Pages

Saturday, June 15, 2013

සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ

සිංහල රාවය ජාතික සංවිධානය විසින් පවත්වන අධිෂ්ඨාන පා ගමන අද උදෑසන කතරගම කිරිවෙහෙර අබියසින් ආරම්භ විය.

එම සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමි සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමි මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක  හිමි ඇතුළු හිමිවරුන් විසිපස් නමක් කිරිවෙහෙර අභියස සත්‍යග‍්‍රහයක් පැවැත්වීමෙන් පසුව ගිහි පැවිදි රැසකගේ සහභාගීත්වයෙන් පාගමන ආරම්භ කල අතර ගාලූ පාර හරහා ගමන් කරන පා ගමන අද වීරවිල දක්වා ගමන් කිරීමට නියමිතය.

අරලියගහ මන්දිරය තෙක් පැමිණ පාගමන අවසානයේ අත්සන් දසලක්ෂයක පෙත්සමක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතය.

රටට ආවේනික දේශීය ව්‍යවස්ථාවක්  රටට හදුන්වාදීම අන්‍යාගම්කරණය ගව ඝාතනය අන්තවාදය සහ ත‍්‍රස්තවාදයට විරුද්ධව පියවර ගැනීම සර්ව ආගමික මිත්‍යාව ඉවත් කිරීම යන ඉල්ලීම් 5 මුල්කරගනිපමින් එම පාගමන පැවැත්වේ.

June 15, 2013 at 12:15 pm | lanka C news

0 comments: