Pages

Friday, June 28, 2013

සිරියානු සිවිල් යුද්ධය සුන්නි-ෂියා නිකාය ගැටුමක් බවට පත්වේද?

සිරියානු අර්බුදයට ලෙබනන සටන්කාමී හිස්බුල්ලා සංවිධානය මැදිහත්වී සිටින්නේ සිදුවීමට නියමිත වාර්ගික ශුද්ධයකින් ලෙබනන ජනතාව ආරක්ෂා කිරීම සඳහා වන බව එම සංවිධානයේ මහ ලේකම් ෂික් හසාන් නස්රල්ලා පවසා තිබේ.

සිරියානු පාලනයට එරෙහිව සිවිල් යුද්ධය ඇරඹි මොහොතේදී ලෙබනනයේ තමන් භුක්ති විඳින ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සිරියානු ජනතාවටද හිමිවිය යුතු යන ස්ථාවරයේ සිටි නමුදු ටක්ෆිරි වැනි ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී සංවිධාන කරළියට පැමිණි පසු තත්වය වෙනස් වූ බව ඔහු පවසා තිබේ.

නස්රල්ලාගේ මතය වන්නේ නැගී එන සුන්නි මූලධර්මවාදී බලය ජයග‍්‍රහණය කළහොත් ලෙබනනයේ මෙන්ම එම කලාපයේ රටවල ෂියා මුස්ලිම්වරුන් සමූලඝාතනය කර දැමීමේ අවදානමක් ඇති බවයි.  ලෙබනන රජය මේ තර්ජනය හමුවේ තම පුරවැසියන් ආරක්ෂා කිරීමේ වගකීම දැරීමට අවාසනාවන්ත ලෙස අපොහොසත් වී ඇති බැවින් එය තමන් භාරගත් බව ඔහු පවසා තිබේ.

මේ අතර පසුගිය මැයි මස 25වන දින නස්රල්ලා විසින් හිස්බුල්ලා සටන්කාමීන්ගේ මැදිහත්වීම පිළිබඳ නිවේදනයෙන් පසුව බෙයිරූට් නුවර හිස්බුල්ලා බල ප‍්‍රදේශ වලට සිරියානු කැරලිකරුවන්ගෙන් රොකට් ප‍්‍රහාර එල්ල වී ඇත.  මෙය පසුපස ඇමරිකාව සහ සවුදි අරාබියද සිටින බව හිස්බුල්ලා සංවිධානය විසින් චෝදනා කරන ලදී.

සති කිහිපයකට පෙර කුසායිර් නගරය මුදා ගැනීමට කළ සටනේදී හිස්බුල්ලා සටන්කාමීන් ප‍්‍රබල මෙහෙයක් සිදු කරන ලද අතර එ් පිළිබඳ බටහිර රටවල අප‍්‍රසාදයද එල්ල විය.  එයට පළිගැනීමක් ලෙස සිරියානු කැරලිකරුවන් විසින් හට්ලා නගරයේ ෂියා මුස්ලිම් වරුන් ගණනාවක් ගෙල කපා මරා දමන ලද බවද වාර්තා වේ.

මේ තත්වය තුළ ලෙබනනයේ සහ සිරියානු දේශසීමා ප‍්‍රදේශයේ ජීවත්වන සුළු ජාතීන් සහ ක‍්‍රිස්තියානි ලබ්ධිකයන් හිස්බුල්ලා සංවිධානය සමග අත්වැල් බැඳ ඇති බව පැවසේ.

වාර්ගික ශුද්ධයකින් ලෙබනනය අපි ආරක්‍ෂා කරනවා – හිස්බුල්ලා
June 28, 2013 at 4:02 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/96447/

සබැඳි ලිපි
[
සිරියා අර්බුදය සුන්නි-ෂියා ගැටුමක් බවට?http://denethharinna.blogspot.com/2013/06/blog-post_18.html
]

ලෝකයේම දමිළයන් එකට එකතු වී සිංහලයන්ට ගහනවා – විදෙස් කොටින්ගෙන් තර්ජන

පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී ලන්ඩනයේ  ඕවල් ක‍්‍රීඩාංගණයෙන් පිටත විරෝධතාවක නිරත වූ කොටි හිතවාදීන්ට සිංහල ක‍්‍රීඩා ලෝලීන් කළ පහරදීම වැනි දෙයක් නැවත සිදුවුවහොත් ලෝකයේ සිටින සියලූම දෙමළ ජාතිකයන් එක්ව නැගී සිටින බව ප‍්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඕවල් පිටියේදී සිදුවූ සිද්ධීයෙන් සිංහල ජාතිකයන්ගේ කුරිරු මුහුණුවර නැවත වරක් ලොවට ප‍්‍රදර්ශනය කර ඇති බවත් කාලයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන නිහඬතාවකින් සිටි දෙමළ ජනතාව, සිංහල ජාතිකයන්ගේ මේ සරදම් කිරීමෙන් නැවත වරක් අවදි වී ඇති බව පවසන එම නිවේදනයේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙත සිදුකරමින් සිටින ජාති ඝාතකයන්ට එරෙහි අන්තර්ජාතික ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලමිනුත්, ලන්ඩනයේ ජීවත්වන ඊළාම් දෙමළ ජනතාව විසින් 2013.06.17 වැනි දින ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තරගය අවස්ථාවේදී එම ක‍්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වූ අවිහිංසාවාදීව විරෝධතාවකට තරගය නැරැුඹීමට පැමිණි සිංහල ජාතිකයන් විරෝධතාවයේ විසින් පහර දෙනු ලැබූ බවත් එහි වැඩි දුරටත් දැක්වේ.

June 28, 2013 at 3:42 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/96464/

සබැඳි ලිපි
[
විදෙස් කොටි ශ‍්‍රී ලාංකිකයන්ට පහර දේ! ක‍්‍රීඩා පිටිය මැදටත් පනී.http://denethharinna.blogspot.com/2013/06/blog-post_21.html
]

එන්.ජී.ඕ. හරහා ගව මස් ප‍්‍රචලිත කරන මහා පරිමාණ වැඩසටහන්

ආගමික සංවිධාන හා ජනතාව මෙරට ගව ඝාතනය නතර කරන මෙන් ඉල්ලා සිටින අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධාන හරහා මුස්ලිම් ජනතාව අතර ගවමස් ප‍්‍රචලිත කිරීමේ මහා පරිමාණ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ.

සෞදි අරාබි ශේක් එමීර්වරුන්ගේ මුදල් අස් සබාබ්, අල් මුස්ලිමාස්, වාමී ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රාශියක් මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන මාවනැල්ල, පුත්තලම හා නැගෙනහිර පළාතේ ප‍්‍රදේශ රැුසක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාවේ ප‍්‍රබල මුස්ලිම් දේශපාලනඥයන් හරහා මෙම ඝාතනය සඳහා රාජ්‍ය නොවන සංවිධාන ගවයන් ලබා ගන්නා බවද එම ආරංචි මාර්ග පෙන්වා දේ.

මෙම රාජ්‍ය නොවන සංවිධානවල මූලික අරමුණ ලෙස පෙන්වා දී ඇත්තේ ලංකාවේ සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් හා සිංහල බෞද්ධ ජනතාව අතර ගැටුමක් ඇති කිරීමයි.

June 28, 2013 at 1:21 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/96455/

13 නීති විරෝධීයි. ජන පදනමක් නැති ඇතැම් න්‍යායාචාර්යවරු ඉතිහාසය අමතක කරලා - දිනේෂ්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ආරක්ෂාවටත් , පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

එය එකල සම්මත කර ගනු ලැබූවේ ව්‍යවස්ථාවට පිටින් නීති විරෝධී ලෙස බවත් , ඊට කථානායකවරයා විසින් අත්සන් තැබූ පසුවත් තමන් එය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද (27) කොළඹ පැවති මා‍ධ්‍ය හමුවකදීය. 

එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම ඉල්ලීම ඉවත දැමූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය. 

13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මේ රටේ නිදහස් අධ්‍යාපනයට මෙන්ම නිදහස් සෞඛ්‍යයත් සෝදාපාළුවට ලක්ව ඇති බව ඔහු කියා සිටියේය. 

මේවන විට රජය විසින් පළාත් සභා හා මධ්‍යම රජය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවීමට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමිකරලීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ඊට තමන් මහජන එක්සත් පෙරමුණ ලෙස සම්පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. 

පළාත් සභා ක්‍රියාත්මක වුවද නොවූවද එය රටේ සංවර්ධනයට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් , මේවන විටත් සංවර්ධන කටයුතු දියත් වෙන්නේ දිස්ත්‍රීක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දිසාපති ආදීන්ගෙන් බවත් ඔහු අවධාරණය කළේය. 

මහනායක හිමිවරුන් ප්‍රමුඛ "සමස්ත ලංකා උත්තර සංඝ සභාව" විසින් දිස්ත්‍රීක් පදනම මත පරිපාලනය විමධ්‍යගත කිරීමටත්, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදීමටත් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. 

තම පක්ෂයද එකී යෝජනාවලට එකඟත්වය පළ කරන බවත් , ඒ හා සමගාමීව යන වැඩපිළිවෙළකට සහය ලබාදෙන බවත් , ඒ පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

එහෙත් න්‍යායාචාර්යකමින් අග තැන්පත් ජනතා පදනමක් නැති ඇතැම් උදවිය වසර 3000 ක් පමණ තිස්සේ ඇති ඉතිහාසය අමතක කොට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

13 නීති විරෝධීයි - ඇතැම් අයට ඉතිහාසය මතක නෑ
http://sinhala.adaderana.lk/news.php?nid=35290

‘දෙමළ ඊළාම්’ පාපන්දු කණ්ඩායම විදෙස් තරඟාවලියකට

විදේශගත එල්.ටී.ටී.ඊ. හිතවාදී තරුණ කොටස්වලින් සැදුම්ලත් ‘දෙමළ ඊලාම් රාජ්‍ය පාපන්දු පිල’ මෙවරත් අයිස්ල් ඔෆ් මෑන් දිවයිනේ පැවැත්වෙන පාපන්දු තරගාවලියකට සහභාගිවන බව වාර්තාවේ.

ජාත්‍යන්තර වශයෙන් දෙමළ ඊලාම් රාජ්‍ය සංකල්පය වර්ධනය කිරීම සඳහා මෙය උපක‍්‍රමයක් ලෙස භාවිතා කෙරන අතර 2012 වසරේ මුල්වරට මෙම තරගාවලිය සඳහා ඊලාම් රාජ්‍ය පාපන්දු කණ්ඩායමක් සහභාගී විය.

ලබන මාසයේ ජූලි මුල් සති දෙක අතර තුර පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඊළාම් කණ්ඩායමට ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, එකසත් රාජධානිය, නොර්වේ, ඉතාලිය, කැනඩාව යන රාජ්‍යයන්හි පදිංචි වී සිටින ශී‍්‍ර ලංකාවෙන් පිටව ගිය දෙමළ තරුණයන් ඇතුලත්ය.

June 28, 2013 at 10:23 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96438/

මහ රහතුන් වැඩ සිටි කූරගල පුදබිමට පොසොන් පෝදා මහ සෙනගක්

වසර දෙදහස් පන්සියකට වසා ඉපැරණි හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මහරහතන් වහන්සේලා වැඩසිටි පුණ්‍යභූමියක් ලෙස ප‍්‍රකට ඓතිහාසික  කූරගල පුදබිම නැරඹීමට පසුගිය පොසොන් දිනයේදී මහ සෙනෙගක් පැමිණ සිටියහ.

මෑත භාගයේ බහුජන අවධානයට ලක්වූයේ වසර ගණනාවක් පැරණි මිනිස් ඇටසැකිලි පොසිල හා පුරාණ මිනිසුන් භාවිතා කළ බෙලිකටු සිප්පි කටු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවීමත් සමගය.

පුරාවිද්‍යා භූමියේ අනවසර ඉදිකිරීම් මේ වන විට ඉවත් අර තිබේ පොසොන් දිනයේ බැතිමත්හු තිස්දහසකට ආසන්න පිරිසක් පුදබිමට  පැමිණියහ.

ඇතැමෙක් වෙළදාමෙන් අතමිට සරුකර ගනිද්දී තරුණයන් තිදෙනෙක් එහි පැමිණි බැතිමතුන්ගේ සාපවස නිවාලන්නට සිසිල් බීම දන්සැලක් සංවිධානය කළහ ඇතැම් වන්දනාකරුවන් පොලිතීන් හා ඉටිකොළ තැන තැන දමා පුදබිම අපවිත‍්‍රකර තිබෙනු දැකිය හැකි විය.

June 27, 2013 at 5:06 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/96406/

[
සබැඳි ලිපි -
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_29.html
]

'13' බලතල සංශෝධන යෝජනාව වයඹත් සම්මතයි. පක්‍ෂව ඡන්දය දුන් මු.කො.මන්ත්‍රී දෙදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

සිය පක්‍ෂයේ මතයට පිටුපාමින් වයඹ පළාත් රැස්‌වීමේදී පළාත් සභා බලතල සංශෝධනය කිරීමේ යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය හා දැරූ සියලුම තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.

මුස්‌ලිම් කොංග්‍රසයේ වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන රිස්‌වි ජවහර්ෂා සහ එම්. යෙහියා යන මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා තිබේ.

පක්‍ෂයේ ව්‍යවස්‌ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක ඇමැති රාවුµa හකීම් මහතා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පක්‍ෂයේ ස්‌ථාවරයට පටහැනිව ඡන්දය ප්‍රකාශ කළ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමටත් එතෙක්‌ පක්‍ෂයේ සියලු කටයුතු වලින් ඉවත් කිරීමටත් පියවර ගත් බව එම පක්‍ෂයේ නිලධාරියෙක්‌ ''දිවයින'' ට පැවසීය.

වයඹ පළාත් සභාවට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු තේරී පත්වූ අතර අනෙක්‌ මන්ත්‍රීවරයා මේ වන විට විදේශගත වී සිටී.

පළාත් සභා දෙකක්‌ ඒකාබද්ධ කිරීමට ඇති බලය ඉවත් කිරීම හා පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්‌ඩුව තීරණ ගැනීමේදී සියලු පළාත් සභාවලින් අනුමැතිය ලබාගත යුතුය යන්න වෙනුවට බහුතර පළාත් සභා ප්‍රමාණයකින් අනුමත විය යුතුය යන යෝජනාව පෙරේදා (26 වැනිදා) වයඹ පළාත් සභාවේදී විවාදයට ගත් අතර එහිදී යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

බලතල සංශෝධනයට ඡන්දය දුන්නාට වයඹ මු.කො.මන්ත්‍රී දෙදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/06/28/news03.html

සබැඳි ලිපි[බලතල සංශෝධන යෝජනාව වැඩි ඡන්ද 8 කින් උතුරු මැද සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/06/8.htmlබලතල සංශෝධනය කිරීමේ යෝජනාවට දකුණු - සබරගමු පළාත් සභාවල අනුමැතියhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_25.html
]

බලතල සංශෝධන යෝජනාව වැඩි ඡන්ද 8 කින් උතුරු මැද සම්මතයි

13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ ප්‍රකාරව පළාත් සභා දෙකක්‌ හෝ කීපයක්‌ ඒකාබද්ධ කිරීමක්‌ සිදුවුවහොත් පළාත් සභා පිහිටුවීමේ මූලික අරමුණ ඉටු නොවන බැවින් ඒ සඳහා ඇති බලතළ ඉවත් කිරීමට සහ පළාත් සභා ලයිස්‌තුවට ඇති යම් යම් විෂයන් පිළිබඳ තීන්දු ගැනීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත ලබාගැනීම යන බලතළ සංශෝධනය කිරීමේ යෝජනාව ඊයේ (27 දා) උතුරු මැද පළාත් සභාවේදී වැඩි ඡන්ද 08 කින් සම්මත විය.

සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ මහ සභා 

රැස්‌වීමේදී අදාළ යෝජනාව ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා සභාවට ඉදිරිපත් කරනු ලැබීය. සමුපකාර, වෙළෙඳ, ආහාර, කුඩා කර්මාන්ත, ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය කේ. එම්. නන්දසේන මහතා එය ස්‌ථිර කළේය.

පැය හතරක විවාදයකින් පසු ඡන්ද විමසීම් සිදු කෙරුණු අතර යෝජනාවට පක්‍ෂව ඡන්ද 19 ක්‌ සහ විපක්‍ෂව ඡන්ද 11 ක්‌ ලැබිණි. ඒ අනුව වැඩි ඡන්ද 08 කින් යෝජනාව සම්මත විය. විවාදයෙන් අනතුරුව සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතා ඡන්ද විමසීමට සූදානම් වූ අවස්‌ථාවේ විපක්‍ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට රහස්‌ ඡන්දයක්‌ විමසන ලෙසට ඉල්ලීමක්‌ කළමුත් සභාපතිවරයා එය ප්‍රතික්‍ෂේප කළේය. එම අවස්‌ථාවේදී විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂා මධ්‍යයේ සභාපතිවරයා විසින් ඡන්ද විමසීම සිදු කරනු ලැබීය.

න්‍යාය පුස්‌තකයට ඇතුළත් කිරීම සඳහා යෝජනාවක්‌ ඉදිරිපත් කළ යුතු පිළිවෙළින් බැහැරව එකී යෝජනාව ඉදිරිපත් කර ඇති බවට චෝදනා කරමින් එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම බාධා කරනු ලැබූහ. ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා රැස්‌වීමට පැමිණ සිටියේ නැත.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2013/06/28/news21.html

සබැඳි ලිපි[බලතල සංශෝධනය කිරීමේ යෝජනාවට දකුණු - සබරගමු පළාත් සභාවල අනුමැතියhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_25.html
]

'13' රටේ ආරක්‍ෂාවටත් ඒකීයභාවයටත් තර්ජනයක්‌ බව වසර 26 තිස්‌සේ පෙන්වා දුන්නා - දිනේෂ්

ඉන්දු - ලංකා ගිවිසුමෙන් 1987 දී සම්මත කරන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හේතුවෙන් රටේ ආරක්‍ෂාවටත්, පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක්‌ වන බව වසර 26 ක්‌ තිස්‌සේ මහජන එක්‌සත් පෙරමුණ පෙන්වාදී තිබෙන බව මහජන එක්‌සත් පෙරමුණේ නායක ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මේ අවස්‌ථාවේදීවත් මෙය අහෝසි නොකළහොත් බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ යළි රටේ ගොඩනැඟෙන බව ද ඇමැතිවරයා කීවේය.

හෙතෙම එසේ පැවසුවේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය, පළාත් සභා අහෝසි කිරීම පිළිබඳ මහජන එක්‌සත් පෙරමුණේ ස්‌ථාවරය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ ඊයේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති අවස්‌ථාවේදීය. එහිදී ඇමැතිවරයා තවදුරටත් පැවසුවේ මෙසේය.

"මහජන එක්‌සත් පෙරමුණ පසුගිය කාලපරිච්ඡේදය තුළම ඉතා පැහැදිලි අවබෝධයකින් හා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් කෙරෙහි විශ්වාසයක්‌ තබා ඇති පක්‌ෂයක්‌. අපේ රටේ නිදහස ආරක්‍ෂා කරගැනීමටත්, අපේ රටේ ජාතික ස්‌වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත් හැකි වන පරිදි අපේ රටේ ආණ්‌ඩු ක්‍රමය ඒකීය ආණ්‌ඩු ක්‍රමයක්‌ බවට ශක්‌තිමත්ව සුරක්‌ෂිත කිරීමට අධිෂ්ඨානයෙන් කැපවී රටටත්, ජනතාවටත් දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින සැමටත් දීර්ඝ කාලයක්‌ තුළ අප කටයුතු කළා. එම ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක්‌ මහජන එක්‌සත් පෙරමුණ සිදුකළේ නෑ. ඒ ප්‍රතිපත්තිය නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් මහජන එක්‌සත් පෙරමුණ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව සිහිපත් කරනවා.

විශේෂයෙන් 1972 ජනරජ ව්‍යවස්‌ථාව වෙනස්‌ කොට ජයවර්ධන මහතා පාලන බලය ලබාගැනීමෙන් පසුව ඇති කළ 78 ව්‍යවස්‌ථාව සම්මත කරන අවස්‌ථාවේදීවත් දැන් කථා කරන විශේෂිත වූ 17 වන පරිච්ඡේදයක්‌ තිබුණේ නෑ. එනම් 17 ඒ පරිච්ඡේදයේ තමයි පළාත් සභාව හා සම්බන්ධ සියලු දේ අන්තර්ගත කිරීමට කටයුතු කළේ. අපේ පක්‍ෂයට, ඒ වගේම එදා විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ හැටියට මට කටයුතු කරන්න ලැබුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අපි සුළුතරයක්‌ එදා හිටියෙ 10 දෙනයි විරුද්ධ පක්‍ෂයේ හිටියේ පාර්ලිමේන්තුවෙ. මෙහි තිබෙන හානිය ගැන, එය සම්මත කළොත් අපේ රටේ නිදහසට ඇතිවන තර්ජනයත් ජාතික ස්‌වාධීනත්වයට තර්ජනයත් රටේ ජාතියේත් පැවැත්මට සිදුවන හානියත් පළාත් සභා නිසා ඇතිවන බව එදා අපි ප්‍රකාශ කළා. ඒ නිසා දැවැන්ත මුදල් සම්භාරයක්‌ වැය කරන්න සිදුවන බවත් ඊට වඩා ප්‍රායෝගික ජාතික වශයෙන් වූ නිර්මාණශීලී විසඳුම් කරා ගමන් කළ යුතු බවයි අප එදා දැරූ මතයත් අද දරන මතයත්.

1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසු සම්මත කරන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන දීර්ඝ විස්‌තරයක්‌ මා කරන්නෑ. මහජන එක්‌සත් පෙරමුණ හැටියට අපි අවුරුදු 26 ක්‌ ම ඒක කරලා තියනවා. මූලික කරන්නේ මේ ආණ්‌ඩු ක්‍රමයේ වෙනසකට භාජනය කරපු 13 වැනි ආණ්‌ඩුක්‍රම සංශෝධනය මේ රටේ ආරක්‍ෂාවටත් පැවැත්මටත් ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක්‌ බවට පරිවර්තනය වුණා. විශාල නාස්‌තිකාර වියදම්වලින් සමන්විත වී තිබෙනවා. එය සම්මත කරන ලද්දෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බහුතරයක්‌ නඩුකාරවරු 9න් 5ක්‌ ප්‍රකාශ කළාවූ නඩු තීන්දුව ප්‍රකාරව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නෙවෙයි. ඒ බවට අපි අදහස්‌ දැක්‌වූවා විරුද්ධත්වයක්‌ දැක්‌වූවා. බණ්‌ඩාරනායක මැතිණියත් මමත් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා. නමුත් අපේ නඩුව ඇහුවෙ නෑ. නඩුව විසිකරලා මේ ව්‍යවස්‌ථා විරෝධී සම්මත කරන ලද වගන්තිය ව්‍යවස්‌ථානුකූල බව ප්‍රකාශ කරමින් රජය කටයුතු කළා.

ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3 ක්‌ උතුරු නැගෙනහිර පළාතටයි අයිති. ලංකාවේ අපේ රටේ 2/3 ක්‌ උතුරු නැගෙනහිර මායිම් වන මුහුදු තීරයයි. මෙය ඊළාම් රාජ්‍යක්‌ ගොඩනැඟීමේ ක්‍රියාදාමයට ප්‍රධාන වශයෙන් භාජනය වූ ප්‍රදේශයක්‌ හැටියට ප්‍රකාශ වී තිබෙනවා. එම ප්‍රකාශනය අනුව මේ පළාත් දෙක දෙමළ ජනතාවගේ වාසභූමි හැටියට ප්‍රකාශ කොට ඒකාබද්ධ කිරීමට හැකිවන පරිදි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 154 ඒ වගන්තිය මේ 13 වැනි ව්‍යවස්‌ථාවේ ඇතුළත් කළා. මේ දෙක එකතු කිරීමෙන් අපේ ස්‌වාධීනත්වයට, නිදහසට, ඒකීයභාවයට සිදුවන හානිය අති භයානක බව යළිත් සිහිපත් කරනවා. එයට අතිරේකව එයට පනවන විවිධ බලතල නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය හෑල්ලුවට ලක්‌කර තිබෙනවා. ඒ තුළින් පාර්ලිමේන්තුවට ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳ සෝදා පාළුවකට පාර්ලිමේන්තුව පත්කිරීම නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වගන්ති අතරත් පරස්‌පර විරෝධයක්‌ පවතිනවා. මෙය තමයි බරපතළ ප්‍රශ්නය බවට පත්වන්නෙ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිවිරෝධතාවයන් ඇතිවන හදිසි 13 වැනි ව්‍යවස්‌ථාව නිසා ඇතිවෙලා තියනවා. එකක්‌ හානිකරභාවය අනෙක ආණ්‌ඩුක්‍රමයේම වගන්ති අතර පටහැනිභාවය හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය විශාල වශයෙන් සෝදාපාළුවට, අතපය බැඳ තබා තිබෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ බලයක්‌ බවට පත්කර තිබෙනවා. මෙය වෙනස්‌ කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ බලාපොරොත්තුව බව මහජන එක්‌සත් පෙරමුණ ප්‍රකාශ කරනවා.

මේ පළාත්වලට පවරා තිබෙන බලතල රාශියක්‌ නිසා අද වෙනකොට වියදම් උත්සන්න වී තිබෙනවා. උදාහරණයක්‌ විදියට ගත්තොත් පළාත් සභාවක්‌ නෑ කියලා අපේ රටේ සංවර්ධනය නවතිනවද? එහෙම වෙලා නෑ. ජනාධිපතිතුමා මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ආරම්භ කරපු සංවර්ධන ජයග්‍රාහී මාවත වේගවත්ව ගමන් කරනවා. නමුත් පළාත් සභාව හරහා නෙමෙයි ගමන් කරන්නෙ. ගමින් ගමට ගම නැඟුම, මඟ නැඟුම, අපේ කෘෂිකර්ම ප්‍රබෝධය මේවා සියල්ලම මෙහෙයවනු ලැබුවේ කේන්ද්‍රස්‌ථානය වූ මධ්‍යම රජය විසින් දියත් කරන වැඩසටහන් හරහායි. අපි පක්‌ෂයක්‌ හැටියට හිතනවා පළාත් සභා නිසා නිදහස්‌ අධ්‍යාපනයත් නිදහස්‌ සෞඛ්‍ය සේවයේත් සෝදා පාලුවට ලක්‌වී තිබෙනවා. ඒ කරුණු අතර ඉඩම් පොලිස්‌ බලතලත් මෙවැනි අනාරක්‌ෂිත බලප්‍රදේශ කරා පැවරීම මධ්‍යම රජයට තම ආරක්‌ෂක කටයුතු කරගෙන යැමට නීතිය සාමය ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධාවක්‌. ඒ වගේම ජනතාවගේ සංවර්ධනය සඳහා තිබෙන භූමියත් එලෙස තීරණය වීම ගැටලුවක්‌ බවට පත්වෙනවා. පළාත් සභාව සහ අපේ අතර ගැටුමක්‌ ඇතිකිරීමට තිබෙන වගන්ති වහ වහා ඉවත් කිරීමට රජය යම් යම් තීරණයන්ට පැමිණෙමින් තිබෙනවා. එය ම. එ. පෙ. අගය කරනවා.

විශේෂයෙන් උතුර නැගෙනහිර ඒකාබද්ධ වීමට තියෙන 154 ඒ වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීම, ඒ හා සමගාමීව පළාත් සභා පනතේ 37 ඒ වගන්තිය යටතේ පළාත් දෙකක්‌ එක්‌වීමට තිබෙන වගන්තිය ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළිත් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු නීතියක්‌ සම්මත කර ගැනීම. ඒ වගේම ම.එ.පෙ. යළිත් ප්‍රකාශ කර සිටිනවා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්‍ෂා වීමට අවශ්‍ය හානිකර වගන්ති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි කියා. ඒ වගේම ඒ අවස්‌ථාවේදීත් අපි දිගටම අදහස්‌ ඉදිරිපත් කරලා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා වඩා ප්‍රායෝගික ලෙස සංවර්ධනය සඳහා අපේ පරිපාලනය හා සංවර්ධන කටයුතු ඒකාබද්ධ වන ප්‍රතිංවිධානයක්‌ සිදුවිය යුතුයි කියලා.

මෙම අවස්‌ථාවට ම.එ.පෙ. ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක, උප සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් තිස්‌ස යාපා, උපලේකම්වරුන් වන සිසිර ජයකොඩි, සෝමවීර චන්ද්‍රසිරි, මෛත්‍රි විඡේසිංහ යන දේශපාලන මණ්‌ඩල සභිකයන් එක්‌විය.ඉන්දු - ලංකා ගිවිසුමෙන් සම්මත කළ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හේතුවෙන්

රටේ ආරක්‍ෂාවටත් පැවැත්මටත් ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක්‌ වන බව වසර 26 තිස්‌සේ පෙන්වා දුන්නා - මහජන එක්‌සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන
තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2013/06/28/news12.html

Thursday, June 27, 2013

ආණ්ඩුව තුළ මහින්ද පරදා චන්ද්‍රිකා මතවාදය ශක්තිමත් වෙලා - ඥානසාර හිමි

මහින්දගේ පෙරමුණට වඩා ලැජ්ජා සහගත ලෙස චන්ද්‍රිකාගේ පෙරමුණ ශක්තිමත් වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. හිමියන් මෙසේ පැවැසුවේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුවක් විසින් ඊයේ (26) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවැත් වූ ජනමාධ්‍ය හමුවේදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියන්, පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය සමාජගත කිරීමට කසකාරයෝ ටිකක් එළියට බැහැලා. වාසු, රාජිත, විතාරණ, ජී.ඇල්, එදා සිටම චන්ද්‍රිකාගේ ෆෙඩරල් මතවාදයේ හිටියා. අදත් ඒ අය පෙරමුණට ඇවිත්. රටේ ඒකීයභාවය වෙනුවෙන් දිව්රුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු චන්ද්‍රිකාට හෝ මොනයම් හේතුවක් නිසා හෝ ඉදිරියට එන්නේ නැහැ. හොරෙන් චන්ද්‍රිකා මුණ ගැහෙමින් රටට එරෙහි ව්‍යාපාරයක් ගෙන යන, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අත ඔසවන මැති ඇමැතිවරුන්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට ගෙයක් ගෙයක් ගානේ ගොස් ජනතාව පෙළ ගැස්වීමට අපි පියවර ගන්නවා. පළාත් සභා රටට අවශ්‍යද, නැද්ද යන්න කතා කිරීමට මතවාදී දෙපළක් අද ගොඩනැගිලා. අපි පෙනී සිටින්නේ රට, ජාතිය මතු පරපුරේ අනාගත පැවැත්ම හා රටේ ඒකීය භාවය වෙනුවෙන් පළාත් සභා අහෝසි කළ යුතුයි කියන අදහස දරන පිළෙයි.

චන්ද්‍රිකා 2000 පැකේජය ගේන අවස්ථාවේ පළාත් හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුර නොමැතිව තීරණාත්මක ලෙස සමාජගත වී අප ගෙන ආ මතය නිසා පැකේජය හකුළා ගත්තා. සුනාමි සහන මණ්ඩලයටත්, සටන් විරාම ගිවිසුම්වලටත් වුණේ එයමයි. අදත් බෙදුම්වාදී ව්‍යාපාරය මේ රටේ ජනාධිපතිවරයා වටේ හොල්මන් කරමින් රටේ ඒකීය භාවයට අභියෝග කරන්න පටන් අරන්. ත්‍රස්තවාදය ‍පෝෂණය කරන්න රාජ්‍ය නොවන සංවිධානවලට අනියමින් උදව් කරන අතර කොටි ත්‍රස්තවාදියාගේ සාහසික බව සාධාරණය කළ වාමවාදී පි‍ලේ අයත් රටේ ඒකීය බව රකින බවට ‍පොරොන්දු වී මැති ඇමැතිකම් දරමින් අද බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා.

අපි පරාජය කළේ බෙදුම්වාදයේ සන්නද්ධ පෙරමුණ පමණයි. දේශපාලන හා ජාත්‍යන්තර පෙරමුණ තවමත් තියෙනවා. සන්නද්ධ පෙරමුණ පරාජය කළ අවස්ථාවේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව පක්ෂ පාට දේශපාලනයෙන් තොරව දේශ වාත්සල්‍යයෙන් යුද ගිනිදැල් නිවුණු රටේ දන්සල් දී කිරිබත් කෑවා. මේ ආණ්ඩුවට බැරි වුණා ඒ දේශ ප්‍රේමීත්වය පදනම් කරගෙන දේශපාලන පෙරමුණ පරාජය කරන්න. ඒ සඳහා තිබුණු ස්වර්ණමය අවස්ථා සියල්ලම ආණ්ඩුව මග හැරිය නිසා අදටත් දේශපාලන බෙදුම්වාදයේ අඳුරු සෙවණැල්ල වූ ද්‍රවිඩ සන්ධානයට වැඩෙන්න ‍පෝෂණය වෙන්න අවස්ථාව දුන්නා. 

රජය ජනතාවගේ සැබෑ මතය නොසලකා හැර අමනෝඥ, තකතීරු, අදූරදර්ශී තීන්දු තීරණගෙන ජාත්‍යන්තරය සන්තෝස කිරීමට රට උගසට තැබුවොත් ඒ සඳහා අත ඔසවන්න හැමෝම අනාගත ආදීනව වලට වගකිව යුතුයි. අපේ අදහස දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි. එය මේ රටට මල් ඵල ගෙන දෙන කාරණයක් නොවන නිසා අපි  මස් රාත්තලම ඉල්ලනවා.

කතෝලික පල්ලියේ භූමිකාව ගැනත් සැකයි. එල්.ටී.ටී.ඊ යේ දේශපාලන පෙරමුණ වුණ ද්‍රවිඩ සන්ධානයේ නව නායකයා, නව ප්‍රභාකරන් ලෙස කටයුතු කරන්නේ මන්නාරම් රදගුරු රායප්පු ජෝසප්. කතෝලික පුවත්පතක එම රදගුරුතුමා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් සක්‍රීය දායකත්වය සැපයු ආකාරය හරි අපූරුවට වර්ණනා කර තිබෙනවා. කතෝලික  සභාවේ තීන්දුවක් තිබෙනවා ඔවුන්ට දේශපාලනය කරන්න බැරි බවට. එසේ තිබියදීත් එතුමා දමිළ වීම නිසා දමිළ ජනතාව වෙනුවෙන් කතා කරනවා නම් කෝ සිංහල දේශප්‍රේමී රදගුරුතුමන්ලා ඇයි තම දේශප්‍රේමීත්වය නොපෙන්වන්නේ.
ඉන්දියාවේ ටී.එන්.ඩික්සිත් මහතාගේ ‍පොතක සඳහන් වෙනවා එල්.ටී.ටී.ඊ. යනු කතෝලික පල්ලියේ සන්නද්ධ අංශය බව. දේශප්‍රේමී කතෝලික ජනතාව රට බෙදීමට එරෙහි ජාතික එකමුතුව සමග එකතු වී පෙරට එන ලෙස අපි ඔවුන්ට ආරාධනා කරනවා.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප හිමි

පළාත් සභා ක්‍රමය සංශෝධනය නොකර උතුරේ මැතිවරණය පැවැත්වීමෙන් වන හානිය පෙන්වා දෙන්න ලබන මස 2 දා මහරගම දී ජනහමුවක් පවත්වනවා. අප බලය නැති කර රටේ සාමය ඇති කළත් දේශපාලන වශයෙන් බෙදුම්වාදය පරාජය කළේ නැහැ. ඒ සඳහා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි.

මෙතෙක් රටට අහිතකර පියවරයන්ගෙන් රට රැක ගන්න පෙරමුණ ගත්තේ ජාතිමාමක දේශහිතෛෂි පින්වතුන්. විශේෂයෙන් මේ අවස්ථාවේ මහානායක හිමිවරු ඇතුළු දැන උගත් සිංහල බෞද්ධ සියලුදෙනාට ‍පොදුවේ ආරාධනා කර සිටිනවා ඒකීය භාවය අහිමි කරන වෑයම පරාජය කිරීමට අපත් සමග එකතු වන ලෙස .
ජාතික සංඝ සම්මේලනයේ ‍ලේකම් දොඹගොඩ සාරානන්ද හිමියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

ප්‍රශ්නය - රජය මේ වන විට තේරීම් කාරක  සභාවක් පත් කළා.
පිළිතුර -  පරමාධිපත්‍ය බලය සතු ජනතාවටයි. අපි ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම අපට අදාළ අවසන් තීරණයයි. අවසාන තීරණය 13 පිළිගන්න එකක් නම් අපි ඊට විරුද්ධයි. තීන්දුව මිස ක්‍රියාවලිය අපට අදාළ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්වන්නේ ඡන්දයෙන්. ඒ නිසා ජනතාව දැනුවත් කිරීම අනාගත මැතිවරණවලදී බලපෑම් කරන තීරණාත්මක සාධකයක් වෙනවා.

මෙම අවස්ථාවට පස්සරමුල්‍ලේ දයාවංශ හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, හැඩිගල්‍ලේ විමලසාර හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා, මානව විද්‍යාඥ පණ්ඩුල ඇ¼ඳගම මහතා ඇතුළු  පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව නියෝජනය කරන සංවිධාන රැසක නියෝජිතවරු එක් වූහ.

ජනපතිගේ මතය සමාජගත කරන්න කසකාරයො ටිකක් එළියට බැහැලා - රන්මලී සෝමසිරි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12676:2013-06-27-03-34-30&catid=61:2012-08-07-09-39-46&Itemid=77

අහෝ ඇමති සම්පතට කෑදර දිවදෙකේ මනුසත් රාජිත! 13 ගැන එසේ කීවේ ශ්‍රිලනිප ඡන්ද සුලුපක්ෂ කඩා ගන්නා නිසාලු!

පක්‍ෂයේ මතයට පිටින් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතුමන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.

ජනධිපතිතුමන් රැස්වීම ආරම්භ කර ඇත්තේම ‘කෝ මේ කළුතර කට්ටිය’ යනුවෙන් විමසමිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මතයට පිටින් මත දැක්වීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එසේ මත දක්වන්නන්ට පක්‍ෂයෙන් පිටව ගොස් ඒ අදහස් පල කිරීමේ හැකියාව ඇති බවත් රාජපක්‍ෂ මතතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හමුවේ දැඩිව අවධාරණය කර ඇත.

එහිදී ප‍්‍රශ්ණයක් නඟා ඇති නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා 13 වන සංශෝධනය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන බවට ලද පොරොන්දුවක් මත තමන් ආණ්ඩුවට එක් වූ බව රාජිත සේනාරත්න මහතා විසින් තැන තැන කියමින් යන බවත් එසේ පොරෙන්දුවක් දී ඇතිදැයි ජනාධිපතිතුමන්ගෙන් විමසා තිබේ.

ඒ අවස්ථාවේ තමන් ඉල්ලා සිටියේ කොටි පරදන සටනට සහය දෙන ලෙස මිස අන් කිසිවක් නොවන බවත් ඔවුන් ආණ්ඩුවට එක්වන්නට ඉල්ලූ දේවල් මේ අවස්තාවේ තමන් කියන්නට කැමති නැති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊට පිළිතුරු ලෙස අදහස් පල කර ඇත.

ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අදහස් පලකරමින් 13 වන සංශෝධනය වෙනස් නොකිරීම යනු යූඑන්පී සටන් පාඨය බවත් මෙම සංශෝධනය වෙනස් නොකර ගමේ ශ‍්‍රී ලංකා කාරයාට මුහුණ දෙන්න විදිහක් නැති බවත් පෙන්වා දී තිබේ. එදා යුඑන්පීයෙන් පැන්න වුන් මේ ආණ්ඩුව වැටුනොත් කිසි විලි ලැජ්ජාවක් නැතිව යූඑන්පීයට යළිත් රිංගනු ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය ක‍්‍රියාත්මක කරන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීය

බොහෝ වේලාවක් නිහඩව සිටි ශ‍්‍රීලනිප බේරුවල ආසන සංවිධායක රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් අවසානයේ කියා ඇත්තේ තමන් එවන් අදහස් පල කලේ සුළු පක්‍ෂ විසින් සිංහල බෞද්ධ ඡන්ද පදනම කඩා ගනීවි යයි සිතූ නිසා වුවද දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මතය දන්නා බැවින් ඉදිරියේදී ඒ අනුව කටයුතු කරන බවයි. ඊටම සමාන අදහස් පානදුර ශ‍්‍රීලනිප සංවිධායක අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේද දක්වා ඇත.

‘කෝ මේ කළුතර අය’ – ජනපති පෙරට, රාජිත අකුලාගනී
June 26, 2013 at 5:15 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/96355/

ප.ලි.
සුලු පක්ෂ සමඟ එකට වාඩිවී බෙදුම්වාදය වෙනුවෙන් කථා කළෙත් ශ්‍රිලනිපයේ ඡන්ද පදනම ගැන ආදරයෙන්ද ගරු ඇමතිතුමා?

[
සබැඳි ලිපි

පළාත් සභා - අභියෝග සහ පිළිතුරු - ගම්මන්පිල රාජිතට ලියයිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9859.html
]

13 සංශෝධනය කල් යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය නැවත වරක් සංශෝධනය කරමින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

13 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වූවේ පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතු කිරීම තහනම් කිරීම සහ යම් පනතක් සියලු පළාත් සභාවන්ගෙන් නොව බහුතර පළාත් සභාවන්ගෙන් සම්මත වීම ප්‍රමාණවත්ය කියන සංශෝධනයන්ය.

මෙම සංශෝධනය සම්මත කරගත යුත්තේ තුනෙන් දෙකක ඡන්දයෙන් වුවත් ඊට ඡන්ද තුනක් මුලින්ම ආණ්ඩුවට නොමැතිව පැවැති අතර, පසුව ආණ්ඩුවේ ඇමැතිවරු 06ක්  මීට විරෝධය දැක්වීමත් සමග මෙම පනත සම්මත කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

කෙසේ නමුත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති ආණ්ඩුව එම පනත දින දෙකක් විවාද කොට ඡන්දය නොවිමසා කල් තැබිමටද සැලසුම් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවන්නේද සංශෝධනයෙන් තොරවය.
මේ අතර, 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමද ජනාධිපතිවරයා විසින් තහනම් කර ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ලසන්ත වීරකුලසූරිය - 2013 ජුනි 27 08:45 a.m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12672:13-&catid=34:news&Itemid=62

ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවේ ප්‍රතිපත්තිය වැරදී - BJP(India)

ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් නොවන බව භාරතීය ජනතා පක්ෂය අවධාරණය කර සිටී .  ඉන්දීය මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා දුර්වල කිරීමට හේතුවන බව "ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන" මැයෙන් තමිල්නාඩුවේදී පෙරේදා (25) පැවති සමුළුවකට එක්වෙමින් භාරතීය ජනතා පක්ෂ නායකයා  ප්‍රකාශ කර ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. ය මර්දනය කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට එවනු ලැබුවේ නිසි සොයා බැලීමකින් තොරව බවත්  ජශ්වාන්ත් සිං මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම පාකිස්තානය සහ චීනය සම්බන්ධයෙන් මධ්‍යම රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියද  ජශ්වාන්ත් සිං මහතා දෝෂ දර්ශනයට  ඇති බව වාර්තාවේ .
භාරතීය ජනතා පක්ෂයේ නායක ජශ්වාන්ත් සිං මහතා  හිටපු ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍යවරයෙකු ද වේ 

පැතුම් වික්‍රමරත්න - 2013 ජුනි 26 07:10 p.m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12654:2013-06-26-13-48-10&catid=34:news&Itemid=62

[
සබැඳි ලිපි
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

පළාත් සභාවලට ‍පොලිස් ඉඩම් බලතල බෑ - ජනපති මන්ත්‍රීන්ට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා පිළිබඳව මත දෙකක් දැරිය යුතු නැතැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26දා) ජනපති ‍ලේකම් කාර්යාලයේ පැවැති හදිසි රැස්වීමකදී ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධව රජයේ ස්ථාවරය වී ඇත්තේ පළාත් සභාවලට ‍පොලිස් සහ ඉඩම් බලතළ නොපැවරිය යුතු අතර පළාත් සභා දෙකකට ස්වකැමැත්තෙන් එක්වීමටද ඉඩනොදිය යුතු යැයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ල.නි.ප. මහ ‍ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. 

ඒ අනුව ශ්‍රී ල.නි.ප.යේ සියලුම මැති ඇමැතිවරුන් පළාත් සභා බලතළ පිළිබඳව තනි මතයක් දැරිය යුතු බව කී ජනාධිපතිවරයා ප්‍රාන්තවලට ‍පොලිස් බලතළ ලබාදීම ඉන්දියාව වැනි විශාල රටකට ගැලපෙතත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පිහිටි පළාත් සභාවකට ‍පොලිස් බලතළ පැවරීමෙන් ගැටලු රැසක්ම පැන නැගීමට ඉඩ ඇතැයි පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමෙන් රටේ නැවත ඊළමක් බිහිවීමට පාර කැපෙන බවද ජනාධිපතිවරයා මෙහිදී තම පාර්ලිමේන්තු කණ්ඩායමට පෙන්වා දී ඇත. 

ඒ අනුව කිසිඳු පළාත් සභාවකට ඉඩම් සහ ‍පොලිස් බලතළ පැවරීමට රජයේ කිසිදු අදහසක් නැති බවද ඒ මහතා අවධාරණය කර ඇතැයි ශ්‍රී ල.නි.ප. ආරංචි මාර්ග පවසයි.

නිහාල් ජගත්චන්ද්‍ර/ පානුක රාජපක්ෂ 
2013 ජුනි 27 12:45 a.m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12670:2013-06-26-18-23-03&catid=34:news&Itemid=62

ඇමරිකානු ටයිම් සඟරාව බෞද්ධ ධර්මයට අවමන් කරලා - මියන්මාර් රජය

මියන්මාරයේ විරාතු රාතු නැමැති බෞද්ධ භික්‍ෂුවට එරෙහිව ඇමරිකාවේ ටයිම් සඟරාව කර ඇති ප්‍රකාශය ගැන මියන්මාර් රජය දැඩි විරෝධය පළ කර ඇත. මෙම ඇමරිකානු සඟරාව බෞද්ධාගම අවමානයට ලක්‌කර ඇතැයි මියන්මාර් රජය කියා සිටී. ටයිම් සඟරාව විසින් මියන්මාරයේ ප්‍රධාන ආගම වූ බෞද්ධාගමට අවමන් කිරීම ගැන සමාව යෑදිය යුතු යයි රජය දක්‌වා ඇත.

http://www.divaina.com/2013/06/27/forign04.html

ප.ලි.
මියන්මාර් රජයේ නිර්භීත මැදිහත්වීමට ලාංකීය අපේ උපහාරය පුදමු!

වැළලෙන, වැනසෙන, ඩෝසර් වන බොදු උරුමය හමුවේ, අල්ලසින් බොදුවන් නොබොදුනුවන් කෙරෙනා විටෙක, එයට එරෙහි නීති සම්මත කරගනුමට, සැතපුම් සියගනන් ගෙවා, පා වලින් රුහිරු වෑහෙමින්, පාගමන් යන්නට සිඳුවන, භික්ෂූන්ට ජීවිත පිදීමට සිඳුවන රටක, පාලකයන්ගේ මැදිහත් වීමක් නොවන විටෙක, මියන්මාර් රාජ්‍ය පාලකයන් දී ඇති ආදර්ශය ඉතා උතුම්ය!

සබැඳි ලිපි -
[

'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -
[
අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
]

ඉන්දු - ලංකා ගිවිසුම සංශෝධනයට ඉන්දියාවේ කැමැත්ත අනවශ්‍යයි - රජය

ඉන්දු - ලංකා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා ඉන්දියාවේ කැමැත්ත අවශ්‍ය නොවන බවත් ස්‌වෛරී රටක්‌ ලෙස ඒ ගැන ක්‍රියාකිරීමට රජයට හැකි බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (26දා) පැවසීය.

ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක සිවශංකර් මෙනන් මෙරටට පැමිණ 13 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූවත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කිසිදු එකඟතාවක්‌ ඇති කර නොගන්නා බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

රටේ ජාතික ආරක්‍ෂාවට හානියක්‌ සිදුවේ නම් ඒ ගැන ක්‍රියා කිරීමට රජයට හැකි බවත් සටන් විරාම ගිවිසුම අහෝසි කළේත් ඒ අනුව බවත් එම ආරංචි මාර්ග කීවේය.

ඉන්දු ලංකා ගිවිසුමට එවකට ජනාධිපති වු ඡේ. ආර්. ජයවර්ධන මහතාට අත්සන් කරන ලෙස ඉන්දීය රජය කියා සිටි බව ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි නිලධාරී කර්නල් හරිහරන් විසින් ප්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/27/news04.html

13 සංශෝධනයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකඟ වෙති

අදහස්‌ දැක්‌වීමේදී වගකීමෙන් කටයුතු කරන්න. ජනපති පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමට කියයි.

ඉඩම් - පොලිස්‌ බලතල ගැන තීරණය තේරීම් කාරක සභාවට... 

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ගෙන එන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ එකඟතාව ලැබී තිබේ. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ විශේෂ රැස්‌වීමේදී මෙම එකඟතාව පළ වී ඇත.

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දරන මතය පිළිබඳව අදහස්‌ දැක්‌වීමේදී වගකීමෙන් කටයුතු කරන්නැයි ද පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී උපදෙස්‌ දී තිබේ. 

මේ සම්බන්ධව පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරු එක ස්‌ථාවරයක සිට කටයුතු කළ යුතු බවට පක්‍ෂයේ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ගෙන එනු ලැබූ යෝජනාව පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා විසින් ස්‌ථිර කර තිබේ.

මෙයට පෙර ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධව අදහස්‌ දැක්‌වූ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු ද මෙහිදී මෙම සංශෝධනයට එකඟතාව දක්‌වා ඇති බව දැන ගන්නට ඇත.

පළාත් සභා දෙකක්‌ හෝ කීපයක්‌ ඒකාබද්ධ වීමට ඇති බලය ඉවත් කිරීම හා පළාත් සභා ලැයිස්‌තුවේ ඇති යම් යම් විෂයයන් පිළිබඳව තීන්දු ගැනීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම වෙනුවට බහුතර පළාත් සභා ප්‍රමාණයක එකඟතාව ලබා ගැනීම යන යෝජනා එම සංශෝධනයට ඇතුළත් වේ.

අනුර බාලසූරිය
http://www.divaina.com/2013/06/27/news01.html

යති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...

ගව ඝාතනය නැවැත්වීම, බලහත්කාරයෙන් අන්‍ය ආගම්වලට හැරවීම වැළැක්‌වීම ඇතුළු කරුණු කිහිපයක්‌ වෙනුවෙන් සිංහල රාවය සංවිධානය කතරගම කිරිවෙහෙර අසලින් ආරම්භ කළ පාගමන ඊයේ (26 දා) කොළඹට ළඟා විය.



පාගමනින් පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස්‌ අරලියගහ මන්දිරය අසලට පැමිණ උද්ඝෝෂණය කළ අයුරු හා පා ගමනින් පැමිණි භික්‌ෂූන්වහන්සේ නමක්‌ පාදයේ දිය බුබුළු පුපුරා තුවාල සිදුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමට රැගෙන  ගිය අයුරු.

'සිංහල රාවය' පාගමන කොළඹට... - ඡායාරූපය - කමල් බෝගොඩ
http://www.divaina.com/2013/06/27/news02.html

ලක්බිම පුවත
සිංහල රාවයේ අත්සන් දොළොස් ලක්ෂයක පෙත්සම ජනපතිට

ගව ඝාතනය නැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

ගව ඝාතනය නවතා දමන ලෙස ඉල්ලමින් අත්සන් දොළොස් ලක්ෂයක පෙත්සමක් සිංහල රාවය සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ (26) පස්වරුවේ අරලියගහ මැදුරේදී බාරදී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් අදහස් පවසා ඇත.
04-3
සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් ඇතුළු නියෝජිතයන් පිරිසක් අරලියගහ මැදුරට ගොස් අදාළ පෙත්සම ජනාධිපතිවරයාට භාරදෙන ලදී. ගව ඝාතනයට එරෙහිව ඇතුළු තවත් ජාතික ආගමික ඉල්ලීම් රැසක් මූලික කරගනිමින් සිංහල රාවය ජාතික සංවිධානය කතරගම සිට දින 12ක් පුරා පාගමනින් අරලියගහ මන්දිරය වෙත මෙසේ පැමිණි අතර, ජනාධිපතිවරයා එම සංවිධානයේ නියෝජිතයන්ට තමාව හමුවීමට අවස්ථාව ලබාදුනි.

මෙම හමුව සඳහා ‍පොලිස්පතිවරයාද සහභාගි වී තිබේ. ගව ඝාතනය නතර කිරීම සඳහා මාස දෙකක් ඇතුළත කැබිනට් මණ්ඩල අනුමැතිය ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවැසූ බව සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දායරතන හිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසූහ.

මීට අමතරව අන්‍යාගම්කරණය හා රෝග සුව කිරීමේ යාච්ඥා මධ්‍යස්ථාන පිළිබඳවද ජනාධිපතිවරයා වෙත සිංහල රාවය සංවිධානය කරුණු පවසා ඇති අතර, එහිදී ජනාධිපතිවරයා එවැනි යාච්ඥා මධ්‍යස්ථාන නවත්වන ලෙස ‍පොලිස්පතිවරයාට නියෝග කළ බවද අක්මීමන දායාරතන හිමියෝ පැවැසූහ.

මෙවැනි ආගමික මධ්‍යස්ථාන පිහිටුවීමට නම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අවසරය ගත යුතු බවත් ආගමික කාරණා මුල්කරගෙන මිනිස්සු පිස්සු වැට්ටවීම් නතර කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

ඡායාරූපය - චන්දන පෙරේරා (ජනාධිපති මාධ්‍ය අංශය)
පානුක රාජපක්ෂ/ රන්මලී සෝමසිරි 
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=12680&Itemid=

සබැඳි ලිපි -
[

ගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -

[
අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
]

Wednesday, June 26, 2013

ඇෆ්ගනිස්තාන ජනපති නිල මැදුරට තලේබාන් ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල්නුවර පිහිටි එරට ජනාධිපති හමීඞ් කර්සායිගේ නිල මන්දිරයට ඊයේ (25) අලූයම තලේබාන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය.

එරට සාමාන්‍ය වැසියන් ලෙස වෙස්වලාගත් තලේබාන් සටන්කාමීන් සිවුදෙනකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති අතර ජනපති මැදුරේ ආරක්‍ෂකයන් හා සටන්කාමීන් අතර පැවැති වෙඩි හුවමාරුවලින් ප‍්‍රහාරයට සම්බන්ධ වූ සටන්කාමීන් සිවුදෙනාම ජීවිතක්ෂයට පත් වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.
ඇෆ්ගන් වේලාවෙන් පෙරවරු 6.30ට පමණ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ජනපති මැදුරේ නැගෙනහිර දොරටුවෙන් බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
ඒ වන විට ජනාධිපති හමීඞ් කර්සායිද නිල මන්දිරයේ සිට ඇතැයි වාර්තා වේ. එහෙත් ඔහුට කිසිදු අනතුරක් වී නොමැත.

කාබුල් නුවර පොලිස් ප‍්‍රධානී අයෝබ් සලන්ගි ප‍්‍රකාශ කරනු ලැබුවේ ව්‍යාජ ආරක්‍ෂක රථවාහන බලපත‍්‍ර භාවිත කරමින් ජනාධිපති මැදුරේ මුරකපොලූ වලින් රිංගා ගත් ප‍්‍රහාරකයන් සිවු දෙනකු එල්ල කළ මෙම ප‍්‍රහාරය මේ වන විට එරට ආරක්‍ෂක අංශ විසින් පාලනය කරනු ලැබූ බවයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පැය දෙකකට වැඩි කාලයක් ගත වී ඇතැයි ද වාර්තා වේ.

එම කාලය තුළ විශාල පිපිරීම් හා ඇෆ්ගන් ආරක්‍ෂක අංශ සහ සන්නද්ධ ප‍්‍රහාරකයන් අතර දීර්ඝ ලෙස වෙඩි හුවමාරු වූ බවද බී.බී.සී. ලෝක ප‍්‍රවෘත්ති සේවය සඳහන් කරයි. මෙම ප‍්‍රහාරයේදී පිපිරීම් 14ක් වත් සිදුවන්නට ඇතැයි පැවසේ.

සන්නද්ධ පිරිස ඇෆ්ගන් ජනාධිපතිවරයාගේ ආරක්‍ෂකයන් සමඟ ද වෙඩි හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වේ. එම වෙඩි හුවමාරුවෙන් එම ආරක්‍ෂකයන්ට තුවාල සිදුවී නොමැති බව බී.බී.සී. ලෝක ප‍්‍රවෘත්ති සේවය පවසයි.

ඇෆ්ගන් ජනපති නිල මැදුරට ප‍්‍රහාර එල්ල වූ ඊයේ (25) දිනයේ ජනාධිපති හමීඞ් කර්සායි එරට සිටින දෙස්-විදෙස් මාධ්‍යවේදීන් ඇමතීමට නියමිතව සිටියේය.

From | http://www.lankadeepa.lk/index.php/articles/143156

ගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිට


ගව ඝාතනයට එරෙහිව ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කැර ගනිමින්  සිංහල රාවය ජාතික සංවිධානය  කතරගම සිට ආ  පා ගමන අරලියගහ මන්දිරය අසලින්  අද (26)අවසන් විය.

සිංහල රාවය ජාතික සංවිධානයේ  සභාපති අක්මිමන  දයාරත්න හිමියන්  ඇතුළු  නියෝජිතයින්  පිරිසක් අත්සන් දසදහසක්  රැගත් සංදේශයක් ජනාධිපති  කාර්යාලයට භාර දුන්හ.ගව ඝාතනයට එරෙහිව එම  පෙත්සම අත්සන් කැරිණි.

From | http://www.lankadeepa.lk/index.php/articles/143374

සබැඳි ලිපි -
[
ගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -

[
අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
]

තුන්කල් දුටු මඩිහේ මහා නාහිමි ජන්ම ශත සංවත්සරය

madihe23අද ‘මිනිසා හදා රට හදමු’ මේ වැදගත් ප්‍රකාශනය කළ සම්භාවනීය යතීන්ද්‍රයන් වහන්සේ කවරෙක්ද? ඒ අන් කවරෙකුත් නොව ඔබ අප හැම දෙනාම දන්නා අප හැම දෙනාගේම ආදරයට හා ගෞරවයට පාත්‍රව සිටි අග්ගමහා පණ්ඩිත, විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. මාතර මඩිහ නම් ගමෙහි 1913 ජුනි මස 21 දින උපත ලද උන්වහන්සේ කුඩා කල හඳුන්වන ලද්දේ ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්ධන යන නමිනි. පෙර පින් බල මහිමයෙන් එකල දේශදේශාන්තරයෙහි කීර්තිමත්ව වැඩසිටි පරම පූජනීය පැළෑණේ සිරි වජිරඥාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මඩිහේ පඤ්ඤාසීහ නමින් පැවිදි භූමියට පත්විය. තම ආචාර්යයන් වහන්සේ වෙතින්ම මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන විභාගවලටද පෙනී සිටි අතර ලංකා විශ්වවිද්‍යාලය කොලීජියෙහි ආරම්භ කරන ලද ‘විද්‍යා විශාරද’ උපාධි පාඨමාලාවට පෙනී සිට එයින්ද සාමාර්ථ්‍යය ලබා ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හා පෙරඅපර දෙදිග භාෂා ඥානයෙන්ද නිපුණත්වයට පත්වූහ. වත්මන් භික්ෂුව සතු භූමිකාව කුමක්ද යන්න මඩිහේ මහනාහිමි චරිතය අපට පෙන්නුම් කරදී ඇත. උන් වහන්සේගේ පෞරුෂය හා නායකත්වය වත්මන් සඟපරපුරට මහඟු පාඩමක් කියා දෙන විශිෂ්ට චරිතාපදානයකි. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙකු සේ අවුරුදු 70කට වැඩි තම පැවිදි ජීවිතය අර්ථසම්පන්නව කැප කළ ආකාරය ආදර්ශ සම්පන්නය. අනුන් වෙනුවෙන් සිතා කටයුතු කරන අය දුර්ලභ සමාජයක් තුළ මඩිහේ මහනාහිමි අන්‍යයන් වෙනුවෙන් සිතාමතා කටයුතු කළ බෝසත් චරිත ලක්ෂණවලින් හෙබි උත්තමයෙකි. මිනිසාගේ අධ්‍යාත්මික සංවර්ධනය පමණක් නොව ආර්ථික පැත්තෙන්ද මිනිසා හා රට සංවර්ධනය කරා යොමු කරවීමට මහනාහිමි මහත් සේ කැපවී කටයුතු කළහ. මිනිසාගේ දුගී දුප්පත්කම නැතිකරන්නටත්, විරැකියාව, මන්ද‍පෝෂණය හා මත්උවදුර, තරුණ අසහනය දුරු කරන්නටත් රජයට හා වගකිවයුත්තන්ට කරුණු ඉදිරිපත් කිරීමට නොපැකිළව ක්‍රියා කළහ. විවිධ මාධ්‍යයන් ඔස්සේත්, ලිපි‍ලේඛන මගිනුත් වගකිවයුත්තන් දැනුම්වත් කළහ.

එදා උතුරේ පැවැති ත්‍රස්තවාදී අරගලයේදී මඩිහේ මහනාහිමි අපට මහත් ශක්තියක් විය. උන්වහන්සේගේ ඒ අභීත සිංහනාදය පාලක පක්ෂයත් මහජනතාවත් අවදි කරලීමට සමත් ප්‍රබල බලවේගයක් විය. රටේ ජාතික ප්‍රශ්නවලදී පක්ෂග්‍රාහී වූයේ නැත.

මෑත යුගයේ මේ රටේ ඇතිවූ ආන්දෝලනාත්මක ප්‍රශ්නවලද මහනාහිමියෝ නිහඬ නොවූහ. ‍පොසොන් නිවාඩුව, පාසල් රජයට පවරා ගැනීම, රට සභා පනත, පුවත්පත් මණ්ඩල පනත, 71 කැරැල්ල, 83 වැඩවර්ජනය මේ රට දරුණු අගාධයකට ඇදදැමූ ත්‍රස්තවාදී උවදුර වැනි මේ රටට බලපෑ වැදගත් ප්‍රශ්න හමුවේ බුද්ධිමත්ව සිතාමතා තීරණ ගත්හ. නිවැරදි, සැනසිලිදායක විසඳුමක් කරා යොමුකරවීමට අවශ්‍ය මාර්ගෝපදේශය දුන්හ.

අද අපට බලවත් හිසරදයක්ව පවතින ජනවාර්ගික ගැටලුව සඳහා මහනාහිමි ඉදිරිපත් කරන ලද යෝජනා දැනුදු සලකා බැලීම ප්‍රයෝජනවත් විය හැකිය. උන්වහන්සේ මුලින්ම ප්‍රකාශ කළේ ජනවාර්ගික ගැටලුව හා සම්බන්ධව පවතින වැරදි අදහස් හා මිථ්‍යා සංකල්පවලින් ඉවත්වන ලෙසයි.

උතුරු ප්‍රදේශයෙහි පාබල හා නාවුක හමුදා ඒකක පිහිටුවා ඔවුන්ගේ පවුල්ද එහි පදිංචි කළ යුතු බවත්, කොළඹ ප්‍රදේශයෙහි සියලු ජාතීන් සුහඳව සිටින්නාක් මෙන් සිංහල ජනතාවද එහි පදිංචි කර එකට ජීවත්වීමට අවශ්‍ය සුහදශීලී වාතාවරණයක් ගොඩනැංවීම ඉතා වැදගත් බවත්, පෙන්වා දුන්හ. බෙදුම්වාදය නතර කරන ලෙසත්, ඊළාම් රාජ්‍ය සංකල්පය පාර්ලිමේන්තු පනතකින් අහෝසි කරන ලෙසත්, එසේ නොවුණහොත් එහි ප්‍රතිවිපාක සියලු රටවැසියන්ට භුක්තිවිඳීමට වන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

කිසිම දේශපාලන පක්ෂයකට හෝ කිසිම දේශපාලනඥයෙකුට ගැති නොවී රටේත් මහජනතාවගේත් සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ මහනාහිමිපාණෝ කිසිම දේශපාලනඥයෙකු පසුපස ගියේ නැත. වැරැද්ද, දුර්වලකම අවශ්‍ය තැන අවශ්‍ය විටදී පෙන්වා දුන්හ. ධර්ම දේශකයෙකු වශයෙන් බෞද්ධ අබෞද්ධ මහජනතාවගේ සිත්දිනා සිටි මහනාහිමි ‍ලේඛකයෙකු වශයෙන්ද ග්‍රන්ථ සංස්කාරකවරයකු වශයෙන්ද කාලීන පාඨක අවශ්‍යතා ඉටුකළ හිමිනමක ලෙසද ගෞරවයට පාත්‍රවනු ඇත. විශේෂයෙන් බෞද්ධ දර්ශනය, බෞද්ධ සිරිත්විරිත් භාවනා වැනි ආගමික විෂයයන් පිළිබඳ සිංහලයාගේ සමගිය හා ජාතික වීරවරයන් පිළිබඳවත් ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළහ. ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහිකිරීම උදෙසා මහනාහිමිපාණෝ ප්‍රමුඛස්ථානය දී කටයුතු කළහ. ඒ සඳහා මහරගම වජිරඥාන ධර්මායතනය ආරම්භ කර ධර්මවිනයධර ප්‍රසාදජනක භික්ෂු ආකල්පවලින් හෙබි සඟපරපුරක් ඇතිකරලීමට ගත් උතුම් මෙහෙවර ප්‍රශංසනීයය. මෙම ආයතනය තුළින් බිහිවූ භික්ෂුහු මෙරටෙහි ජාත්‍යන්තරවත් සම්බුදු සසුන වෙනුවෙන් උදාර කාර්යභාරයක් ඉටුකරති.

කොටස් වශයෙන් බෙදී පැවැති අමරපුර නිකාය සමගි සම්පන්න කිරීමෙහි ලා ඉටුකළ මෙහෙය ඓතිහාසිකය. මෙම කාර්යයෙහි ලා අපගේ ගුරුදේව අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමියන් ධෛර්යමත් කළ හිමිවරු අතර මඩිහේ මහනාහිමියන්ට ප්‍රමුඛස්ථානය හිමිවනු ඇත. මඩිහේ මහනාහිමියන් හා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් අතර හිතෛෂී හෘදයාංගම සම්බන්ධතාවක් පැවැතිණි. බළන්ගොඩට පවා වැඩමකර සැපදුක් සොයා බලා සතුටුසාමීචි කථාවෙන් ගත කළ අවස්ථා බොහෝය.

අමරපුර සාමග්‍රීය සංකේතවත් කරමින් ප්‍රථම එකීය උපසම්පදාව අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම ධර්මායතන සීමාවේදී කිරීම ඓතිහාසික සිද්ධියකි. අමරපුර මහා සංඝ සභාවේ උන්නතිය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙය නිසාම සියලු මහා සංඝරත්නයේ ඒකමතිකත්වයෙන් අමරපුර සංඝසභාවේ සභාපති පදවියටත්, පසුව උත්තරීතර මහනායක පදවියටත් ඒකමතිකව පත්කරගන්නා ලදහ. එකල අමරපුර සංඝ සභාවෙන්  ඉටුකළ මෙහෙය ප්‍රශංසනීයය.
බුරුමයේ පැවැති ජටඨමහා සංඝායනාවට සහභාගිවීමට වරම් ලද මහනාහිමියෝ බුරුම රජය විසින් ‘අග්ගමහා පණ්ඩිත’ උපාධිය පිරිනමා පුදන ලදී.

‍පොදු මහජනතාවගේ ප්‍රශ්න ගැන අවධානයෙන් සිටි මහනාහිමි ‍පොදු මහජනතාව සමග සිටියහ. සාමාන්‍ය මහජනතාවගේ දුක කඳුළ හා හදවතේ රිද්මය හඳුනාගත් මහනාහිමි පිහිටක් පතා තමන් වෙත එන අයට වේලාව අවේලාව නොබලා කරුණාදධ්‍යාශයෙන්ම පිහිට වූහ. උදවු උපකාර අවශ්‍ය අය ට නොපැකිළව ඉදිරිපත්වූ මහනාහිමි අනාරක්ෂිත ගම්මානවලටත්, දඹාන වැනි පිටිසර ගම්වලටත් ත්‍රස්තවාදී උවදුරුවලින් පීඩිත ගම්වලටත්, අනාථ නිවාස හා පුනරුත්ථාපන කඳවුරුවලටත් වැඩම කළහ. ආගමට, රටට, ජාතියට හා සිංහල භාෂාවට අපමණ සෙනෙහසකින් මුළු ජීවිතයම කැප කළ මහනාහිමි චාම් සරල අනතිමානී දිවිපවෛතක් ගත කළහ. අනුන් වෙනුවෙන් කරනු ලබන සේවය තුළින් අප්‍රමාණ සතුටක් වින්දහ. උපතින් ජන්මශත සංවත්සරය සිහිපත් කරන මේ අවස්ථාවෙහි අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් අප කළ යුතු පූජෝපහාරය වන්නේ උන්වහන්සේ ඉදිරිපත් කළ ‘මිනිසා හදා රටහදමු’ යන උතුම් සංකල්පයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ දායකත්වය ලබාදීමයි. මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ උතුම් නිවනින් සැනසීම ලබත්වායි අපිදු ඉතසිතින් ප්‍රාර්ථනය කරමු.

කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහානාහිමි
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=12330:2013-06-21-06-35-31&catid=58:urumaya&Itemid=80

සබැඳි ලිපි -
[
සිංහල කැක්කුමක් නැති අය මේ ලිපි කියවා බනිත් වා..!
http://denethharinna.blogspot.com/2013/02/blog-post_5652.html

තුන්කල් දුටු මඩිහේ පඤ්ඤාසීහ මහා යතිවරයාණෝhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_5322.html
]

කොන්ද පණ ඇති මිනිහෙක් බුද්ධ ශාසන ඇමති කරන්න. අපි නිල නොවන පොලිසියක් හදනවා. - ඥාණසාර හිමි

කොන්ද පණ ඇති මිනිහෙක් බුද්ධශාසන ඇමති කරන්නැයි බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

ඇසළ පෝයට කලින් මෙරට ක්‍රියාත්මක වන මූලධර්මවාදී අන්‍යාගමික සංවිධානවලට එරෙහිව බලධාරීන් කටයුතු නොකළහොත් ලංකාවේ නිල නොවන පොලිසිය ලෙස තම සංවිධානය කටයුතු කරන බවද උන් වහන්සේ එහිදී කීහ.

උන් වහන්සේ එහිදී මෙසේද සඳහන් කලහ.

“අපේ ව්‍යවස්ථාවේ නීති – රෙගුලාසි හදලා තියෙන්නේ බෞද්ධයන්ගේ අයිතීන් කප්පාදු කරන්න විතරයි. අනිත් හැමෝටම මේකේ පිනුම් ගහන්න පුළුවන්. මේක ජාත්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණයක්. ජාත්‍යන්තරව අපේ රට පාගන්න, අපකීර්තියට පත්කරන්න, කුමන්ත්‍රණ කරනවා.

මේ තක්කඩි මූලධර්මවාදීන්ට අපි කියනවා සිංහල බෞද්ධයන්ගේ ඉවසීම පරීක්‍ෂා කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා. අපේ ඉවසීම දැන් අවසානයට ඇවිත් තියෙන්නේ.

කළු සුද්දන්ගේ නීති හමුවේ ආගමික ඝට්ටනයක්, ඉදිරියේදී අනිවාර්යෙන්ම ඇති වෙනවා. ඒකට තමයි ඔය මූලධර්මවාදීන් උත්සාහ කරන්නේ. සංස්කෘතිය ඝාතනය කරනවා. සංස්කෘතික ආක්‍රමණයක් කරනවා. ඒකෙන් රට බේර ගන්න බැරි තක්කඩි බූරු දේශපාලනඥයෝ ටිකක් අපේ රටේ ඉන්නේ.

පරලොවට පිනක් දහමක් කරගන්නේ නැති බුද්ධශාසන ඇමැති කෙනෙක්ගෙන් රටට වැඩක් නෑ. අපි බුද්ධශාසන අමාත්‍යංශයෙන් අහනවා, මේ අන්‍යාගමිකකරණ වැඩපිළිවෙළට විරුද්ධව මොනවදා කරලා තියෙන්නේ කියලා.

ව්‍යවස්ථාව කියන උගුලේ බෞද්ධ ජනතාවගේ ගෙල සිරකරලා ඉවරයි. ලංකාව කියන්නේ බෙංගාල බොක්කට නෙවෙයි. ලෝකේ තියෙන හැම කුණුගොඩම මෙහේටයි ගොඩ ගසන්නේ. බයිබලේ කියන දෙවියෝ, හේවායෝ, යක්‍ෂයෝ ගාණට මෙහේ පල්ලි හැදුවම අපට මොකද වෙන්නේ?
අවම වශයෙන් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් මනුෂ්‍යයෙක් බුද්ධශාසන අමාත්‍යංශයට පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නිකන් පතෝල, වැටකොළු වගේ ඇමැතිලා නැතිවාට කමක් නෑ.

ගුණත් නෑ, අගුණත් නෑ වගේ අය පත්කළා දැන් ඇති. අනික අමාත්‍යංශ තක්කඩියන්ට හරියට සංඛ්‍යා ලේඛනයක් හදන්න තවම බෑ.

අපේ බෞද්ධයන්ට අද විශාල අසාධාරණයක් වෙලා. ඒක ගැන කතා කරන්න කාටවත් වුවමනාවක් නෑ. දේශපාලනඥයන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය අරගෙන පාර්ලිමේන්තු ගියේ කොස් කොටන්න නෙවෙයි. වැඩක් කරන්නයි. රට බේරාගන්න ඇමැතිලාට වුවමනාවක් නෑ. අපි ස්වාමීන් වහන්සේ ලෙස ඉවසුවා හොඳටම ඇති. අපේ කොඳු කඩන්න කාටවත් බෑ.

හුරතල් වෙලා නපුංසකයෝ වගේ මේ ප්‍රශ්න විසඳන්න බෑ. ජාතියක් – ජන්මයක් නැති බටහිර හුරතලුන්ට මේ රට ගැන කැක්කුමක් නැති වුණාට අපට කැක්කුමක් තියෙනවා. අපි අපේ වගකීම ඉටුකරනවා’

June 26, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/96345/

මු.කො. සමඟ මත ගැටුම් උග්‍ර වුවහොත් නැගෙනහිර විසුරුවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මුල්කර ගනිමින්  රජය සමග  පවතින මතගැටුම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් වුවහොත් නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කිරීමට පත්කළ විශේෂ කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිත කණ්ඩායමට තම නියෝජිතයෙකු ඇතුළත් නොකිරීම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දැඩි විරෝධය මතු වී තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය පවත්වාගෙන යාමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි වීම නිසා එය විසුරුවා හැරීමට රජයේ අවධානය යොමු වී  තිබේ. නැගෙනහිර පළාත් සභාවේ ස්වාධීනව කටයුතු කිරීමට  ආණ්ඩුකාරවරයා අවස්ථාව නොදීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සභාවාර කිහිපයක්ම වර්ජනය කර තිබිණි. මේ පිළිබඳව එහි මහ ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා  ඉකුත් සති අන්තයේ මෙම මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.

කමණී හෙට්ටිආරච්චි - 2013 ජුනි 25  12:30  a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=12508:2013-06-24-18-43-27&catid=34:news&Itemid=62