Pages

Sunday, June 16, 2013

වාස්‌ එක්‌කම පොලිසිය හා දේශපාලනයත් කියවමු

බස්‌නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මේ මොහොත වනවිට පසුවන්නේ පොලිස්‌ අත්අඩංගුවේය. පොලිසිය පවසන පරිදි බස්‌නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන සැකපිට පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ කොන්ත්‍රාත් ලබාගෙන කුලියට මිනී මරා අතේ පත්තුවීම නිසාය.

කොන්ත්‍රාත් ගෙන කළ මෙම කුලී මිනීමැරුම සම්බන්ධව වාස්‌ ගුණවර්ධන සමග ඔහුගේ අධීක්‌ෂණය යටතේ පිහිටුවා තිබු විශේෂ පොලිස්‌ ඒකකයට අනුයුක්‌තව රාජකාරි කරන පොලිස්‌ නිලධාරීන් සිවුදෙනෙක්‌ ද අත්අඩංගුවට පත් වී ඇත. මින් එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ උප පොලිස්‌ පරීක්‌ෂකවරයෙකි. අනෙක්‌ තිදෙනා කොස්‌තාපල්වරුන්ය. නිල නොවන තොරතුරු ප්‍රකාරව මෙම ඝාතනය සිදුවන්නේ රුපියල් ලක්‌ෂ තිහක කොන්ත්‍රාත්තුවකටය. ඉන් ලක්‌ෂ හයක්‌ දැනට අත්අඩංගුවට පත්වී ඇති ඝාතක කණ්‌ඩායමට බෙදා දී ඇති බව පැවසේ.

මෙම කොන්ත්‍රාත් මිනීමැරුම පිළිබඳ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව පසුගිය 10 දා රාත්‍රී 9.30 ට පමණ වාස්‌ ගුණවර්ධන පොලිස්‌ අත්අඩංගුවට පත් වන්නේය. යළිත් පසුගිය බ්‍රහස්‌පතින්දා ( 13 දා) මේ සිද්ධිය කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දිග හැරෙන්නේය. රහස්‌ පොලිසිය විසින් අධිකරණයට දැන්වූ පරිදි අදාළ මිනී මැරුමට වාස්‌ ගුණවර්ධන Rජු ලෙස දායක වූ ආකාරය පිළිබඳ සාධක ඔවුන් සතුව තිබේ. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගන්නේත්, වැඩිදුර පරීක්‌ෂණ සඳහා රිමාන්ඩ් භාරයේ රඳවා තබන්නට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් රහස්‌ පොලිසිය අවසර ඉල්ලන්නේත් ඒ පදනම මතය. 

අධිකරණය වෙත ඉදිරිපත් කරන 13 දා උදෑසන වනවිට වෛද්‍ය වාර්තා අනුව වාස්‌ ගුණවර්ධනගේ රුධිර පීඩනය වැඩිවන්නේය. දියවැඩියාව උත්සන්න වන්නේය. අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලබන්නේය. ඒ රෝහල්ගත කිරීම පිළිබඳව රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර අධිකරණයට දැනුම් දෙන්නේය. කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සාබ්දීන් විසින් වාස්‌ ගුණවර්ධනව රිමාන්ඩ් කිරීම සඳහා නියෝග ලබා දෙන්නේ ජාතික රෝහලට ගොස්‌ ඔහුව පරීක්‌ෂා කිරීමෙන් අනතුරුවය. ලබන 25 වනදා තෙක්‌ ඔහු රිමාන්ඩ් කිරීම සඳහා මේ වනවිට අධිකරණ නියෝග ලැබී තිබේ.

කුලී මිනීමැරුම් සිද්ධිය

වාස්‌ ගුණවර්ධනට සම්බන්ධ මේ සිදුවීම වන්නේ පසුගිය මැයි 22 දාය. එදින බම්බලපිටියේ සාගර මාවතේ කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ වන මොහොමඩ් ෂියාම් නමැති අය අතුරුදන් වන්නේය. හේ පාවහන් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකි. තිදරු පියෙකි. වාර්තා වන ආකාරයට එම සිදුවීම පෙළගැසෙන්නේ මෙසේය. 

මොහොමඩ් ෂියාම් ගේ සමීපතම මිතුරා ෆවුෆ් ඩීන් ය. හේ නීති විරෝධී මුදල් ගනුදෙනු කළ අයෙකි. මොහොමඩ් ෂියාම් අතුරුදන් වන දිනයේ සවස්‌වරුව ගතකරන්නේ සිය මිතුරු ෆවුෆ් ඩීන් සමගය. සිය මිතුරා අතුරුදන්වීම සම්බන්ධව වඩාත් කම්පනයට පත්වන්නේත්, බම්බලපිටිය පොලිසිය ඇතුළු පොලිසි හතරකට පැමිණිලි කරන්නේත්, මිතුරා සොයන්නට වෙහෙසෙන්නන් අතර ප්‍රමුඛ වන්නේත් ෆවුෆ් ඩීන්ය. 

මේ අතර නුගේගොඩ ප්‍රදේශයේ මාර්ගයක්‌ අසල අතහැර දමා තිබූ ෂියාම්ගේ මෝටර් රථය හමුවන්නේය. එම මෝටර් රථය ෂියාම්ගේ බව මිරිහාන පොලිසියේදී ෂියාම් ගේ ඥාතීන් විසින් හ`දුනාගන්නේය. පරීක්‌ෂණ මෙහෙයවන පොලිසියට මෝටර් රථය හමුවූ ස්‌ථානයට නුදුරින් පිහිටි ආයතනයක සී.සී.ටී.වී කැමරාවල සටහන්ව ඇති රූප පෙළක්‌ හමුවන්නේ ඒ සමගය. එම රූපවල අතුරුදන් වන ෂියාම් මෙන්ම ඔහු ගැන කම්පාවන ඔහුගේ මිත්‍ර ෆවුෆ් ඩීන් ද තවත් පිරිසක්‌ ද සිටිනා බව හ`දුනාගන්නා පොලීසිය ෆවුෆ් ඩීන්ව අත්අඩංගුවට ගන්නේය. තොරතුරු එකින් එක හෙළි වන්නේ ඉන් අනතුරුවය. 

ෆවුෆ් ඩීන් උන්ඩියල් නමින් හ`දුන්වන නීති විරෝධී මුදල් ජාවාරමේ යෙදෙන්නෙකි. ඔහු මොහොමඩ් ෂියාම්ට රුපියල් ලක්‍ෂ හාරසියක ණයක්‌ දී තිබුනේය. මෙම ණය අය කර ගැනීමට නොහැකිතැන ඔහුව ඝාතනය කිරීමට තීන්දු කරන ෆවුෆ් ඩීන් එම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දෙන්නේ පොලිසියටය. ෆවුෆ් ඩීන්ට අනුව නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන ඔහුගේ දිගු කාලීන මිත්‍රයෙකි. ඔහු මෙම කොන්ත්‍රාත්තුව සිය මිතුරාට භාර දෙන්නේ රුපියල් ලක්‌ෂ තිහක මුදලකට බව කියෑවිනි. ෂියාම්ව කැ`දවාගෙන ගොස්‌ පොලිස්‌ ඝාතන කණ්‌ඩායමට භාර දෙන්නේ ෆවුෆ් ඩීන්ය. ඝාතකයන් හමුවන්නට යැමට පෙර ඔවුන් දෙදෙනා ගාලුපාරේ හෝටලයකින් තේ පානය කරන්නේය. 

වාස්‌ ගුණවර්ධනගේ විශේෂ ඒකකයේ සිටිනා ඔහුට සමීප උප පොලිස්‌ පරීක්‌ෂකවරයාත්, කොස්‌තාපල්වරු තිදෙනාත් අත්අඩංගුවට පත්වන්නේ ෆවුෆ් ඩීන් ලබාදෙන විශ්වාසනීය තොරතුරු මත පිහිටමිනි. මෙම පොලිස්‌ ඝාතකයන් ලබාදෙන තොරතුරු පදනම් කරගෙන දින ගණනක්‌ තිස්‌සේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන පසුගිය ස`දුදා (10 දා) අත්අඩංගුවට ගන්නේය. 

හෙළිකරගත් තොරතුරු අනුව මේ අපරාධකරුවෝ මොහමඩ් ෂියාම්ව දොම්පේ ප්‍රදේශයේ කැලෑවකට ගෙනගොස්‌ මරා දමා මිනිය ල`දු කැලෑවෙහිම ඔබා පැමිණ සිටියහ. මෙම හ`දුනා නොගත් මෘත දේහය පොලීසිය විසින් සොයාගෙන ඊට දිනකට පසු ගම්පහ රෝහල වෙත භාර දී තිබිණි. තම ඥාතියා සොයමින් රෝහල්වල මෘත ශරීරාගාරවලට යමින් සිටි ෂියාම්ගේ සමීපතමයෝ පසුගිය 31 වැනිදා ඔහුගේ සිරුර ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේදී හ`දුනා ගත්හ. ෂියාම් ඝාතනය කිරීම ස`දහා පොලිස්‌ ඝාතකයන් යොදාගත් බවට සැක කරනු ලබන පිස්‌තෝල දෙකක්‌ මේ වනවිට පෑලියගොඩ පොලිසියේ තිබී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. 

වාස්‌ ගේ කතා

මේ සිදුවීම කම්පනයකට වඩා අප තුළ උපදවන්නේ පුදුමයකි. 

වාස්‌ ගුණවර්ධන ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ දක්‌වා ගිය ගමන පුදුමය. අලංකාරය. හුරුබුහුටිය. ඇ`ග කිළිපොලා යන සුළුය. ඒ ගමනේ අපුරුව මේ රටේ මිනිස්‌සු දනිති. හේ මිනී මැරීම හෝ කප්පම් ගැනීම පුදුමයට කරුණක්‌ නොවුණද මේ ආකාරයට අත්අඩංගුවට පත්වීම ගැන රටට පුදුමය. මෙබ`දු තීන්දුවක්‌ ගත්තේ ලංකාවේ පොලිස්‌පති ඉලංගකෝන් ම දැයි සිතන විට ඊටත් පුදුමය. රටේ සබුද්ධික මිනිසුන්ගේ ඒ පුදුමය සහේතුකය.

වාස්‌ ගුණවර්ධනව මේ රට හො`දින්ම හ`දුනාගන්නේ වර්ෂ 2011 ජනවාරි මාසයේ 22 දාය. ඒ වනවිට වාස්‌ ගුණවර්ධන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂකවරයාය. වාස්‌ ගුණවර්ධනගේ පුතා ඒ වනවිට මාලඹේ උසස්‌ තාක්‌ෂණ ආයතනයේ සිසුවෙකි. ඔහු හා ආරෝවක්‌ ඇති කරගන්නා ඔහුගේම වයසේ සිසුවෙක්‌ උක්‌ත දා වාස්‌ ගුණවර්ධනගේ පුතා විසින් පැහැරගෙන යනු ලබන්නේය. සිසුවාව පැහැර ගන්නේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසිනි. පැහැරගෙන දරුවාව වාස්‌ ගුණවර්ධනගේ ගෙදරට රැගෙන යන්නේය. අනතුරුව අමානුෂික ලෙස පහර දෙන්නේය. මරා දමන්නට සූදානම් කර වදයට පත් කරන අපරාධකරුවකුට කරන්නාක්‌ සේ පහර දෙන්නේය. වාස්‌ගේ බිරි`දත් ඒ පහර දෙන මිනීමරු කණ්‌ඩායමේ සිටින්නේය. එහෙත් මේ දරුවාව පාතාල අපරාධකාරයෙක්‌ කර අතුරුදහන් කරවීමට මොහොතකට පෙර අද සිදුවී ඇති ආකාරයෙන්ම වැඩේ පත්තුවන්නේය. එසේ වන්නේ මරාදමන්නට නියම කර තිබු මේ දරුවාගේ දෙමව්පියන් මෙය කියවන ඔබටත් මටත් වඩා වැඩි සමාජ බලයක්‌ සහිත යමක්‌ කමක්‌ කරන්නට හැකි පුද්ගලයන්වීම නිසාය. එදා මේ සිද්ධිය රටම කම්පනයට පත් කළේය.

මේ සිද්ධියෙන් අනතුරුව අවස්‌ථා දෙකකදී වාස්‌ ගුණවර්ධන සිය දිවි නසාගැනීමට උත්සාහ කර තිබුණේය. රෝහල්ගත කර ජීවිතය බේරාගත් එම අවස්‌ථාවන් දෙකම බීමත්කම නිසා ඔහුට සිදුවූ අත්වැරදීම් බව කියෑවිනි. එහෙත් ඔහු රටට ත්‍රිල් උපදවන වැඩ්ඩෙක්‌ වී සිටියේය. ඒ සාක්‌ෂි රහිතව පාතාල සාමාජිකයන් අතුරුදහන් කර පාතාලය මර්දනය කිරීම, රත්නපුර කහවත්තේ කොටකෙතන ගමේ මිනීමරුවන් යෑයි උපකල්පිත පුද්ගලයන් පාරවල් අයිනේ ඝාතනය වීම වැනි සමාජය ප්‍රාර්ථනා ඔහුගේ ආගමනයත් සමග ඉටුවීම නිසාය. 

ඒ සඳහා දිය හැකි මතකයේ රැඳෙන උදාහරණ කීපයක්‌ වේ. ගාල්ල ඩික්‌සන් පාරේදී මහ දවල් කුමාර සෙනවිරත්න නමැත්තා ඝාතන කරනු ලැබීය. ඔහුව ඝාතනය කරන්නේ අත්පා වරින් වර කපා වෙන් කිරීමෙනි. මේ තිරිසන් ඝාතනයේ වීඩියෝව ඒ වකවානුවේ බොහෝ දෙනෙකුගේ හෑන්ඩ් ෙෆdaන්වලත් තිබුණේය. ඒ සමගම කුමාර ගේ සොහොයුරන් දෙදෙනාත් මරා දැමිණ. ඔහුගේ එක්‌ සහෝදරයෙක්‌ වූයේ ගාල්ල මහනගර සභාවේ හිටපු විපක්‌ෂ නායකවරයා වූ දුෂාන්ත සෙනවිරත්නය. මේ අපරාධ මර්දනය කරන්නට නව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයා ලෙස ගාල්ලට පත්ව එන්නේ වාස්‌ ගුණවර්ධනය. ඔහු වැඩ භාරගෙන කීප දිනකින් අත් පා බැඳ හිසට වෙඩි තබා මරා දැමූ තරුණයින් පස්‌ දෙනෙකුගේ සිරුරු මහ මඟ දමා ගොස්‌ තිබියදී හමුවන්නේය. පසුව දැනගන්නා පරිදි මේ මරා දැමෙන්නේ සෙනවිරත්න සොහොයුරන් මරා දැමූ මිනීමරුවන් නොවේ. එහෙත් මේ භීෂණයත් සමග සැබෑ මිනීමරුවෝ බිය වෙති. වෙනත් වරද සඳහා ඔවුහු අධිකරණයට ඉදිරිපත් වී බන්ධනාගාරගතව ස්‌වකීය ආරක්‌ෂාව සලසා ගනිති.

වාස්‌ගේ තියරිය එයය. ගාල්ලේ භීෂණය නැතිවන්නේය. වාස්‌ පොරක්‌ වන්නේය.

අනතුරුව වාස්‌ව කහවත්ත කොටකෙතනට යවන්නේය. ඒ නොවිසඳී තිබූ අපරාධ විසඳීම සඳහාය. රත්නපුරයේ නව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයා ලෙස පත්වී යන හෙතෙම වැඩ ආරම්භ කරන්නේ අපරාධකරුවන් කීපදෙනෙක්‌ ඇප මත නිදහස්‌ වී පැමිණීමෙන් පසුය. මෙසේ ඇප මත නිදහස්‌ව පැමිණෙන කිහිප දෙනෙක්‌ නාඳුනන තුවක්‌කුකරුවන් විසින් පැහැරගෙන හිසට වෙඩි තැබී මිය යන්නේය. ඉන් එකෙකුගේ මළ සිරුරවත් තවමත් නැත. මේ ඝාතන වැලේ ප්‍රධාන අපරාධකාරයා ලෙස සැක කළ රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා නීතිපති උපදෙස්‌ මත නිදහස්‌ වීමෙන් අනතුරුව සිංගප්පුරුවට පැන ගොස්‌ ජීවිතය බේරා ගන්නේය. 

ඒ ආකාරයට කහවත්තේ භීෂණයත් නිමා වන්නේය. මේ වික්‍රමයත් සමග වාස්‌ ගුණවර්ධන කොළඹට කැඳවනු ලබන්නේ නියෝජ්‍ය පොලිස්‌පති තනතුරකට උසස්‌ කරමිනි. 

නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ ලෙස සම්භාවනාවට ලක්‌ වී මිනිස්‌සුන්ව පුදුම කරවන්නේ මේ වාස්‌ ගුණවර්ධනය. 

එම තනතුරට පත්වීමෙන් අනතුරුව, මීට නොබෝ දිනකට පෙර අසන්නන් මුසපත් කළ, ආත්මීය කතාවක්‌ කරමින් මේ රටේ මිනිස්‌සුන්ට අසාධාරණයක්‌ වූ විට පැමිණෙන්නට ඇති එකම ස්‌ථානය පොලිසිය බව හේ කීවේය. එහෙව් පොලිසියේ පොලිස්‌ නිලධාරීන් ගෞරවනීය හා අභිමානවත් අයවලුන් වියයුතු බවත් කීවේය. මින් පසු ගිනි අවි සහිතව නිල ඇ`දුම් පිට රාජකාරි කරනු ලබනා පොලිස්‌ නිලධාරීන් දේශපාලකයින්ගෙන් හෝ චණ්‌ඩින්ගේ ගුටි කා පොලීසියට පැමිණියහොත් උන්ගේ කෝට්‌ ගලවන බව කීවේය. එහෙව් වෙලාවක ගිනි අවිය පාවිච්චි කර හෝ සිය අභිමානය ආරක්‌ෂා කරගන්නා ආකාරය ගැන පොලිසියට උපදෙස්‌ දුන්නේය. 

එසේ කියූ වාස්‌ ගුණවර්ධන මේ මොහොත වනවිට කොන්ත්‍රාත් ගෙන කුලියට මිනී මැරීමේ අපරාධ චෝදනා මත පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේය. 

කෙසේ වෙතත් වාස්‌ ගුණවර්ධන පොලිසියේ සිටිනා හුදකලා වූ සැකකාර මීනිමරුවා හෝ අපරාධකාරයා නොවේ. වාස්‌ට මෙන්ම පොලිසියේ තවත් බොහෝ දෙනෙකුටද එළිපිටම මිනී මැරීමේ ඉතිහාසයක්‌ තිබිණි. ඔවුන් බොහෝ දෙනෙකුට නඩු නැත. දැන් වාස්‌ ගුණවර්ධනට නඩු වැටී තිබේ. අපට හිතෙනා පරිදි වාස්‌ ගුණවර්ධන මේ භුක්‌ති විඳින්නේ තමන් ලද ආවරණයෙන් පිටතට පැමිණ තමන්ගෙ ගේම ගහගන්නට යැමේ උද්ධච්ඡකමේ ප්‍රතිඵලය. 

අවබෝධ කරගත යුතු යථාර්ථයක්‌ තිබේ. මේ අප අත්වි`දින්නේ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් කොන්ත්‍රාත් ගෙන කුලියට මිනීමරන රටක, නඩුකාර හාමුදුරුවරුන් නඩු දිනවීම ස`දහා කප්පම් ගැනීමට ගොස්‌ අල්ලස්‌ කොමිසමට කොටුවී බන්ධනාගාර ගතවන රටක ජීවත්වීමේ අසිරිය ය. මේ හෙළිදරව් වන්නේ අපේ ප්‍රාර්ථනාවන්හි ස්‌වරූපය ය. මේ කිසිවක්‌ අහම්බයන් නොවේ. ඔවුන් අප අතර ආකෘස්‌මිකව, හුදකලාව පහළවන්නේත් නොවේ. මේ අප විසින් කැටයම් දමා නිපදවා ගත් සුරුවම්ය. අප ජීවත් වන්නේ අප විසින්ම නිර්මාණය කරගත් මෙවැනි නිමැවුම් පිරිවරාගෙනය. 

අපරාධකරුවන් යෑයි උපකල්පිත පුද්ගලයින් පාරවල් අයිනේ මැරී සිටින විට, බලයේ අවශ්‍යතා මත මිනිසුන් සාධක රහිතව අතුරුදන් වනවිට ඒ බිහිසුණු අනීතික වටපිටාවෙන් ත්‍රිල් ගෙන හුරේ දැමූ සමාජයකට ලැබිය යුතු දේ වාස්‌ ගුණවර්ධනලා ඒ ආකාරයෙන්ම ලබා දී තිබේ. 

දැන් කළ යුත්තේ කන් කෝදිරි නොගා එය පිළිගැනීමය.

ජානක ලියනආරච්චි
http://www.divaina.com/2013/06/16/feature12.html

0 comments: