Pages

Friday, June 21, 2013

දකුණේ සිට කොළඹ දක්වා සියලු දේවස්ථානවලට කඩවලට ආරක්‍ෂාව

සිංහල රාවය සමඟ සිටි පිරිසක් තංගල්ල නගරයේදී බලපත්‍ර සහිත ගව මස් අලෙවි සලක් වටලා ගිනි තබා විනාශ කිරීම වැනි සිද්ධීන් ඉදිරියට ඇති නොවීමට කටයුතු යොදන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට සහ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම දකුණේ සිට කොළඹ දක්වා වූ සියලුම දේවස්ථාන සහ වෙළෙඳසල්වලට ආරක්ෂාව සැලසීමටද පියවර ගෙන ඇත.
පෙරේදා තංගල්ල ප්‍රදේශයේදී සිදුවී ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් ජේ‍යෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊයේ උදේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මේ සිද්ධිය වහා දැනුම්දීමෙන් පසු මේ පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳ ජේ‍යෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බවයි.

එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් දකුණේ සිට කොළඹ දක්වා සියලුම දේවස්ථාන ආරක්ෂා කිරීමටත් වෙළෙඳසල් ආරක්ෂා කිරීමටත් පියවර ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවද ෆවුසි මහතා පැවැසීය.

මෙම සිද්ධියට අදාළව භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකි නම් එයට සම්බන්ධ වූ අනෙක් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසත් නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ නොදෙන ලෙසද තමා එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවද ෆවුසි මහතා පැවැසීය

ප්‍රේමලාල් විජේරත්න

ප.ලි
බොදුනුවන්ට අසාධාරණ ලෙස එරෙහිවන නීතිය, නීතියට එරෙහිවන මුසලු අන්තවාදීන් ඉදිරියේ අසරණ ඇයි?

සබැඳි ලිපි 1-
[කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙතිhttp://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
]

සබැඳි ලිපි 2-
[ගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -
[අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.htmlබෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
]

0 comments: