Pages

Monday, June 24, 2013

13 ට එරෙහිව ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ පෙළ ගැසෙති

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කිරීමේ පෙත්සමකට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක්‌ ඒකාබද්ධ සිංහල සංවිධානය මගින් ආරම්භ කර ඇත.

"රණවිරුවන් දිවි පුදා දිනූ මවුබිම දහතුනෙන් පාවා දෙමුද" යන තේමාව යටතේ ඉතාලියේ ඒකාබද්ධ සිංහල සංවිධානය මගින් වැඩසටහන සංවිධානය කරනු ලබයි.

උතුරට ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදීම ඉතා භයානක බවත් එම නිසා 13 වැනි සංශෝධනය සහමුලින්ම අහෝසි කළ යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි. පෙත්සමට අත්සන් ගැනීමෙන් අනතුරුව ඇල්ලේ ගුණවංශ හා බෙංගමුවේ නාලක යන නාහිමිවරුන්ගේ මාර්ගයෙන් එය ආරක්‍ෂක ලේකම්වරයා වෙත යොමු කර ජනාධිපතිවරයාගේ අවධානයට ලක්‌ කිරීමට බලාපොරොත්තු වන බව ඉතාලියේ ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති හා රෝමයේ ධර්මාශෝක විහාරයේ විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම නාහිමියෝ පැවසූහ.

මේ සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන විශේෂ රැස්‌වීමක්‌ 7 වැනිදා එරට වේලාවෙන් සවස 2.30 ට රෝමයේ ඡසහ්zza Eමජකසාe දේවස්‌ථානයේදී පැවැත්වේ.

අනුරාධ හිරිපිටියගේ

0 comments: