Pages

Thursday, June 20, 2013

පළාත් සභා සහ 13 වැනි සංශෝධනය ශ්‍රී ලංකාවට දුන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව රජය ඉන්දියාවට කියයි

13 වැනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය මෙරටට යොමු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ මතය විමසීමකින් තොරව ප්‍රජාතන්ත්‍ර විරෝධීව යෑයි රජය ඉන්දීය බලධාරීන්ට දන්වා ඇත. 

13 වැනි සංශෝධනය සම්බන්ධව රජය සංශෝධන දෙකක්‌ යොමු කිරීමට ක්‍රියාකිරීම ගැන නොසතුටට පත්වන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං විසින් ප්‍රකාශ කර තිබිණි.

මෙම සංශෝධනය යටතේ ද්‍රවිඩ බළකායන් ස්‌ථාපිත කර එහි ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් බවද රජය අවධාරණයෙන් දන්වා ඇත.

එසේම 13 සංශෝධනය ගැන තීරණ ගන්නේ මෙරට ජනතාව මිස බටහිර ප්‍රජාව හා තමිල්නාඩුව නොවන බවද රජය තවදුරටත් ඉන්දීය බලධාරීන්ට දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/20/news03.html

0 comments: