Pages

Tuesday, June 18, 2013

කදුරුවෙල මැණික්‌ වෙහෙරට ගිනි තබා හානි කරති

පොලොන්නරුව, කදුරුවෙල මානික්‌කම්පට්‌ටියේ පිහිටි ඉපැරණි දාගැබක්‌ වන මැණික්‌ වෙහෙරට කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා හානි සිදුකොට ඇත.

මෙම ගිනි තැබීම ඊයේ (17 දා) අලුයම් කාලයේ හෝ පෙරේදා (16 දා) රාත්‍රියේ සිදුකරන්නට ඇතැයි පරීක්‍ෂණ මෙහෙයවන පොලොන්නරුව පොලිසියේ නිලධාරීහු කියති.

අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබක්‌ ලෙස සැලකෙන මෙම ඉපැරණි මැණික්‌ වෙහෙර දුටුගැමුණු මහරජතුමා විසින් කරවන ලද්දක්‌ බවට සැලකේ.

මෙම ගින්න සම්බන්ධයෙන් චෛත්‍යය අවට පදිංචිකරුවන්ගෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ පෙරේදා රාත්‍රියේ දාගැබ දෙසට විශාල නාගයකු ඇදී ගිය බවත් එම අවස්‌ථාවේ අසල තිබූ රෝඩු ගොඩකට කිසිවකු විසින් ගිනි තබා ඇති බවත්ය. එම ගින්න පසුව චෛත්‍යය දක්‌වා පැතිරී යන්නට ඇතැයි ද ඔවුහු කියා සිටියහ. පොලොන්නරුව පොලිසියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සතිස්‌ ගමගේ මහතාගේ උපදෙස්‌ පරිදි පුරාවිද්‍යා ආරක්‍ෂණ පොලිස්‌ ඒකකයේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ සිදුකරන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ද පරීක්‍ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2013/06/18/news14.html

සබැඳි ලිපි -
[
මැණික් වෙහෙරට ගිණි තබතිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_956.html
]

0 comments: