථිර කර ඇති අතර එය ජූලි මස 8 වනදා සිට වලංගු වී ක්‍රියාත්මකව පවතිනවා. මේ ගිවිසුමෙන් අප රටත් අපේ අසල් වාසී රටත් අතර මුහුදු මායිම නිත්‍ය වශයෙන්ම සළකුණු වනවා පමණක්‌ නොවෙයි. මේ ගිවිසුම නිසා අපේ රටත් ඉන්දියාවත් අතර සම්බන්ධතාවයන් පිළිබඳ අලුත් පරිච්ඡේදයක්‌ ආරම්භ කරනවා. ඇත්ත වශයෙන්ම අපේ රටවල් දෙක අතර අෙන්‍යාන්‍ය සම්බන්ධතා පිළිබඳ ඉතිහාස ගතවන වැදගත් කරුණක්‌ ලෙස මේ ගිවිසුම පිළිගත යුතු වෙනවා.'



රාජ්‍ය සභා ගත කරන ලද ගිවිසුමෙහි වගන්ති අටක්‌ අන්තර්ගතව ඇත. එයින් කීපයක මෙසේ සඳහන්ය. 'ශ්‍රී ලංකා ජන රජය සහ ඉන්දියානු සමූහආණ්‌ඩුව දෙපාර්ශවයටම සාධාරණ වූත් යුක්‌තිසහගත වූත් ආකාරයකින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඓතිහාසික මුහුදු තීරයේ මායිම් නිශ්චය කිරීමේ සහ ඊට අදාළ කරුණු නිරාකරණය කිරීමේ අභිලාශයෙන් මුළු ප්‍රශ්නයම සෑම අංශයකින් පරීක්‌ෂා කර ඒ පිළිබඳ ඓතිහාසික හා වෙනත් සාධක ද එහි නීතිමය මුහුණුවර ද සැලකිල්ලට ගැනීමෙන් පසු පහත සඳහන් පරිදි ගිවිස ගෙන ඇත්තාහ.

1- පෝක්‌ සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාලම දක්‌වා වූ මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මායිම් පහත දක්‌වා ඇති අනු පිළිවෙළ අනුව පහත සඳහන් අක්‌ෂාංශයන් හා දේශාංශයෙන් නිරූපිත පිහිටීම් අතර වූ මහා වෘත්ත චාප වන්නේය.

2- 1 වන වගන්තියෙහි සඳහන් කර ඇති පිහිටීම්වල ඛණ්‌ඩාංක වන අතර ඒවා සම්බන්ධ කරන සෘජු රේඛා උභය ආණ්‌ඩු වල බලය ලත් මිනුම්දෝරුවන් විසින් පිළිවෙළින් අත්සන් කරනු ලැබ මීට අමුණා ඇති ප්‍රස්‌ථාරයෙහි පෙන්වා දී ඇත්තේය.

3 - ඉහත සඳහන් කරන ලද පිහිටීම් මුහුදෙහි හා මුහුදු පත්ලෙහි නියත වශයෙන්ම තිබිය යුතු තැන උභය ආණ්‌ඩු විසින් ඒ කාර්යය සඳහා පිළිවෙලින් බලය දෙනු ලබන මිනුම්දෝරුවන් විසින් එකඟ විය යුතු වන ක්‍රමයක්‌ අනුව නිශ්චය කරනු ලැබේ.

4 - ඉහත සඳහන් මායිමෙන් තම පැත්තට අයත් වන මුහුදු තීරය දූපත් මහාද්වීපික තටාකය හා ඒවායෙහි යටිපස විෂයෙහි පරමාධිපත්‍ය හා පරම අධිකරණ බලය හා පාලනය එක්‌ එක්‌ රට කෙරෙහි වන්නේය.

5 - ඉහත සඳහන් වගන්ති වලට යටත්ව ඉන්දියානු ධීවරයන්ට හා වන්දනා කරුවන්ට මින් පෙර මෙන් කච්චදූවට පිවිසීමට ඉඩ ලැබෙන අතර ඒ කාර්යයන් සඳහා ගමන් බලපත්‍ර හෝ වීසා බලපත්‍ර ලබා ගත යුතු යයි ශ්‍රී ලංකාව විසින් ඔවුන්ට නියම නොකරනු ඇත.

6 - එක්‌ එක්‌ රටට අයත් මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ යාත්‍රා මෙතෙක්‌ සාම්ප්‍රදායිකව භුක්‌ති විඳගෙන එමින් පැවති අයිතිවාසිකම් ඉදිරියටත් බුක්‌ති විඳිනු ඇත.

මෙම ගිවිසුමෙහි පවතින වැදගත්ම වගන්තිය වන්නේ සතරවන වගන්තියයි. එයින් ගම්‍ය වන්නේ එක්‌ එක්‌ රටවල ස්‌වාධීනත්වය දෙපාර්ශවය විසින් පිළිගෙන ඇති ආකාරයයි. එසේම ඉන්දියානු ධීවරයන් සහ ලංකාවේ ධීවරයන් සාම්ප්‍රදායිකව කුඩා යාත්‍රා මගින් දෙරටේ මුහුදු තීරයෙහි මසුන් මැරීමේ නියුතුව සිටියහ. එම කටයුතු මෙහිදී පිළිගෙන තිබේ. සිරිමා බණ්‌ඩාරනායක මැතිනිය අප රටට වාසි වන පරිද්දෙන් කච්චදූව පිළිබඳ ප්‍රශ්නය ද මෙහිදී විසඳා ගෙන තිබේ. සාමාන්‍යයෙන් අප රටට අයත් මුහුදු සීමාව තුළ තිබෙන ඛනිජ සම්පත් අති විශාලය. එසේම දකුණු දිග මුහුදු තීරයෙහි ද වපසරිය අති විශාල බැවින් ලංකාව රටක්‌ වශයෙන් සිය ස්‌වාධීනත්වයට මෙන්ම වත් පොහොසත් කමටද පසුබිම මෙම ගිවිසුමෙන් සකස්‌ කර ගෙන ඇත. නමුත් අවාසනාවකට මෙන්ම සිරිමා මැතිනිය විසින් අවංකව රටට ඇති ලෙන්ගතු කමින් කළ මේ දූරදර්ශී ක්‍රියාව බාල්දු කොට යටපත් කිරීමට පසුව පත්වූ  ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජාතික පක්‌ෂය කටයුතු කර තිබේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට රටේ ස්‌වාධීනත්වය අහිමි කරගන්නට කටයුතු කර තිබේ. එසේම ලංකාවට වාසිදායක අයුරින් විසඳා ගන්නට තිබූ ඉන්දියානු පුරවැසියන් පිළිබඳ ගැටලුවද බල ලෝභය නිසා සම්පූර්ණයෙන්ම අවුල් කර තිබේ. වර්තමානය වන විට ලංකාව බෙලහීන රාජ්‍යයක්‌ බවට පත් වී තිබෙන්නේ මේ හේතුවෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දිගු කලක්‌ පැවති යුද්ධය නිමා කළා සේම සිරිමා මැතිනිය ගත් මඟ ගත්තේ නම් රටේ ස්‌වාධීනත්වය ට නව මාවතක්‌ විවර කරගන්නට ඉඩ හසර තිබුණි. අවාසනාවකට ඔහු ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ රිගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියයි. ඒ මත රජයේ භෞතික සැලසුම් සකස්‌ ව තිබෙන බව පැහැදිලිය. නීතිමය තර්ක සහ සාධාරණත්වය අතින් ගත් කල්හි ඉන්දියාවත් ලංකාවත් අතර තිබෙන පෙර ගිවිසුම් වඩා බලවත්ය. එවිට ඉන්දු ලංකා ගිවිසුම අවලංගු වේ. එලෙසම ලංකාවේ ස්‌වාධීනත්වය අහිමි කරන එක්‌ටා වැනි ආර්ථික ගිවිසුම්වලටද පිවිසිය නොහැකිය. ඉන්දියාව ඉතා ඉක්‌මනින් තව දුරටත් ලංකාවට අත පෙවීමට පළමුව මේ ගිවිසුම් වල ස්‌වභාවය පිළිබඳව පාර්ලිමේන්තු කතා බහක්‌ ඇති විය යුතුය. සිය අතීත වැරැදි අත් හැරීමට මහින්ද රාජපක්‌ෂ මහතා අවංකව කටයුතු කරන්නේ නම් ඔහු මත තිබෙන ජන බලය මෙම ගිවිසුම් වෙනස්‌ කරලීමට යෙදවිය හැකිය.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2017/06/25/feature26.html

Sunday, June 25, 2017

අස්‌ගිරි මතය: බොදු ජාතික සටන!

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පිළිබඳ ලිපියක්‌ පසුගියදා නවදිල්ලියේ පිහිටි ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයටද ලැබී තිබිණි. මේ ලිපිය ඉදිරිපත් කර තිබුණේ හින්දු මහ සභාව මගිනි. එහි සභාපති යෝගී බ්‍රහ්මදර්ශී ඉල්ලා සිටින්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වැළැක්‌වීම සඳහා ඉන්දීය රජය මැදිහත් විය යුතු බවයි. මුස්‌ලිම් අන්තවාදයට මෙන්ම ක්‍රිස්‌තියානි ව්‍යාප්තවාදයට එරෙහිව කටයුතු කරන ඥානසාර හිමියන් ආරක්‍ෂා කිරීම සඳහා මැදිහත් වන්නැයි යෝගී බ්‍රහ්මදර්ශී ඉන්දීය ස්‌වදේශ කටයුතු රාජ්‍ය ඇමැති කිරන් රිඡ්ජු වෙත යොමුකර තිබූ මේ ලිපිය මගින් අනාවරණය කර තිබිණි. ලංකාවේ ඇතිව තිබෙන ප්‍රශ්නය දිල්ලි ආණ්‌ඩුව දක්‌වා දුරදිග ගොස්‌ තිබේ. මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව මෙරට හින්දුන් හා බෞද්ධයන් අතර යම් එකඟතාවක්‌ ඇතිවිය යුතු බව නම් පැහැදිලි කරුණකි.

කවරක්‌ නමුත් අප වැඩියෙන්ම අවධානය යොමුකළ යුතු වන්නේ ඉන්දීය හින්දු මහ සභාවේ ලිපියට වඩා අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව මෙරට බෞද්ධයන් හා මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිරිපත් කළ ඉතා වැදගත් ලියවිල්ල පිළිබඳවය. මේ ලියවිල්ල නිසා යහපාලන ආණ්‌ඩුවත් යම් තැති ගැනීමකට ලක්‌වූ අතර ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අධිකරණයට ඉදිරිපත් වීම සඳහා සුදුසු වාතාවරණය සැකසුනේද මේ අස්‌ගිරි නිවේදනය නිසාය.

ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධව කිසිම පියවරක්‌ නොගන්නා ආණ්‌ඩුව ඊට ප්‍රතිචාර දක්‌වන භික්‍ෂූන් වහන්සේ නිහඬ කිරීම සඳහා දරන උත්සාහය පිළිබඳව බලවත් අප්‍රසාදය පළකරන බව පසුගිය අඟහරුවාදා පස්‌වරුවේ නිකුත් වූ අස්‌ගිරි ප්‍රකාශයේ දැක්‌විණි. සහජීවනය වෙනුවෙන් බෞද්ධයාව නිග්‍රහයට ලක්‌වන තත්ත්වයත් බෞද්ධ භික්‍ෂූන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරවල ගාල් කිරීමේ වටපිටාවක්‌ නිර්මාණය වීම නිසාම තවදුරටත් නිහඬව සිටීමට අස්‌ගිරි විහාරයට නොහැකි විය. මේ හඬ අවදිකිරීම මෙරට බෞද්ධයන්ට පමණක්‌ නොව සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ටම වැදගත් පණිවුඩයක්‌ ලබාදෙයි. විශේෂයෙන් බුරුම ආණ්‌ඩුවේ බලපෑම මත එරට ප්‍රධානතම සංඝනායක කමිටුව අශ්වින් විරාතු හිමියන්ගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය (මා බාචා) තහනම් කිරීමට කටයුතු කළ බව අප අමතක කළ යුතු නැත. පුරා වසරක්‌ යනතුරු අශ්වින් විරාතු හිමියන්ට බණ කීමද තහනම් කර ඇත. බුරුම මහානායක හිමිවරු අශ්වින් විරාතු හිමියන් වෙනුවෙන් පෙනී නොසිටියද අස්‌ගිරි පාර්ශ්වය බොදුබල සේනාව ප්‍රමුඛ බෞද්ධ සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම සැබවින්ම අගය කළ යුතුය. ඒ වෙනුවෙන් අස්‌ගිරි සංඝ සභාවට නමස්‌කාර පූර්ව ස්‌තුතියද පළ කළ යුතුය.

බෞද්ධයන්ට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව වඩාත් සාධාරණ මැදිහත්වීමක්‌ සිදු නොවූ බව ප්‍රකට සත්‍යයකි. එම සාධාරණ මැදිහත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුකිරීමට අස්‌ගිරි ප්‍රකාශය කෙසේ ඉවහල් වෙයිද? අස්‌ගිරි මහා විහාරය පවසන්නේ ගලගොඩඅත්තේ ඥනසාර භික්‍ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව අනුමත නොකළද උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බවයි. මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි. බොදුබල සේනා සංවිධානය රට හමුවේ තබන අන්‍යාගමික ආක්‍රමණය මුස්‌ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ කටුක සත්‍යය මහ නාහිමිවරුන් ද අවබෝධ කරගෙන ඇති සෙයකි.

සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් නිරන්තරව සිංහල බෞද්ධයා කොටු කිරීමට හෝ බෞද්ධ සංස්‌කෘතිය දියකර හැරීමට ඉඩදිය යුතු නැත.

අලුතින් නීති පනවා හෝ ආගමික සංහිඳියාව ඇති කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම රජය අලුතින් නීති පැනවීමට සූදානම් වූවේ කවර බලවේග මර්දනය කිරීමටද? අසාද් සාලි බැඳ දැමීමටද? එසේත් නැතිනම් බදුර්දීන් නැවැත්වීමටද? නැත. බෞද්ධ ජාතිකවාදී සංවිධාන මර්දනය කිරීම සඳහාය. නමුත් මේ ඊනියා අලුත් නීති ගැන අස්‌ගිරි නිවේදනය නිසි පිළිතුරු ලබාදී තිබිණි.

යුරෝපයේ සුදු ක්‍රිස්‌තියානීන්ට එරෙහිව මුස්‌ලිම් අන්තවාදය යුද ප්‍රකාශ කර ඇත. නිරන්තරව යුරෝපයේ ත්‍රස්‌ත ක්‍රියා සිදුවේ. ඉකුත් බදාදා දිනයේද බ්‍රසල්ස්‌ නුවර මරාගෙන මැරෙන බෝම්බකරුවකුට වෙඩි තබා මරා දමන ලදී. ලොව පුරා ආගමික ගැටුම් උග්‍ර වෙද්දී මෙරට බෞද්ධයන්ටද යම් අනාරක්‍ෂිතභාවයක්‌ දැනීම වැළැක්‌විය නොහැක. ඇත්තෙන්ම වසර තිහක ත්‍රස්‌තවාදී යුද්ධයකින් බැට කෑ අපට තවත් ආගමික ගැටුම් අවශ්‍ය නැත. නමුත් බෞද්ධයාගේ සහනශීලීත්වය මත පුරාවිද්‍යා නටඹුන් මත ජනාවාස ඇතිකිරීමට උත්සාහ දරන පුද්ගලයන්ට එරෙහි විය යුතු නොවේද?

ආගමික ප්‍රචණ්‌ඩත්වය පැතිරවීම වරදක්‌ නමුත් නැගෙනහිර බෞද්ධ උරුමය වෙනුවෙන් සටන් කිරීම කිසිවකුට බැහැර කළ නොහැකිය. ජාතික සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් ඉඩම් කොල්ලය ගැන නිහඬ විය නොහැක. එම නිසා මේ අවස්‌ථාවේදී රජය කළ යුත්තේ කවරක්‌ද? මේ නිහඬ බහුතරයේ ප්‍රශ්න ගැන සාවධානව කන්දීමය. එසේ නොවී රෙක්‌සින් කඩ දෙකකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර ගැන සෙවීමෙන් ආගමික සහජීවනය ඇතිකළ නොහැකිය. අස්‌ගිරි පාර්ශ්වය මෙන්ම සෙසු නිකායන්ද පොදු බෞද්ධ මතයකට පැමිණ එක්‌ව හඬ නැඟීම දවසේ කාර්යභාරය බව සටහන් කළ යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2017/06/25/feature35.html


සබැඳි ලිපි -
[
බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි! රට, දැය, සමය වෙනුවෙන් චීවරයේ කාහල අස්‌ගිරි නාදය රැව් දෙයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/06/blog-post_21.html
]

සබැඳි ලිපි -

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

මතු පරපුර වෙනුවෙන් දිවි දුන් ත්‍රීමා ඇතුළු සිසු විරුවෝ!

පේරාදෙණිය සහ කොළඹ වෛද්‍ය පීඨයන්හි සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස පත්වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදීය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය (අන්තරේ) සහාය නොමැතිව වෛද්‍ය සිසුන් හුදකලා වූහ. පසුව අන්තරේ සමඟ එක්‌වී අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ස්‌ථාපිත කර අන්තරේ සමඟ එක්‌වී වැඩ කිරීමට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරියෝ කටයුතු කළේය.


<--- ඝාතනයට ලක්‌වූ කොළඹ සරසවියේ වෛද්‍ය සිසුන් 9 දෙනා. ඉහළ වමේ සිට මාරවිල වෙනුර වර්ධිත එදිරිසිංහ, ගම්පහ වතුරගම සරත් කොල්ලුරේ, පන්නිපිටියේ අතුල සේනාරත්න, මැද වමේ සිට පන්නිපිටියේ සිසිර කීර්ති ජයවර්ධන, අම්බලන්ගොඩ කහව පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක ද සිල්වා, පහළ වමේ සිට මහරගම ඇරැව්වල නිශාන්ත සම්පත් එදිරිවික්‍රම, ගාල්ලේ වසන්ත කුමාර කුලතුංග, ලීල් සමරනායක.

වෙද සිසු අරගලය හරහා වෙද සිසුන් 20 කට පමණ 1987 සිටම පක්‌ෂයේ කොක්‌ක ගැසීමට ජවිපෙ සමත්වූ අතර තවත් වෙද සිසුන් 200 කට ආසන්න පිරිසක්‌ අන්තරේට ඉතා හිතවාදීව කටයුතු කළහ. එජාප රජයට එරෙහිව 1988 මාර්තු 07 තීරණාත්මක සටනකට යොමුවීමට ජවිපෙ තීරණය කළ අතර අන්තරේ බල කඳවුර බවට එම කාලයේදී කොළඹ වෛද්‍ය පීඨය පත්ව තිබිණි.


<--- ප්‍රා. සංවිධානය මඟින් 1989 ජූලි 7 ඝාතනය කළ මානව හිමිකම් නීතිඥ චරිත ලංකාපුරගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ තබා තිබූ අවස්‌ථාවේදී එයට අවසන් ගෞරව දක්‌වන ඔහුගේ ගැබිනි බිරිඳ චිත්‍රා සහ ඥාතීන්

කේරි විද්‍යාලයට යාබද කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් නේවාසිකාගාරය අන්තරේ ක්‍රියාකාරිකයන්ගේ තාවකාලික නවාතැනක්‌ සහ පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් හැඳින්වූවාට වරදක්‌ නැත. එහි පළමු මහලේ වෙනුර, හේමන්ත, ත්‍රීමාවිතාන ඇතුළු කිහිපදෙනෙක්‌ම සිටි අතර එහි කාමර තුන හතරක අන්තරේ සහ ජවිපෙ ඕනෑම අයකුට විවෘත විය.

<-- ඝාතනය වූ වෛද්‍ය සිසුන් නැවතී සිටි පුංචි බොරැල්ලේ බ්ලොම් නේවාසිකාගාරය

බ්ලොම්හි බහුතර ශිෂ්‍යයන් ද ආගන්තුකයන්ට හැකි අයුරින් සැලකූහ. හදිසි අවස්‌ථාවකදී හමුවූ එවැනි තවත් ස්‌ථානයක්‌ වූයේ මානව හිමිකම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්‌ වූ නීති ශිෂ්‍ය ගැමුණු යසස්‌ සෙනෙවිරත්න සිටි රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට්‌ ඉන් නීති ශිෂ්‍ය නේවාසිකාගාරයයි.

වෙද සිසු හඬ පුවත්පත 1987 සැප්තැම්බර් මස ඇරඹූ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනමතයක්‌ රට තුළ ගොඩනැඟීම එහි අරමුණ විය. වෙද සිසු හඬ පුවත්පත සකස්‌ කිරීමට දායක වූ වෙද සිසුන් කිහිපදෙනකුට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඉල්ලීම අනුව ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහ සහ මෙම ලේඛකයා එක්‌වී දින කිහිපයක මාධ්‍ය පුහුණුවක්‌ ලබාදීමට ද කටයුතු කළේය. පිටු 12 කින් යුත් වෙද සිසු හඬ පුවත්පත මුද්‍රණය කළේ බංගලා හන්දියේ සහ පාගොඩ මුද්‍රණාලයන්හිදීය.

පෞද්ගලික වෙද විදුහලට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සිසු කම්කරු ඒකාබද්ධ විරෝධතා රැස්‌වීම් කළුතර සහ මීගමුව පුරහල, මහනුවර බේක්‌හවුස්‌ සහ කොළඹ නව නගර ශාලාව ඇතුළු ස්‌ථාන 13 කදී පැවැත්වූ අතර ඉන් ගණනාවකට ලේඛකයා සහභාගි විය. ගම්පහ වයි. එම්. බී. ඒ. ශාලාවේදී රැස්‌වීම අවසානයේ අස්‌ගිරියේ නිවසකට රැස්‌වී රාත්‍රි පැවැත්වූ සුහද හමුව තවමත් මතකයෙන් බැහැර නොවේ. වෙනුර, කොල්ලුරේ, වසන්ත, අතුල, සුගත් සමඟ අසල්වැසියකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කරුණාදාස සූරියආරච්චි ද එයට එක්‌වී සිටියේය.

වෙද සිසු සටනට ආධාර ලබාගැනීමට සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍යය වෛද්‍ය පීඨ ශාලාවේදී වේදිකාගත කළේ ද එකලය. එමඟින් ලක්‌ෂ 5 ක පමණ ලාභයක්‌ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට ලබාගත හැකි විය. නාට්‍යය අවසානයේදී එළිවන තෙක්‌ පැවති සාදයේදී සුගත් අයියා සමඟ මරාසාද් දෙබස්‌ කණ්‌ඩ වෙද සිසුහූ ප්‍රතිරාවය කරමින් සතුටු වූහ. සුගත් අයියා සමඟ බිරිඳ ශිලා අක්‌කා එහි බොහෝ වේලාවක්‌ රැඳී සිටියේ ඔවුන් දිරිමත් කිරීමට මෙනි.

ත්‍රීමාවිතානගේ දේහය කොළඹ සරසවියේ තිබූ කාලය තුළ ලක්‌ෂයකට අධික පිරිසක්‌ අවසන් ගෞරව දැක්‌වීමට පැමිණියහ. එවිට වෛද්‍ය පීඨය දිස්‌ වූයේ සටන් බිමක්‌ ලෙසය. නීතිඥ චරිත ලංකාපුර 1989 ජූලි 07 ඝාතනය වූ අවස්‌ථාවේදී ඔහුගේ දේහය ද අවසන් ගෞරවය සඳහා වෛද්‍ය විද්‍යාලයට ගෙන ආව ද පසුදා පස්‌වරු 2.10 ට ආරක්‌ෂක හමුදා මෙහෙයුමකින් දේහය යළි පවුලේ ඥාතින්ට භාර දෙන ලදී. එම අවස්‌ථාවේදී විපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ දිනේෂ් ගුණවර්ධන, කළුතර තිලක්‌ කරුණාරත්න, අනුරාධපුර ජනක අධිකාරි යන අය ද එහි සිටියේය.

ඝාතනයට ලක්‌වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් 09 දෙනා පිළිබඳ විස්‌තර මෙසේය.

වෙනුර වර්ධිත එදිරිසිංහ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ මාරවිල, මදුරන්කුලියේ පදිංචිකරුවෙකි. උපන්නේ 1966 සැප්තැම්බර් 08 ය. තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල සොහොයුරෙක්‌ සහ සොහොයුරියකි. පියා වූ දොම්පෙ තිලකරත්න එදිරිසිංහ ආයුර්වේද වෛද්‍යවරයෙකි. මව ඥානවතීය. මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මීගමුවේදී මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ කණ්‌ඩායමෙන් ඉහළම ලකුණු ලබාගත්තේ ද උසස්‌ පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමුවැනි වූයේ ද වෙනුරය. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකයාය. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්‌වා කටයුතු කරන ලදී. 1989 මැයි සිට මියයන තෙක්‌ම ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේය. බම්බලපිටියේදී පැහැරගෙන ගොස්‌ 1989 සැප්තැම්බර් 21 ඝාතනය ලක්‌විය.

ගම්පහ, වතුරේගම පදිංචි සරත් කොල්ලුරේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චතුර කථිකයෙකි. දක්‌ෂ සංවිධායකයෙකි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවට පත් වූයේ නිලවරණයෙන් සියයට 85 ක්‌ ඡන්ද ලබාගනිමිනි. ත්‍රීමාගේ දේහය වෛද්‍ය පීඨයට ගෙන ඒම සඳහා නායකත්වය දුන්නේ ඔහුය. එම ස්‌ථානයට පැමිණි ආරක්‌ෂක අංශ ප්‍රධානියකු වන මේජර් විජය විමලරත්න සමඟ වාග් සංග්‍රාමයක ද ඔහු පැටලුනේය. වරෙක සරත්ගේ මව ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගෙන සරත්ට භාරවන ලෙසට ආරක්‌ෂක හමුදා දැනුම්දීමක්‌ කර තිබිණි. අන්තරේ මාතලේ දිසා ලේකම් වශයෙන් සිටියදී 1989 නොවැම්බර් 02 මාතලේ, වෑවලදී වෙඩිතබා ඝාතනය කරන ලදී. සරත්ගේ එකල පෙම්වතිය ද වූයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ එක්‌ සොහොයුරකු වූයේ යුධ හමුදා මේජර්වරයකි.

කොළඹ වෛද්‍ය පීඨයේ 83/84 කණ්‌ඩායමේ ශිෂ්‍යයකු වූ අතුල සේනාරත්න පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 5 ශිෂ්‍යත්වය සමත්වී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සාලිය සහ පණ්‌ඩිතරත්න නමින්ද ඔහු හැඳින්විය. සොයුරු සොහොයුරියන් සිවුදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ අතුල 1962 මාර්තු 18 වැනිදා උපන්නේය. කොළඹ ගෝතමී විදුහලේ ගුරුවරියක වූ මව විමලා වූ අතර පියා දරුවන් කුඩා කාලයේදීම මවගෙන් වෙන්වී තිබිණි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය (අන්තරේ) කැඳවුම්කරු වශයෙන් 1990 ජනවාරි සිට 1990 මාර්තු දක්‌වා ද 1990 මැයි සිට 1990 අගෝස්‌තු දක්‌වා ද ඔහු කටයුතු කළේය. වෙද සිසුහඬ පුවත්පතේ සංස්‌කාරකවරයෙකි. වසර 1990 මාර්තු මස අතුල අත්අඩංගුවට පත්වූව ද 1990 අප්‍රේල් මස යළිත් පලා ඒමට සමත් විය. මේඝය නැමති ඡායා පිටපත් කරන ලද ප්‍රකාශනය මඟින් බිඳී තිබූ බොහෝ සබඳතා අලුත් කිරීමට අතුල සමත් විය. කැරැල්ලේ පරාජයෙන් පසු අන්තරේ වෙනුවෙන් පුවත්පත් නිවේදන නිකුත් කළේය. කහ උණ සෑදී සිටියදී පවා සම්බන්ධීකරණ රැස්‌වීමක්‌ සඳහා පැමිණි විට පාවාදීමක්‌ මත අතුල යළිත් බොරැල්ලේදී 1990 අගෝස්‌තු 12 අත්අඩංගුවට පත්විය. දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුවියකු වූ ඔහුගේ පෙම්වතිය එහිදී පලායැමට සමත්විය. අත්අඩංගුවට ගත් අතුල සේනාරත්න ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරීන්ගේ පොලිස්‌ බැරැක්‌කයක පිහිටි වධකාගාරයට ගෙනආ අතර එයට පෙර ඔහු පැන යැමට සමත්වූයේ ද මෙම වධකාගාරයෙනි. දෑතට සහ දෙපයට මාංචු දමා එම වධකාගාරයේ සිටි පිරිස 9 දෙනෙකි. ඒ අතර කොලොන්නාවේ විතානගේ, පොලොන්නරුවේ සී. ප. ධනපාල සිල්වා සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රථම වසර (ජ්‍යෙෂ්ඨ) දඹුල්ලේ පොඩිබණ්‌ඩා ද විය. සැකකරුවන්ට දරුණු ලෙස වධ බන්ධනවලට මුහුණදීමට සිදුවිය. අවසානයේ ඝාතනයට ලක්‌වූ වෛද්‍ය සිසුන්වූ අතුල සේනාරත්න සහ පොඩිබණ්‌ඩා ද ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙක්‌ ගම්පහදී 1990 සැප්තැම්බර් 17 එකම ටයර් සෑයක අවසන් ගමන් ගොස්‌ තිබිණි. ඒ පිළිබඳව ආරක්‌ෂක අංශවල 11 දෙනකුට පසුව චෝදනා එල්ල විය.

සිසිර කීර්ති ජයවර්ධන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. පන්නිපිටියේ පදිංචිකරුවකු වූ ඔහුට සොයුරු සොහොයුරියන් තිදෙනෙකි. වසර 1984 දී මුළු දිවයිනේ සිවුවැනි ස්‌ථානයේ වැඩිම ලකුණු ලබා වෛද්‍ය පීඨයට තේරිණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. 'වෙද සිසුහඬ' පුවත්පතේ සංස්‌කාරකවරයෙකි. භීෂණයෙන් පසු විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි ඒකරාශී කිරීමට කටයුතු කළේය. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1990 නොවැම්බර් සිට දෙසැම්බර් දක්‌වා අත්අඩංගුවට ගන්නා තෙක්‌ කටයුතු කළේය. වසර 1989 දෙසැම්බර් 17 පස්‌වරු 4.00 ට කොළඹ මහජන පුස්‌තකාලය අසලදී එල්. 200 සුදු වෑන් රථයකින් පැහැරගෙන යන ලදී. පසුව හැව්ලොක්‌ පෙදෙසේ හෙන්රි පේදිරිස්‌ ක්‍රීඩා මණ්‌ඩප වධකාගාරයේ සහ තිඹිරිගස්‌යායේ යටෝරෝ වධකාගාරයේ සතියක කාලයක්‌ රඳවා ගැනීමෙන් අනතුරුව 1989 දෙසැම්බර් 28 ඝාතනයට ලක්‌විය.

පද්මසිරි ත්‍රීමාවිතාන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. අංකුර කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ත්‍රීමාවිතාන උපන්නේ අම්බන්ගොඩ කහව, ගල්දූව ගමේදී 1964 පෙබරවාරි 29 ය. රොන්නදුව කනිටු විදුහලෙන් ද වේරෙගොඩ විජයබා විද්‍යාලයෙන් ද මූලික අධ්‍යාපනය ලැබීය. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අන්තරේ ලේකම් වශයෙන් ද සබරගමු පළාතේ ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ ලේකම් මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ වශයෙන් ද කටයුතු කරමින් සිටියදී 1988 ඔක්‌තෝබර් 22 රත්නපුර ශාන්ත ලූකස්‌ විද්‍යාලය අසලදී තවත් දෙදෙනකු සමඟින් පැහැරගෙන යන ලදී. පසුව ඔක්‌තෝබර් 23 වැල්ලවාය, කොස්‌ලන්ද මාර්ගයේ එල්. ආර්. සී. ඉඩමක තිදෙනාගේම පුළුස්‌සා මරාදමා තිබූ සිරුරු හමුවිය. ත්‍රිමාගේ දේහය කොළඹට ගෙන වෛද්‍ය විද්‍යාලයේ අවසාන ගෞරවය සඳහා තිබූ අතර 1988 ඔක්‌තෝබර් 31 ලක්‌ෂයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කනත්තේදී අවසන් කටයුතු සිදු විය.

සුගත් අශෝක ද සිල්වා කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. ප්‍රියන්ත නමින්ද හැඳින්විය. අන්තරේ මාතර දිසා ලේකම් විය. අත්අඩංගුවට ගෙන සිටියදී පලායැමට උත්සාහ ගැනීමේදී යළිත් අත්අඩංගුවට ගෙන 1989 ඔක්‌තෝබර් මසදී මාතර, වැලිගමදී ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර ගඟේa පාවෙමින් තිබියදී හමුවිය. ගඟ පහළදී ජවිපෙ භූගත සගයන් පිරිසක්‌ විසින් ගොඩගෙන විවෘතකර අවසන් ගෞරව දක්‌වා නාඳුනන සොහොනක මිහිදන් කළේය. වෛද්‍ය පීඨයේ පළමු වසරේ ලීල් සමරනායක 1989 අගෝස්‌තු 17 ඝාතනයට ලක්‌විය.

ගාල්ලේ උපන් රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍ය වසන්ත කුමාර කුලතුංග කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. වෛද්‍ය පීඨයට සරමක්‌ ඇඳගෙන පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවාය. එසේම රබර් සෙරෙප්පු දෙකක්‌ පැළඳ සායන පන්තිවලට ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවා ද ඔහුය. පෞද්ගලික වෙද විදුහලට විරුද්ධව සිසු කම්කරු ඒකාබද්ධ රැස්‌වීම් මාලාව සම්බන්ධීකරණය කළේය. දෙහිවල කටුචිකිස්‌සා නේවාසිකාගාරයේදී පැහැරගෙන 1989 දෙසැම්බර් 11 ඝාතනයට ලක්‌විය.

තමාගේ පළමු පෙම්වතා වූ වසන්ත කුලතුංග තිරශ්චීන ලෙස ඝාතනයට ලක්‌වූ බව ජගත් සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්‌ෂිකා ඉනෝකා සත්‍යාංගනී 2005 දෙසැම්බර් 04 පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. ඉනෝකාගේ පියා එජාප කෘත්‍යාධිකාරි සභිකයකු සහ ජාතික සේවක සංගමයේ නිර්මාතෘ තිදෙනාගෙන් එක්‌ අයෙක්‌ වූ නීතිඥ ටියුඩර් කීර්තිනන්දය. කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක්‌ එල්ල කරමින් ජවිපෙ සැකකරුවන් නිදහස්‌ කර ගැනීමේදී ඉන් එක්‌ කණ්‌ඩායමකට රැකවරණය සැලසීමට ද කුලතුංග උදව් කළේය.

කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ කනිෂ්ඨ ශිෂ්‍යයකු වූ නිශාන්ත සම්පත් එදිරිවික්‍රම 1966 ඔක්‌තෝබර් 5 උපන්නේය. තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු වූ ෆැන්සිස්‌ සහ ඩොරින් යන දෙමාපියන්ගේ දෙවැනි දරුවා වූ නිශාන්තගේ සොහොයුරිය චමිලා වූ අතර සොහොයුරා නිලන්ත විය. ප්‍රාථමික අධ්‍යාපනය මහානාම විදුහලෙන් ලැබූ අතර පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. වසර 1986 අපොස උසස්‌ පෙළට පෙනී සිට කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වූ නිශාන්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනේදී එහි ප්‍රකාශන අංශය සම්බන්ධීකරණය කළේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ ක්‍රියාකාරිකයෙකි. ආරක්‌ෂක අංශ මඟින් 1989 දෙසැම්බර් 31 පෙරවරු 9.20 මහරගම, බෝකුන්දර පාරේ ඇරැව්වල පිහිටි ඔහුගේ නිවසට කඩාවැදුනු අතර එහි සිටි නිශාන්ත සහ ඔහුගේ ඥාතියකු වන පරණමාන අත්අඩංගුවට ගෙන නිවස ඉදිරිපිට දණගස්‌සවා නිවසේ මිදුලේ නතරකර තිබූ කහ පැහැති නවීන පන්නයේ ලාන්සර් රථය ද ආරක්‌ෂක අංශ භාරයට ගන්නා ලදී. මේ අතරතුර ඥාති සොහොයුරා වූ බිම දණගස්‌සවා සිටි පරණමාන අත්අඩංගුවෙන් මිදී පලායැමට සමත්විය.

නිශාන්ත එදිරිවික්‍රමගේ නිවසේදී ආරක්‌ෂක අංශ භාරයට ගත් කහ පැහැති එම මෝටර් රථය සිවුදිනකට පෙර පේරාදෙණිය පශු වෛද්‍ය ශිෂ්‍ය ජනක සෙනෙවිරත්න විසින් ආරක්‌ෂාව සඳහා එම නිවසේ තබාගිය ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විඡේරත්න මහතා ඝාතනය කිරීමට බෝම්බ සවිකළ මෝටර් රථය වේ. නිශාන්ත හෝ නිවසේ කිසිවකු මේ බව දැන නොසිටි අතර රථයේ බැටරිය නිරතුරුවම අක්‍රීය වන බැවින් එය දෙදිනක්‌ තෙක්‌ නතර කොට යන බව ජනක විසින් නිශාන්තට පවසා තිබිණි. රථය සමගින් අත්අඩංගුවට ගත් නිශාන්ත තිඹිරිගස්‌යායේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයට ද පසුව හෙන්ද්‍රි ප්‍රේදිරිස්‌ උද්‍යානයේ පිහිටි වධ කඳවුරට ද ගෙන යන ලදී. සතියකට පසු මත්තේගොඩ වධකඳවුරට ගෙන ගිය නිශාන්ත 1990 පෙබරවාරි 16 ඝාතනයට ලක්‌විය.

කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් ගණනාවක්‌ම ආරක්‌ෂක අංශ විසින් එම කාලය තුළ අත්අඩංගුවට ගෙන පසුව නිදහස්‌ කරන ලදී. පසුව ඇතැමකු රැඳවුම් කඳවුරුවල මාස ගණනාවක්‌ම රඳවාගෙන සිටියහ. දෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයකු වූ සමන් කුමාර විඡේතුංග සීදුවේදී පැහැරගෙන ගොස්‌ තිබිණි. වෛද්‍ය පීඨයේ සිසුන් වූ ගම්පහ රදාවානේ අරුණ මුණසිංහගේ පියා සහ කෝට්‌ටේ අරුණ ජයසේකරගේ පියා අත්අඩංගුවට ගත් ආරක්‌ෂක අංශ පසුව ඔවුන් භාරවීමෙන් පසු පවුලේ සාමාජිකයන් නිදහස්‌ කර තිබිණි.

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය සිසුන් ඇතුළු ජන සංවිධාන කළ සටන අවසානයේ නිමාවූයේ එය කැලණි සරසවියේ වෛද්‍ය පීඨය බවට පත්වෙමිනි. 

ධර්මන් වික්‍රමරත්න 
http://www.divaina.com/2017/06/25/feature42.html

ලංකාවේ වැඩිවීගෙන යන මුස්‌ලිම් අන්තවාදය හා කල්ලිවාදය කෙරෙහි අවධානය යොමුවිය යුතුය!

* ත්‍රස්‌තවාදය නැති රටේ අන්තවාදී කල්ලි උපරිමයට
* ජනාවාරි 08 වැනිදායින් පසු රට වෙනුවෙන් 
   පෙනී සිටි බලවේගවලට වුනේ මොකද ?
* සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින යහපාලන ආණ්‌ඩුවක්‌

බොදුබල සේනා සංවිධානය සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ යෑයි සමහර අය කියයි. නමුත්, අද ලෝකය පුරාම ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙන්නේ බෞද්ධ අන්තවාදය නොව මුස්‌ලිම් අන්තවාදයයි. මුස්‌ලිම් රටවලට මෙන්ම මුස්‌ලිම් නොවන රටවලටද, ඉස්‌ලාමීය අන්තවාදය හා ත්‍රස්‌තවාදය මහත් ගැටලුවක්‌ වී ඇත. ලංකාව තුළ ද මුස්‌ලිම් අන්තවාදය ගැන කතිකාවක්‌ ඇත. ලංකාවට කිසිදාක ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදය තර්ජනයක්‌ විය නොහැකි නමුත්, ඉස්‌ලාමීය අන්තවාදයෙන් නැතිනම් කල්ලිවාදයෙන් ගැටලු මතුවිය හැකි බව මගේ මතයයි. වෙනත් රටවල ත්‍රස්‌තවාදයක්‌ සාර්ථක වුවත්, ලංකාවේ ත්‍රස්‌තවාදයක්‌ සාර්ථක විය නොහැකි බව පසුගිය කාලයේ සිංහල ත්‍රස්‌තවාදීන්ට මෙන්ම දෙමළ ත්‍රස්‌තවාදීන්ටත් අත්වූ ඉරණමෙන් අපිට පෙනේ. මැදපෙරදිග ISIS ත්‍රස්‌තවාදීන්ට මිනිසුන්ගේ බෙලි කපා, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර මුළු ලෝකයම භීතියට පත් කිරීමට හැකි වී තිබුණත්, ඒ උපක්‍රම ලංකාවේ හරියන්නේ නැත. ඊශ්‍රායලය පහර දෙන විට අහල රටවල් හතක අරාබි හමුදා හිස්‌ ලූලූ අත පලාගියේය. එවැනි ප්‍රජාවක්‌ භීෂණයෙන් යටත් කරගැනීම පහසුය. 

නමුත් ලංකාවේ සාමාන්‍ය ජනතාව ජවිපෙ මනුෂ්‍ය ඝාතන වලිනුත් කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලිනුත් යටත් කර ගැනීමට හැකි වූයේ නැත. මේ රටේ ජවිපෙ දෙවැනි කැරැල්ල මෙන්ම කොටි සංවිධානයේ බෙදුම්වාදී කැරැල්ල ගැන ද ගවේෂණාත්මක කෘතීන් දෙකක්‌ ලියා තිබෙන නිසා, මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත්, සිදුවෙන දේ මට කල්තියා කිව හැකිය. මේ රටේ මුස්‌ලිම් මිනිස්‌සුන්ගෙන් බහුතරය ජීවත් වන්නේ නැඟෙනහිර පළාතේ නොව සිංහල හා දෙමළ මිනිසුන් අතරය. ඒ කාරණයම ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වීමට ප්‍රබල බාධාවක්‌ වේ. 

යම් ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදියෙක්‌ ආගම නාමයෙන් මෙරටේ වෙනත් ආගමක අයෙක්‌ ඝාතනය කළේ නම්, එවැනි සිදුවීම් නැවත් වීමට එකට දහයේ දොළහේ අනුපාතයට ප්‍රතිප්‍රහාර එල්ලවීම වැලැක්‌විය නොහැක. එවැනි අවස්‌ථාවල, නීත්‍යානුකූල නොවන කණ්‌ඩායම් ද ක්‍රියාත්මක වීම ලෝකය පුරාම අත්දැකීම් වලින් පෙනේ. මරාගෙන මැරෙන ප්‍රහාර මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් අතින් සිදු වුවහොත්, එවැන්නක්‌ නැවත්වීම සිදුවන්නේද ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙන බවට සැක කරන සියලු දෙනාද විනාශ කිරීමෙන් පමණය. මෙවැනි අවස්‌ථාවල, ලෝකයේ හැම රටකම නීතිය පසෙක තබා මර්දනය දියත් කරයි. මේ ළඟකදී ලන්ඩන් නුවර සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් පසු එරටේ අගමැති තෙරේසා මේ කීවේ නීතිය වෙනස්‌ කර හෝ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමන බවයි. මේ සම්බන්ධයෙන් මුළු ලෝකයෙන්ම ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති රටක්‌ වන්නේ ලංකාවයි. 

මැදපෙරදිග රටවල අපේ පුරවැසියන් දශලක්‌ෂ ගණනක්‌ සේවය කරන නිසාත් අපි අරාබියෙන් තෙල් ආනයනය කරන නිසාත්, ලංකාවේ මුස්‌ලිම් ත්‍රස්‌තවාදීන්ට පක්‌ෂව ඒ රටවලින් ලංකාවේ ආණ්‌ඩුවට බලපෑම් කරාවි යෑයි බියක්‌ද අපි තුළ තිබිය යුතු නැත. ලෝකයේ සියලුම මුස්‌ලිම් රටවල්ද, ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ට දැනුත් පහර දෙමින් සිටි. පාකිස්‌තානයේ හා ඇෆ්ගනිථානයේ සිට ඉරාකය, සිරියාව, ඊජිප්තුව, හා ලිබියාව ඇතුළුව සියලුම මුස්‌ලිම් රටවල ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ, මාක්‌ස්‌වාදී කැරලිකරුවන් නොව, ඉස්‌ලාමීය අන්තවාදීන්ය. එම නිසා, ලංකාවේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත්, එය මර්දනය කිරීමට සමහර මුස්‌ලිම් රටවල්ද උදව් කිරීමට හොඳටම ඉඩකඩ ඇත. 

මේ රටේ ජීවත්වෙන මුස්‌ලිම් ප්‍රජාවද මේ යථාර්ථය ඉතා හොඳින් දනී. මේ රටේ සිටින්නේ, අරාබියේ කූඩාරම්වල ජීවත් වී ඔටුවන් පිට උඩ ගිය අරාබිකාරයන්ගෙන් පැවත එන අය නොව, මුහුදු ගොස්‌ ඈත රටවල්වල වෙළෙඳාම් කර ඒ රටවල්වල පදිංචි වූ අයගෙනි. ඉන්දියාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ ආක්‍රමණිකයන් හැටියට වුවත්, ලංකාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ වෙළෙඳුන් හැටියටය. මීට ශතවර්ෂ ගණනාවකට පෙර මුහුදෙන් ගොස්‌, වෙනත් රටවල භාෂාව ඉගෙනගෙන, වෙනත් ජනතාවක්‌ සමඟ වෙළෙඳාම් කරමින් ජීවත් වීමට, කාන්තාරයේ කූඩාරමක්‌ තුළට වී ඔටු කිරි බොමින් සිටීමට වඩා සූක්‌ෂම බුද්ධියක්‌ හා උපක්‍රමශීලී බවක්‌ අවශ්‍ය වේ. ඒ උපක්‍රමශීලී බව මේ රටේ මුස්‌ලිම් මිනිස්‌සුන්ට ඉතා හොඳින් තිබේ. එම නිසා ත්‍රස්‌තවාදයෙන් ඔවුන්ට සියල්ල අහිමි වෙනවා මිස ලැබෙන දෙයක්‌ නැති බව ඔවුන් හොඳින් දනී.

මේ නිසා, ලංකාවේ අපි, වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ තවම ඇති වී නැති ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ගැන නොව, දැනටම ලංකාවේ වැඩිවීගෙන යන මුස්‌ලිම් අන්තවාදය හා කල්ලිවාදය කෙරෙහිය. මීට අවුරුදු තිහ හතළිහකට කළින් තිබුණට වඩා මුස්‌ලිම් අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වී තිබෙන බව මුස්‌ලිම් කාන්තාවන් ඔලුවේ සිට වසාගෙන සිටින ආකාරයෙනුත්, මුස්‌ලිම් මිනිසුන් මුස්‌ලිම් දේශපාලන පක්‌ෂවලට පමණක්‌ ඡන්දය දෙන ආකාරයෙන්ද පෙනේ. මීට දශක දෙක තුනකට පෙර, මුස්‌ලිම් මිනිසුන් ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක තුළට ඉතා හොඳින් අනුගත වී සිටිය ද, අද අපි දකින්නේ, ප්‍රධාන පක්‌ෂ දෙකටම පරිබාහිරව මුස්‌ලිම් නායකයන් පිරිසක්‌ මතුවී, ඔවුන් හැම ආණ්‌ඩු පෙරළියක්‌ සමඟම දිනන පැත්තට යන ප්‍රවණතාවකි. 

මේ කාරණය නිසා මුස්‌ලිම් නායකයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටවත් නොහැකි තත්ත්වයක්‌ ඇතිවී තිබේ. මහා පරිමාණ දූෂණ සෙවීමේ කොමිෂමේ හිටපු ලේකම් ලැසිල්ද සිල්වා මහතා, තමන් රිසාද් බදියුදීන් ඇමැතිවරයාගේ ගනුදෙනුවක්‌ සෙවීමට උත්සාහ ගැනීම නිසා ධුරයෙන් ඉවත් කළ බව කියනව නම් තවත් මේ ගැන කතා කුමටද? මේ මුක්‌තභාවය මුස්‌ලිම් නායකයන්ට පමණක්‌ නොව, ඔවුන්ගේ ගෝලයන්ටත්, ඊටත් පුළුල්ව ඔවුන්ගේ ඡන්දදායකයන්ටත් ලැබේ. මේ නිසා මුස්‌ලිම් ප්‍රජාවට මේ රට තුළ මහ ජාතියට නැති වරප්‍රසාද ලැබී ඇත. ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත් ඔවුන්ට මේ තිබෙන සියලු දේවල් නැති වේ. ඇත්ත වශයෙන්ම මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති කිරීමට කවුරුන් හෝ උත්සාහ ගතහොත්, ඔවුන්ව මුස්‌ලිම්වරුන් විසින්ම නීතියට හසුකොට දීමට ඇති සම්භාවිතාව වැඩිය.

මෙරටේ සිංහල ඡන්ද සුළුතරයක්‌ එහා මෙහා වීම නිසා මැදපෙරදිග ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් බෙලි දස දහස්‌ ගණන් කපා, මරාගෙන මැරෙන ප්‍රහාර සිය ගණනක්‌ දියත් කර ලබා ගැනීමට නොහැකි වූ ආධිපත්‍යයක්‌ මෙරටේ සිටින 10% ටත් අඩු මුස්‌ලිම් ප්‍රජාවට ලැබී ඇත. ත්‍රස්‌තවාදයක්‌ නැති වුවත් මෙරටේ මුස්‌ලිම් කල්ලිවාදය උපරිම මට්‌ටමට තිබේ. මේ රටේ ජීවත් වෙන දෙමළ, මුස්‌ලිම් නායකයන් කැමති තමන්ට හසුරවා ගැනීමට පහසු, දූරවල සිංහල නායකයන්ටය. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුවන්නේ එවිටය. පසුගිය කාලයේ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ හැසිරීමෙන් මේ බව ප්‍රත්‍යක්‌ෂ කරගත හැක. 2005 ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසය සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තේය. මහින්ද දිනුවට පසු වෙන කරන්න දෙයක්‌ නොමැතිකමට ඔවුන් ඔහුගේ පැත්තට ආවේය. 2007, යුද්ධයේ උච්චතම අවස්‌ථාවේදී පාර්ලිමේන්තු ඔලුගෙඩි මාරුවකින් ආණ්‌ඩුව පෙරළීමට උත්සාහ කළ අවස්‌ථාවේදී, මුස්‌ලිම් කොංග්‍රසය උදවු දුන්නේ එජාපයටය. 2010 ජනාධිපතිවරණයේදී ඔවුන් සහයෝගය දුන්නේ සරත් ෆොන්සේකා මහතාටය. 

එම උත්සාහයන් සියල්ල වැරදුණු නිසා පමණක්‌ මුස්‌ලිම් කොංග්‍රසය මහින්ද සමඟ සිටියේය. මේ ආකාරයට ශක්‌තිමත් සිංහල නායකයකු වෙනුවට තමන්ට ඕන ආකාරයට හසුරුවා ගැනීමට හැකි සිංහල නායකයකු පත් කර ගැනීමේ මුස්‌ලිම් කොංග්‍රස්‌ සිහිනය සැබෑ වූයේ 2015 ජනාධිපතිවරණයෙන් පසුවය. මුස්‌ලිම් ඡන්ද එක ගොඩක තබා ගන්න අතර සිංහල ඡන්ද බෙදීමට සැලැස්‌වීම එම සාර්ථකත්වයේ රහසයි. සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ හැටියට හඳුන්වන බොදුබල සේනාව ගැන සාකච්ඡා කිරීම අපි ආරම්භ කර යුත්තේ, මේ රටේ මුස්‌ලිම් දේශපාලනය ගැන ඒ අත්‍යවශ්‍ය විශ්ලේෂණයෙන් පසුවය. 
(එය පසුව ඉදිරිපත් කරමු)

සී.ඒ.චන්ද්‍රප්‍රේම http://www.divaina.com/2017/06/25/politics01.html

Pic Source

සබැඳි ලිපි -

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!