Pages

Wednesday, June 12, 2013

13 වෙනස්‌ නොකරන ලෙස කළ ඉල්ලීම් ඉවතට

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය කිසිදු වෙනසකට ලක්‌ නොකරන ලෙස රදගුරු සමුළුව සහ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් 12 දෙනකු කළ ඉල්ලීම රජය තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත.

රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන සමඟ හෝ ආගමික සංවිධාන සමඟ කිසිදු ආකාරයක එකඟතාවකට නොපැමිණීමට රජය ස්‌ථිර වශයෙන්ම තීරණය කර තිබෙන බවත් ඒ අනුව ඉහත ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට සිදු වූ බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

13 සංශෝධනය ඉන්දියාව විසින් මෙරට ජනතාවගේ අදහස්‌ විමසීමකින් තොරව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට යොමු කළ ක්‍රියාමාර්ගයක්‌ බව ද එම අවස්‌ථාවේ ඉහත සංවිධාන නිහඬව සිටි බව ද එම නිලධාරියා පැවසීය.

ලෝකයේ කිසිම රටක්‌ ජාතික ආරක්‍ෂාව සම්බන්ධව තීරණ ගැනීමේදී සිය ආරක්‍ෂක කවුන්සිල උපදෙස්‌ පිළිබඳව මිස රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීම්වලට හිස නමන්නේ නැහැ. ඇමරිකානු රජය ද මෑතකදී පැවසුවේ ඇමරිකාවේ ආරක්‍ෂාව සහ එකඟතාවන් ඇති කරගත්තේ නැති බවය යෑයි හෙතෙම පැවසීය.

මේ අතර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද මෑතකදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධව එකඟතා ඇතිකර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/12/news09.html

0 comments: