Pages

Saturday, June 15, 2013

ශ‍්‍රී ලංකාවට මැදිහත් වෙන්න – TNA ඉන්දියාවෙන් ඉල්ලයි

13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබද සොයා බලා ඊට මැදිහත් වන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුව පළත් සභා සතු බලතල උදුරා ගැනීමටත් උතුරු නැගනහිර පළාත් ඒකාබද්ධ කිරීම නිරන්තරයෙන්ම නවතාලීමටත් අවශ්‍ය පසුබිම සකස් කරගනිමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවට දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය අධීක්ෂණය කිරීම සදහා ඉන්දියාවේ නියෝජිත  කණ්ඩායකම් රහසිගත ලෙස ශ‍්‍රී ලංකාවට එවීමෙන් හෝ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් හෝ සිදුකරන ලෙසත් ඔවුන් ඉල්ලා ඇත.

June 13, 2013 at 4:21 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95660/

0 comments: