බුද්ධ කාලීන භාරතයේ ඇති වූ පරිවර්තනය නීති හා රීති වශයෙන් සමාජ සම්මතයක් බවට පත් වූයේ ධර්මාශෝක අධිරාජ්‍ය සමයේ දීය. අශෝක ධම් ලිපි පරිශීලනයෙන් ඒ බැව් දත හැකිය. ඔහුගේ කාල්සි ගිරි ලිපියේ සඳහන් මෙ වැකිය බලන්න.
මේ ධම්ම ලිපි දෙවානං පියදසි විසින් ලියවන ලදී. මෙහි කිසියම් ජීවියකු නැසීම හෝ බිලිදීම නොකළ යුතුය. මෙහි සමාජ උත්සව නොපැවැත්විය යුතුය. එහි බොහෝ දෝෂ දේවානංපිය පියදසි දකියි.එතුමා සාධු යි සළකන යම් සමාජ උත්සව තිබේ. දේවානංපිය පියදසි ගේ මුලුතැන්ගෙයි සූප පිළියෙල කිරීම සඳහා පෙර දහසු ගණනක් බොහෝ ජීවිහු දිනපතා මරණු ලබති. එහෙත් දැන් මේ ධම්මලිපි ලියවන්නේ යම් කලෙකද එකල්හි මොනරුන් දෙදෙනෙකු හා මුවන් එකකුදැයි ජීවිහු තිදෙනෙක් පමණක් මරනු ලබති. මේ මුවා සෑම දිනකදීම මරණු නොලැබේ. මේ තුන් ජීවිහු පවා මතු මරණු නොලබති.
මහින්දාගමනය සිදු වන්නට පසුබිම සකස් වූයේ මේ ප්‍රබෝධය ලංකා ද්වීපයට පවා දැණුනු බැවිනැයි සිතිය හැකිය. බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේ තෙවරක්ම ලංකාවට වැඩම කළ බව සඳහන්ය.එවක සිටි ලංකා අධිපතියන් ගේ කැමැත්ත ඒ සඳහා ලැබුණු බවට වංශකථා වලින් සාක්ෂි සපයන්නේ නැත. යක්ෂ හා රාක්ෂ ගෝත්‍රිකයන් මේ ආගමනය ප්‍රතික්ෂේප කළ බවට කරන සඳහන සත්‍යයක් දැයි විමසා බැලිය යුතුය.
දඹදිව ශාක්‍ය සංහාරයට මැදි වූ ක්ෂ්ත්‍රියන් කපිලවස්තු පුරයෙන් වහංගු වී ගඟෙන් එතෙරව දකුණු දෙසට පැමිණියේ තව දුරටත් එම භුමි තලයේ වසන්නට නොවේ. සතුරු ආක්‍රමණ බලවත් හෙයින් රැකවරණ පතා වෙනත් දේශයකට ඔවුන් පැමිණිය යුතු විය. මෙහිදී එයට සුදුසුම ස්ථානය ලෙසින් සලකා ඇත්තේ ලංකාද්වීපයයි. එයට හේතුව දිගු කාලයක් තිස්සේ මහුදු කරයේ සිටි නාග ගෝත්‍රිකයන් සමග සහ සම්බන්ධයක් තිබූ බැවිනි. එසේ රැක වරණ පතා පැමිණි එක් පුද්ගලයෙක් වූයේ අමිතෝදන පුත් චෝර ශාක්‍ය කුමාරයාය. ඔහු විසින් කරන ලද ගල්ලෙන් පූජාවක් ගැන තිබෙන සෙල් ලිපියක් අම්පාර ප්‍රදේශයේ කලිඕඩය ගල් ගුහාවල තිබේ. එහි සඳහන් ව ඇත්තේ චොරිකිය මහ තිස යනුවෙනි.මේ සඳහන මගින් අප තේරුම් ගත යුත්තේ එකළ ලංකාවේ වැඩ සිටි රහතුන් වහන්සේලා වෙනුවෙන් මේ පූජාව කෙරුණු බවයි. ලංකාවේ එකළ රහතුන් වැඩ සිටි බව තව දුරටත් සනාථ කරන ජන ප්‍රවාද ගත සාක්ෂි බොහෝ වෙති. එකක් නම් රාක්ෂ ගෝත්‍රිකයන් තමන්ගේ වරිග පරම්පරා ගැන ලියා තැබූ වරිග පූර්ණිකාවයි. බුදුන් වහන්සේ කවිලාශපාලී නම් රාක්ෂ ගෝත්‍රික බිසවගේ ආරාධනයෙන් ලංකාවේ වයඹ දිග වෙරළට සම්ප්‍රාප්තව උරුවෙල දනව්වේ සිරි පතුල් සළකුණ තබා රාක්ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසමින් ඔවුන් ගේ වාසස්ථාන වෙත කාරුණික සිතින් ගමන් කළ බව එහි සඳහන්ව ඇත.මෙහිදී නීලගිරි නම් යක්ෂ සෙන්පතියාට දහම් දෙසා ඔහුව දමනය කළ බවද සඳහන්ය.බුදුන් වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා රාක්ෂ ගෝත්‍රිකයන් මහණව රහත් බව ලැබ සිටි බවද සඳහන් වේ. වරිග පූර්ණිකා ග්‍රන්ථයේ රහතුන් වහන්සේලා දොලොස් නමක් ගැන ලියැවි ඇත. ගල්ලෙන් පූජා කරන්නට ඇත්තේ මේ රහතුන් වහන්සේලාට බව නිසැකය.
මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුනු පොහෝ දින තෙරුන් වහන්සේ සිවු දෙනෙකු ද සාමනේරයන් සහ භණ්ඩුක නම් අනාගාමි කමරු ද සමග ලක්දිවට සෘද්ධියෙන් වැඩම කොට මිස්සක පව් මස්තකයෙහි පා පියුම් තබා වැඩ සිටි ආකාරය වංශ කතා වල මොනවට පැහැදිලි කර ඇත. තිස්ස රජු උයන් කෙළියේ නිරතව සිට මිස්සක පව් අසල අඹ වනයේ සැරි සරන්නේ තිස්ස නමින් කල ගැඹුරු ආමන්ත්‍රණයෙන් විස්මයට පත්ව ඒ මහිඳු මහ රහතන් වහ්නසේ බැව් දැන ගෞරව බුහුමානයෙන් උන්වහන්සේට අනුරාධපුරයට වඩින ලෙස ආරාධනා කළ බව සඳහන්ය.මහිඳු හිමියන් රජ මැදුරට පිවිසෙන්නේ දෙවන දිනයේ දිය. එහිදී ක්ෂ්ත්‍රියන් ධර්මට සවන් දී එහි බැඳෙති. ලක්දිව ශාසනය පිහිටුවා ලීම සඳහා දින විසිහයක් පුරා උන්වහන්සේ කල මෙහෙයවීම වංශ කථා වල දිග හැරෙන්නේ විචිත්‍රවත් ආකාරයෙනි.
රජු මෙන්ම රාජකීයන් ද බුදු දහමේ පිහිටුවීමෙන් පමණක් නොනැවතී බුද්ධ ශාසනය පිහිටුවීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වීමට පසුතලය නිර්මාණය වන විට බුදු දහම හා බැඳි දශ රාජ ධර්මය මෙහි ස්ථාපිත විය. රජු ද මනුෂ්‍යයකු බැවින් වැරදි සිදු වන්නට ඉඩ ඇති බව සලකා මේ රාජ සාර ධර්මයන්ඇති කරන ලද්දේ ධර්මාශෝක අධිරාජයාගේ මග පෙන්විම අනුවය. මේ පිළිවෙත ලක් රජකම අහෝසි වන තෙක්ම මෙහි පැවතුණි. අවසාන රාජකීයන් වූ වඩුගයන් කල ලන්දේසි ආන්ඩුකාරවරයා විසින් මල්වතු නාහිමි ඇතුලු සංඝ සභාව හා සාකච්ඡා කරමින් සකස් කළ සිංහල රජ සිරිත හා ලෝක චාරිත්‍ර නම් ලේඛනයක් තිබේ. එහි මේ පෙර සිරිත ගැන සඳහන් කර ඇත. එසේ බලන කල්හි මහින්දාගමන දායාදයක් වශයෙන් මෙහි ස්ථාපිත වූ රාජ සාරධර්මයන් කෙතරම් වැදගත් කමක් උසුලා ඇත්තේදැයි ක්ලපනා කළ හැකිය. නමුත් බ්‍රිතාන්‍යයන් මේ රට භාර ගත් දා සිට මේ පෙර සිරිත උල්ලංඝණය විය. ප්‍රාණ ඝාතය අදින්නාදානය සුරා මේරය වැනි දුෂ්චරිතයන් සඳහා රජයේ අනුබල ලැබුණි. 1912 වර්ෂයේ දී ඇති කළ සුරා පණත එවැනි අවසථාවකි.
මහින්දා ගමනය නිසා ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වඩම්මවාගෙන එනු ලැබිණ. එයින් පැන නැගුණු අස්ඨ ඵල බෝධින්ද දෙතිස් ඵලබෝධීන් වහන්සේලා ද ගම් දනව් කරා ගෙන යනු ලැබූහ. මේ නිසා සිංහල ගැමියන් කෙරෙහි ශ්‍රස්ධාවත් බුද්ධ භක්තියත් ඇති කරලීමට සමත් විය. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ යුගයේ දී යක්ෂ රාක්ෂ ගෝත්‍රිකයින් කරා සංනිවේදනය වූ බුදු දහම මේ නිසා බෞද්ධ සංස්කෘතියක් බවට පත් වී යයි සිතිය හැකිය. නිදසුනක් වශයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පැන නැගී තිබෙන බෝධි සම්ප්‍රදාය පෙන්වා දිය හැකිය. ශ්‍රි මහා බෝධින් වහන්සේට සත්කාර කිරීමටත් එය රැක ගැනීමටත් ගැමියන් තුල වර්ධනය වූ කැමැත්ත සංස්කෘතියක් බවට පත් විය.මෙය වඩාත් ඉස්මතුව පෙනෙන්නට පටන් ගත්තේ රජ වරුන් නොමැති අනුරාධපුරය ආරාජිකව පැවති සමයේ දීය. බෝධින් වහන්සේ රැක ගැනීමට ඇරුණු බෝධි පරම්පරාව වඩාත් සක්‍රීයව ඉතා දුකසේ එම කාර්යයන්හි නිරතව සිටියහ.
කිත්සිරි මෙවන් රාජ සමයේ දී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරලීමෙන් පසුව මේ බෞද්ධ සංස්කෘතියට නව පිබිදීමක් ඇති විය. වාර්ෂිකව දළදා පෙරහැර පැවැත්වීමද ගොයම් කපා පාගා ගැනීමෙන් පසුව අලුත් සහල් මංගල්ලය දළදා වහන්සේ වෙනුවෙන් සහ ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙනුවෙන් සිදු කිරීමටද ගැමියන් සැදී පැහැදී සිටියහ. දළදා වහන්සේ වෙනුවෙන් පූජ කළ ගම්බිමි නිසා එහි ජනයා තුල මේ හැඟීම වඩාත් තිව්ර ලෙස පැලපදියම්ව තිබුණායයි කිව හැකිය.
මේ බෞද්ධ හැදියාව ශත වර්ෂ ගණනාවක් තිස්සේ ලක්දිව වර්ධනය වූවකි. සිංහල ගැමියා අලුයම අවදිවූ තැන් සිටම ඔහු ගේ සෑම ක්‍රියාවකම ආගමික මෙනෙහි කිරීමකින් තොර නොවීය. බුදුන් ගේ පිහිටයි. තුනුරුවන් සරණයි. යනුවෙන් ඔවුන්ගේ මුවින් පිටවන්නේ නිරායාසයෙනි. බුදු අම්මෝ බුදු අප්පච්චියේ වැනි වදන් ඔවුන් ගෙ වචන කෝෂයේ සුලභය. ගොයම් කවි කියන්නා ද කරත්ත කවි ගයන්නා ද නිරායාසයෙන් බුද ගුණ සිහ කරති. පළමුව බදුන් වැද – දෙවනුව දෙවියන් වැද තෙවනුව ගුරුන් වැද කියම් කලවිටි පිරිත් පද බැද යයි කී වේ ද බුදුන් වඩිති මේ කමතට- සඳුන් සුවඳ ඉසිරෙයි වට – යොදුන් උඩට තිබෙනා බැට – බුදුන් අණින් එයි කමතට යයි කීවේද බුදුන්ට වැඩි යමක් මේ ගැමියන්ට නොතිබූ හෙයිනි.
කපුරු මල් පිපී පර වෙනවා නියමයි – රුකුල බැදි මීය ඇර යනවා නියමයි
සෙනේ ඇති දෙදෙන කඩවෙනවා නියමයි – මෙලොව උපන්නොත් පණ යනවා නියමයි.
යනුවෙන් මේ ගැමියා සසර අනිත්‍ය මෙනෙහි කළේය. සසර කෙටි කරගන්නට නම් පංචශිලය ආරක්ෂා කර ගත යුතු බවද දාන ශිල භාවනා වලින් කුසල් රැස් කර ගත යුත බවද ඔහු සිහිපත් කලේය. ඒ නිසාම සතර පෝයට සිල් සමාදන් වීමට අමතක නොකලේය. වර්ෂයකට වරක් මේ ගැමියෝ වන්දනාවට සූදානම් වූහ. අටමස්ථානය සොලොස්මස්ථානය බලා මේ පිරිස රැගත් කරත්ත හෝ වාහන පේළි ඇදී යන්නේ සාධු කාර සමගිනි. සිරීපාදේ කාලේට නඩේ සෑදී දිවි පරදුවට තබා පයින්ම ගමන් ගියහ. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන දාට පොලිම් ගැසි නොකා නොබී රැස් කකා සාධු කාර දෙමින් ඇදෙන මේ සිංහල බෞද්ධයන් තුල ඇත්තේ එදා මහින්දාගමනයෙන් ලැබූ දායාදයන්ය
සිංහල ගැමියන් අතර මෑතක් වනු තුරම මේ අහිංසක ගැමි සිරිත විරිත නොකඩවා පැවත ආයේය. ශ්‍රී මහා බෝධින් වහන්සේත් දළදා වහන්සේත් ජීවමානව වැඩ සිටින බැවින් ඔවුන් ගේ ශ්‍රද්ධා භක්තිය තවමත් පිටාර ගලමින් පවතී.එහෙත් ශ්‍රීපාදේ නගින තරුණ සැදැහැවතුන් වෙතින් මේ සිල් සුවඳ අද දැකිය හැකිදැයි පැණයක් නගී. සසරේ අනිත්‍ය දැක දැක ඉතාමත් අල්පේඡ දිවියක් ගත කළ සිංහල ගැමියා අතුරුදහන්ව ගොසිනි. වස ටැංකිය පිටේ බැඳ ගත් ගමන් සිටින වත්මන් ගැමියා ප්‍රාණ ඝාතය පිළබඳ ශික්ෂා පදය සමාදන් වුවත් එහි බරපතල කම ගැන අවබෝධයක් නැති තරම්ය. පෝ දාට පන්සලේ රැස්වන්නේ වැඩිතරම උපාසිකා මාතාවන් පමණකි. වන්දනා ගමන් වෙනුවට විනෝද ගමන් යන්නට පෝදිනම තෝරා ගැනීමට ඇතෙමෙක් සූදානම් වෙති. එහිදී සුරාවට මුල් තැනක් හිමි වන්නේ නිරායාසයෙනි. ඒ තරමටම සිංහල ජන සමාජය තුල මේ දුෂ්චරිතයන්ට වටිනාකමක් ලැබී තිබේ. අවසන් රජතුමා පිටුවහල් කිරීමෙන් පසුව රජ වාසලේ පාලන ධර්මය වූ දශ රාජ ධර්මය නොවැදගත් වූවා සේම මෙලෙස මහින්දාගමනයෙන් ලැබුණු දායාදයන් නොවැදගත වෙමින් ක්‍රමයෙන් වියැකී යන කල්හි ඉතිරිව ඇත්තේ වෙසක් දිනයත් පොසොන් දිනයත් පමණි. ඒ දින වලටද වඩා වැදගත් වන්නේ තොරණින් සැරසීම හෝ දන්සැල් දීමයි. ජීවිතයේ ඇති අනෙක් සියලුම අවස්ථා අකුසල් රැස් කිරීමට පමණක් ඇරී තිබේ. පොසොන් පුනු පොහෝ දින අර්ථවත් කළ හැක්කේ මහින්දාගමන දායාදයන් ගැන යළිත් මෙනෙහි කළහොත් පමණකි.
බණේ කොහොම කීවත් පවු පළ දෙනවා – පිනේ අරුම නොසිතා අපි පහු වෙනවා යයි කියන්නට තවත් ඉඩ නොතැබිය යුතු බවද අවසාන් වශයෙන් සඳහන් කරමි.
- මතුගම සෙනෙවිරුවන් - June 23, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/96201/

0 comments:
Post a Comment