Pages

Tuesday, June 18, 2013

13 සම්බන්ධයෙන් ද්‍රවිඩ සංධානයේ - 'ඩබල්ගේම්'

13 සහ පළාත් සභා ප්‍රතික්‍ෂේප කරමින් සම්බන්දන්ලා 1987 ඔක්‌තෝම්බර් 28 වැනිදා රජිව් ගාන්ධිට යෑවූ ලිපිය



1987 ඔක්‌තෝම්බර් 28 වැනිදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ උප සභාපති ලෙස ක්‍රියා කළ සම්බන්ධන් එවකට ඉන්දීය අගමැතිව සිටි රජිව් ගාන්ධිට යෑවූ රහසිගත ලිපියෙන් කියා සිටියේ කුමක්‌ද? මේ ලිපියට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ලේකම් අප්පා පිල්ලේ අමිර්තලිංගම් සහ සභාපති එම්. සිවසිතම්බරම් මෙන්ම ආර්. සම්බන්ධන්ද රජිව් ගාන්ධිට පැවසූවේ 13 ත් පළාත් සභා ක්‍රමයත් අපට එපා අපි එය කිසිසේත් පිළිගන්නේ නැති බවත්ය. එසේම එවකට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විසින් 13 සහ පළාත් සභා ක්‍රමයට අදාළ කෙටුම්පත් පාර්ලිමේන්තුවට යොමු කරන නිසා එකී කෙටුම්පත් වහාම වළක්‌වන ලෙසද ඉන් තවදුරටත් ඉල්ලීමක්‌ කරනු ලැබීය. 

"අපි ඉන්දියාවට ගොස්‌ ශ්‍රී ලංකා රජය 13 වන සංශෝධනය අහෝසි කිරීමට ක්‍රියා කරන බව කියනවා. ඒ විතරක්‌ නොවේ උතුරු නැගෙනහිර සිදු වන්නේ මොනවද කියලා බොහෝ දේවල්ද ඉන්දීය රජය වෙත කියා සිටිනවා." 

- ද්‍රවිඩ සංවිධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් 

" ද්‍රවිඩ ජාතික හමුදාවේ නායකයා ලෙස ක්‍රියා කළේ සුරේෂ් ප්‍රේම චන්ද්‍රන්, ඔහු ළමා ළපටින්ව ඊට බදවා ගත්තා 

- මඩකලපු සංවිධායක අරුන් තම්බිමුත්තු 

ද්‍රවිඩ සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු කණ්‌ඩායමක්‌ පසුගිය ඉරිදා ඉන්දියාවට ගිය අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා යොමු කිරීමට නියමිතය. මෙය කේලම් කීමක්‌ ලෙස හැඳින්විය හැක. මොවුන් නවදිල්ලි බලධාරීන්ට කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව 13 සහ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ක්‍රියා කරන බවත් ඒ ගැන වහාම ක්‍රියා කරන ලෙසත්ය. එහෙත් අද අපි හෙළි කරන්නේ සම්බන්ධන්ලාගේ මේ ද්විත්ව රංගනය හෙවත් ඩබල්ගේම් එකය. 1987 ඔක්‌තෝම්බර් 28 වැනිදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ උප සභාපති ලෙස ක්‍රියා කළ සම්බන්ධන් එවකට ඉන්දීය අගමැතිව සිටි රජිව් ගාන්ධිට යෑවූ රහසි ගත ලිපියෙන් කියා සිටියේ කුමක්‌ද? මේ ලිපියට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ලේකම් අප්පා පිල්ලේ අමිර්ත ලිංගම් සහ සභාපති එම්. සිවසිතම්බරම් මෙන්ම ආර්. සම්බන්දන්ද රජිව් ගාන්ධිට පැවසූවේ 13 ත් පළාත් සභා ක්‍රමයත් අපට එපා අපි එය කිසිසේත් පිළිගන්නේ නැති බවත්ය. එසේම එවකට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විසින් 13 සහ පළාත් සභා ක්‍රමයට අදාළ කෙටුම්පත් පාර්ලිමේන්තුවට යොමු කරන නිසා එකී කෙටුම්පත් වහාම වළක්‌වන ලෙසද ඉන් තවදුරටත් ඉල්ලීමක්‌ කරනු ලැබීය. වසර 26 ක පෙර ඉන්දීය රජය වෙතට යෑවූ මේ ලිපියෙන් සෘජුව දක්‌වා ඇත්තේ ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13 සහ පළාත් සභා අවශ්‍ය නැති බවයි. එසේ නම් සම්බන්ධන්ලා දැන් එය අවශ්‍ය යෑයි කියන්නේ කෙසේද? එසේම යාපනය පැවැති රැස්‌වීමකදී ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නැමැත්තා පවසා ඇත්තේ 2009 යේ අගෝස්‌තු මාසයේ දිනක ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන් සහ විදේශ ලේකම් ශිවෂන්කර් මෙනන් ශ්‍රී ලංකාවට පැමිණ ද්‍රවිඩ සංධාන දූත කණ්‌ඩායම හමු වූ බවත් එහිදී 13 වන සංශෝධනය තුළින් ද්‍රවිඩ ජනතාවගේ අරමුණු ඉෂ්ට නොවන්නේ යෑයි ඔවුන් වෙත කියා සිටි බවත්ය. මෙහිදී කෝපයට පත් ජාතික ආරක්‍ෂක උපදේශක නාරායන් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සම්බන්ධයෙන් වැදගත් තීරණ ගන්නේ ඉන්දියාව බවත් 13 වන සංශෝධනය ඊට සම්බන්ධ බවත් දක්‌වා ඇත. මේ හැර ගඡේන්ද්‍රන් කුමාර් තවදුරටත් පවසා ඇත්තේ 1987 ඔක්‌තෝම්බර් 28 වැනිදා සම්බන්ධන්ලා විසින් රජිව් ගාන්ධිට යෑවූ ලිපියෙන් 13 ත් පළාත් සභාක්‍රමයත් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි. එසේ නම් එදා ප්‍රතික්‍ෂේප කළ මේ 13 සහ පළාත් සභා ක්‍රමය දැන් නැවත වරක්‌ ඉල්ලීමට ද්‍රවිඩ සංවිධානයට හිමිකමක්‌ තිබේද? ප්‍රභාකරන් බලවත්ව සිටියදී වැජඹුනේ ද්‍රවිඩ සංවිධානයයි. ආර්. සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන්ට සිදු වූයේ තමිල් සෙල්වම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවලට සම්බන්ධ වී ඔවුන් විසින් දෙන නියෝග පිළිපැදීමටයි. මේ පසුබිම යටතේ 1987 දී සම්බන්ධන්ලා ඉන්දීය රජයට යෑවූ ලිපියෙන් කියන්නේ ද්‍රවිඩ ජනතාවගේ අරමුණු 13 සහ පළාත් සභා ක්‍රමයෙන් ඉෂ්ට වන්නේ නැති බවයි. එසේ නම් එකී අරමුණු 13 සහ පළාත් සභා ක්‍රමයෙන් ඉටු වන බවට ද්‍රවිඩ සංවිධානය දැන් පවසන්නේ කෙසේද? ඉන්දීය රජය වෙත එදා යෑවූ ලිපියේ මෙලෙස සඳහන් වේ. 

"13 සහ පළාත් සභා ක්‍රමය පිළිබඳ යෝජනා කෙරේ තෘප්තිමත් නොවන්නෙමු. එම යෝජනා සතුටුදායක ක්‍රමවේදයක්‌ නොවේ. මේ සම්බන්ධයෙන් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සිය කණගාටුව පල කරයි. මෙකී යෝජනාවලින් ඉඩම් සම්බන්ධ ප්‍රශ්නය විසදෙන්නේ නැත. ඉන් සිදු වන්නේ පළාත් සභාවල බලය අඩුවීමකි. එහිදී මධ්‍යම රජයට රජයේ ඉඩම් සම්බන්ධයෙන් ආධිපත්‍යය පැවැත්වීමට ඉඩ ලැබේ. මේ නිසා අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ 13 සහ පළාත් සභා ක්‍රමයට අදාළ කෙටුම්පත් පාර්ලිමේන්තුවට යොමු කිරීමෙන් වළකින ලෙස ජනාධිපති ජයවර්ධනට පවසන ලෙසයි. "

මෙලෙස 13 සහ පළාත් සභා එපා යෑයි කී පිරිස්‌ ද්‍රවිඩ සංවිධාන නායකයෝ දැන් කියන්නේ පළාත් සභා අවශ්‍ය බවයි. එසේම ද්‍රවිඩ සංවිධානය තවදුරටත් පවසන්නේ 13 සහ පළාත් සභා දෙවියන් දුන් තෑග්ගක්‌ බවයි. එහෙත් රජිව් ගාන්ධි එම ඉල්ලීම කෙරෙහි තැකීමක්‌ කළේ නැත. ඉහත කී යෝජනා දෙකට අදාළ කෙටුම් පත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙකී යෝජනා ජනතාවගේ අදහස දැන ගැනීම සඳහා ජනතාව වෙත යොමු කළේ නැත. මේ පසුබිම යටතේ ආර්. සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සංවිධානය ලැඡ්ජා විය යුතු නොවෙද? 1987 දී තමන්ට එපා යෑයි කී 13 සහ පළාත් සභා ක්‍රමය 2013 දී තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු යෑයි ඔවුන් ඉල්ලන්නේ රෙදි ඇඳගෙන දැයි විමසිය යුතුව තිබේ. මේ හැර ලබන සතියේදී ද්‍රවිඩ සංවිධානය ඉන්දියාවට ගොස්‌ නවදිල්ලි බලධාරීන් හමුවී සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව ගන්නා දේශපාලන තීරණයන් ගැනය. මෑතකදී ඊ. පී. ඩී. නායක ඩග්ලස්‌ දේවානන්දා පවසා ඇත්තේ බහුතර සිංහ ජනතාව ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13ට කිසිසේත් කැමැත්තක්‌ දක්‌වන්නේ නැති බවයි. එවැනි විටක මෙම 13 සංශෝධනයට යළි ජීවය දිය යුතුද?

මෙකී 13 සම්බන්ධයෙන් පසුගියදා කොටි නිළ වෙබ් අඩවියක සඳහන් වූයේ පසුගිය වසර 26 මුළුල්ලේම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව 13 සංශෝධනය ප්‍රතික්‍ෂේප කළ බවයි. එසේ නම් සම්බන්ධන්ලා නවදිල්ලියට ගොස්‌ තමන්ට 13 අවශ්‍ය යෑයි කියන්නේ කෙසේද? එසේම බහුතරය එකී 13 කෙරේ කැමැත්තක්‌ නොදක්‌වද්දී ඉන්දියාවට යළිත් වරක්‌ 13 ක්‍රියාත්මක කළ යුතු යෑයි බලපෑම් කිරීමට සදාචාරමය හිමිකමක්‌ තිබේද? ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ නිරීක්‍ෂණය කරන විට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සිට ද්‍රවිඩ සංධානය දක්‌වා දියත් වූ දේශපාලන රැගුම් සිහිපත් කළ යුතුය. මෙරට දේශපාලකයන් බොහෝ දෙනෙකුට මේ අතීතය අමතක වී තිබේ. ප්‍රභාකරන් මිනීමරද්දී නිහඩව සිටියේද ද්‍රවිඩ සංධානයයි. මානව හිමිකම් උල්ලංඝණය වෙද්දීද ද්‍රවිaඩ සංධාන දේශපාලකයන් කට ඇරියේ නැත. "මගේ තාත්තාගේ පොත් 5000 ක්‌ තිබූ පුස්‌තකාලයද කොටි ගිනි තැබූවා එහෙත් ද්‍රවිඩ සංවිධානය වචනයකින්වත් ඊට විරෝධය දැක්‌වූයේ නැහැ යයි මඩකලපුව සංවිධායක අරුණ්‌ තම්බිමුත්තු කියා සිටියේය. මේ තත්ත්වය මැද අද මෙරට බහුතර ජනතාව තමන්ගෙන්ම විමසා ගත යුතු ප්‍රශ්නයක්‌ ඇත. ඒ සිය බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ද්‍රවිඩ සංවිධානයට ඉඩ දෙන්නේද යන්නයි. එසේම තමන් ද්‍රවිඩ සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් විය යුතුද යන්න බහුතරය විසින් අවධාරණයට ලක්‌ කළ යුතුය. වසර 26 කට පෙර සම්බන්ධන්ලා ඉන්දීය රජයට යවන ලද ලිපිය එසේ මෙසේ සන්දේශයක්‌ නොවේ. අක්‌කර 5150 යුත් ඉඩම් ප්‍රමාණයක්‌ ත්‍රීකුණාමලය වරායට සම්බන්ධ ප්‍රදේශයේ තිබේ. ත්‍රිකුණාමලය වරාය සම්බන්ධව වරාය අධිකාරියක්‌ මගින් පාලනය සියතට ගැනීමටද එදා උත්සාහයක්‌ තිබූ බව එම ලිපියෙන් හෙළිවී ඇත. මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංවිධානය සැබෑ යථාර්තය තේරුම් ගැනීමට අපහසු නැත. ඡන්ද 100 ක්‌ වත් ගැනීමට නොහැකි ඇතැම් දේශපාලඥයන් 13 සංශෝධනය කිරීමට දැනටමත් එරෙහිවී තිබේ. එසේම රදගුරු සමුළුවද ප්‍රකාශයක්‌ නිකුත් කරමින් 13 සංශෝධනය නොකරන්නැයි රජයට කියා සිටී. එහෙත් මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වීමට රදගුරු සමුළුවට කිසිසේත් හිමිකම් නැත. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ පියවර ගන්නේ ඇමරිකාවේ ආගමික සමුළුවලින් විමසා නොවේ ඔහු තීරණ ගන්නේ ජාතික ආරක්‍ෂක උපදේශක ඇතුළු ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයෙනි. එදා ප්‍ර්‍රභාකරන් ශ්‍රී ලංකාවෙන් 2/3 ක බලය සියතට ගැනීමේ මෙහෙයුම් දියත් කරන අවස්‌ථාවේ මෙවන් ඉල්ලීම් කරන පිරිස්‌ කොහේ සිටියේද? ඉන්දියාවේ ඇතැම් බෙදුම්වාදී විවිධ ප්‍රාන්තවල ස්‌වාධීන රටවල් පිහිටුවිය යුතු යෑයි කියා සිටියි. එහෙත් ඉන්දීය රජය ඔවුන්ගේ ඉල්ලීම්වලට කන්දෙමින් සිය ප්‍රාන්ත ස්‌වාධීන රටවල් කිරීමට ඉඩ දෙන්නේද? 

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/18/feature03.html

0 comments: