Pages

Friday, June 28, 2013

සිරියානු සිවිල් යුද්ධය සුන්නි-ෂියා නිකාය ගැටුමක් බවට පත්වේද?

සිරියානු අර්බුදයට ලෙබනන සටන්කාමී හිස්බුල්ලා සංවිධානය මැදිහත්වී සිටින්නේ සිදුවීමට නියමිත වාර්ගික ශුද්ධයකින් ලෙබනන ජනතාව ආරක්ෂා කිරීම සඳහා වන බව එම සංවිධානයේ මහ ලේකම් ෂික් හසාන් නස්රල්ලා පවසා තිබේ.

සිරියානු පාලනයට එරෙහිව සිවිල් යුද්ධය ඇරඹි මොහොතේදී ලෙබනනයේ තමන් භුක්ති විඳින ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සිරියානු ජනතාවටද හිමිවිය යුතු යන ස්ථාවරයේ සිටි නමුදු ටක්ෆිරි වැනි ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී සංවිධාන කරළියට පැමිණි පසු තත්වය වෙනස් වූ බව ඔහු පවසා තිබේ.

නස්රල්ලාගේ මතය වන්නේ නැගී එන සුන්නි මූලධර්මවාදී බලය ජයග‍්‍රහණය කළහොත් ලෙබනනයේ මෙන්ම එම කලාපයේ රටවල ෂියා මුස්ලිම්වරුන් සමූලඝාතනය කර දැමීමේ අවදානමක් ඇති බවයි.  ලෙබනන රජය මේ තර්ජනය හමුවේ තම පුරවැසියන් ආරක්ෂා කිරීමේ වගකීම දැරීමට අවාසනාවන්ත ලෙස අපොහොසත් වී ඇති බැවින් එය තමන් භාරගත් බව ඔහු පවසා තිබේ.

මේ අතර පසුගිය මැයි මස 25වන දින නස්රල්ලා විසින් හිස්බුල්ලා සටන්කාමීන්ගේ මැදිහත්වීම පිළිබඳ නිවේදනයෙන් පසුව බෙයිරූට් නුවර හිස්බුල්ලා බල ප‍්‍රදේශ වලට සිරියානු කැරලිකරුවන්ගෙන් රොකට් ප‍්‍රහාර එල්ල වී ඇත.  මෙය පසුපස ඇමරිකාව සහ සවුදි අරාබියද සිටින බව හිස්බුල්ලා සංවිධානය විසින් චෝදනා කරන ලදී.

සති කිහිපයකට පෙර කුසායිර් නගරය මුදා ගැනීමට කළ සටනේදී හිස්බුල්ලා සටන්කාමීන් ප‍්‍රබල මෙහෙයක් සිදු කරන ලද අතර එ් පිළිබඳ බටහිර රටවල අප‍්‍රසාදයද එල්ල විය.  එයට පළිගැනීමක් ලෙස සිරියානු කැරලිකරුවන් විසින් හට්ලා නගරයේ ෂියා මුස්ලිම් වරුන් ගණනාවක් ගෙල කපා මරා දමන ලද බවද වාර්තා වේ.

මේ තත්වය තුළ ලෙබනනයේ සහ සිරියානු දේශසීමා ප‍්‍රදේශයේ ජීවත්වන සුළු ජාතීන් සහ ක‍්‍රිස්තියානි ලබ්ධිකයන් හිස්බුල්ලා සංවිධානය සමග අත්වැල් බැඳ ඇති බව පැවසේ.

වාර්ගික ශුද්ධයකින් ලෙබනනය අපි ආරක්‍ෂා කරනවා – හිස්බුල්ලා
June 28, 2013 at 4:02 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/96447/

සබැඳි ලිපි
[
සිරියා අර්බුදය සුන්නි-ෂියා ගැටුමක් බවට?http://denethharinna.blogspot.com/2013/06/blog-post_18.html
]

0 comments: