Pages

Tuesday, June 18, 2013

ගැබිණි මව්වරුන් රකින්න හෙළ උරුමයේ කමිටුවක්

පසුගිය දා පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ දී දරු ප‍්‍රසූතිය සඳහා ගිය බෞද්ධ මවකට වෛද්‍යවරියකගේ අමානුෂික පහරදීමකට ලක්වූයේ යැයි කියන සිදුවීමත් සමග විවිධ පළාත්වල එවැනි සිදුවීම් වාර්තා වූ බැවින් දරු ප‍්‍රසූතිය සඳහා රෝහල්ගත වන මව්වරුන්ට රෝහලේ කාර්ය මණ්ඩලය වෙතින් සිදුවන්නේ යැයි කියන කටයුතුකම් පිළිබඳ සොයා බැලීමට තම නායකත්වයෙන් යුතු ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා පැවසීය.

තම නායකත්වයෙන් යුත් එම කමිටුවට තෙබුවන පියනන්ද හිමි සහ ජාතික හෙළ උරුමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ක‍්‍රියාකාරිකයකු වන නරේන්ද්‍ර ගුණතිලක මහතා ද ඇතුළත් බව කියා සිටි ස්වර්ණතිලක මහතා සඳහන් කළේ, ඉදිරියේ දී දිවයින පුරා සිදුවන එවැනි සිදුවීම් තොරතුරු ලබාගෙන ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේ දී පුවත්පත් දැන්වීම් හරහා මහජනතාවට ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

June 18, 2013 at 9:08 am | lanka C news

0 comments: