Pages

Wednesday, June 26, 2013

කොන්ද පණ ඇති මිනිහෙක් බුද්ධ ශාසන ඇමති කරන්න. අපි නිල නොවන පොලිසියක් හදනවා. - ඥාණසාර හිමි

කොන්ද පණ ඇති මිනිහෙක් බුද්ධශාසන ඇමති කරන්නැයි බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

ඇසළ පෝයට කලින් මෙරට ක්‍රියාත්මක වන මූලධර්මවාදී අන්‍යාගමික සංවිධානවලට එරෙහිව බලධාරීන් කටයුතු නොකළහොත් ලංකාවේ නිල නොවන පොලිසිය ලෙස තම සංවිධානය කටයුතු කරන බවද උන් වහන්සේ එහිදී කීහ.

උන් වහන්සේ එහිදී මෙසේද සඳහන් කලහ.

“අපේ ව්‍යවස්ථාවේ නීති – රෙගුලාසි හදලා තියෙන්නේ බෞද්ධයන්ගේ අයිතීන් කප්පාදු කරන්න විතරයි. අනිත් හැමෝටම මේකේ පිනුම් ගහන්න පුළුවන්. මේක ජාත්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණයක්. ජාත්‍යන්තරව අපේ රට පාගන්න, අපකීර්තියට පත්කරන්න, කුමන්ත්‍රණ කරනවා.

මේ තක්කඩි මූලධර්මවාදීන්ට අපි කියනවා සිංහල බෞද්ධයන්ගේ ඉවසීම පරීක්‍ෂා කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා. අපේ ඉවසීම දැන් අවසානයට ඇවිත් තියෙන්නේ.

කළු සුද්දන්ගේ නීති හමුවේ ආගමික ඝට්ටනයක්, ඉදිරියේදී අනිවාර්යෙන්ම ඇති වෙනවා. ඒකට තමයි ඔය මූලධර්මවාදීන් උත්සාහ කරන්නේ. සංස්කෘතිය ඝාතනය කරනවා. සංස්කෘතික ආක්‍රමණයක් කරනවා. ඒකෙන් රට බේර ගන්න බැරි තක්කඩි බූරු දේශපාලනඥයෝ ටිකක් අපේ රටේ ඉන්නේ.

පරලොවට පිනක් දහමක් කරගන්නේ නැති බුද්ධශාසන ඇමැති කෙනෙක්ගෙන් රටට වැඩක් නෑ. අපි බුද්ධශාසන අමාත්‍යංශයෙන් අහනවා, මේ අන්‍යාගමිකකරණ වැඩපිළිවෙළට විරුද්ධව මොනවදා කරලා තියෙන්නේ කියලා.

ව්‍යවස්ථාව කියන උගුලේ බෞද්ධ ජනතාවගේ ගෙල සිරකරලා ඉවරයි. ලංකාව කියන්නේ බෙංගාල බොක්කට නෙවෙයි. ලෝකේ තියෙන හැම කුණුගොඩම මෙහේටයි ගොඩ ගසන්නේ. බයිබලේ කියන දෙවියෝ, හේවායෝ, යක්‍ෂයෝ ගාණට මෙහේ පල්ලි හැදුවම අපට මොකද වෙන්නේ?
අවම වශයෙන් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් මනුෂ්‍යයෙක් බුද්ධශාසන අමාත්‍යංශයට පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නිකන් පතෝල, වැටකොළු වගේ ඇමැතිලා නැතිවාට කමක් නෑ.

ගුණත් නෑ, අගුණත් නෑ වගේ අය පත්කළා දැන් ඇති. අනික අමාත්‍යංශ තක්කඩියන්ට හරියට සංඛ්‍යා ලේඛනයක් හදන්න තවම බෑ.

අපේ බෞද්ධයන්ට අද විශාල අසාධාරණයක් වෙලා. ඒක ගැන කතා කරන්න කාටවත් වුවමනාවක් නෑ. දේශපාලනඥයන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය අරගෙන පාර්ලිමේන්තු ගියේ කොස් කොටන්න නෙවෙයි. වැඩක් කරන්නයි. රට බේරාගන්න ඇමැතිලාට වුවමනාවක් නෑ. අපි ස්වාමීන් වහන්සේ ලෙස ඉවසුවා හොඳටම ඇති. අපේ කොඳු කඩන්න කාටවත් බෑ.

හුරතල් වෙලා නපුංසකයෝ වගේ මේ ප්‍රශ්න විසඳන්න බෑ. ජාතියක් – ජන්මයක් නැති බටහිර හුරතලුන්ට මේ රට ගැන කැක්කුමක් නැති වුණාට අපට කැක්කුමක් තියෙනවා. අපි අපේ වගකීම ඉටුකරනවා’

June 26, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/96345/

0 comments: