Pages

Friday, June 28, 2013

'13' බලතල සංශෝධන යෝජනාව වයඹත් සම්මතයි. පක්‍ෂව ඡන්දය දුන් මු.කො.මන්ත්‍රී දෙදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

සිය පක්‍ෂයේ මතයට පිටුපාමින් වයඹ පළාත් රැස්‌වීමේදී පළාත් සභා බලතල සංශෝධනය කිරීමේ යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය හා දැරූ සියලුම තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.

මුස්‌ලිම් කොංග්‍රසයේ වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන රිස්‌වි ජවහර්ෂා සහ එම්. යෙහියා යන මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා තිබේ.

පක්‍ෂයේ ව්‍යවස්‌ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක ඇමැති රාවුµa හකීම් මහතා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පක්‍ෂයේ ස්‌ථාවරයට පටහැනිව ඡන්දය ප්‍රකාශ කළ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමටත් එතෙක්‌ පක්‍ෂයේ සියලු කටයුතු වලින් ඉවත් කිරීමටත් පියවර ගත් බව එම පක්‍ෂයේ නිලධාරියෙක්‌ ''දිවයින'' ට පැවසීය.

වයඹ පළාත් සභාවට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු තේරී පත්වූ අතර අනෙක්‌ මන්ත්‍රීවරයා මේ වන විට විදේශගත වී සිටී.

පළාත් සභා දෙකක්‌ ඒකාබද්ධ කිරීමට ඇති බලය ඉවත් කිරීම හා පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්‌ඩුව තීරණ ගැනීමේදී සියලු පළාත් සභාවලින් අනුමැතිය ලබාගත යුතුය යන්න වෙනුවට බහුතර පළාත් සභා ප්‍රමාණයකින් අනුමත විය යුතුය යන යෝජනාව පෙරේදා (26 වැනිදා) වයඹ පළාත් සභාවේදී විවාදයට ගත් අතර එහිදී යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

බලතල සංශෝධනයට ඡන්දය දුන්නාට වයඹ මු.කො.මන්ත්‍රී දෙදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/06/28/news03.html

සබැඳි ලිපි[බලතල සංශෝධන යෝජනාව වැඩි ඡන්ද 8 කින් උතුරු මැද සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/06/8.htmlබලතල සංශෝධනය කිරීමේ යෝජනාවට දකුණු - සබරගමු පළාත් සභාවල අනුමැතියhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_25.html
]

0 comments: