Pages

Monday, June 17, 2013

'13' - පාලු ගෙයි වළං නොබිඳ විවාදයකට එන්න - ගම්මන්පිල රාජිතට අභියෝග කරයි

ජාතික හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී පවැත්වූ මාධ්‍ය හමුවක බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ රාජිත සේනාරත්න ඇමතිතුමා දිගින් දිගටම පළාත් සභා ක‍්‍රමය සාධාරණීකරණය කරමින් විවිධ අදහස්, උදහස්, චෝදනා දක්වමින් සිටින අතර, ඔහු නගන සියළු චෝදනාවලට හා පළාත් සභා ක‍්‍රමය පිළිබදව මා පිළිතුරුදීමට සූදානම් බවත්ය.

මේ පිළිබදව විවෘත සංවාදයකට ඇමතිවරයා නම් කරන  ඕනෑම රූපවාහිණී නාලිකාවක සහභාගී වීමට මා සූදානම් බවත්, පාලූ ගෙයි වළං නොබිද සජීවී සංවාදයකට පැමිණෙන ලෙස ඉතා ගෞරවයෙන් රාජිත ඇමතිවරායාගෙන් ඉල්ලා සිටින බවත්, කී උදය ඇමතිතුමා එතුමන් විසින් පළාත් සභා ක‍්‍රමය පිළිබදව සංවාදයක් ඉල්ලා සිටි බවත්, එම විවාදය තමන් සතුටෙන් හා කැමැත්තෙන් භාරගත් බවත් ඔහු අවධාරණය කලේය.

එමගින්, පළාත් සභා ක‍්‍රමය පිළිබදව ජනතාවට සැබෑ තතු නිරාවරණය කිරීමට මා හට හැකියාව ඇති බවත් එම අවස්ථාව විවිධ කාරාණා දක්වමින් පැහැර නොහැර මා කළ මේ අභියෝගය භාරගන්නා ලෙසත් ඉල්ලා සිටින ලදි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ පළාත් සභා මැතිවරණය සංශෝධනයන්ගෙන් තොරව උතුරු පළාතේ පැවැත්විය යුතු බව ප‍්‍රකාශ කරන කට මැද දොඩවන ලිබරල් වාමාංශිකයන් උතුරු පළාත් සභා ඡන්දයෙන් පසුව රට තුළ ඇතිවන ලේ වැගිරීම්, බෙදුම්වාදයන්, සන්නද්ධ කි‍්‍රයාවන් හා රට අස්ථාවරවීම් ඇතුළු දේශපාලනික වශයෙන් ඇතිවන අර්බුදයන්ට වගකිව යුතු බවය.

13 ගැන ගම්මන්පිල-රාජිත සජීව විවාදයකට සුදානම්
June 17, 2013 at 4:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95881/

0 comments: