Pages

Sunday, June 9, 2013

එකම කාසියේ දෙපැත්ත හෙවත් එළකිරි බීම සහ ගවමස්‌ කෑම - 1

බෝවත්තේ ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිනි තබාගෙන ජීවිතය පූජාකිරීමත් සමග බෞද්ධයන්ගේ හෘද සාක්‌ෂිය කිති කැවී තිබේ. හෙළ බෞද්ධයාට වෙසක්‌ පෝය වැදගත්ම පෝය බවට පත්වීමට අප මහා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම, තුන්වැනි ලංකාගමනය මෙන්ම විජය රජුගේ ලංකාගමනය ද හේතු වී ඇත. එයට එකතුවන අලුත්ම නිමිත්ත වන්නේ ගව ඝාතනයට එරෙහිව බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාවය.

-බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ගව ඝාතනයට එරෙහි ජීවිත පූජාව පිළිබ`දව විවිධ අය තම තම නැණ පමණින් සහ තමා පෙනී සිටින්නේ කා වෙනුවෙන් ද යන්න මත පදනම්ව විවිධ විවේචනයන් කරනු දැකිය හැකිය. නමුත් අප රට දැය සමයට මෙන්ම සංස්‌කෘතියට ද එසේම සෞඛ්‍යයට ද නොගැළපෙන, සුදු අධිරාජ්‍යවාදිනA අපට හුරු කළ පාපකාරී වැරදි පුරුද්දකට එරෙහිව නැගි සිටීමට එම ජීවිත පූජාව නිමිත්තක්‌ කර ගැනීමට එම කිසිදු විවේචනයක්‌ අප බාධාවක්‌ කර ගත යුතු නැත. බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ප්‍රාර්ථනාව වන්නට ඇත්තේ ද එයමය. එසේම බෞද්ධ ඉතිහාසයේ මෙවැනි ජීවිත පූජාවන් කිසි දිනක සිදු නොවූ අරුම පුදුම දේවල් වන්නේ ද නැත.

ආදි හෙළයා ගවමස්‌ කෑම ඉතාම පිළිකුල් සහගත කටයුත්තක්‌ සේ සලකා ඇත. එපමණක්‌ නොව ගවමස්‌ කන්නා zzගෙරිමස්‌ බුදින්නාZZ යෑයි හංවඩු ගසා සමාජයෙන් කොන් කර ඇත. ස්‌වභාවයෙන්ම ගවමස්‌ කෑම පිළිකුල් කළ හෙළයාට ගවමස්‌ කෑම හුරු කළේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ඇතුළත් සුදු අධිරාජ්‍යවාදීන් විසිනි. එහිදීත් ඉංග්‍රීසීන් විශේෂයෙන් කැපී පෙනෙයි. ගවමස්‌ කෑමට හෙළයා පුරුදු කිරීම පමණක්‌ නොව මත් දියරට හෙළයා ඇබ්බැහි කර හෙළයාගේ පුරුෂ ශක්‌තිය ඇතු`එ සිය`ලු ශක්‌තීන් විනාශ කර, හෙළයා හෙළයා ලව්වාම ව`ද කරවීම ද එකට අත්වැල් බැ`ද ගත්තේය. මෙම ප්‍රවණතාවයට එරෙහිව ජාතියම අවදිකළ මහා ජාතික වීරයා වුයේ නිසැක ලෙසම නුතන ජාතික ව්‍යාපාරයේ පියා වන අනගාරික ධර්මපාලතුමාය.

මෑතක්‌ වන තුරුම අප රටේ ගවයන් ඇති කළේ මස්‌ කෑමට හෝ කිරි බීමට නොවේ. පට්‌ටි ලෙස විශාල වශයෙන් ඇති කළේ මී ගවයන් වන අතර එළ ගවයන් ඇති කළේ එකා දෙන්නා වශයෙන් කලාතුරකිනි. මී ගවයා ඇති කළේ කුඹුරු සී සෑම ඇතු`එ ගොවිතැන් කටයුතු ස`දහා ය. ඇති කළ එළ ගවයන් ප්‍රධාන වශයෙන් ඇති කළේ කරත්තවලට බැ`දීම ස`දහාය. ගවයන්ගෙන් ගොම පොහොර ලැබීම අතුරු ඵලයක්‌ විය. එසේම ගොම, ගෙබිම සහ මු`එතැන්ගෙයෙහි ළිප්වල ආලේප කිරීම ස`දහා ද යොදා ගැනුණි.

එදා හෙළයා කිරි කෑවා මිස කිරි, බීවේ නැත. කෑවා නම් කෑවේ මී හරක්‌ගෙන් දොවාගත් කිරි මුදවාගෙනය. කිරි කෑවත් කෑවේ දැඩි විනයකට යටත්ව මිස අද වෙළ`ද දැන්වීම්වලින් පෙන්වන්නා සේ ඉහින් කනින් පෙරාගෙන හැමදාම හැම වේලටම නොවේ. බෞද්ධ හැදියාවට අමතරව මී හරක්‌ මස්‌ ඉතා ගිනියම් ආහාරයක්‌ සේ සැලකූ නිසා කිසිවෙක්‌ මී හරකා මරාගෙන කෑමට පෙළඹුණේ ද නැත. එසේම පට්‌ටි වශයෙන් ඇවිදිමින් තණ කෑ මී හරකා ඇති කිරීමට මුදලක්‌ වියදම් නොවූ නිසා හරකා මසට විකිණීමේ අවශ්‍යතාවයක්‌ මතු වුයේ ද නැත.

මෙයින් පෙනී යන්නේ එදා බහුලව සිටි මී හරකා වේවා කලාතුරකින් සිටි එළ හරකා වේවා මිනිසාගේ ජීවන රටාවට විවිධ අයුරින් උදව් උපකාරී වූ සතෙක්‌ වූවා මිස දැඩි ගිජුකමෙන් තලුමරමින් මරාගෙන කෑ ජීවය ඇති zz මස්‌ ගොඩක්‌ ZZ නොවූ බවය. ඇත්ත වශයෙන්ම ආදි හෙළයා තමාට උපකාර කළ ගවයා සැලකුවේ පවුලේම සාමාජීකයෙක්‌ හැටියටයි. හරකෙක්‌ ස්‌වාභාවික හේතුවක්‌ නිසා මියගිය විට පවුලේ කෙනෙක්‌ මියගිය ලෙස සැළකුණු අතර ආගමික වතාවත් කොට ඉතා ගෞරවනීය ලෙස භූමිදානය කළ අතර හත් දවසේ දානය දීමට පවා අපේ මිනිසුන් කාරුණික වූහ. මෛත්‍රී සහගත වූහ.

එදා ගවයන්ගෙන් වැඩි වටිනාකමක්‌ ලැබුණේ පිරිමි සතුන්ට මිස ගැහැනු සතුන්ට නොවේ. එයට හේතුව වූයේ පිරිමි සතුන්ට වැඩි ජවයක්‌ සහ ශක්‌තියක්‌ ඇති බැවින් පහසුවෙන් වැඩි වැඩ කොටසක්‌ කරගන්නට හැකි විමයි. ගැහැනු සතුන් වැදගත් වූයේ වර්ගයා බෝ කරවා ගැනීම ස`දහාය.

නමුත් වාණිජවාදී රැල්ලට ගසාගෙන යන නූතන සමාජයේ තනිකරම ගවයන් ඇති කරන්නේ කිරි ගැනීම සහ මස්‌ ලබාගැනීම ස`දහාය. ගවයන් වැඩට යොදා ගැනීමක්‌ දැන් ඇත්තේම නැත. උසස්‌ ගවයන් ලෙස සැලකෙන වැඩිදියුණු කර ඇතැයි කියවෙන කිරි සහ මස්‌ ස`දහාම නිර්මාණය කර ඇති ගවයන් වැඩට යොදාගැනීමට ද නොහැකිය. මෙම සතුන් සහ බොයිලර් කුකුළන් අතර වෙනසක්‌ නැත. වෙනසක්‌ ඇත්නම් ඒ යම් කාලයක්‌ ස`දහා කිරි ලබාගැනීමට යොදාගැනීමයි. එළදෙනගෙන් ආර්ථිකමය වශයෙන් වාසිදායක මට්‌ටමෙන් කිරි ලැබීම ඇනහිටි ගමන්ම එළදෙනගේ ඉරණම වන්නේ කොක්‌කට යැමය. විශාල වියදමක්‌ දරමින් ආහාර හා ඖෂධ ලබාදෙමින් තවදුරටත් එළදෙන ජීවත් කරවීම නූතන කෘෂි විද්‍යාවේ මූලධර්මවලට පටහැනිය. එළදෙන මසට විකිණීම පිළිබ`දව කිසිවකුටවත් එරෙහි නොවිය හැක්‌කේ එසේ නොකළ හොත් එය ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක්‌ බවට නූතන වාණිජවාදී සමාජයේ අර්ථ නිරූපණය කෙරී ඇති නිසාය.

රුපියල් දස දහස්‌ ගණනක, ඇතැම් විට ලක්‌ෂයකටත් වඩා වැඩි zzමස්‌ ගොඩක්‌ ZZ කෙසේ නම් වළලා දමන්නද? නූතන සමාජයේ මානව පුරුෂාර්ථ වෙන්දේසියේ දමා තිබෙන්නේ ඒ අයුරිනි.

වැඩිදියුණු කර ඇතැයි පැවසෙන කිරි ගවයාගේ පැටියා කාලයේම වෙළ`දපොල මිල තීරණය කෙරෙන්නේ අනාගතයේදී දොවා ගත හැකි කිරි ප්‍රමාණය පමණක්‌ සලකා බලා නොවේ. එම සතා මරා ලබාගත හැකි මස්‌ අස්‌වැන්නද පැටියාගේ මිල තීරණය කිරීමේදී අනිවාර්යයෙන්ම සලකා බැලෙයි. මෙම සතුන් ඇතිකිරීමේදී ද නිදහසේ ඇවිදිමින් තණ උලා කා හැදෙන ස්‌වාභාවික සතුන් මෙන් නොව විශාල වියදමක්‌ දරා සත්ත්ව ආහාර සහ ඖෂධ ආදිය ලබාදීමට සිදුවෙයි. එසේ නොකළහොත් ලැබෙනවායෑයි බලාපොරොත්තු ඇති කර තිබෙන කිරි ප්‍රමාණය කෙසේවත් ලැබෙන්නේ නැත. මෙයින් පෙනී යන්නේ මෙම සතුන් ඇතිකිරීම ස`දහා විශාල වියදමක්‌ දැරීම මෙන්ම ශ්‍රමිකයන් යෙදවීමක්‌ද කළ යුතු බවයි. එසේම කිරිපිටි සමාගම්වල ප්‍රචාරක ප්‍රොaඩාවන් නිසා කිරි විකුණන්නට සිදුවී තිබෙන්නේද කුණු කොල්ලයටය. එවිට බලාපොරොත්තු වන ආර්ථික වාසිය කිරි විකිණීමෙන් ලැබෙන්නේ නැත.පසුගිය කාලයේ කඳුරට ගොවීන් කිරි බව්සර ගණනින් පාරට හැලීමෙන් මෙම තත්ත්වය මොනවට නිරූපණය කෙරෙයි.

කිරි ගොවියාට මෙම සියලු වියදම් පියවා ගෙන එසේම කිරි අලෙවියේදී ඇති වන පාඩු ද පියවා ගෙන කිරි ගවයන් ඇතිකිරීම ආර්ථිකමය වශයෙන් වාසි සහගත කටයුත්තක්‌ කරගැනීමට නම් අනිවාර්යයෙන්ම කිරි දොවාගැනීම අවසානයේදී කිරි එළදෙන මසට විකුණන්නට සිදු වෙයි. එසේ නොකළහොත් කිරි ගවයන් ඇතිකිරීමෙන් තම ජීවිතය පවා ගැටගහ ගන්නට නොහැකි වීමෙන් කිරි ගවයන් ඇතිකිරීම අතහැර වෙනත් රැකියාවක්‌ සොයාගැනීමට කිරි ගොවියාට සිදුවෙයි. එසේම කිරි විකිණීමේදී දිනෙන් දින ලැබෙන සු`එ මුදලට වඩා කිරි ගවයා මසට විකුණූ විට එකවර ලැබෙන විශාල මුදලට අකමැති කෙනෙක්‌ නූතන සමාජයේ නැත.

දේශීය දියර කිරි නිෂ්පාදනය ඊනියා ජාතික කිරි අවශ්‍යතාව සැපිරීම ස`දහා හැකි උපරිම වශයෙන් වැඩි කළ යුතු යෑයි පවසන ධාරාවේ එක්‌ මහතෙක්‌ කිරි පිළිබ`ද සංවාදයේදී වරක්‌ පවසා තිබුණේ දේශීය කිරි කර්මාන්තය ලාභදායී ලෙස පවත්වාගෙන යන්නට නම් දේශීය දියර කිරි වැඩි වැඩියෙන් පරිභෝජථයට මෙන්ම වැඩි වැඩියෙන් හරක්‌ මස්‌ කෑමේ යථාර්තයටද කෙසේ හෝ මුහුණ දෙන්නට සිදුවන බවයි. මක්‌ නිසාද යත්á දෙනුන්ගේ කිරි අස්‌වැන්නෙන් ලැබෙන ආදායම පවත්වාගෙන යාමේ වියදමට වඩා අඩු වූ විට එම දෙනුන් අනිවාර්යයෙන්ම මසට විකුණන්නට වන බැවිනි. එහිදී දෙනුන්ගේ ඇ`ග මසට හො`ද මිලක්‌ නියම නොවුන හොත් කිරි කර්මාන්තය ආර්ථිකමය වශයෙන් ලාභදායකව පවත්වාගෙන යන්නට නොහැකිව බි`ද වැටේ. එවිට ගෙරිමස්‌ කෑම, කිරි කර්මාන්තය රැකගැනීමේ අනිවාර්ය කොන්දේසියක්‌ බවට පත් වෙයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ දේශීය මස්‌ සැපයුමට ගව මස්‌වලින් දක්‌වන දායකත්වය ඉහළ දැමිය යුතු බවයි.

නමුත් ඔහු මෙහිදී දැන හෝ නොදැන අමතක කළ ඉතා වැදගත් කරුණක්‌ තිබේ. එනම් ඔහු දැනට පෙනී සිටින නූතන ජාතික ව්‍යාපාරයේ පියා වන අනගාරික ධර්මපාලතුමා කුමන තත්ත්වයක්‌ යටතේවත් ගෙරිමස්‌ කෑම අනුමත නොකළා පමණක්‌ නොව එය නැවැත්වීමට දිවි හිමියෙන් කැප වී සටන් කළ බවයි.

අප ඉහතින් දැක්‌වූ කරුණු අනුව බලන විට නූතන වාණිජවාදී සමාජයේ කිරි දොවාගැනීම අවසානයේදී කිරි ගවයා මසට විකිණීම සාධාරණීකරණය වී ඇත. එසේම කිරිපිටි සමාගම් සහ ඔවුන්ට අනුවම යන ඊනියා පෝෂණ විද්‍යාඥයන් මෙන්ම දේශීය කිරි නිෂ්පාදනයේ ඊනියා ආරක්‌ෂකයන් ද කිරි අනිවාර්යයෙන්ම පානය කළ යුතු අත්‍යවශ්‍යම ආහාරය ලෙසත් පෝෂණයේ එකම මුරදේවතාවා ලෙසත් සලකන නිසා කුමන මිලක්‌ ගෙවා හෝ රට තුළ කුමන අපරාධයක්‌ කර හෝ ජනතාවට බොන්නට කිරි සැපයිය යුතුය. ඔවුන්ගේ කිරි ඉලක්‌කය සපුරාගැනීමේදී ගවයන් වැඩි වැඩියෙන් මස්‌ ස`දහා ඝාතනයට ලක්‌වීම ඔවුන්ට ප්‍රශ්නයක්‌ වන්නේ නැත. ඒ අනුව zzමෙච්චර හො`ද කිරි බොන්නට නම් කවුරු අකමැති වුනත් අපට හරක්‌ මසුත් කන්නට වෙනවාZZ යන ඊනියා යථාර්ථය සාධාරණීකරණය කොට සමාජගත කර ඇත.

අප දැක්‌වූ කරුණුවලින් ඔබට දැන් මැනවින් වැටහී යා යුත්තේ වාණිජවාදී අරමුණෙන් පවත්වාගෙන යන නූතන කිරි කර්මාන්තය තුළ එළකිරි බීම සහ ගවමස්‌ කෑම යනු එකම කාසියේ දෙපැත්ත වන බවයි. කිරි පෝෂණයේ එකම මුර දේවතාවා වන නිසා දේශීය කිරි නිෂ්පාදනය උපරිමයෙන් වැඩි කළ යුතු යෑයි කියා වැඩි වැඩියෙන් කිරි බීම යනු වැඩි වැඩියෙන් ගවමස්‌ කෑමයි.

කිරි බොන, එහෙත් ගවමස්‌ නොකන කෙනෙක්‌ මෙහිදී අප ඉදිරිපත් කළ මතය වැරදි යෑයි තර්ක කළ හැකිය. එසේම එවැනි කෙනකුට අප ඉදිරිපත් කළ මතය නිසා කේන්ති යාමට ද ඉඩ ඇත. නමුත් මෙහිදී අවධාරණය කළ යුතු කාරණය වන්නේ කිරි බී ගවමස්‌ නොකන අය වෙනුවෙන් වැඩි වැඩියෙන් ගවමස්‌ කන්නට ගවමස්‌ කන අයට සිදුවීම නොවැළැක්‌විය හැකි බවයි.

නූතන වාණිජවාදී සමාජය තුළ කිරි බී ගව ඝාතනයට විරුද්ධ වීම කිසිම ප්‍රතිඵලයක්‌ අත් කර ගත හැකි ව්‍යායාමයක්‌ නොවන බව ඒ අනුව අප වටහා ගත යුතුය. මක්‌ නිසාද යත්, අප ඉහතින් විස්‌තර කළ පරිදි කිරි බීම වැඩි වීම යනු ගව ඝාතනයද වැඩිවීමම වන බැවිනි.

ගව ඝාතනයට, ගවමස්‌ කෑමට විරුද්ධ අය සහ බලවේග විසින් කිරි බීමෙන්ද වැළකී සිටියහොත් ගව ඝාතකයන්ට තව දුරටත් ගව ඝාතනය සාධාරණීකරණය කරගන්නට තර්ක සොයා ගත නොහැකි වනු ඇත. එවිට ගව ඝාතනයට එරෙහි අහිංසාවාදී සටන සාර්ථක පිම්මකින් ඉදිරියට ගෙන ගිය හැකිය.

මෙහිදී කිරි බොනේනේ නැතුව අපි පෝෂණය ලබාගන්නේ කොහොමද ? කියන ප්‍රශ්නය ඔවුන් විසින් නගනු ඇත. කිරිපිටි හෝ අවම වශයෙන් එළකිරිවලින් පවා තොරව නිවැරදි පෝෂණය ලබාගන්නේ කෙසේද යන්න ලෝකයේ අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාවේදී පසුගිය වසර 10 තිස්‌සේ අප විසින් මැනවින් ඔප්පු කර පෙන්වා දී ඇත. එසේම මහා පරිමාණයෙන් සමාජගත කර ඇත. එබැවින් කිරිපිටි සහ එළකිරි මිනිසාගේ පෝෂණයට අත්‍යවශ්‍යය යන්න මිථ්‍යාවක්‌ මිස තව දුරටත් විද්‍යාවක්‌ වන්නේ නැත. මේ බව පසුගිය සති කීපයේදී දිවයින ඉරිදා සංග්‍රහය තුළින්ද අපි යම් මට්‌ටමකට හෝ සාකච්ඡා කළෙමු.

කිරි බොන්නට කැමති කිරි අගුණ නැති කෙනෙක්‌ කිරි බිව්වා කියා අප එය විවේචනය කරන්නට යන්නේ නැත. නමුත් බෝ නොවන රෝග සුනාමියක්‌ සේ ව්‍යාප්ත වන මේ සමයේ එසේම කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වා ඇදුම ආදී අසාද්මිකතා රෝගවලින් පෙළෙන සමාජයේ ශාතිශය බහුතරයකට කිරි අගුණ බව දැඩිව අවධාරණය කළ යුතුය.

කිරි අගුණ නැති කෙනකුට ගව ඝාතනයට දායක නොවී කිරි බොන්නට අවශ්‍ය නම් කළ හැක්‌කේ එකම එක දෙයකි. එනම් තම නිවසේ ගෙවත්තේ කිරි ගවයෙක්‌ ඇතිකිරිමය. එවිට එම සතා මස්‌ කඩයට නොවිකුණා සිටීමේ වගකීම තමාටම දැරිය හැකිය. නාගරික පරිසරයේ මෙය ප්‍රායෝගික නැතැයි කෙනකු තර්ක කළ හැකිය. එවැනි අයට කළ හැකි දෙය වන්නේ ගෙවල් කීපයක්‌ එකතු වී සතා මසට නොවිකුණන පදනම මත කිරි ගවයෙක්‌ ඇතිකර ගැනීමය.

නමුත් අද බොහෝ දෙනා කිරිපිටි සමාගම් අනුවම යමින් කිරි යනු සියලුම දෙනා විසින් අනිවාර්යයෙන්ම පානය කළ යුතු පෝෂණයේ එකම මුරදේවතාවා ලෙස සැලකීමෙන් සහ එසේ සලකා මහා පරිමාණයෙන් වැඩි දියුණු කර ඇතැයි පැවසෙන අධික පිරිවැයක්‌ වැය වන කිරි දෙනුන් ඇති කිරීමෙන් නම් සිදු වන්නේ ගව ඝාතනය තව තවත් වැඩි වී මෙරට ජනතාවට ගවමස්‌ වැඩි වැඩියෙන් කන්නට සිදු වීමයි. එය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ගව ඝාතනයට එරෙහි ජීවිත පූජාවට කරන අගෞරවයක්‌ පමණක්‌ වන්නේමය.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

0 comments: