Pages

Sunday, June 16, 2013

13 සංශෝධනය කරන්නේ රට බෙදීම වැළැක්‌වීමටයි - ජනපති

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අදාළව රජය අලුතින් ඉදිරිපත් කර ඇති සංශෝධන දෙක අවශ්‍ය වන්නේ අනාගතයේදී රට බෙදීම වළක්‌වා ඒකීය ස්‌වෛරී රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාව දිගින් දිගටම පවත්වා ගැනීමට බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (13 දා) උදේ පැවැති කැබිනට්‌ සාකච්ඡාවේදී ඇමැතිවරුන්ට අවධාරණය කළේය.

පනත්වල මොනවා තිබුණත්, තේරීම් කාරක සභා මොනවා යෝජනා කළත් තමන් මේ රටේ ජනාධිපතිවරයා ලෙස ජීවත්ව සිටිනතුරු කිසිදු බලවේගයකට රට දෙකඩ කරන්නට ඉඩක්‌ නොදෙන බව ජනාධිපතිවරයා තරයේ කියා සිටියේය. පළාත් සභා පනත සඳහා ඉහත සංශෝධන ඇති කරමින් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි සංශෝධනය කළ යුත්තේ, තමන්ට පසු අනාගතයේදී මේ රටේ බිහිවන කවර හෝ ජනාධිපතිවරයකුට රට බෙදීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන, ඉඩකඩ හා නීතියෙන් රිංගා යැමේ අවස්‌ථා ව්‍යවස්‌ථාව තුළ අසුරා දැමීමට බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම දැඩි උණුසුම් බවක්‌ ගත් අතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය නැවත සංශෝධනය විය යුතු බවට හා ඇතැම් සංශෝධන නොකළ යුතු බවට මැති ඇමැතිවරු පරස්‌පර අදහස්‌ පළ කිරීම ඊට හේතු විය.

බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2013/06/16/news06.html

0 comments: