Pages

Tuesday, June 11, 2013

13 ගැන කතෝලික රදගුරු සම්මේලන යෙන් බෙදුම්වාදී පිල්ලි

දහතුන  සංශෝධනය සාමය යළි අස්‌ථාවර වේවි - කතෝලික රදගුරු සම්මේලනය

පළාත් සභා ක්‍රමය සර්ව සම්පූර්ණ නොවූවත් මෙම අවස්‌ථාවේදී එය වෙනසකට බඳුන් කිරීමෙන් සිදුවන්නේ අසීරුවෙන් ලබාගත් සාමය යළි අස්‌ථාවර වීම බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ මහ ලේකම් අති උතුම් වැලන්ස්‌ මෙන්ඩිස්‌ රදගුරු හිමිපාණන්ගේ අත්සනින් යුක්‌තව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය මූලික කොටගෙන තියුණු ස්‌වරූපයේ විවාදයක්‌ ජාතික මාධ්‍ය හරහා දියත් වී ඇති සෙයක්‌ මේ දිනවල අපි දකින්නෙමු. පුරා දශක දෙකකට වැඩි කාලයක්‌ තුළ බලාත්මක වූ මේ ව්‍යවස්‌ථා සංශෝධනය පළාත් තුළ බලය විමධ්‍යගත කිරීම තුළින් රාජ්‍ය පාලනය සඳහා ඉමහත් සේ ඉවහල් වී ඇති බව පෙනී යයි. එහිදී බල අධිකාරිය අරබයා යම් චංචල සිදුවීම් තැනින් තැන ඇති වී තිබුණ ද සමස්‌තයක්‌ හැටියට විමධ්‍යගත බල තුලනය මත ජනතාවට පාලන තන්ත්‍රය හා සම්බන්ධ වීමට අවකාශ සැලසී තිබිණි.

මෙම පළාත් සභා ක්‍රමවේදය සර්ව සම්පූර්ණ නොවුවත්, මේ අවස්‌ථාවේ එය වෙනසකට භාජන කිරීම අවුරුදු 30 ක කාල පරාසයක්‌ තුළ තිබූ යුදමය තත්ත්වයෙන් මිsදී අසීරුව ලබාගත් සාමය නැවත වරක්‌ අස්‌ථාවරත්වයක්‌ කරා ගෙන යැමට තුඩු දෙනු ඇත. එමෙන්ම එවන් වෙනස්‌කම් ඇති කිරීම විමධ්‍යගත බල අධිකාරි ව්‍යqහයක්‌ කරා නැවත යොමුවීමක්‌ සිදුකරන අතර දේශයේ අභ්‍යන්තර කරුණු කාරණා මුල්කොටගෙන අනිසි ජාත්‍යන්තර බලපෑම් ද ඇති කිරීමට ඉඩකඩ සලසනු ඇත. නමුත් අවශ්‍යයෙන්ම විය යුත්තේ උතුරේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්‌ සේ සලකා දේශයේ සිංහල හා ද්‍රවිඩ දේශපාලන නායකයන් එයට අවංක පිළිතුරක්‌ සපයා ගනු සඳහා ඒකරාශි වීමයි.

එම නිසා අවශ්‍ය වන්නේ එවන් විධිවිධාන ගෙන ඒමට පෙර විධිමත් අධ්‍යයනයක්‌ හා අදාළ සියලු කරුණු කාරණා සියුම් ලෙස සලකා බැලීමත්, සියලු දේශපාලන පක්‍ෂවලින් හා සිවිල් සමාජ සංවිධානවලින් පුළුල් ලෙස තොරතුරු විමසා බලා අවශ්‍ය පියවර ගැනීමත්ය. නමුත් එවැන්නක්‌ සිදු නොවන බව අපට පෙනී යයි. එලෙසම අප සිතනුයේ විවිධ සංශෝධන හා විධි විධාන පවත්නා ව්‍යවස්‌ථාවට වරින්වර අමුණාලීම, නිශ්ඵල ව්‍යායාමයක්‌ බවයි. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා කල්පනා කර බැලුමට කාලය උදා වී ඇති සෙයක්‌ හැඟේ. සියලු ජාතීන්ගේ සංකලනයෙන් හා සමාජ බලවේගවල සහයෙන් විවිධත්වය ගරු කරමින් එකට රොද බැඳෙන ජනතාවක්‌ සේ සියලු දෙනා හරි සමානාත්මතාවයෙන් සලකන ව්‍යවස්‌ථාවක්‌ අද නිර්මිත විය යුතුව ඇත. මේ කරුණු මුල්කොටගෙන ශ්‍රී ලංකා කතෝලික රදගුරුතුමන්ලා රජයෙන් ඉල්ලා සිටිනුයේ 13 වැනි සංශෝධනයට යෝජිත අන් සංශෝධන බලාත්මක කෙරුමට හෝ එකී සංශෝධනය ඉවත් කෙරුමට කටයුතු නොකරන ලෙසයි.

එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කමිටුව හරහා ක්‍රියාත්මකව සියලු දේශපාලන පක්‍ෂ හා සාකච්ඡා අරඹමින් ජාතිය, ආගම හා සමාජ විවිධත්වය නොසලකන සියලු ජාතීන් හට සෞභාග්‍යය උදාකරනු වස්‌ සාධාරණත්වය හා සාමය තහවුරු කෙරෙන නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා කටයුතු සම්පාදනය කරන ලෙසයි. එනයින් බලා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුකූලව දැනට නියමිත උතුරේ පළාත් සභා ඡන්දය පවත්වා පසුව නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීම සඳහා ඇති හැකියාව විමසා බැලීම යහපත් බව පවසන්නෙමු.

http://www.divaina.com/2013/06/11/news06.html

0 comments: