13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබාදී ඇති ඉඩම් හා පොලිස් බලතල ඉන් ඉවත් කිරීම පිළිබඳ මේ දිනවල දේශපාලන අංශ තුළ දැඩි කතාබහක් මතුව තිබේ. දහතුනෙන් පළාත් සභාවලට දුන් ඉඩම් හා පොලිස් බලතල ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් හා ජනමත විචාරණයකින් ලබා ගන්නා ජනතා කැමැත්තක් අවශ්‍ය වුවත් මෙම ව්‍යවස්‌ථාවෙන් ජනතාවට පරමාධිපත්‍ය බලය ලබාදී ඇති නිසා සාධාරණ ලෙස පවත්වන ජනමත විචාරණයක් තුළින් පමණක් 13 යළි සංශෝධනය කළ හැකි බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරිගේ මතයයි.
"දිවයින" ඉරිදා සංග්‍රහය සමග ගෝමින් දයාසිරි මහතා පළ කළ අදහස් පහත පළවේ.
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට පසු සංශෝධන කිහිපයක්‌ම ව්‍යවස්‌ථාවට එකතු වූවත් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පළාත් සභාවලට හිමි වූ ඉඩම් හා පොලිස් බලතල ඒ ආකාරයෙන්ම තිබෙනවා. වෙනත් සංශෝධන මගින් ඒ බලතල වෙනස් කිරීමට බැහැ. 13 වැනි සංශෝධනයෙන් හිමි කළ බලතලවලට අනුව පළාත් සභාව තුළ පොලිස් විමර්ශන කටයුතු කිරීමේ බලය පළාත් සභාවට හිමිවෙනවා. උතුරේ පළාත් සභාව බෙදුම්වාදී අදහස් දරන පිරිසකට පත් වුණත් සහ යම් විදිහකින් නැවතත් එල්. ටී. ටී. ඊ. සංවිධානය වැනි බෙදුම්වාදී ව්‍යාපාරයක් උතුරේ ඇරඹුණොත් 13 වැනි ව්‍යවස්‌ථාව මගින් පොලිස් බලතලත් පළාත් සභාවටම හිමිව ඇති නිසා බරපතළ තත්ත්වයක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඉඩම් බලතල පිළිබඳ ප්‍රශ්නයේදීත් උතුරු ප්‍රදේශයේ ආරක්‍ෂාවට අත්‍යවශ්‍ය ස්‌ථානවල ඉඩම් හමුදාවට ලබා ගැනීමේදී ගැටලු සහගත ප්‍රශ්න මතුවීමට ඉඩ තිබෙනවා.
උදාහරණයක් හැටියට පලාලි ගුවන් පථය ආසන්නයේ උස් ගොඩනැඟිලි තැනීම එහි ගොඩබස්‌වන ගුවන්යානාවලට තර්ජනයක් විය හැකියි. ඉඩම් බලතල පළාත් සභාව සතුව ඇති නිසා ආරක්‍ෂාවට අත්‍යවශ්‍ය ස්‌ථාන හමුදාවට ලබා ගැනීම දුෂ්කර විය හැකියි. මෙවැනිම ගැටලු යාපනයේ නාවික හමුදා කඳවුරු ආසන්න ප්‍රදේශවල ඇතිවීමට ඉඩ තිබෙනවා.
මේ රජයට ජනතාව බලය දුන්නේ ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්නටයි. නමුත් කළේ ජනාධිපති ධුර කාලය දීර්ඝ කරමින් 18 වැනි ව්‍යවස්‌ථාව සංශෝධනය හරහා ජනාධිපතිගේ සහ රජයේ බලතල තවත් ව්‍යාප්ත කිරීමයි. එක්‌සත් ජාතික පක්‍ෂය, දෙමළ සන්ධානය රජයේ කොටසක් වන මුස්‌ලිම් කොංග්‍රසයත්, පැරණි වාමාංශික මන්ත්‍රීවරුන් මේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ ඉඩම් හා පොලිස් බලතල ඉවත් කිරීමට අකමැති හෙයින් තුනෙන් දෙකක බහුතරයෙන් එය සිදුකිරීම අපහසු බව පෙනේ. මේ පිරිසේ වෑයම වන්නේ මෙය කෙසේ හෝ ප්‍රමාද කිරීමටයි. පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා මේ පිළිබඳ කටයුතු කිරීම ඔවුන්ගේ අභිලාෂය විය හැකි නමුත් එයින් කිසිදු යහපතක් සිදු වන්නේ නැහැ.
13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී තිබෙන ඉඩම් හා පොලිස් බලතල ඉවත් කිරීම සඳහා මේ අවස්‌ථාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදය වන්නේ ජනමත විචාරණයක් පැවැත්වීමයි. වර්තමාන ව්‍යවස්‌ථාව අනුව නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් හා ජනමත විචාරණයකින් පසුව ව්‍යවස්‌ථාවේ සංශෝධන කිරීමයි. එම ක්‍රියාදාමයට නොගොස් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 80 වැනි වගන්තිය යටතේ මෙය සිදු කළ හැකි ක්‍රමවේදයක් තිබේ. එනම් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ දැනට ඇති මෙම ඉඩම් හා පොලිස් බලතල ඉවත් කර සකස් කළ කෙටුම්පත කැබිනට් මණ්‌ඩල අනුමැතියකින් පසු ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමයි. 13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉඩම් හා පොලිස් බලතල ඉවත් කිරීමට එම ජනමත විචාරණයෙන් ජනතා අනුමැතිය ලැබුණොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය එයට අවශ්‍ය ද යන්න පිළිබඳ අධිකරණයෙන් විමසිය හැකි වේ.
වර්තමාන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රධාන බලය හිමිව තිබෙන්නේ ජනතාවටයි. ව්‍යවස්‌ථාවේ තුන සහ හතර වැනි වගන්තිවලට අනුව පරමාධිපත්‍ය බලය හිමිව ඇත්තේ ජනතාවටයි. ජනතාව තම පරමාධිපත්‍ය බලය ඉදිරිපත් කරන ක්‍රියාමාර්ග ජන්ද බලයයි. එම නිසා මෙම ප්‍රශ්නය විසඳීමට අද තිබෙන ප්‍රායෝගික ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුවට මෙම ප්‍රශ්නය ගෙන යැමට ප්‍රථම ජනතාවට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර ජනමත විචාරණයක් තුළින් ජනතා මතය විමසීම බව මගේ අදහසයි. ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායයන්ට අනුව ජනතා මතය ජනතා නියෝජිතයන්ගේ මතයට වඩා ශක්‌තිමත් ය. ව්‍යවස්‌ථාවේ 80 වැනි වගන්තියට අනුව මෙහි දී අවශ්‍ය වන්නේ බහුතර ජනතා කැමැත්තයි. බහුතර ජනතා කැමැත්තකින් එය සම්මත වුවහොත් එය නීතියක් බවට පත්වේ. එම නිසා මේ අවස්‌ථාවේදී රජය කළ යුත්තේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී ඇති ඉඩම් හා පොලිස් බලතල අවශ්‍ය ද එපාද යන්න පිළිබඳ ජනතා කැමැත්ත විමසා බැලීමයි. ආණ්‌ඩුවට එරෙහි ජනතා කොටස් පවා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වෙනස් කළ යුතුය යන මතය දරන බව පෙනෙන්නට ඇති හෙයින් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීම අසීරු කරුණක් නොවේ.
අධිකරණයට මෙම ප්‍රශ්නය යොමු කළ යුත්තේ ඉන් පසුවය. ජන්දයට නොගොස් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කළ හැකි ද යන්න පිළිබඳ ඡේ. ආර්. ජයවර්ධන මහතා අධිකරණය විමසූ අවස්‌ථාවේදී කොතරම් දුරට එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වුවත් සුළු ජන්දයකින් සුප්‍රීම් උසාවිය එය අනුමත කළා. එම නිසා විශාල ජනමතයක් ලබාගෙන ඇති අවස්‌ථාවක කරන මෙබඳු ඉල්ලීමකදී සුප්‍රීම් උසාවිය එයට ප්‍රතිචාර දැක්‌වීමට පෙළඹෙනු නොඅනුමානය. එම නිසා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල ඉවත් කළ යුතු යෑයි සාධාරණ ප්‍රබල ජනමතයක් ප්‍රකාශ වුවහොත් එය ක්‍රියාත්මක කිරීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නොවනු ඇති බව මගේ විශ්වාසයයි. සුප්‍රීම් උසාවිය එබඳු නිගමනයක් ලබා දුනහොත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා බහුතර මන්ත්‍රී කැමැත්ත ලබා ගැනීම අපහසු නොවේ. මේ අවස්‌ථාවේ පවත්වන ජනමත විචාරණයකින් ඉඩම් හා පොලිස් බලතල ඉවත් කළ යුතු බවට විශාල ජනමතයක් ලැබුණොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබා ගැනීම වුව දුෂ්කර නොවිය හැකි බවද මගේ අදහසයි. එම නිසා මේ අවස්‌ථාවේ ආණ්‌ඩුව කළ යුත්තේ සාධාරණ ජනමත විචාරණයක් තුළින් මෙම ගැටලුව පිළිබඳ මහජන මතය විමසීමයි. ඡේ. ආර්. ජයවර්ධන මෙබඳු ක්‍රියාදාමයකට එදා නොපෙළඹුණේ ඒ අවස්‌ථාවේ මහජන මතය තමාට එරෙහිව පැවැති බව ඡේ. ආර්. දැන සිටි නිසාය. නමුත් 13 වැනි ව්‍යවස්‌ථාව සංශෝධනයට එරෙහිව ජන්දය දීමට ජනතාවට බලා සිටිති. නිදහස් සාධාරණ ජනමත විචාරණයකින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් වන බැවින් මෙම පියවර ප්‍රජාතන්ත්‍ර විරෝධී එකකැයි කිසිදු රටකට චෝදනා කළ නොහැකිය. ඉන්දියාවේ ජයලලිතා සහ ආණ්‌ඩු විරෝධී රාජ්‍ය නොවන සංවිධාන හැර අන්කිසිවකු මෙම ක්‍රියාදාමයට එරෙහි වෙතැයි සිතිය නොහැකිය.
එක්‌සත් ජාතික පක්‍ෂයත් ඔවුන් ඉදිරිපත් කර තිබෙන නව ව්‍යවස්‌ථාව ජනමත විචාරණයකින් අනුමත විය යුතු බව පැවසීම මේ ක්‍රියාදාමයට තවත් ශක්‌තියක් සපයන බවද කිව හැකිය. ඒ අනුව එජාපයට වුවද මෙම ක්‍රියාදාමයට විරුද්ධ විය නොහැකිය.

විද්වත් හමුව - සාකච්ඡා කළේ - පාලිත සේනානායක
0 comments:
Post a Comment