Pages

Saturday, June 15, 2013

කොටි රූකඩවලට ව්‍යවස්‌ථා බලයක්‌ දෙන්න හදන මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායකත්වයට එරෙහිව සියලු මුස්‌ලිම් ජනතාව නැගී සිටිය යුතුයි - මුසම්මිල්

කොටි රූකඩවලට ව්‍යවස්‌ථාපිත බලයක්‌ ලබාදීමේ වුවනාවක නිරතව සිටින මුස්‌ලිම් කොංග්‍රස්‌ නායකත්වයට එරෙහිව සියලු මුස්‌ලිම් ජනතාව නැගී සිටිය යුතු යෑයි ජාතික නිදහස්‌ පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

උතුර පළාත් සභාව හරහා ව්‍යවස්‌ථාපිත බලයක්‌ ලබා ගනිමින් නැවත ඊළම් සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට කොටි රූකඩ උත්සාහ ගනිමින් සිටින බවද මොහොමඩ් මුස්‌ම්මිල් මහතා පෙරේදා (13 දා) බත්තරමුල්ල පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

කොටි සංවිධානය යුද්ධය පැවැති කාලයේ නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාව විශාල වශයෙන් ඝාතනය කළා. ජන ජීවිතය අවුල් වුණා. උතුරේ මුස්‌ලිම් ජනතාව පලවා හැරියා. කාත්තන්කුඩි, එරාවුර් පල්ලිවලදී මුස්‌ලිම් ජනතාව ඝාතනය කළා. එල්ටීටීඊයේ එවැනි ක්‍රියාකාරකම් වත්මන් රජය ප්‍රමුඛ වීරෝදාර රණවිරුවන් සහමුලින්ම නතර කළා.

වත්මන් මුස්‌ලිම් කොංග්‍රසයේ නායකත්වය දිනාගත් ජයග්‍රහණය ආපස්‌සට හැරවීමේ කුමන්ත්‍රණයකදී යෙදී සිටිනවා. එවක මුස්‌ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ එම්. එච්. එම්. අශ්රොප් මහතා උතුර නැගෙනහිර පළාත් සභාව ඒකාබද්ධ කරනවාට දැඩි ලෙස විරුද්ධ වුණා.

අශ්රොෆ් මැතිතුමා බෙදුම්වාදය ශක්‌තිමත් කරන දිශාවට බෙදුම්වාදයට කොටි ත්‍රස්‌තවාදයට උදව් කරන දිශාවට කටයුතු කරනවා වෙනුවට හැමවෙලේම ප්‍රකාශ කළේ බෙදන එක නෙවෙයි උත්තරේ සමගිවීමයි කියලා. ඒ නිසා තමයි ජාතික සමගි පෙරමුණ කියන දේශපාලන පක්‍ෂය නිර්මාණය කිරීම දක්‌වා ඒ ගමන ඉදිරියට ගෙන ආවේ. මුස්‌ලිම් කොංග්‍රසයේ ආරම්භය එහෙම වුණාට අද මේ පළාත් සභා ඒකාබද්ධ කිරීමේ බලතල ආණ්‌ඩුව සංශෝධනය කරන්න හදද්දී වර්තමාන නායකත්වය ඒකට විරුද්ධවයි කටයුතු කරන්නේ. පළවැනි දේ තමයි අශ්රොෆ් මැතිතුමා නිර්මාණය කරපු ඒ මුස්‌ලිම් කොංග්‍රසය අද අශ්රොෆ් මහතාගේ එම අදහස්‌වලට සම්පූර්ණයෙන් පිටුපාල තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරල තියෙනවා.

2000 දී තමයි මුස්‌ලිම් කොංග්‍රසයේ නායක අශ්රොෆ් මැතිතුමා ඝාතනයට ලක්‌වෙන්නෙ. 2000 දී මුස්‌ලිම් කොංග්‍රසයේ නායකත්වයට පත්වෙනවා රවුෆ් හකීම් මැතිතුමා. 2001 දී රවුෆ් හකීම් මැතිතුමා. කොටි සංවිධානයට හිතවත් ආණ්‌ඩුවක්‌ නිර්මාණය කිරීම දක්‌වා තමන්ගේ පක්‍ෂය ගෙන යනවා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීලා. ඊට පස්‌සේ 2002 දී රනිල් වික්‍රමසිංහ මහත්මයා සටන්විරාම ගිවිසුමක්‌ අත්සන් කළායින් පස්‌සේ ඔහු කොයි තරම් කොටි ගැත්තෙක්‌ වුණාද කිව්වොත් ප්‍රභාකරන් එක්‌ක ගිහිල්ලා හකීම් මහත්මයත් ගිවිසුමක්‌ අත්සන් කරනවා.

මුස්‌ලිම් ජනතාව අමු අමුවේ මරලාදාපු, කාත්තන්කුඩියේ පල්ලියේ අමු අමුවේ යාච්ඥ කරමින් හිටපු මුස්‌ලිම් ජනතාව මරලා දාපු, කුඹුරට යන මුස්‌ලිම් ජනතාව මරලා දාපු. ඔවුන්ගේ ඉඩම් අහිමි කරපු. මුස්‌ලිම් දරුවන් මරලා දාපු ප්‍රභාකරන් එක්‌ක රවුෆ් හකීම් මහත්මයි ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරනවා. ඒ විතරක්‌ නොවෙයි යුද්ධය ආරම්භ කරන මොහොතේ පටන් ඔහු යුධ විරෝධී ආකාරයෙන් කටයුතු කරනවා. එක්‌තරා අවස්‌ථාවකදී තමිල් චෙල්වම් මරාදාපු වෙලාවේ රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ සිය සංවේගය පළකරනවා තමිල් චෙල්වම්ට. එදා මුස්‌ලිම් මිනිස්‌සුන්ගේ ලේ දකින්න ආසාවෙන් හිටපු තමිල් චෙල්වම් මරද්දී ඒ තමිල් චෙල්වම් ත්‍රස්‌තවාදියට සංවේගය පළ කරපු මුස්‌ලිම් නායකයෙක්‌ තමයි රවුෆ් හකීම් කියන්නේ.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/06/15/news30.html

0 comments: