ආසියාවේ කේන්ද්‍රීය බලය වී ඇති චීනයට එරෙහිව ඇමරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති බව පැවසෙන ‘ආසියාවට කේන්ද්‍රයක්’ වැඩපිළිවෙළට එරෙහිව චීනය විසින් ඉතා සූක්ෂම ලෙස ඇමරිකාව වටලා ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන ජෝන් කැචික් පැවසීය.
ඇමරිකාව චීනයට ආසන්න රටවල් සමග ආර්ථික රාජ්‍යතාන්ත්‍රික සහ මිලිටරිමය සබඳතා ගොඩනැගීමේ ක්‍රියාවලිය බෙයිජිං පාලනය විසින් සිය රටේ ආර්ථික වර්ධනයට බාධා කරන්නක් ලෙස හෙළා දැක ඇති අතර තවත් දින කිහිපයකින් පැවැත්වෙන බරැක් ඔබාමා සහ චීන ජනපති ෂි ජින්පින් අතර හමුවේදී ප්‍රශ්න කෙරෙනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
කෙසේ වෙතත් ෂි ජින්පින් ජනාධිපතිවරයා පසුගියදා ටි්රනිඩෑඞ්, කොස්ටාරිකා සහ මෙක්සිකෝ රාජ්‍යයන් සංචාරය කරමින් ඩොලර් මිලියන සිය ගණනක මහා පරිමාණ ණය ආධාර ගිවිසුම් වලට එළඹ ඇති බව වාර්තා වේ. තම ඉන්ධන කර්මාන්තයට චීනය විසින් ඩොලර් බිලියන 4ක ණයක් ලබාදුන් බව වෙනිසියුලාවද තහවුරු කර තිබේ.
මෙක්සිකෝවට තෙල් නිෂ්පාදනයට ඩොලර් බිලියනයක් සහ තවත් ඩොලර් බිලියනයක වෙළඳ ගිවිසුමක් ලබාදීමත් සමග ටිබෙට් ප්‍රශ්නයට මැදිහත් නොවන බවට පොරොන්දුවක් මෙක්සිකෝව විසින් ලබාදී ඇති අතර ජපානයේ සෙන්කාකු දිවයින් ප්‍රශ්නයටද ඔවුන් සහය දෙනු ඇතැයි කියවේ.
මේ අතර පසුගියදා කැනඩාවේ ආරක්ෂක ඇමති පීටර් ජී. මැකේ චීනය සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට එළඹුනු අතර උතුරු ඇමරිකානු රාජ්‍යයේ තෙල්, ඛනිජ වැලි සහ ස්වභාවික වායු නිධි සඳහා චීන රාජ්‍ය සමාගම් විසින් ඩොලර් බිලියන 30ක් ආයෝජනය කර ඇති බව කැනඩාවේ චීන තානාපතිවරයා පවසන ලදී.
ඇමරිකාවට කිලෝමීටර 200ක් නුදුරින් චීන යුධ නෞකා අභ්‍යාස කරන බවද සිංගප්පූරුවේ පැවති ආරක්ෂක සමුළුවකදී අනාවරණය විය.
චීනය ඇමරිකාව වටලයි
June 10, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/95460/

0 comments:
Post a Comment