Pages

Wednesday, November 23, 2016

ම්ලේච්ඡත්වය "මහවිරු" යෑයි කියන්නේ කොහොමද? විරු දිනය ගැන බොරුව තේරුම් ගන්න!

සහජීවනය-සංහිඳියාව වැනි වචනවල අර්ථය ගැන උතුරු පළාත් සභාවේ බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. නොඑසේනම් බලෙන්ම අමතක කරන්නේය. ඒ නිසාම ඉඳහිට අමුතු වර්ගයේ ඉල්ලීම් කරන්නටත්, සද්ද දමන්නටත් උතුරේ බොහෝ දෙනෙකු පුරුදුව සිටිති.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් එවැන්නෙකි. ශිවාජිලිංගම් ඊයේ පෙරේදා කලක සිට පටන් පුරුද්දට මෙන් කරන තර්ජනයක්‌ නොවන ඉල්ලීමක්‌ කර තිබේ. ඒ අනුව එළැඹෙන 27 වැනිදා මහවිරු දිනය සැමරීමට උතුරේ ජනතාවට ඉඩ ලබාදිය යුතුය. ශිවාජිලිංගම්ට අනුව මියගිය කොටි සැමරීමට ඕනෑම කෙනකුට අයිතියක්‌ තිබේ. මෙය ශිවාජිලිංගම්ගේ පමණක්‌ හුදකලා ඉල්ලීමක්‌ නොවේ. සංහිඳියාව වෙනුවෙන් පෙනී හිඳිනවා යෑයි කියන උතුරේ සියලුම දේශපාලනඥයන්ගේ ඉල්ලීමද මේකය.

ශිවාජිලිංගම් මේ කරන ප්‍රකාශය තුළ අමුතු විසුළු සහගත තර්කද ඉදිරිපත් කරයි. ජනතා විමුක්‌ති පෙරමුණ විරු දිනය සමරනවා නම් එල්ටීටීඊයට බැරි ඇයි? යන්න ඉන් එක්‌ තකතීරු ප්‍රශ්නයකි. ජවිපෙ තහනම් සංවිධානයක්‌ නොවන බව ශිවාජිලිංගම් ඇතුළු උතුරේ බොහෝ දෙනෙක්‌ අමතක කර තිබේ.

පසුගිය අවුරුද්දේද මේ පිරිසට මේ කුලප්පුව මේ ආකාරයෙන්ම වැළඳුණු බව අමතක කළ යුතු නැත. ඒ දිනවල ශිවාජිලිංගම්ද, අඩෙයිකලනාදන්ද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ කොටි සැමරීමට ඉඩ දිය යුතු බවයි. කොටි සංවිධානය යනු උතුරේ කෝවිල් තුළ යාතිකා කරමින් හිඳි පිරිසක්‌ නොවේ. ම්ලේච්ඡත්වය යනු කුමක්‌දැයි ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එල්ටීටීඊයයි. අත්අඩංගුවේ සිටි සිරකරුවන් ඝාතනය කරමින්, ගම්මානවල ළදරුවන් පෙති ගසා ඝාතනය කරමින්, ඉවක්‌ බවක්‌ නොමැතිව මිනිස්‌ බෝම්බ, බෝම්බ පුපුරුවා ජීවිත බිල්ලට ගනිමින් එල්ටීටීඊය වැපිරූ ම්ලේච්ඡත්වය "මහවිරු" යෑයි කියන්නේ කොහොමද?

ශිවාජිලිංගම් කියන්නේ එහෙම කතාවක්‌ නම් මේ රටේ බරපතළ ගනයේ අපරාධ සිදුකළ, තැන තැන වෙඩි කා මියෑදුණු පාතාල සාමාජිකයන්ටද දින වෙන් කළ යුතුය. අපට නම් ඒ ම්ලේච්ඡත්වයත්, මේ ම්ලේච්ඡත්වයත් අතර වෙනසක්‌ නැත. රුසියාවේ ව්ලැඩ්මියර් පුටින් චෙච්නියානු ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ දෙන්නේ නැත. ලොව කවර රටක්‌ හෝ හිට්‌ලර්ගේ නාසි අන්තවාදය සැමරීමට ඉඩ දෙන්නේ නැත. අල්ජිහාද්, අල්කයිදා, අයිඑස්‌ ත්‍රස්‌තයන් සමරන රටක්‌ අප අසා නැත. ඉන්දියාව මියගිය කාශ්මීර, ඇසෑම්, කලිකස්‌ථාන් ත්‍රස්‌තයන් සමරන්නට ඉඩ දෙන්නේ නැත. කිසිවෙකුත් එවැනි වැඩකට නැති ඉල්ලීම් කළ බව අප අසා නැත. ඒ සියලු "ප්‍රශ්න" අපේ රටේය.

සංහිඳියාව-සහජීවනය ඇති කරනවාය කියමින් මේ රටේ කවර ජනවර්ගයකට හෝ නැති ප්‍රශ්න ඇද ගනිමින් අර්බුද ඇති කිරීම උතුරේ දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයකි. මේ පෙළ ගැසෙන්නේ එවැනි වුවමනාවන් වෙනුවෙනි. ප්‍රභාකරන් කොල්ලා කාලේ රැවටුණේ මෙවැනි ගැටවලටය. දෙමළ ජනතාවම මරාදමමින් ලේ පිපාසිත ගමනක්‌ ප්‍රභාකරන් ආරම්භ කළේ එහෙමය. දකුණේ සමහර ෆෙඩරල් අප්පුලා රැවටී සිටින්නේද මේවාටමය. රටට ආදරය කරන කවුරුත් තේරුම්ගත යුත්තේ මේ ඇත්ත කතාවය.

http://www.divaina.com/2016/11/22/editor.html

Pic Source

ජාතික හා සංස්‌කෘතික විනාශය වහා නවත්වන්න - ඥනසාර හිමි

සිංහල බෞද්ධ පාරම්පරික අයිතියටත් බෞද්ධාගමික සංස්‌කෘති යටත් හිමි ජාතික හා පූජනීය වස්‌තූන් විනාශ කරමින් ඇතැම් ප්‍රදේශයන්හි අන්‍යා ගමිකයන් සිදුකරන විනාශය නැවැත්වීම සඳහා දළදා වහන්සේගේ පිහිට ඉල්ලා සිටින බව ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සෙනසුරාදා (19 දා) පස්‌වරුවේ පැවැති ගිහි පැවිදි රැස්‌වීමකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ පැවසූහ. 

අන්‍යාගමිකයන් සහ ඔවුන්ගේ සංවිධාන මගින් සිදු කෙරෙමින් පවතින ජාතික හා සංස්‌කෘතික විනාශය වහා නවතා දැමීමට රටේ නායකයන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඥනසාර හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය සහ බුද්ධාගම ආරක්‍ෂා කිරීමට කැපවී සිටින සියලු නිකායන්ගේ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ එඩිතරව රටේ පාලකයන්ට උපදෙස්‌ දිය යුතු බවත් පාලකයන් එසේ නොකරන්නේ නම් සංඝාඥවක්‌ නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටින බවත් පැවසූහ.

ශ්‍රී දළදා මාලිගාව අබියස පවත්වන ලද රැස්‌වීමෙන් පසුව බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන 17 ක්‌ මගින් සම්පාදනය කරන ලද ලේඛනයක්‌ මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමින්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ඥනරතන ස්‌වාමින්ද්‍රයන් වහන්සේටත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥන සාර ස්‌වාමින්ද්‍රයන් වහන්සේ පෙරටුකරගත් සංඝරත්නය විසින් පිළිගන්වන ලදී.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2016/11/22/news32.html

Pic Source

මුඛවාඩම් බැඳ සංහිඳියාව රැකීම හෙවත් සිංහල ජාතිකත්වය මැඬීම

දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛතම සටන්පාඨය වූයේ සංහිඳියාවයි. දැන් මේ යහපාලන ආණ්‌ඩුවට වසර දෙකක්‌ සම්පූර්ණ වීමටත් ආසන්න වෙද්දී රට පුරා සංහිඳියාව හොඳින් ස්‌ථාපිතවී තිබේද යන්න සොයා බැලීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ කවරක්‌ නිසාද? ආගමික හා ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පෙරේදා සිට පිහිටුවා ඇති නිසාය.

යහපාලන ආණ්‌ඩුව පත් වූ දා සිට විශේෂ පොලිස්‌ ඒකක පිහිට වූ බව රහසක්‌ නොවේ. ඒ අතර පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වඩාත් ප්‍රකටය. එහෙත් මෙහිදී අප මූලිකව අවධානය යොමු කළ යුත්තේ සංහිඳියාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අලුතෙන්ම පිහිටු වූ පොලිස්‌ ඒකකයේ කාර්යභාරය කුමක්‌වේද යන්නයි. සංහිඳියා පොලිස්‌ ඒකකයට අවශ්‍ය වන්නේ යම් පුද්ගලයකු තම ජාතිය ආගම වෙනුවෙන් අදහස්‌ දැක්‌වීම වැළැක්‌වීමටද? ජාතිකවාදීව අදහස්‌ දැක්‌වීම සාධාරණ වුවත් ජාතිවාදීව අදහස්‌ දැක්‌වීම මහජන කැළඹීමට හේතු විය හැකිය. නමුත් මේ පොලිස්‌ ඒකකය ජාතිකවාදය හා ජාතිවාදය විග්‍රහ කරනු ඇත්තේ කෙසේද? ආණ්‌ඩු විරෝධී ජාතිවාදී බලවේග මර්දනය සඳහා සංහිඳියා පොලිසිය උපයෝගී කරගනීද? පසුගිය සෙනසුරාදා මහනුවරදී විශේෂ සත්‍යක්‍රියාවක්‌ පැවැත්විණි. එහිදී සිංහල බෞද්ධ සංවිධාන රැසක්‌ එක්‌වී වර්තමානයේ රටේ බහුතරයකට එල්ලවී ඇති තර්ජන ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කළ බව මාධ්‍යවල පළ විය. කවරක්‌ නමුත් ඉදිරියේදී මෙවැනි කටයුත්තක්‌ සංවිධානය කිරීමේදී පවා සංහිඳියා පොලිසියෙන් අවසර ගැනීමට සිදු වේද? 

"මේ සිංහල අපගෙ රටයි" ගීතය ගායනා කිරීමද ඉදිරියේදී ප්‍රශ්නයක්‌ වනු ඇත. යම් කණ්‌ඩායමක්‌ මේ ගීතය ගායනා කිරිමෙන් මහජන කැළඹීම් ඇතිවේ යෑයි පොලිසියට පැමිණිලි කළහොත් සිදුවන්නේ කුමක්‌ද? එක්‌ අයකුගේ ජාතිකවාදී අදහසක්‌ තවත් අයෙකුට ජාතිවාදී විය හැකිය. පොලිසිය මෙය තෝරා ගන්නේ කෙසේද? ඇත්තෙන්ම මෙම පොලිස්‌ ඒකකය පිහිටුවීම අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියටද එක්‌ අතකින් බාධාවක්‌ විය හැකිය. නමුත් යහපාලන ආණ්‌ඩුවට අවශ්‍ය මහජන මර්දනයක්‌ දියත් කර හෝ සංහිඳියාව රැක ගැනීමද? මුඛවාඩම් බැඳ සංහිඳියාව රැකීම නම් ලෙහෙසි කාර්යයක්‌ නොවන බව පැහැදිලිව සටහන් කළ යුතුය.

දකුණේ බහුතරයට යහපාලන ආණ්‌ඩුව සංහිsඳියා පාඩම ඉගැන්වීමට උත්සාහ කළ ද උතුරේ එය සුරැකෙන්නේද? උතුරු පළාත් මහඇමැතිවරයා සංහිඳියාව වෙනුවෙන් කටයුතු කර ඇත්ද? "දෙමළුනි නැගිටිව්" මැයෙන් රැස්‌වීම පැවැත්වූ මොහු ගැන සංහිඳියා පොලිසිය පරීක්‍ෂණ පැවැත්වීමට සූදානම්ද?

සංහිඳියාවට බාධාවන කතා පැවැත්වීම පමණක්‌ නොව, ලිපි ලේඛන ලිවීම පමණක්‌ නොව, පුවත්පත්වල එවැනි ලිපි පළ කිරීම ද ඉදිරියේදී වරදක්‌ වනු ඇත. ඒ අනුව මාධ්‍යවේදීන්ද මේ සංහිඳියා පොලිසියේ ග්‍රහණයට ලක්‌වේද? කෙසේ වෙතත් බහුතර මතය යට කිරීමට සංහිඳියා පොලිසිය යොදා ගතහොත් එය යහපාලනයට ම පාරාවළල්ලක්‌ වනු ඇත.

http://www.divaina.com/2016/11/23/editor.html

Pic Source

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉඩම්, පොලිස්‌ බලතල පළාත් සභාවලට පවරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස්‌ බලතල පැවරීමට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

ඊට අදාළ යෝජනාව ජාතික ගැටුම් මානව හිමිකම් සහ රාජ්‍ය...

පරිපාලනය පිළිබඳව පත් කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටුව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව පැවසූ ඒ මහතා එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන බවද කීවේය.

එම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් පසු 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තවදුරටත් බලාත්මක කළ හැකි බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මෙය දකුණු අප්‍රිකානු ව්‍යවස්‌ථාව හා සමාන බව කීවේය.

එක්‌ රටක්‌ තුළ එක්‌සත් පළාත් රැසක්‌ යටතේ රාජ්‍ය පාලනය තුළින් අදාළ පළාත්හි ජීවත් වන ජනතාවට වැඩි පහසුකම් සැලසිය හැකි බවද පැවසූ ඒ මහතා මීට විරුද්ධ වන්නේ දූෂණ වැරදි චෝදනා සහිත දේශපාලනඥයන් බවද කීවේය.

හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලාගත හැකි යෑයි කියා අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් ජනතාව මුලා කිරීමට උත්සාහ ගන්නා බවද ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශැකී ජබාර්
http://www.divaina.com/2016/11/23/news22.html

Pic Source

ඩයිනමයිට්‌ කා මන්නාරමෙන් ගොඩ ගැසුවේ ලංකාවේ අන්තිම මුහුදු ඌරාද?

මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබූ සතා පළපුරුදු ධීවරයන්ට පවා හඳුනා ගැනීමට අපහසු අමුතු වර්ගයේ එකෙකු විය. අතිශය කලාතුරකින් දකින්නට හැකි මුහුදු ඌරෙක්‌ ලෙස මේ මළ සිරුර හඳුනා ගනු ලැබුවේ, වන ජීවී නිලධාරීන් විසිනි. මේ සිද්ධිය වාර්තා වන්නේ පසුගිය අටවැනිදාය.

කුඩාදූපතක්‌ සහ එමෙන් විසිපස්‌ ගුණයකින් යුත් මහ සයුරක හිමිකරුවන් වී සිටින අප, අප වටා ඇති සමුදුරේ වටිනාකම කිසිදු අයුරකින් හඳුනාගෙන නැත. මුහුදු ඌරා අයත් වන්නේද ශ්‍රී ලංකාව විසින් හඳුනා නොගත් මහඟු සම්පත් ගොන්න අතරටය. 

නොවැම්බර් අටවැනිදා පාන්දර මන්නාරම වෙරළට ගොඩගසා තිබුණේ 'ඒ සම්පත තවමත් අප සතුව ඇත. නමුත් අපට වටිනාකමක්‌ නැත' යන පණිවිඩය රැගත් මුහුදු ඌරෙකුගේ මළ කඳකි. මියගිය මුහුදු ඌරා විශාල තුවාලයකට ලක්‌වී සිටි අතර අනවසරයෙන් මසුන් මැරීමට යොදාගන්නා ඩයිනමයිටයකට මෙම සතා හසුවන්නට ඇතැයි වනජීවී නිලධරයෝ සැකපහල කර තිබුණහ.

"මෙම සත්වයන් ලංකාව මුහුදු තීරයේ කීයක්‌ ඉන්නවද කියලා තවමත් ගණනය කරලා නෑ. මොවුන් මුහුදු පැළෑටි පමණක්‌ ආහාරයට ගන්නවා. මෙවැනි සත්වයන් අපි ආරක්‌ෂාකර ගන්න ඕනෑ. මොවුන් ඉතා ශීඝ්‍රයෙන් වඳ වෙලා යන සත්වයන් බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ලංකාවේ මුහුදු තීරයට මෙවැනි මියගිය මුහුදු ඌරන් දෙදෙනෙක්‌ පමණ ගසාගෙන ඇවිත් තියෙනවා. එහෙත් ධීවරයන්ගේ නොදැනුවත්කම නිසා ඔවුන් පුළුස්‌සා තිබෙනවා. මින් ඉදිරියට ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අපි එකතුවෙලා මෙවැනි වඳවී යන මුහුදු ජීවීන් ආරක්‌ෂාකරන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ කරනවා" වනජීවී සහකාර අධ්‍යක්‌ෂ අශෝක රාජපක්‌ෂ මහතා මාධ්‍යයට එසේ පවසා තිබුණි.

2016 මැයි මාසයේදී විල්පත්තුව මුහුදු තීරයට අයත් මොල්ලිකුලම ප්‍රදේශයේ ධීවරයකුගේ දැලකට මෙවැනි මුහුදු ඌරෙකු හසු වී තිබුණි. එතෙක්‌ සාගර පර්යේෂකයෝ සිතා සිටියේ ශ්‍රී ලංකා වෙරළින් මුහුදු ඌරා සමුගෙන ගොසින් ඇති බවත්ය.

2010 වසරේ දෙසැම්බර් මාසයේදී ධීවරයන් දෙදෙනකු විසින් මුහුදු ඌරන් දෙදෙනකු මරා ගොඩට ගෙනන විට අල්ලා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබුණි. ඒ මන්නාරම දිස්‌ත්‍රික්‌කයෙන්ය. ධීවරයන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කරන ලද අතර මුහුදු ඌරු මළ සිරුරු යුගලය පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ දෙහිවල සත්වෝද්‍යානයට බාර දෙනු ලැබීය. පරීක්‌ෂණයෙන් හෙළිවී තිබුණේ මේ සතුන් දෙදෙනා පිරිමි සහ ගැහැනු සතුන් බවය. මෙම යුවළගෙන් ගැහැනු සතාගේ පියයුරුහී කිරි තිබූ බවද නිරීක්‌ෂණය වී තිබුණි. මෙයින් පෙනී යන ලද්දේ මේ මුහුදු ඌරන් යුවළට පැටවුන්ද සිටි බවය. එම සතුන් දෙදෙනා මරා දමා තිබුණේද ඩයිනමයිට්‌ යොදාගෙනය. මේ මුහුදු ඌරන් දෙදෙනා ලෝකයේ වාර්තා වූ විශාලම සතුන් ලෙස සැලකේ. මේ දෙදෙනාගෙන් පිරිමි සතා කිලෝග්‍රෑම් 480 ක්‌ ද ගැහැනු සතා කිලෝග්‍රෑම් 525 ක්‌ ලෙස සටහන් කොට ඇති අතර ඔවුන්ගේ හම් පුරවා, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා හි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට තිබේ.

මෑතකදී ශ්‍රී ලංකාවෙන් මුහුදු ඌරන් වාර්තා වූ අවසන් අවස්‌ථා තුන එසේය. එම අවස්‌ථා තුනේදීම පණපිටින් උන් දැක ගන්නට අප වාසනාවන්ත වී නොතිබුණි. 

හැත්තෑව දශකයට පෙර කොළඹ දී මුහුදු ඌරන් පණ පිටින් දැක ගැනීමේ අවස්‌ථාව හිමිව තිබුණි. නමුත් ඒ වාසනාවන්ත ආකාරයකට නොවේ. කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැලේ එදා තිබූ නැවුම්ම හෙවත් 'අලුත්ම බඩු' වූයේ මුහුදු ඌරාය. එක්‌දහස්‌ නවසිය හැට ගණන්වලදී යාපනයේ සහ මන්නාරමේ සිට දුම්රියෙන් කොළඹට ගෙනා මේ මාළු විශේෂය එතරම්ම නැවුම් වූයේ ඔවුන් මුහුදෙන් පණපිටින්ම අල්ලාගෙන, දුම්රියේද පණපිටින්ම පැමිණීම නිසාය. මුහුදේ ජීවත් වුවද ක්‌ෂීරපායී වර්ගයට අයත්වීම නිසා, මුහුදු ඌරා ගොඩබිමේ සිටීම, ඌගේ මරණය සඳහා හේතුවක්‌ නොවේ. විටින් විට ජලයෙන් තෙම තෙමා සිටීම පමණක්‌ ඌගේ ජීවිතය ගොඩබිමේදී පවත්වා ගෙන යැමට ප්‍රමාණවත්ය. දුම්රියේ පටවාගත් මුහුදු ඌරන් විටින් විට ජලයෙන් තෙමා කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැලට ගෙන විත් එතැනදී මරා දමා විකිණීම එකල ජනප්‍රිය වී තිබුණි.

මේ ලෙස වසරකට මුහුදු ඌරන් එකසිය පනහක්‌ පමණ කෝච්චියෙන් කොළඹ ඇවිත් අවසන් ගමන් ගොස්‌ තිබුණි. එසේ මරාගෙන කෑමේ විපාක අද වන විට විඳවමින් සිටින්නේ ලෝකයේම දුර්ලභ මුහුදු ජීවීන් වර්ගයක්‌ බවට මුහුදු ඌරා පත්වීමත් සමගය. 

ඌරකුගේ වැනි හිසක්‌ සහිත වීම හේතුවෙන් මුහුදු ඌරා යෑයි නම් ලැබූ මේ සත්වයා මුහුදේ සිටින ක්‌ෂීරපායී සත්වයෙක්‌ හෙවත් කිරි බී වැඩෙන්නෙකි. සාමාන්‍ය වහරේ මොවුන්ට මාළුවන් ලෙස ආමන්ත්‍රණය කළ ද මුහුදු ඌරා මත්ස්‍ය ගණයට අයත් නොවේ. 

සත්ව විද්‍යාත්මකව ඩියුගොන් ඩියුගොන් මටදබට මටදබට ලෙස හඳුන්වන මේ සතා, ඌරකු වැනි මුහුණක්‌ ඇති උරපත් යුගලක්‌ සහිතය. ගෙලක්‌ නොමැති අතර හිස ඉදිරිපස නාසික කුහරයක්‌ ඇත. හිසෙත් නාසයේත් ඉදිරිපස රළු කෙඳි පිහිටයි. එහෙත් සිරුරේ රෝම කිසිවක්‌ දක්‌නට නොලැබෙයි.

සිරුරේ වර්ණය අළු පැහැය මිශ්‍ර රතු දුඹුරුය. පිරිමි සතුන් හා ගැහැනු සතුන් ජෝඩු වශයෙන් ජීවත්වනු දැකිය හැකි අතර ඇතැම් අවස්‌ථාවල දී කුඩා රංචු වශයෙන් ද දිවි ගෙවයි. කොළ පැහැති ඇල්ගී හා මුහුදු පැළෑටි ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වෙයි.

මීටර 2-3.5 ත් අතර දිගකින් වැඩෙන මොවුන් රාත්තල් 300 සිට 500 දක්‌වා බරකින් යුක්‌තය. ජලය යට විනාඩි දහයක්‌ පමණ සිට මතුපිටට පැමිණ හිස ජලයෙන් ඉහළට ඔසවාගෙන සිටියි. වරකට එක්‌ පැටවකු බිහිකරයි. වසර 18 ත් 20 ත් අතර කාලයේ දී මුහුදු ඌරන් ලිංගිකව මුහුකුරා යයි. කලාතුරකින් නිවුන් දරුවන් උපත ලබයි.

උරපත් සිරුරට සවිවන ස්‌ථානයේ ඇති ස්‌තන ග්‍රන්ථිවලින් පැටවා මවගෙන් කිරි උරාබොයි. පැටවකු උපත ලැබීමේ දී අඩි හතරකට ආසන්න දිගකින් යුක්‌තය. අවුරුදු 55 - 60 ක්‌ පමණ කාලයක්‌ ජීවත් වේ.

ඒ සඳහන් කරන ලද්දේ මුහුදු ඌරාගේ ජීවන උරුමයය.

දෙමළ භාෂාවෙන් කඩල් පන්ඩි හෙවත් මුහුදු ඌරා යන නමින් සේම කඩල් පශු යන මුහුදු ගවයා යනුවෙන් ද මේ සත්වයා හඳුන්වයි. මුහුදු තෘණ සිය ආහාරය බවට පත් කර ගැනීම නිසා මුහුදු ගවයා යන නම මුහුදු ඌරාට යෙදී ඇතිබව සිතිය හැකිය. ශාකභක්‌ෂිකයෙක්‌ වන මුහුදු ඌරාත් තණකොළවලට අමතරව මුහුදු පැළෑටි ද සිය ආහාරය සඳහා එක්‌ කර ගනු ලබයි මෙම සතුන්ගේ හොම්බ තියුණු ලෙස පහළට හැරවී තිබෙන අතර එය ඝනකම් කෙඳිවලින් වැසී ඇත. මේ අනුවර්තනය නිසා ඔවුන්ට පහසුවෙන් මුහුදු තෘණ උලා කෑ හැකිය. මෙම පිහිටීමෙන් ප්‍රයෝජන ගෙන ඔවුන් විසින් දිවා රෑ දෙකෙහිම තෘණ උලා කනු ලබයි. ඉස්‌කෝප්පයක්‌ වැනි, පුළුල් වලිගය මෙම සතාගේ අනන්‍යතාවේ තවත් සංකේතයකි. මැනටියා නම් මුහුදු සත්වයාට බොහෝදුරට සමානත්වයක්‌ දරන මුහුදු ඌරා මැනටියාගෙන් බාහිර වශයෙන් වෙන් කර හඳුනා ගත හැක්‌කේ ඌට පිහිටා ඇති මෙම ඩොල්ෆින්ට සමාන වලිගය මගිනි.

වාර්තාවලට අනුව වර්ෂ 1980 දශකයේ මුල භාගයේ දී ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ විශාල මුහුදු ඌරන් ගහනයක්‌ සිටිය ද ධීවරයන් දැල් භාවිත කර මරා මස්‌කර විකිණීම හේතුවෙන් උන්ගේ ගහනය ක්‍රමයෙන් පහළ බැස තිබේ. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ වෙසෙන මුහුදු ඌරන් සාමාන්‍යයෙන් දෙදෙනෙක්‌ හෝ තිදෙනෙක්‌ගෙන් සමන්විත වන කණ්‌ඩායම් ලෙස වාසය කරයි. මෙම සතුන් උණුසුම් දිය ඇති මෝයවල හා නොගැඹුරු වෙරළාසන්න මුහුදේ වාසය කිරීමට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. මෙම පරිසර පද්ධතිවලට විශාල මුහුදු තෘණ පාත්ති ඇතුළු වෙනත් ශාක වර්ග හොඳින් පෝෂණය කරගත හැකිය. අරිප්පුමුතු ඉවුර, ආදම්ගේ පාලම සහ යාපන අර්ධද්වීපයට බටහිරින් ඇති දූපත් හා මන්නාරම් බොක්‌ක ආශ්‍රිත මුදුදේ මෙම සතුන් වාසය කරයි. එසේ වුවත් වර්තමානයේදී මෙම සතුන් දැක බලා ගැනීමට ඇති අවස්‌ථා ඉතාමත් දුර්ලභය.

මුහුදු ඌරන් කල්පිටිය හා උච්චමුනේ ප්‍රදේශවල ජීවත් වන බව සමහරක්‌ සාගර විද්‍යාඥයන් අනාවරණය කර තිබේ. මේ සාගර සීමාවේ සිට පෝක්‌සමුද්‍ර සන්ධිය දක්‌වා කල්පිටියේ සිට දකුණු ඉන්දියානු ප්‍රදේශය දක්‌වා අතිවිශාල ප්‍රදේශයක මුහුදු තෘණ පැතිරී ඇති බැවින් මුහුදු ඌරන්ගේ වැඩි ගහනයක්‌ එහි ඇතැයි අනුමාන කළ හැකිය. ධීවරයන්ගේ ග්‍රහණයට ලක්‌වීම, සාගරය දූෂණය වීම, ධීවර ආම්පන්නවල පැටලීම, දැඩි වර්ෂා කාලයේ දී ගොඩබිම සෝදාපාළු ලක්‌වීමෙන් මුහුදු තෘණ සහිත ප්‍රදේශවල දූෂණයට ලක්‌වීම, මුහුදු ඌරන්ට ප්‍රමාණවත් ආහාර නොලැබීම හා වාසස්‌ථාන අහිමි වීම මොවුන්ගේ ජීවිත තර්ජනයට සඳහා ප්‍රධාන හේතූන් බවට පත් වී ඇත. වුවමනාවෙන් දඩයම් නොකළද, මුහුදු ඌරෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වලට ගොදුරු වීමෙන් ජීවිතක්‌ෂයට පත්වෙති. මාළු දැල්වලට අසුවීමෙන්, ඩයිනමයිට්‌ මගින් මාළු ඇල්ලීම්වලට ගොදුරු වීමෙන් හා බෝට්‌ටුවල ගැටීම වැනි සිදුවීම් හේතුවෙන් මුහුදු ඌරෝ අදටත් මියයති. 

සාමාන්‍ය හැසිරීම බලන කල, මුහුදු ඌරන් ඉතාමත් සෙමින් ගමන් කරන සතුන්ය. පැයට කි.මී. 9 ක්‌ පමණ වේගයකින් පිහිනන නමුත් ඔවුන්ට තර්ජනයක්‌ ඇති වුවහොත් මෙම වේගය දෙගුණ කරමින් පලා යයි. විනාඩි 6-10 ක්‌ පමණ හුස්‌ම අල්ලාගෙන ඔවුන්ට දිය යට සිටිය හැකිය. පැටවුන් සමහර අවස්‌ථාවන්වලදී මවගේ පිට උඩ ගමන් කරයි. මන්දගාමී පරිවෘත්තීය වේගය නිසා සීතල දියේ ජීවත් වීම අපහසු වන අතර වතුරේ සිදුවන හදිසි උෂ්ණත්ව වෙනස්‌කම් දරා ගැනීම ද අපහසුය.

IUCN සංරක්‌ෂණ වර්ගීකරණ මට්‌ටම් හෙවත් රතු දත්ත පොතට අනුව, මුහුදු ඌරා ඉතාම දුර්ලභ සත්වයෙකු ලෙස නම් කර ඇත. මෙම සතුන් දඩයම් කිරීම 1970 ගණන් දක්‌වා සිදුවූ අතර, ශ්‍රී ලංකාව විසින් සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක පනතට සංශෝධනය කිරීමෙන් මුහුදු ඌරාට නෛතික ආරක්‌ෂාව ලබා දීම සඳහා පියවර ගනු ලැබීය. 

වර්තමානයේදී මේ සතා දඩයම් කිරීම අඩු වුවද තවමත් ඒවා තැනින් තැන සිදුවේ. මානව ශිෂ්ටාචාරයේ ආදි අවධියේ සිට මුහුදු ඌරා මිනිසා සමග සම්බන්ධවී ඇති බවට මැලේසියාවේ ගල් ගුහාවකින් හමුවී ඇති වසර පන්දහසක්‌ පැරණි සිතුවමකින් පෙන්නුම් කෙරෙයි. එහි මුහුදු ඌරා මැනවින් සිතුවම් ගතකර තිබේ. ඕස්‌ටේ්‍රලියානු ආදිවාසී ඇබෝජින්වරුන් විසින් මුහුදු ඌරා සිය සංස්‌කෘතියේ කොටසක්‌ ලෙස සලකනු ලබයි. අතීත නාවිකයන් විසින් ඉඳහිට දකින ලද දියකිඳුරිය, මුහුදු ඌරා දැයි වත්මන් සමුද්‍රික පරිසරවේදීන් සැක පහල කරනු ලබයි. එයට හේතුව මේ සතාගේ ඇතැම් ශරීරාංග සහ ක්‍රියාකාරකම් මිනිසාට බොහෝ සෙයින් සමාන වීමය. මෙම ගැහැනු සතාගේ පියයුරු කාන්තාවන්ගේ පියයුරුවලට බෙහෙවින් සමාන වන අතර උන් පැටවුන්ට කිරි දෙන්නේද මිනිස්‌ අම්මලා සිය පැටව් හට කිරිදෙන ආකාරයට හරහට පැටවා තබාගෙනය. මුහුදු ශාක ඇඟ පටලවා ගත් මුහුදු ඊරිය උන්ගේ සුපුරුදු චර්යාව අනුව සමුද්‍රය මැද්දේ ගලක්‌ මත සන්ධ්‍යාවක සිටින විට ඈතින් එන ධීවරයාට පෙනෙන්නේ සුන්දර ලියක්‌ ලෙසය. මුහුදු ඊරියන්, මුහුදු අප්සරාවියන් ලෙස පෙනෙන්නේ මේ දර්ශනය නිසා යෑයි අනුමාන කළ හැකිය. 

මුහුදු ඌරා සඳහා ඉංගී්‍රසියෙන් යෙදෙන ඩියුගොන් යන වචනය බිහිවී ඇත්තේ පිලිපීනයේ භාෂාවක්‌ වන ටගාලොග් සහ මැලේ භාෂාවෙනි. එහි අර්ථය සමුද්‍රයේ ආර්යාව යන්නය. කෙන්යානු පුරාවෘත්ත අනුකූලව මුහුදු ඊරි නම් කර ඇත්තේ, සාගරයේ රැජන ලෙසය. ඉන්දුනීසියාවේ ඇතැම් පළාත්වාසීන් විශ්වාස කරන්නේ, මියගිය ස්‌ත්‍රීන්ගේ ආත්මය, මුහුදු ඊරිය ලෙස නැවත ජනිත වන බවය. අතීත වාර්තා අනුව පෙනී යන්නේ දීර්ඝ මුහුදු ගමන් ගිය නාවිකයන් මුහුදු ඊරියන් සමග ලිංගිකව හැසිරී ඇති බවය. මුහුදු ඊරිය සමුදුරේ අප්සරාවිය බවට අතීත නාවිකයා නම් කරන ලද්දේ මේ හාදකම නිසාය. 

මේ තරම් අතීත කතා සහිතව මානවයාට සමීප වූ මුහුදු ඌරා, අද මානවයාගේ ආත්මාර්ථකාමී සැලකීම් හේතුකොට ගෙන මිහිතලයට සමුදෙමින් අවසන් ගමන් යැමට සූදානම් වී සිටියි. 

ජපානයේ ඔකිනාවා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදේ ඇමරිකාව විසින් නව කඳවුරක්‌ ඉදිකිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් 2003 වසරේදී ජපාන පුරවැසියන් පිරිසක්‌ සහ පරිසර සංවිධාන කිහිපයක්‌ විසින් සැන් ෆ්‍රැන්සිස්කෝහි දී අධිකරණය හමුවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලද අතර ඇමෙරිකාවේ හිටපු ආරක්‌ෂක ලේකම් චක්‌හෙගල් එහි චූදිතයකු ලෙස නම් කර තිබිණි. පැමිණිලිකරුවන් මෙහිදී පවසා ඇත්තේ මෙම හමුදා කඳවුර ඉදිකිරීම මගින් තර්ජනයට ලක්‌ව ඇති සමුද්‍රවාසී ක්‌ෂීරපායී සත්වයකු වන මැනාටීන් දැඩි අවදානමකට හෙළන බවයි. ඊට අමතරව මුහුදු බොක්‌කක්‌ ගොඩ කරන ලද ප්‍රදේශයක ගුවන් පථ දෙකක්‌ ඉදිකිරීම මගින් ඩුගොන් හෙවත් මුහුදු ඌරාගේ නිජබිමක්‌ හා පෝෂණ ප්‍රදේශයක්‌ අහිමි වන බවය. මෙවැනි ජාත්‍යන්තර සිද්ධීන් පවා, මුහුදු ඌරාගේ සුරක්‌ෂිතභාවය මත තීරණය වන තරමට ඌගේ වටිනාකම ලෝකයා හඳුනාගෙන තිබේ. එසේ නමුත් ඩයිනමයිට්‌ යොදා මුහුදේ කරන විනාශය විසින් මේ මහා සම්පත අපේ මුහුදෙන් අතුගා දමමින් පවතී. 

මුහුදු ඌරා සංරක්‌ෂණය බැඳී පවතින්නේ සමුද්‍ර දූෂණය අවම කිරීම සමගය. මේ සඳහා ලෝකයා විසින් විශේෂිත සංරක්‌ෂිත වැඩසටහන් ඇති කරගෙන තිබේ. 

මුහුදු ඌරන් සහ මුහුදු තෘණ සංරක්‌ෂණ වැඩසටහන යනු මුහුදු ඌරන් සහ ඔවුන් කන මුහුදු තෘණ බිම් ආරක්‌ෂා කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබූ මෙම ලෝක ව්‍යාප්ත වෑයමය. ඉන්දියානු සාගරය හා ශාන්තිකර සාගරය අවට ඇති රටවල් අටකින් මෙම වැඩසටහන අරඹා තිබේ. ඉන්දුනීසියාව, මැඩගස්‌කරය, මලයාසියාව, මොසැම්බික්‌, සොලොමොන් දූපත්, ශ්‍රී ලංකාව, ටිමෝරය සහ වනුවාටු යන රටවල් මේ සඳහා අයත් වේ. මෙය ලෝකයේ මුහුදු ඌරන් හා මුහුදු තෘණ සංරක්‌ෂණය කිරීමේ ප්‍රථම සමායෝජිත වෑයමය.

මුහුදු ඌරන් වැඩි වශයෙන් අනුභව කරන මුහුදු තෘණ යනු නොගැඹුරු, වෙරළාසන්න මුහුදේ වැවෙන සපුෂ්ප ශාක වර්ගයකි. ලෝකයේ සමුද්‍රයන්හි සුළු ප්‍රදේශයක මෙම ශාක දැකගත හැකි වුවත්, ගොඩබිමේ ඇති වැසි වනාන්තරවල වඩා කාර්යක්‌ෂම ලෙස කාබන්ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීමට මෙම ශාකවලට හැකියාව තිබේ. මෙමගින් ජලයේ ඇති අපද්‍රව්‍ය පෙරා, ජලජ සතුන් රාශියකට ආහාර, ආරක්‌ෂාව හා රැකවරණය ද සපයා දෙයි. වෙරළ ඛාදනය වළක්‌වීමෙහිලා ද මුහුදු තෘණ ඉතා වැදගත් කාර්යය භාරයක්‌ ඉටුකරයි.

මේවා මුහුදු ඌරන් වැඩියෙන්ම ප්‍රිය කරන ආහාරය නිසා මුහුදු ඌරන් සංරක්‌ෂණයේදී ඔවුන්ගේ ආහාර ප්‍රභවයන් ද රැක බලා ගත යුතු හෙයින් මුහුදු ඌරා සංරක්‌ෂණය යන මතෘකාවේදී මුහුදු තෘණ බිම් රැක ගැනීම අතිශයින් වැදගත්භාවයක්‌ උසුලයි. ලෝකයේ විවිධ වර්ගයේ තෘණවලින් ගහන විශාලතම මුහුදු තෘණ භූමිය පිහිටා තිබෙන්නේ ෂාක්‌ බොක්‌කේ ය. වර්ග කිලෝමීටර් 4000 කටත් වඩා මුහුදු පැළෑටි ගහනව තිබෙන මෙම ප්‍රදේශයේ ඉස්‌සන්, කුඩා මසුන් හා වෙනත් මුහුදු සත්වයන් බහුලව වාසය කරන අතර මුහුදු ඌරන් 10000 ක්‌ පමණ මෙම පැළෑටි මගින් පෝෂණය ලබයි. 

ඩයනමයිට්‌ වැදී මියගිය මළ කුණක්‌ ලෙස ඉඳහිට වෙරළට ගොඩ ගසනා මුහුදු ඌරෙකු පිළිබඳව නොව සාඩම්බර මුහුදු රැජනක්‌ ලෙස මුහුදු ඌරා අපේ සමුද්‍රයේ වාසය කරන යුගයක්‌ ඇති කිරීම කිරි බී වැඩෙන සත්වයන් ලෙස අපගේද වගකීම වන්නේය.

ඔසිත අත්තනායක
http://www.divaina.com/2016/11/20/feature14.html

ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ඉන්දියානුවන් උදුරාගන්නා හැටි

ශ්‍රී ලාංකිකයින්ට හිමි රැකියා අවස්‌ථා ඉන්දියානුවන් විසින් උදුරාගනු ඇතැයි අනතුරු අඟවමින් වෘත්තික සංවිධාන පෙරමුණක්‌ විසින් පසු ගිය දිනවල රට පුරා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ දියත් කොට තිබිණි. එහෙත් එම පෝස්‌ටර් දුටු සාමාන්‍ය ජනතාව එවැන්නක්‌ සිදු වන්නේ කෙසේද යන ප්‍රහේලිකාව විසඳා ගැනීම සඳහා කතාබහ කරනු දක්‌නට ලැබුණි. මෙම ලිපියේ අමුණ ප්‍රායෝගිකව එවැන්නක්‌ සිදුවන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමය. පසුගිය දිනවල ''එට්‌කා'' හිතවාදී විද්වතුන් පුන පුනා ප්‍රකාශ කළේ එම ගිවිසුමට සේවා වෙළදාමේ 4 වැනි ක්‍රමවේදය වන පුද්ගලයින්ට රට තුළට පැමිණ සේවා සැපයීමට ඉඩදීමේ ප්‍රතිපාදනය ඇතුළත් නොවන බවයි. මෑතකදී ප්‍රකාශයට පත්කළ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නම් වූ පත්‍රිකාවක්‌ මගින්ද ශ්‍රී ලංකාව එම 4 වැනි ක්‍රමවේදය විවෘත කිරීමට බැදී නැති බවට මහජනතාව මුලා කිරීමට ඔවුන් උත්සාහ කොට ඇත. 

රහසිගත ලේඛනයක්‌ ලෙස සඳහන් කරමින් 2016 ජුනි 08 වැනිදා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කළ ''එට්‌කා'' ගිවිසුමේ අවසන් කෙටුම්පත අනුවද සේවා වෙළදාමේ 4 වැනි ක්‍රමවේදයට අදාලව පැටලිලි සහගත වගන්තියක්‌ ඇතුළත්කොට ඇත. ඊට අනුව සෘජුව ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළෙන් රැකියා සොයා එන ඉන්දියානුවන්ට සහ දීර්ඝ කාලීන වීසා හෝ පුරවැසිභාවය අපෙක්‌ෂා කරන අයට එට්‌කා ගිවිසුමේ ප්‍රතිපාදන අදාළ නොවේ. ඒ පිළිබඳ විවාදයක්‌ නැත. එනමුත් ඒ මගින් සේවා වෙළදාමේ 4 වැනි ක්‍රමවේදය එට්‌කා ගිවිසුමට අදාළ නොවන බවට ව්‍යාජ තර්කයක්‌ මතුකළ නොහැක. ප්‍රායෝගිකව ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළවන ලුහුඬු දැන්වීම් අනුව ඉල්ලුම්කොට රැකියාවක්‌ ලබාගැනීම සඳහා රැකියා වීසා බලපත්‍රයක්‌ ඉල්ලුම් කරන්නේ නැත. එසේම ඉන්දියානුවකු සංචාරක වීසා මගින් රට තුළට පැමිණ රැකියා වෙළෙඳපොළෙන් රැකියාවක්‌ සොයාගෙන පසුව රැකියා වීසා බලපත්‍රයක්‌ ඉල්ලුම් කිරීමද සිදුවන්නේ නැත. එසේ සංචාරක වීසා වලින් රට තුළට පැමිණ නීති විරෝධීව රට තුළ රැකියාවල නියුක්‌ත ඉන්දියානුවන් ලක්‍ෂ 3ක්‌ සිටින බවට වාර්තාවේ. එවැන්නන්ට නීත්‍යානුකූලව රැකියාවක්‌ කිරීම සඳහා අවස්‌ථාව උදාකිරීම ''එට්‌කා'' ගිවිසුමේ එක්‌ මූලික අරමුණකි. 

කෙසේ වෙතත් ''එට්‌කා'' ගිවිසුම අත්සන් කළ පසුව සේවා වෙළෙඳාමට අදාලව එහි කුමන ආකාරයක වචන පටලැවිල්ලක්‌ තිබුණත් නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන්නේ 'ගැට්‌ස්‌' ගිවිසුමේ 5 වැනි පරිච්ඡේදයේ කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාව එකඟ වී ඇති අවම බැඳීමයි. ස්‌වාභාවික පුද්ගලයින් රට තුළට පැමිණ රැකියා කිරීම හෙවත් සේවා වෙළෙඳාමේ 4 වැනි ක්‍රමවේදයට අදාලව ලෝක වෙළෙඳ සංවිධානයේ ගැට්‌ස්‌ ගිවිසුමේ ශ්‍රී ලංකාව විසින් ලබාදී ඇති තිරස්‌ බැදීම් වල සදහන් වන්නේ ඉතා සරළ කොන්දේසියකි. එනම් ශ්‍රී ලංකාවේ රැකියා කිරීමට හෝ ව්‍යාපාර කිරීමට අදහස්‌ කරන විදේශිකයන් ඒ සඳහා රටේ පවතින ආගමන විගමන නීති යටතේ රැකියා වීසා බලපත්‍රයක්‌ ඉල්ලුම් කළ යුතු බවයි. ඒ අනුව එම බැඳීම 'එට්‌කා' ගිවිසුමට අදාළ කරගත් විට ශ්‍රී ලංකාවට පැමිණ රැකියාවක්‌ කිරීමට හෝ ව්‍යාපාර කිරීමට අදහස්‌ කරන ඉන්දියානුවකුට පැනවෙන එකම කොන්දේසිය වන්නේ පවතින නීතිය යටතේ රැකියා වීසා බලපත්‍රයක්‌ ලබාගැනීමයි. එය ඕනෑම රටක පවතින සාමාන්‍ය තත්වයයි. 

එහෙත් ඉන්දියාව විසින් 'ගැට්‌ස්‌' ගිවිසුම යටතේ ලබාදී ඇති බැදීම් වලට අනුව ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ රැකියාවක්‌ ලබාගැනීමේදී බරපතළ කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට සිදුවේ. ඒ අනුව ව්‍යාපාරික සාකච්ඡා සහ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ මාස 3 ක වීසා පමණි. ඊට අමතරව ඉන්දියාවේ ආරම්භ කරන ශ්‍රී ලාංකික සමාගමක හෝ ඉන්දියාවේ පිහිටුවන ශ්‍රී ලාංකික සමාගමක ශාඛාවක්‌ හෝ ඉන්දියානු සමාගමක ශ්‍රී ලාංකිකයින්ට සේවය කළ හැක්‌කේ කළමනාකරුවන් විධායක නිලධාරීන් සහ විශේෂඥයන් ලෙස පමණි. ඊට අමතරව එවැනි පුද්ගලයන් සතු විය යුතු සුදුසුකම් සහ පුහුණුව පිළිබඳ විස්‌තරද කොන්දේසි ලෙස ඇතුල්කොට ඇත. එවැනි ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා බලපත්‍ර ලැබෙන්නේ වසර 5 ක කාලයකටය. නමුත් එසේ ඉන්දියාවේ විද්වත් වෘත්තිකයන් ලෙස රැකියාවක්‌ බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ වසර 1 ක වීසා බලපත්‍රයක්‌ පමණි. එය දීර්ඝ කරනු ලබන්නේ මාස 3 කට පමණි. 

එම දීර්ඝ විස්‌තරයෙන් පැහැදිළි වන්නේ ඉන්දියානු කම්කරුවන්ට හෝ ඕනෑම සුළු රැකියාවක්‌ හෝ ස්‌වයං රැකියා කරන අයට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි වුවත් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවෙන් ලැබෙන්නේ ඉතා සීමාසහිත අවස්‌ථා ප්‍රමාණයක්‌ බවය. ඊට අමතරව ශ්‍රී ලාංකික විද්වත් වෘත්තිකයින් ඉන්දියාවේ රැකියා අවස්‌ථා බලාපොරොත්තු වනු ඇත්තේ ඉතා සුළු වශයෙනි. එයට හේතුව එවැනි මට්‌ටම්වල වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ වඩා හොඳ ජීවන තත්වයක්‌ භුක්‌තිවිදිය හැකි වීමය. මේ වන විට ඉන්දියාවේ රට අභ්‍යන්තරයේ මිලියන 120 ක පමණ සංක්‍රමණික කම්කරුවෝ සේවය කරති. එය ඉන්දියාවේ සමස්‌ත ජනග්‍රාහනයෙන් 10% කට වැඩි පිරිසක්‌ වුවන් ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉන්දියානු රජය කිසිදු විශේෂ වැඩ පිළිවෙලක්‌ දියත්කොට නැත. ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වී වහලුන් සේ ඉතා අඩු මිලට සහ අඩු පහසුකම් යටතේ තම ශ්‍රමය විකුණා ජීවත් වෙති. එම පිරිසෙන් 40% පමණ ඉතා දුෂ්කර තත්වයන් යටතේ ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ අන්තරාදායක රැකියා කරති. ඒ සමස්‌ත පිරිසෙන් 20% පමණ තායිලන්තය හොං කොං, මැලේසියාව ආදී රටවල් වල නීති විරෝධීව සහ ඉතා ආවාසිදායක කොන්දේසි යටතේ නීත්‍යානුකූලව ද රැකියා කරති. එම පිරිස්‌ බොහෝ විට කෙටිකාලීන ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කොට ආපසු ඉන්දියාවට පැමිණ නැවත විදේශ රැකියාවක්‌ බලාපොරොත්තුවෙන් නාගරික ප්‍රදෙශවල රැකියාවල යෙදෙති. 

ඒ අනුව මිලියන 24 ක පමණ තාවකාලිකව අසල්වැසි විදේශ රටවල රැකියා සොයමින් ඉන්දියාවේ නාගරික ප්‍රදේශවල සුළු රැකියාවල නියුක්‌ත ඉන්දියානු කම්කරුවන් පිරිසක්‌ සිටිති. ඔවුන් අවස්‌ථාවක්‌ ලබාදෙන පළමු මොහොතේම ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලිම් ගැසෙනු ඇත. මේ අයගෙන් අති බහුතරයකට සාමාන්‍ය පවුල් සබඳතා පැවැත්වීමට ලැබෙන ඉඩ ඉතා අවම වන අතර කෙසේ හෝ ජීවිතය ගැට ගසා ගනිමින් තම නිවසට වරින් වර මුදල් ප්‍රමාණයක්‌ යෑවීම ඔවුන්ගේ මූලික අරමුණ වේ. ඔවුන් ඉතා අවම ජීවන මට්‌ටමක්‌ සහිතව ඉතා සුළු පිරිවැයකින් ජීවිතය ගැටගසා ගනිති. එසේම ඔවුහු දීර්ඝ පැය ගණන් වැඩ කරන අතර රාත්‍රියේ මිනිසුන්ගේන් පිරුණු වාතාශ්‍රය අඩු කුඩා කාමර වල වැටී නිදාගනිති. ඔවුන්ගේ පෝෂණ මට්‌ටම සහ ප්‍රතිශක්‌තියද ඉතා අඩු මට්‌ටමක පවතින අතර ඔවුන් ඉතා පහසුවෙන් ක්‍ෂය රෝගය, සමාජ රෝග, මැලේරියාව වැනි බෝවන රෝගවලට ගොදුරුවෙති. ඔවුන් අතර ''එච්.අයි.වී - ඒඩ්ස්‌'' ආසාදිත ප්‍රතිශතය සමස්‌ත සමාජයේ ප්‍රතිශතයට වඩා පස්‌ ගුණයක්‌ පමණ වේ. මීට සියවස්‌ දෙකකට පෙර ලෝකයේ වහල් ශ්‍රමිකයින්ගේ ජීවන තත්වය අද ජීවත් වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගේ ජීවන තත්වයට වඩා යහපත් වූ බවට විවිධ පැතිකඩවලින් තර්කානුකූලව ඔප්පු කළ හැක. 

ශ්‍රී ලංකාවේ සමස්‌ත ජනගහනයටත් වඩා වැඩි මෙම සංක්‍රමණික කම්කරුවන් අතුරින් 5% ශ්‍රී ලංකාවට කඩා වැදුනත් එම ප්‍රමාණය ලක්‍ෂ 10 ඉක්‌මවා යයි. ආණ්‌ඩුව ලක්‍ෂ 10 ක රැකියා අවස්‌ථා නිර්මාණය කරන බවට පුරසාරම් දොඩන්නේ එම ඉලක්‌කය මත පදනම්වය. ඒ සා විශාල කම්කරුවන් පිරිසක්‌ කෙටි කාළයක්‌ තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලීම් ගැසෙන විට ඔවුන්ගේ දිනක වැටුප් මට්‌ටම රු. 650-750 මට්‌ටමට පහළ බැස්‌සවිය හැකි බවද ආණ්‌ඩු වේ ප්‍රති පත්ති සම්පාදකයෝ ඉතා හොඳින් දනිති. ඔවුන් දිගින් දිගටම තර්ක කරන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු වැටුප් මට්‌ටම කලාපයේ රටවලට සාපේක්‍ෂව ඉතා ඉහළ මට්‌ටමක පවතින නිසා විදේශ ආයෝජන දිරිමත් කළ නොහැකි බවය. ඒ අනුව ඔවුන්ගේ සැබෑ අපෙක්‌ෂාව වන්නේ ඔවුන් කියන ඊනියා දැනුම් ආර්ථිකයක්‌ ගොඩනැගීම නොව ලාබ ශ්‍රමය සොයා යන කසළ කර්මාන්ත ප්‍රචලිත කිරීම බව පැහැදිළිව පෙනේ. ඒ අනුව දැනට දිනකට රුපියල් 1000 -1200 මට්‌ටමේ පවතින ශ්‍රී ලංකාවේ නුපුහුණු වැටුප් මට්‌ටම රු. 650-750 දක්‌වා පහතට දැමූ විට ශ්‍රී ලාංකික කම්කරුවා බරපතල සූරා කෑමකට ලක්‌වේ. ඒ මගින් ඔවුන්ගේ ජීවන මට්‌ටම බරපතළ ලෙස කඩා වැටෙන බවට විවාදයක්‌ නැත. 

එවිට පෙරටුගාමී පක්‍ෂය මතුකරන තර්කය අනුව සූරා කෑමට ලක්‌වන ඉන්දියානු කම්කරුවා සංක්‍රමණිකයකු වන බැවින් ඔවුන් වඩාත් දුකට පත්වේ. ඒගැන ඔවුන් දැනටමත් හුරු වී ඇති ජීවන මට්‌ටම අනුව එවැනි වැටුප් මට්‌ටමකින් ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමක්‌ සිදුවන්නේ නැත. ජීවන තත්වය පහත වැටී බරපතළ සමාජ, සංස්‌කෘතික සහ මානසික අර්බුදයකට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ශ්‍රී ලාංකික කම්කරු ප්‍රජාව බව ඉතා හොඳින් තේරුම්ගත හැක. ඒ අනුව එට්‌කා ගිවිසුම යනු ඉන්දියානු සහ ශ්‍රී ලාංකික කම්කරු ශ්‍රමය සූරා කෑම සඳහා සාදාගන්නා වහල් උපාංගයක්‌ බවට විවාදයක්‌ නැත. පෙරටුගාමී පක්‍ෂය එවැනි පුළුල් සහ දියුණු විග්‍රහයක්‌ ඉදිරිපත් කළත් රටේ වෘත්තීය සමිති බහුතරයක බලය හිමි ජනතා විමුක්‌ති පෙරමුණ මෙම බරපතළ දුෂ්ඨ වැඩපිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති සාමාජිකයින් දැනුවත් කරන බවක්‌ පෙනෙන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ දැක්‌මේ දුප්පත් කමද එසේ නැතහොත් ආණ්‌ඩුව සමඟ එළඹ ඇති යම් දේශපාලන එකඟතාවයක්‌ද යන්න පැහැදිළි නැත. 

න්‍යායාත්මක පැහැදිලි කිරීම් එසේ තිබියදී මෙම ලිපියේ මුලින් මතුකළ ආකාරයට මහජනයා විසින් අසන ප්‍රධාන ප්‍රශ්නය වන ප්‍රායෝගිකව ඉන්දියානුවන් විසින් ශ්‍රී ලාංකිකයාගේ රැකියා උදුරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට දැන් පිළිතුරු සැපයිය යුතුය. ඒ සඳහා ''එට්‌කා'' ගිවිසුමේ ප්‍රතිපාදන අනුව යොදා ගන්නා මූලික උපාංගය වන්නේ ඉන්දියානු මිනිස්‌ බල සැපයුම් සමාගම් ශ්‍රී ලංකාවේ පිහිටුවීමය. එය සේවා වෙළදාමේ තුන්වන ක්‍රමවේදය සහ හතරවන ක්‍රමවේදය දෙමුහුන් කිරීමකි. එවැනි ''මෑන් පවර්'' සමාගම් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. ඔවුන් විසින් රාජ්‍ය ආයතන වල ආරක්‍ෂක සේවා, පිරිසිදු කිරීමේ සේවා වැනි සේවාවන් සපයන අතර එම ක්‍රමය බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇත. ඉන්දියානු සමාගම් සමඟ තරග කරමින් එම සේවා සැපයීමට ශ්‍රී ලාංකික සමාගම් වලට පහසු වන්නේ නැත. බොහෝ විට එවිට සිදුවන්නේ ශ්‍රී ලාංකික සමාගම් පවා ඉන්දියානු කම්කරුවන් යොදා ගැනීමට පෙළඹීමය. ශ්‍රම වෙළදපොළේ ඇතිවන එම තරගයේදී ශ්‍රී ලාංකික කම්කරුවන්ට අඩු වැටුප් බාරගැනීම හැර අන් විකල්පයක්‌ ඉතිරිවන්නේ නැත. 

එසේ තරගකාරීව අඩු මිලට සේවා පිටතින් ලබාගැනීමේ හැකියාව හෙවත් ශ්‍රම වෙළෙඳ පොළේ කාර්යක්‌ෂමතාව වැඩිවන තරමට විශාල මට්‌ටමේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන එම ක්‍රමය වැළඳගැනීමට වැඩි වශයෙන් පෙළඹෙනු ඇත. ක්‍රමයෙන් එම ක්‍රමවේදය තුළට වැඩි ආයතන ප්‍රමාණයක්‌ ඇතුල්වනවාට අමතරව වැඩි සේවා වර්ග ප්‍රමාණයක්‌ ඇතුල්වීමද සිදුවේ. උදාහරණයක්‌ ලෙස ආරක්‍ෂක, පිරිසිදු කිරීම් වැනි සේවා වලට අමතරව වාහන සැපයීම, හෙද සහායක සේවා සැපයීම අදිය පමණක්‌ නොව ගිලන්රථ සේවා පවා එසේ 'ඉන්දියානු මෑන් පවර් සමාගම්' විසින් අත්පත්කර ගනු ඇත. එමගින් නිසැකයෙන්ම රාජ්‍ය සේවයේ විශාල රැකියා ප්‍රමාණයක්‌ විදේශීය පෞද්ගලික සමාගම් විසින් අත්පත්කර ගැනීම සිදුවේ. ඊට අමතරව කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වතු ආශ්‍රිතව පවා ඉන්දියානු කම්කරුවන්ට විශාල වශයෙන් රැකියා අවස්‌ථා ලැබීම තුළ ගොවිතැනට අමතරව කුලී ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන ග්‍රාමීය ජනතාවගේ රැකියා අවස්‌ථාද අහිමිවනු ඇත. ඒ ආකාරයට වතු ආශ්‍රිතව පදිංචිවන ඉන්දියානු ශ්‍රමිකයින් දිර්ඝ කාලීනව රට තුළ රැදී සිටීමට පෙළඹෙනු ඇත. ඔවුන් ක්‍රමයෙන් ස්‌වීකරණය වී ශ්‍රී ලාංකිකයන් බවට පත්වනු ඇති අතර ඒ මගින් රටේ ජන සංයුතියේ වෙනස්‌කම්ද සිදුවනු ඇත. ඊට අමතරව එම නීතිවිරෝධී ක්‍රියා නීත්‍යානුකූල කිරීම සඳහා කූඨ ලේඛණ කර්මාන්තයක්‌ ද ශ්‍රී ලංකාවේ බිහිවනු ඇත. 

මෑන් පවර් සමාගම් සිදුකරන ආකාරයට කම්කරුවන් කොන්ත්‍රාත් ක්‍රමයට සේවයට බඳවාගෙන සේවා සපයනවා වෙනුවට ඔවුන් විසින් කම්කරුවන් වැඩවසම් කොන්දේසි යටතේ එම වතුවලට විකුණා දැමෙණු ඇත. මේ වන විට අප රටේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදිපෙරදිග රටවල විඳින දුක්‌ ගැහැට අප රටේදී ඉන්දියානු කම්කරුවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෑන්පවර් සමාගම් ලෙස හදුන්වන වහල් හිමියන් ලෙස කටයුතු කරන බොහෝ ඉන්දියානු සමාගම්වලට නීති විරෝධීව අසල්වැසි රටවල තරුණ කාන්තාවන් ගණිකාවෘත්තීය සඳහා වෙනත් රටවලට රැගෙන යාම පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී ඇත. මෙම දුෂ්ඨ ව්‍යාපාරයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ නේපාලය සහ භූතානය වැනි රටවල හම සුදු කාන්තාවන්ය. එම සමාගම් විසින් අධික ලෙස ලාභ සහිත එම ව්‍යාපාරය ශ්‍රී ලංකාවට රැගෙන එන බව සහ ඊට විශාල ඉල්ලුමක්‌ ලැබෙන බවටද සැකයක්‌ නැත. ඉහත සඳහන් කළ ආකාරයට ක්‍ෂය රෝගය, මැලේරියාව, සමාජ රෝග සහ ඒඩ්ස්‌. - එච්.අයි.වී වැනි භයානක රෝග වලින් පීඩා විදින සංක්‍රමණික කම්කරුවන් අතරට එම ලිංගික ශ්‍රමිකයින්ද එක්‌ වූ විට ඇතිවන තත්වය සිහිබුද්ධිය ඇති ඕනෑම 'මිනිසෙක්‌ට' සිතින් මවා ගත හැක. ඊට අමතරව ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ ශ්‍රම වෙළෙඳපල සම්පූර්ණයෙන්ම ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් විසින් අත්පත්කර ගැනීමට ඉඩ ඇත. මිලියන 120 ක්‌ වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් අතරින් 40% ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ රැකියාවල නියුක්‌තවේ. ඔවුන් බොහෝ විට කම්කරු කඳවුරුවල රඳවා තබන ඔවුන් අතර කෙටි කාලීනව නීත්‍යානුකූලව සහ එසේ නොවන ලෙස යන එන පිරිස්‌ද අධික වේ. එම නිසා නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් පදිංචිවන කෙටි කාලීනව යන එන කම්කරුවන් මගින් ඉන්දියාවෙන් එන වසංගත රෝග ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ හැකියාවද අධික වේ. 

කෙසේවෙතත් අනාගතයේදී නව මුහුණුවරකින් නැවත ගෙන ඒමට නියමිත යළි පුබුදමු පනත් කිහිපයක්‌ මගින් ඉන්දියානු කම්කරුවන් සපයන සමාගම්වලට අමතරව ඉන්දියානු ගුරුවරු සහ දොස්‌තරලා සපයන සමාගම්ද දිරිමත් කෙරෙනු ඇත. උදාහරණයක්‌ ලෙස පාසල් සංවර්ධන සමිති පනත ක්‍රියාත්මක වුවහොත් ප්‍රධාන පාසල් වලට දැනට රාජ්‍ය සේවයේ සිටින ගුරුවරුන්ට අමතරව පුද්ගලික ගුරුවරු බඳවා ගැනීමට ඉඩ ලැබේ. එම අවස්‌ථා වැඩි වශයෙන් ඉන්දියානුවන්ට ලැබෙන බවට සැකයක්‌ නැත. විශේෂයෙන්ම පාසල්වල ''ඉංග්‍රීසි මාධ්‍ය පිස්‌සුව'' තුළ ඊට වැඩි ඉඩක්‌ ලැබෙනු ඇත. ඊට සමාන ආකාරයට සෞඛ්‍ය අධිකාරී පනත සම්මත වුවහොත් සියළුම ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සියලු ශ්‍රේණිවල සේවක පිරිස්‌ රාජ්‍ය සේවයේ දැනට සිටින සහ කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගන්නා සේවකයින් ලෙස කාණ්‌ඩ දෙකකට බෙදෙනු ඇත. ඒ දෙවන කාණ්‌ඩය ඉන්දියානුවන් විසින් තරගකාරීව අත්පත්කර ගන්නා බවට සැකයක්‌ නැත. ඒ අනුව අනාගතයේදී වැඩවර්ජන වලදී එම ආයතනවල ප්‍රධානීන් ක්‍රියා කරන ආකාරය සිතින් මවා ගැනීම මගින් වෘත්තීය සමිති නායකයින්ගේ මොළයට මෙන්ම ඇඟටද යහපතක්‌ වනු ඇත. මේ මහා පින්තූරය තුළින් 'එට්‌කා' ගිවිසුම දෙස බැලීමට වාම වාදී පක්‍ෂ සහ වෘත්තීය සමිති වල නායකයින්ගේ මොළය පෑදුනහොත් ''එට්‌කා'' පරාජය කිරීම ''මොන කඡ්ජක්‌ද?''

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර
http://www.divaina.com/2016/11/20/feature25.html

ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින්නට නම්... මහරහතුන් වැඩි මග ඔස්‌සේ (චිත්තානුපස්‌සනාව - 13)

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙන විඤ්ඤානයත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්‌සය කියන ධර්මතාවත් මාරයාටම අයිති ධර්මතාවක්‌ බවට පත්වෙනවා. ඵස්‌සය පිංවත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා, පිංවත් ඔබ මාරයා, එසේත් නැතිනම් සංස්‌කාර ජීවිතයට එකතු කොටගත් භවගාමී පුද්ගලයෙක්‌ වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව කවදාකවත් අකීකරු ලෝකය හදන්න යන්නේ නැහැ. අකීකරු ලෝකය තුළ භික්‍ෂුව කීකරුව ජීවත්වෙන්නේ අකීකරු ලෝකයෙන් ඇසෙන, දකින, දැනෙන, වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම නිසාමයි. පිංවත් ඔබටත්, අකීකරු ලෝකය වටිනා කමටහනක්‌ බවට පත්වෙන්නේ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම තුළින්මයි. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතා, ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින ශක්‌තිමත්භාවය ලබනවා.

සමහර දෙමාපියන්, ගුරුවරුන් අපට කියනවා මේ දරුවා මට පෙන්නන්න බැහැ කියලා අහවල් මනුෂ්‍යයා මට පෙන්නන්න බැහැ කියලා. ඇයි මෙහෙම වෙන්නේ? වර්තමාන ඵස්‌සය මගේ කොට ගන්නවා. ඵස්‌සය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. ඵස්‌සය මගේ ආත්මය කොට ගන්නවා. උවමනාවෙන්ම මාරධර්මයන්ට ආහාර, පෝෂණය ලබාදෙනවා. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවත් ඔබ අතීත ඵස්‌සයේද අනිත්‍යභාවය දකින්න. පිංවත් ඔබ ඔබේ ඇස්‌දෙකෙන් මුලිsන් දැක්‌කේ කුමක්‌ද? ඔබේ අම්මාගේ රූපයයි. ඒ දැක්‌ක අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, ආච්චී, සීයා, තොටිල්ල, සෙල්ලම් බඩු, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය.... මේ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. විකෘති වී ගියා. අතීතයේ ඔබ දැක්‌ක ඔබේ මහගෙදර, මහ ඉඩම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අහිමිවී ගියා. 

පිංවත් ඔබගේ කනට මුලින්ම ඇසුණාවූ ශබ්දය ඔබට මතකද? ඔබ මවුකුසෙන් එළියට එන වේලාවේ, ශල්‍යාගාරයේ" ඔබ නැඟූ ඔබේම කෑගැසීමේ හඬයි ඔබ මුලින්ම ඇසුවේ. දෙවැනිව ඔබේ අම්මාගේ දරු නැලවිලි, තාත්තාගේ සුරතල් බස්‌, අතීතයේ ඔබට ඇසුණා වූ සෑම ශබ්දයක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ මොනතරම් රූපයන්, මොන තරම් ශබ්දයන් ඔබට දැනෙන්නට ඇතිද? පරිසරයෙන්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් මේ ඇසුණු සෑම මිහිරි වූද ශබ්දයන් අනිත්‍ය වූ හැටි නුවනින් දකින්න. පිංවත් ඔබේ දිවට දැනුණු මුල්ම රසය මව් කිරිවල රසයයි. පිංවත් ඔබ මුලින්ම ඉඳුල් කටගාපු දවසේ දැනුණු ආහාරයේ රසය අනිත්‍ය වූ හැටි නුවණින් දකින්න. ඔබේ නාසයට දැනුන අම්මාගේ සුවඳ, අම්මාගේ ශරීරයේ උණුසුමේ පහස, සිනිඳු ඇතිරිලිවල පහස අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ ඔබ ඇසූ සෑම ශබ්දයකම, සෑම දැනීමකම, සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය නුවණින් දකින්න. මේ ඔබ දකින්නේ අතීත ඵස්‌සයේ අනිත්‍යභාවයයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයෙනුත් ඈතට අතීත ජීවිතවල ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න කියලා. පටිච්චසමුප්පන්නව ඉපදුණු ඔබේ ඇසෙන්, ඔබ අතීතයේ කොපමණ නම්, බුදුරජාණන්වහන්සේලා දකින්න ඇතිද? පසේබුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා දකින්නට ඇතිද? ඒ උතුමන්ගෙන් කොපමණ නම් සද්ධර්මය අසන්නට ඇතිද. උන්වහන්සේලා නිසා මොනතරම් නම් ධර්මයේ ආශ්වාදයන් දැනෙන්නට ඇතිද? ඔබ ඒ අතීතයේ දැක්‌ක, ඇසුණ, දැනුන සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යවී ගියා. පිරිනිවී ගියා. අහිමිවී ගියා. අතීතයේ පිංවත් ඔබ සක්‌විති රජුවෙලා ඉපදුණු වෙලාවේ, ශක්‍රදෙවියන් වෙලා ඉපදුණු වේලාවේ මොනතරම් අතිසුන්දර, සුඛෝපභෝගී, රූමත්, මිහිරි රූපයන්, ශබ්ධයන්, ස්‌පර්ශයන් දකින්නට ඇසෙන්නට දැනෙන්නට ඇතිද? නමුත් ඒ අතීත සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. දෑස්‌ පියාගෙන, පිංවත් ඔබ දිව්‍ය ලෝකවල ඉපදුණු වෙලාවේ ඔබ ලැබූ අසිරිමත් දිව්‍ය සම්පත්, දිව්‍ය රූපයන්, දිව්‍ය භෝජන, දිව්‍ය නැටුම් ගැයුම් වැයුම් වෙනස්‌ වී ගිය හැටි, අහිමි වී ගිය හැට නුවණින් දකින්න. ඔබ සතර අපායන්නට වැටුණු වෙලාවේ සතර අපායන්හි ඔබ දැක්‌ක, ඔබට ඇසුණ, දැනුණ, ඔබේ සහෝදර සහෝදරියන්, ප්‍රේත ප්‍රේතියන්ගේ, තිරිසන් සතුන්ගේ, අසුරයන්ගේ, නිරිසතුන්ගේ, අපුල රූපයන් , බියකරු ශබ්දයන්, අමිහිරි ස්‌පර්ශයන් අනිත්‍ය වී ගිය අතීත ඵස්‌සයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න.

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති ඔබ පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භවයන්හිදී ඔබට ඇසුණාවූ, ඔබට දැනුණාවූ ඔබ දැක්‌කාවූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය කියලා. 

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ indrajith.media@gmail.com
http://www.divaina.com/2016/11/20/feature05.html

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බැවින්, ඒ හා සම්බන්ධ ගිවිසුම්වලින් ඉවත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුම්වත් කරන ලෙස පූටින් විදේශ අමාත්‍යාංශයට නියෝග කර ඇත.

විශේෂයෙන්ම පසුගියදා ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ විසින් සිදුකළ ප්‍රකාශයක්ද රුසියාව මේ ආකාරයෙන් එම ආයතනයෙන් ඉවත්වීමට හේතු වී ඇත.

රුසියාව විසින් සිරියාවේ සිදුකරන හමුදා මෙහෙයුම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරන්නක් බවත්, ඒ නිසා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පැමිණවිය යුතු බවත් හොලන්දේ පවසා තිබුණි.

http://www.colombotoday.com/25165-225685/

Tuesday, November 22, 2016

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි!

ඉඩම්, පොලිස්‌ සහ මුදල් පිළිබඳ පූර්ණ බලතල පළාත් සභා සඳහා ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සීමා කිරීමටත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ උපකමිටු හයෙන් එකක්‌ වන මධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ උප කමිටුව විසිනි.

ව්‍යවස්‌ථා කටයුතු සම්පාදන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ උපදෙස්‌ මත මෙම කමිටුව ක්‍රියා කරයි.

මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්‌ඩු අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

එම කමිටුව මගින් නිර්දේශ කර ඇති යෝජනා කිහිපයක්‌ මෙසේය.


  • දහතුන් වැනි සංශෝධනය මගින් පළාත් සභා සඳහා ලබා තිබෙන ඉඩම් බලතල තවදුරටත් ශක්‌තිමත් කොට ඉඩම් කළමනාකරණය කිරීමේ බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභා සඳහා පැවරීම.
  • පළාත් පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් වෙන් කිරීම සහ එහි සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබා දීම.
  • දහතුන්වෙනි සංශෝධනයේ ඇති සමගාමී ලැයිස්‌තුව ඉවත් කර මධ්‍යම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය අතර නිශ්චිත ලෙස බලතල බෙදා වෙන් කිරීම.
  • මධ්‍යම රජය සතුව දැනට පවතින, ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම.
  • ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීම. මධ්‍යම සහ පළාත් ආණ්‌ඩු අතර ඇතිවෙන බලය බෙදාහැරීමේ ඇමිණුමේ සඳහන් බලතල සම්බන්ධයෙන් ඇතිවෙන ගැටුම් විසඳීම සදහා තීන්දු ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය මෙයින් අහෝසි වනු ඇත. ව්‍යවස්‌ථා අධිකරණය සඳහා සාමාජිකයන් පත් කරනුයේ ජාතිකත්ව නියෝජන පදනම යටතේය.
  • පළාත් ආණ්‌ඩු සඳහා ස්‌වාධීන මුදල් බලතල සහ බදු එකතු කිරීමේ බලය ලබාදීම
  • පළාත් රාජ්‍ය සේවය පාලනය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට පත් කරන අතර, දිස්‌ත්‍රික්‌ ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු පළාත් බලය යටතට පත් කෙරේ. මහ ඇමතිවරයා යටතට පළාත් රාජ්‍ය සේවා කොමිසම පැවරේ.
  • ආණ්‌ඩුකාරවරයා පත් කිරීමේදී මහ ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම.
  • පළාත් සභා අයුතු බලය යෙදවීමක යෙදෙන අවස්‌ථාවේ පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සිමා කිරීම සිදුකෙරේ. ඒ සඳහා ව්‍යවස්‌ථා අධිකරණයේ අනුමැතිය ලබා ගැනීම.
  • මහජන දේශපාලන අධිකාරිය හෙවත් ජනතා පරමාධිපත්‍යයේ බලය මධ්‍යම, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් බල ව්‍යහ තුනක්‌ අතර බෙදී යන පිළිගැනීම.
  • පළාත් විෂයයන්ට අදාළව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමිවන අතර පොදු ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට අහිමිවේ.


මනෝඡ් අබයදීර  - දිවයින
http://www.colombotoday.com/24601-2256252/

Monday, November 21, 2016

සමෘද්ධිය කපා, ඡන්ද අයිතිය අහිමි කර, මඩකලපුව සිංහල ජනයා පන්නා දමන සහජීවන නාඩගම!

මඩකලපුව පුරවරයේ මෑත අතිතයේදී තිස්‌දහසකට අධික සිංහල ජනයා වාසය කරතිබේ. මහා පරිමාණ වෙළෝද ව්‍යාපාර පවත්වා ගනිමින් ඔවුන් දමිළ මුස්‌ලිම් ජනයා සමඟින් සහෝදරත්වයෙන් කල් ගෙවන්නට විය. තිස්‌ අවුරුදු කුරිරු යුද්ධය සියල්ල උඩුකුරු කරන්නට වූහ. දිනෙන් දින මඩකලපුව නගරයේ පමණක්‌ නොව මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සියලු ගම්බිම්වල ජනයාටද බේරී ඉන්නට නොහැකි විය. වියරු කොටින්ගේ වෙඩි උණ්‌ඩයට මන්නා පහරට ලක්‌ව දිනෙන් දින සිංහල ජනයා රුහිරු ගංගාවන් මත වියළි වැලි පොළොව තෙත් කරමින් අවසන් සුසම් පොද වා තලයට මුසු කරන්නට වූහ.
අවසානයේදී වෙළෙහෙළඳාම් කටයුතු පමණක්‌ නොව ගේ දොර වතුපිටි හරකා බානද අතහැර ඔවුන් මඩකලපුව නගරයෙන් පිටව ගියේ පණ කෙන්ද බේරා ගන්නටය. තවත් පිරිසක්‌ මංගලගම, සින්නවත්ත, කෙවිලියාමඩුව ආදී මඩකලපුව නගරයෙන් ඈත ගම්වල සිට තම පණ නළ බේරා ගනිමින් යුද ගිනි දැල් මැද මහත් අසීරුවෙන් කොටින්ට බියෙන් රෑ පුරාවට වන පෙත්වල සැඟවෙමින් දිවි ගෙවන්නට වූහ. 

මේ ආකාරයෙන් දහස්‌ ගණනක්‌ සිටි සිංහල ජනයා මඩකලපුව පුරවරයෙන් හිස්‌ව යද්දී මඩකලපුව නගරයෙන් ඈත ගම්මාන කිහිපයක අතළොස්‌සක්‌ ජනයා මරණය පෙනි පෙනී ජීවත් වන්නට වූහ. යුද්ධය නිර්මාණය වූයේ සාමයේ අරුණැල්ල ලක්‌ දෙරණට පතිත කරවමිනි. ඒ සාමයේ රිවි කිරණින් සැම දෙනාම නිදහසේ බියෙන් සැකයෙන් තොරව කල් ගෙවන්නට වූවෝය. කොටින්ට බියෙන් ගම්බිම් අත්හැර ගිය මඩකලපුව කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතාන ආදී ගම්මානවල ජනයා නැවතත් තම සුපුරුදු ගම් බිම්වලට පැමිණෙන්නට වුවෝය.

එසේ පැමිණි ජනයා පත්වූයේ අන්ත අසරණ භාවයටය. මෙම ගම්මාන අයත් පට්‌ටිපොළ, චෙංකලඩි, වව්නතිව් ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම ජනයාට උරුම වූයේ දිගින් දිගටම කෙණහිලිකම්ය. වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම ගම්වල ජනයා සමෘද්ධි සහනාධාරය ගන්නට, ග්‍රාම සේවක සහතිකයක්‌ ගන්නට, හැඳුනුම්පතක්‌ ලබාගන්නට නොහැකිව අන්ත අසරණව කල් ගෙවන්නට වූයේ උපන් බිමේ සිහලුන් වූ කරුමය නිසාවෙනි.

මෙවන් තත්ත්වයක්‌ යටතේ යහපාලන රජය පත්කර ගත්තේ බොහෝ දෙනකු මහා සුබවාදී ප්‍රාර්ථනාවන් හිතේ තබා ගෙනය. නමුත් සිදු වූයේ යහපාලන රජය බොහෝම අමාරුවෙන් කෙකරගාමින් දැමූ සහජීවනයේ බිත්තරය පුපුරා ගොස්‌ ආවා ගෘප් වැනි පාතාල කල්ලි බිහිව ජන ජීවිතය නැවතත් වියවුල් තත්ත්වයට පත්වීමය. නැත්නම් නැවතත් ඊළමට උඩගෙඩි දෙන කොටි රූකඩ පිරිවර චණ්‌ඩින් බවට පත්වීමය.

එවන් තත්ත්වයක්‌ යටතේ අද සිංහලකම ගැන මඩකලපුවේ සිංහලයන්ට සිදුවන මහා අසාධාරණය ගැන කතා කරන විට සහජීවන නඩයට නහුතෙට තද වන්නේය. ඉන්පසු කෙළවරක්‌ නොමැතිව ඒ සඳහා මැදිහත් වන අයට ජාතිවාදී ලේබලය අලවමින් දිගින් දිගටම පහර දෙන්නට යහපාලකයෝ කටයුතු කරන්නේ එම ජනයා අන්ත අසරණ කරමිනි.

මේ දිග හැරෙන්නේ මඩකලපුව පුරවරයේ ගම් කිහිපයක පමණක්‌ දැනට ඉතිරිව සිටින සිංහල ජනයාගේ ශෝකාන්තයයි.

මංගලගම, කෙවිලියාමඩුව කොහොඹගස්‌තලාව ආදී ගම්මාන කිහිපයේ ජනතාව මේ වනවිට පත්ව ඇත්තේ අන්ත අසරණ භාවයකටය. කොටින්ගෙන් නොසෑහෙන්නට බැටකෑ මෙම පිරිසට අද අලි මදිවට හරක්‌ ද ජන ජීවිතයට බරපතළ තර්ජනයක්‌ එල්ලකර තිබේ. ඊට අමතරව මේ වන විට "අධිකරණය" නම හරහා අනවසර පදිංචිකරුවන් යෑයි කියමින් මෙම සිංහල ජනයා ගම්වලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ ද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවෙමින් පවතී. වසර තිහ හතළිහක සිට වගාබිම් අද තණ භුමි බවට පත් කර සිංහලයා මඩකලපුවෙන් පන්නා දැමීමේ සියලු වැඩකටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. ඒ වෙනුවෙන් ඔවුන් නඟන හඬ ජාතිවාදී ලේබලයක්‌ අලවා යහපාලන ලොක්‌කන්ට පෙන්නා කටයුතු කිරීමට මඩකලපුව නිලධාරී පැලැන්තිය කටයුතු කිරීම තුළ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන තත්ත්වයක්‌ උද්ගතව ඇත.

එවන් අසරණ වූ මඩකලපුවට අයත් කෙවිලියාමඩුව සහ මංගලගම ගම්මානවලට ගිය විට අපට හමුවූ පී. බී. අමරදාස කීවේ මෙවනි කතාවකි.

"දැනට අවුරුදු පහකට විතර කලින් මංගලගම, කොහොඹගස්‌තලාව, කෙවිලියාමඩුව ආදී ගම්මාන කිහිපයක්‌ අයිති වුණේ 135 ඒ ග්‍රාම සේවා වසමට. යුද්ධය තිබුණු කාලේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි, අපට රාජකාරි කටයුතු ඉටුකරලා දුන්නේ. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි, අපිට යුද්ධයෙන් පස්‌සේ රාජකාරි කටුයතු කරලා දුන්නේ. නමුත් මේ වන විට අපේ ගම්මානය පට්‌ටිපොළට, වෙල්ලාවලිවල, චෙංකලඩිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයිතියි කියලා අපේ ගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ කිහිපයකට බෙදා වෙන් කළා, මෙහෙම වෙන් කළාම ප්‍රාදේශීය සභා කිහිපයකටයි අපි එතකොට අයත් වෙන්නේ එතකොට අපිට වැඩි බලපෑමක්‌ ඒ අයට කරන්න පුළුවන්, ඒ කාලෙ ඉදලම මංගලගම සිංහල පවුල් 500 ක්‌ විතර ඉන්නවා. ඒ අය මේ ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොඨාස 03 කට බෙදුවහම අඩුම තරමින් එක සිංහලයෙකුටවත් ප්‍රාදේශීය සබාවට යවා ගන්න විදිහක්‌ නැහැ. මොකද මඩකලපුවේම ඉන්නේ සිංලයන් සුළු පිරිසක්‌. ඒ අතරින් මංගලගම තමයි වැඩියෙන්ම සිංහලයන් ඉන්නේ. එකට තමයි ඉන්නේ ජනතාව මේ ආකාරයෙන් වසම් 03 කට බෙදන්නේ යනුවෙන් අමරදාස පවසා සිටියේය."

"දැන් අවුරුදු ගණනක ඉඳන් හරක්‌ගෙන් පුදුම කරදරයක්‌ තියෙන්නේ හරක්‌ විසි තිස්‌ දහක්‌ නිතරම මෙම ගම්මානවල ගැවසෙනවා. සමහර පට්‌ටිවල හරක්‌ එක්‌ දහස්‌ පන්සීය ඉන්නවා. සමහර පට්‌ටිවල හරක්‌ ඉන්නේ දෙතුන් සීයයි. මේ හරක්‌ රංචුවලින් වගාවන් බේර ගන්න වැටවල් ගැහුවත් වැඩක්‌ නැහැ. උන් වැටවල් උඩින් පැනගෙන ඇවිත් වගා කරලා තියෙන සියලුම දේවල් කාලා විනාශ කරනවා. පුදුම කරදරයක්‌ තියෙන්නේ. උන් ආවාට පස්‌සේ මුළු වගාවම විනාශ කරනවා. අපිට අවුරුදු ගණනක ඉඳන් මොනවත් වගා කරන්න විදිහක්‌ නැහැ. අපි හරක්‌ පට්‌ටි අයිතිකරුවන්ට කීවා දවල්ට හරක්‌ ආවත් කමක්‌ නැහැ. රෑට හරක්‌ එවන්න එපා ගාල් කරන්න කියලා. ඒ මිනිස්‌සු ඒ මොනවත් අහන්නේ නැහැ. අපි අවුරුද්දම ජීවත් වෙන්නේ වැහි කාලේ හේන් කරලා. දැන් මේ ගම්මාන හත අටටම වෙලා තියෙන්නේ මහා කරදරයක්‌. වගා කරන්න බැරි නිසා පස්‌ කන්න තමයි අපට වෙන්නේ. අවුරුදු ගාණක්‌ ඉඳන් මේ හරක්‌ ගැටලුව පිළිබඳ අපි හතර වටේ තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට කියනවා. නමුත් ඒ එකෙකුටවත් අපේ දුක පේන්නේ නැහැ. සමහර ප්‍රාදේශීය ලේකම්ලටත් හරක්‌ පට්‌ටි තියෙනවා කියලා මිනිස්‌සු කියනවා යෑයි එච්. එම්. ජයතිලක සිය දුක අපත් සමඟ පවසා සිටියේය."

එසේ නම් වී තිබෙන්නේ පුදුම වැඩකි. මඩකලපුව පුරවරයේම හරක්‌ තණකොළ උලා කන්න පැමිණෙන්නේ මෙම මංගලගම, කෙවිලියාමඩුව අරන්තලාව ඇතුළුව ඒ ආසන්නයේ තිබෙන සිංහල ගම්මානවල ජනයා ජීවත්වන වගා භූමිවලටය. ජීවත් වෙන්නට තිබෙන එකම ආදායම් මාර්ගයත් සිව්පා ගවයන් උලාකා යද්දී මොවුනට ජීවත් වෙන්නට නොහැකි බව මෙම ප්‍රදේශ පාලනය කරන දෙපා ගවයන්ට නොදැනීම මඩකලපුවේ සිංහල ජනයාගේ අවාසනාවකි.

මේ කතාව කිවේ කෙවිලියාමඩුවේ ඒ. එම්. නිමල්සිරිය.

අපිට දැන් ඉන්න තැනක්‌ නැතිවෙලා. අපිට මෙහෙන් පන්නා දමන්න සියලු කටයුතු සිදු වෙමින් තිබෙනවා. 80 ගණන් වල යුද්ධය නිසා මේ කෙවිලියාමඩුවේ ජනතාව ඉඩම් අතහැර ගියා පණ බේරා ගන්න. යුද්ධය ඉවර වුණාට ආයිත් ආවම අපි අන්ත අසරණ කළා. අපි ඉන්න තැන්වලින් පදිංචිය අත්හැරලා ආවේ මෙහේ ග්‍රාමසේවක එන්න කියපු නිසා. නමුත් දැන් අපිට මෙහේ ඉන්න දෙන්නෙ නැතිව පන්නල දානවා.' අපේ ගමේ ඡන්ද අයිතිය තියෙන්නේ පවුල් පනහටයි. තවත් පවුල් 48 කට ජන්ද අයිතිය නැහැ. හුඟක්‌ දෙනකුට සමෘද්ධිය නැහැ. හැඳුනුම්පතක්‌ ගන්න විදිහක්‌ නැහැ. රැකියාවකට යන්න ග්‍රාමසේවක ලියුමක්‌ දෙන්නේ නැහැ. ශිෂ්‍යත්ව විභාගය පාස්‌ වුණ දරුවන්ට ශිෂ්‍යාධාරය ගන්න ග්‍රාමසේවක ආදායම් වාර්තාව දෙන්නේ නැහැ. මෙම ගමට වතුර නැහැ. ඔක්‌කොම ජීවත් වෙන්නේ කුලී වැඩක්‌ කරලා. හේනක්‌ කරන්නත් බැහැ හරක්‌ එන නිසා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැන් නඩු දාලා පවුල් 06 කට යන්න කියලා දැන් තියෙන්නේ. ඒ අය යන්න තැන් නැතිව දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ. තවත් පවුල් 18 කට නඩු දාන්න කටයුතු සුදානම් කරලා තිබෙන්නේ. මේ විදිහට මඩකලපුවෙන් සිංහල ජනයා පන්නන්න සියලු කටයුතු මේ වන විට සූදානම් වෙලා තියෙනවා යනුවෙන් තවත් දුක්‌මුසු හෙළිදරව්වක්‌ නිමල් පවසා සිටින්නට වූවේය.

ඩබ්. එම්. නන්දසිරි කීවේ මෙවැනි කතාවකි. 

අලි එන නිසා අලි වැටක්‌ ගැසුවේ නිවාස ළඟින්මයි. අපි කීවාම වගාවත් ආරක්‌ෂා වෙන්න අලි වැට ගහන්න කියලා දේපළ ආරක්‌ෂා කරන්න අලි වැට ගහන්න බැහැ ජීවිත ආරක්‌ෂා කරන්නයි අපි අලි වැට ගහන්නේ කියලා ගෙවල් කිට්‌ටුවෙන්ම අලිවැට ගැහුවා. දැන් ඒ අලි වැට මායිම් කරගෙන අපි ජනතාව අවුරුදු තිහ හතළිහක්‌ භාවිත කළ ඉඩම් සියල්ලම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් තෘණ භූමි කරලා අපිව පන්නන්න හදනවා. එතකොට අපි වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් හරක්‌ට දීලා අපි ජීවත් වෙන්නෙ කොහොමද? වසර තිහ හතළිහ වගා කළ කජු ගස්‌ දෙහි වැනි බෝග ඒ වතුවල තියෙනවා. මේ විදිහට උපක්‍රමශීලීව දෙමළ රාජ්‍ය කාර්යාලවල නිලධාරීන් අපිව පන්නන්න කටයුතු කරනවා. අන්තිමේදී අපි පවුල් පිටින් අන්ත අසරණ වෙලා ඉන්නවා. අපේ දුක අහන්න කවුරුවත් නැහැ. මේ දුක අපි විඳින්නේ මඩකලපුව සිංහලයෙක්‌ වුණ නිසයි. අද අපිට අපේ ඉඩම්වල වගා කරන්න බැරි වෙලා. ඉතිං අපි කොහොමද ජීවත් වෙන්නේ යනුවෙන් නන්දසිරි පවසා සිටියේය.

මෙම ගම්මානය හරහා යන අලිවැට වනාන්තර ප්‍රදේශයකින් කිසිවෙකුටත් හානි නොවන සේ ගැසීමට හැක. එසේ තිබියදී අලි වැට ගසා ඇත්තේ ගම මැද්දෙන්ය. ඒ මිනිසුන්ට අලින්ගෙන් ආරක්‌ෂා වෙන්නටය. නමුත් මෙම අලි වැට යන නිසා ඒ දෙපස නිවාස 28 ක්‌ පමණ අයින් කරන්නට බළධාරීන් මේ වන විට කටයුතු සුදානම් කර සිටින්නේ සියලු උපක්‍රම යොදවා මඩකලපුවෙන් සිංහලයා අතුගා දමන්නට බව යහපාලන ඔළු බක්‌කන්ට නොතේරුණු දෙයකි. තේරුණ ද තොත්ත බබාලා සේ සහජීවන වචනයට තුරුල්ව නපුංසක ලීලාවෙන් සිටිති.

මේ ආකාරයෙන් මඩකලපුවේ සිංහල ගම් කිහිපයේ සිටින ජනයාට නිමක්‌ නැති කරදරය. ලොකු ලොක්‌කන්ට කීවාට කිසිදු පලක්‌ නැත. එම නිසා ඉවසන්නට බැරිම වූ තැන පසුගියදා මහඔය අම්පාර මර්ගය හරස්‌ කරමින් මෙම පිරිස පැය කිහිපයක්‌ පුරා මහා විරෝධතාවක්‌ පවත්වන්නට වූහ. ඒ අවස්‌ථාවේදී සිංහල ජනයා අන්ත අසරණ කරන්නට කටයුතු කරන ග්‍රාමසේවකයකුට මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් තදින් දොස්‌ පවරන්නට වූයේ සිංහලයන්ට කරන අසාධාරණය නිසාය. ග්‍රාමසේවා නිලධාරිවරයාට බැණ වැදීම හේතුකොට ගෙන පසුගියදා පට්‌ටිපොල ග්‍රාමසේවා නිලධාරිවරු උද්ඝෝෂණයක්‌ පවත්වන්නට වූහ. මුළු මඩකලපුවේම ග්‍රාමසේවා නිලධාරීන් කළු පටි බැඳ අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව දැඩි සංවිධානාත්මක විරෝධතාවක්‌ පවත්වන්නට වූහ. නමුත් මෙහි සිංහලයන්ට වන හානිය ගැන කතා කරන්නේ කවුද?

මඩකලපුවෙහි සිංහල ජනයාට ඇති එකම පිළිසරණ වන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සිය කටහඬ මෙසේ අවදි කරන ලදී. "අද මඩකලපුවේ සිංහල ජනයා අන්ත අසරණ වෙලා. සිංහලයන් මෙහෙන් පන්නා දමන්න සියලු උත්සාහයන් දරනවා. අපි ඒවාට මැදිහත් වුණාම සමහරු අපිට පිස්‌සු කියනවා. අපිට කිසි පිස්‌සුවක්‌ නැහැ. අපට තියෙන්නේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්‌කුමක්‌. රටක්‌ ජාතියක්‌ ගැන හැඟීමක්‌ නැති එකෙකුට මම පිස්‌සෙක්‌ විදිහට පේනවා ඇති. මෙහේ සිංහලයාට කිසිම වැඩක්‌ මෙහේ නිළධාරී කරලා දෙන්නේ නැහැ. ඒවාට මම පෙනී හිටියාම මම කතා කළාම ඔක්‌කොම හදන්නේ මාව මෙහෙන් පන්නන්න. එදා මංගලගමදී මම ග්‍රාම සේවකයකුට බැන්නා කියලා අද මඩලකපුවෙ උද්ඝෝෂණ කරනවා. මට රට ඉන්න කොටින්ගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් එනවා, මරනවා මරනවාමයි කියලා. මට තර්ජනය කරලා ආව දුරකථන අංක සීයකට වැඩිය පොලිසියට දීලා පැමිණිල්ලක්‌ දැම්මා, මේ ගැන පරීක්‌ෂණ පවත්වන්න කියලා. ලෝකයේ රටවල්වලින් කොටි තාමත් විනාඩියෙන් විනාඩිය කෝල් කරලා කියනවා "උඹ මරනවා" කියලා. සමහරු ප්‍රභාකරන් තාම මැරුණේ නැහැ. අපි අපේ සටන ජය ගන්නවා. කියමින් තර්ජනය කරමින් වීඩියෝ දර්ශන පවා දිගින් දිගටම එවනවා. මේ වන විට මාව මඩකලපුවෙන් ඉවත් කරන්න මාව මරලා දාන්න ලෝකය පුරා කොටි හිතවාදීන් කටයුතු කරනවා. ඒ මම මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් සෑම විටම පෙනී සිටින නිසා. අහිංසක ජනයා වෙනුවෙන් කිසිම වගකිවයුත්තෙක්‌ පෙනී නොසිටින වේලාවක මම කටයුතු කරන නිසා මාව ඔවුන්ට බාධාවක්‌ වෙලා. මොන දේ කිව්වත් මොන දේ කළත් මම මඩකලපුව දාලා යන්නේ නැහැ. 

මම එදා යුද්ධය තිබ්බ කාලේත් මඩකලපුවේ සිටියා. මම හෙටත් කාටවත් බයේ පැනලා යන්නේ නැහැ. මම හෙටත් මඩකලපුවේ ඉන්නවා. මම එදා පටන් අහිංසක දෙමළ, මුස්‌ලිම් ජනයා සමගින් සුහදව කටයුතු කරනවා. නමුත් ඇතැමුන් උත්සාහ කරන්නේ නැවතත් ජාතිවාදී කලබල ඇතිකරලා යුද්ධයෙන් බැරිවෙච්ච දේ දැන් ඉටු කරගන්න. කවුරු මට මොනදේ කළත් මාව විනාශ කරන්න හැදුවත් මම මඩකලපුවෙ සිංහල ජනයා සහ අපේ උරුමය රැකගන්න කටයුතු කරනවා. රටට, දැයට ආදරය කරන ජනතාව මෙම තත්ත්වය පිsළිබඳව දැඩි අවධානයක්‌ යොමුකළ යුතුයි. මාසයක්‌ යන්න කලින් අපිට උත්තරයක්‌ උවමනා" යෑයි සුමනරතන හිමියන් "ඉරිදා දිවයින"ට අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය. 

උපන් බිමේ කල්ලතෝනින්ව සිටින මෙම ජනයා ගැන ඇස්‌ ඇර නොබැලීම පිළිබඳව යහපාලන ලොක්‌කෝ ලැඡ්ජා විය යුතුය. මෙම අවනඩුව මහ උන්ට නොපෙනෙන්නේ මහ උන්ගේ ලැඡ්ජා නහරය සහජීවන නඩය කපා දැමීම නිසා යෑයි අපට සිතේ. යහපාලන සළුව හතර අතින් ඉරී ගොස්‌ හෙළුව වසා ගැනීමට දඟලන මොහොතක පාලකයන්ට මෙම අහිංසකයන්ගේ දුක පෙනේ දැයි අපටත් ගැටලුවකි. "බලපියව් මඩකලපුවෙ සිංහල ජනයා විඳින දුක" යෑයි කියන්නට අපට සිදුව ඇත්තේ එනිසාය.

සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2016/11/20/feature22.html

Wednesday, November 16, 2016

වයස 13 දැරිය හිරේට ගත් මූසලුවා ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව හිරේට...

වසය අවුරුදු 13ක දැරියක් ඉස්ලාම් ශරියා නීතියට අනුව විවාහ කරගත් අහම්ඩ් චම්මා නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා 2012 වසරේ සිට මෙම දැරිය සමග ලිංගික සබදතා පවත්වා ඇති අතර මෙම වසරේ මුල් කාලයේදී ඉස්ලාම් නිතිය යටතේ විවාහවී ඇත. නමුත් ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු 13ක දැරියක් සමග ලිංගික සබදතා පැවැත්වීම ළමා අපචාර චෝදනා යටතේ දඩුවම් ලැබිය හැකි දරුණු අපරාධයකි. ඒ අනුව ක්‍රියාත්මකවූ ඕස්ට්‍රේලියානු පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

අදාල දැරිය පරිවාස බාරයට පත්කිරීමට අධිකරණය නියෝග කර ඇතිබව ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

ඉස්ලාම් ළමා විවාහ සම්බන්ධයෙන් මේ දිනවල මෙරටද කතා බහත් ඇති වී ඇත. ඉස්ලාම් නීතිය අනුව වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරගැනීමට ඉස්ලාම් භක්තිකයන්ට හැකියාව ඇතත් වයස 17ට අඩු දරුවෙකුට සිදුකරන අයුතු මානසික, ශාරීරික, ලිංගික බලපෑම් බරපතල දඩුවම් ලැබිය හැකි ළමා අපචාරයක් ලෙස මෙරට සාමාන්‍ය නීතියට ඇතුළත්ව ඇත. මෙරට මුස්ලිම් සමාජය තුළද ළමා විවාහ (බරපතල ළමා අපචාර) කොතෙකුත් සිදුවූවත්, ළමා අපචාර චෝදනා යටතේ කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නැත.

http://www.colombotoday.com/25063-2256-6251/

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා... පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරලා!

මඩකලපුව -චෙංකල්අඩි මහඔය මාර්ගයේ කරදියන් ආරු ප්‍රදේශයේ තිබූ ඓතිහාසික විහාරස්ථානයක් ඩෝසර් කර එම ඉඩමේ කුඹුරු සකසා වී වගා කර ඇති බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

එම ස්ථානයේ තිබු ඓතිහාසික
ගල්කණු ගලවා එක්තැනකට ගොඩ ගසා ඇති අතර පන්සල් භූමිය ලෙස සැලකෙන ස්ථානයේ කුඹුරක් සකස් කර වී වගා කර තිබේ. මෙම කුඹුරු සකස් කිරීමේදී එම ස්ථානයේ තිබු පුරා විද්‍යා සාධකවලටද හානි සිදුවී ඇත.

අක්කර ගණනාවකින් සමන්විත මෙම ස්ථානය අල්ලා ඉඩම් වලට වැටවල් ගසා තිබෙන බවද සුමනරතන හිමියෝ පවසා සිටියහ. සද්ධාතිස්ස රජ සමයේ ආරම්භ කරන ලද මෙවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ තිබෙන අතර මෙම ස්ථාන සියල්ලම අනාරක්ෂිත තත්ත්වයෙන් තිබෙන බවද කියා සිටියහ.

මේ පිළිබඳව නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අරුණ කුමාර නිල්මල්ගොඩ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් මෙම ස්ථානය වෙන් කර ගැසට් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි.

මෙම ප්‍රදේශය වී වගා කිරීමට සූදානම් කරන විට පුරාවිද්‍යා ස්ථානවලට හානි සිදුකර තිබේ නම් එයට විරුද්ධව නීතිමය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

http://www.colombotoday.com/89232355492-2/

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

අක්කරපත්තුවේ බෞද්ධ නටඹුන් ගල් කණු ගලවා පල්ලියක් සාදති!http://denethharinna.blogspot.com/2016/04/blog-post_19.html
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්
http://denethharinna.blogspot.com/2015/10/blog-post_22.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.htmlමුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

Sunday, November 13, 2016

සීමාවෙන් එහා ගොස්‌ නිර්මාණය වූ ගංගාරාමයේ සීමාමාලකය

* ලංකාවට මුලින්ම කැමරාව ගෙනාවේ ඇන්ඩෲ කියන සුදු ජාතිකය.... ඔහුගේ ඡායාරූප එකතුවේ 
පැරැණි සීමාමාලකය තියෙනව.

* සීමාමාලකය සඳහා වියදම දැරුවෙ මුස්‌ලිම් ජාතික 'මුසාජි' පවුල

* ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව සීමාමාලකයේ අනුරුවක්‌.

* 1954 දී ස්‌වාමීන්වහන්සේ පනස්‌ නමක්‌ සමඟ පැරැණි සීමාමාලකය කඩා වැටෙනව.

* මේ ස්‌ථානය ඉදිකිරීමේ පුරෝගාමියා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමියෝ.

1905 දී තමයි ඇන්ඩෲ කියන සුදු ජාතික මහත්තයා ලංකාවට මුලින්ම කැමරාවක්‌ ගේන්නෙ. ඔය කාලය වෙද්දී ගංගාරාමයේ සීමාමාලකයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කරල තිබිලයි තියෙන්නේ. ඔය සුදු ජාතිකය ලංකාවට ඇවිත් ගත්ත ඡායාරූප පහක්‌ ඊට දවස්‌ කීපයකට පස්‌සෙ ඔබ්සවර් පත්තරේ පළ කරල තියෙනව. අන්න ඒ ඡායාරූප පහෙන් එකක තිබිල තියෙන්නේ බේරේ වැවේ ඉදිකරල තිබුණ අපේ සීමා මාලකයේ පින්තූරයක්‌....හුණුපිටිය ගංගාරාමය සතු ඉතිහාසය අතර ඒක සුවිශේෂී සලකුණක්‌....."

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානය තරමටම රටම හඳුනන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් තම විහාරස්‌ථානය සතු සිරිමත් මතකයන් ආවර්ජනය කරමින් අපත් සමඟ පිළිසඳරකට එක්‌වූ අතර විහාරස්‌ථානයේ කඨින චීවර පූජාමය පිංකම පසුදිනට යෙදී තිබූ බැවින් දිනය තරමක්‌ කාර්යබහුල බවින් යුක්‌ත විය. එහෙත්, අපගේ පැමිණීම උන්වහන්සේ බාධාවක්‌ කොට නොගත් සේක. ගංගාරාම විහාරස්‌ථානයත් එහි එක්‌ අනන්‍යතාවක්‌ සේ දෙස්‌ විදෙස්‌ සුපතල ගංගාරාම සීමාමාලකය පිළිබඳ ලිපියක්‌ සැකසීම අපගේ ගමනෙහි අරමුණ විය. දසුනින් පවා ප්‍රිය උපදවන සුළු පොඩිහාමුදුරුවන් උන්වහන්සේ සතු මතකයේ ඈතම ඉමට අප කැඳවාගෙන යමින් ඒ පිළිබඳ විස්‌තර කරන්නට වූ අතර එය අසා සිටීම පවා සාධු සිතුවිලි උපදවන සුළුය.

"1890 දශකයේ එක්‌තරා දිනක තමයි ගංගාරාම විහාරස්‌ථානය බිහිකිරීමට මූලික අඩිතාලම වැටිල තියෙන්නේ. ඒකත් බොහොම රසවත් සිදුවීමක්‌.......ඒ කාලේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල අපේ මහානායක හාමුදුරුවෝ තෙල්වත්තේ පන්සලේ මහණවෙලා කොළඹට පා ගමනින් වැඩම කරල තියෙනව. උන්වහන්සේ එහෙම වැඩම කරල තියෙන්නේ වැදගත් කාරණාවකට. ඔය කාලය වෙද්දී විවිධ විදේශීය ආධිපත්‍යයන්ට යටත් වෙලා අපේ රට තිබිල තියෙන්නේ භේදබින්න වෙලා. ඒකෙන් එකක්‌ තමයි සංඝභේදය. සංඝභේදය කියන්නේ ආනන්තරීය පාප කර්මවලින් එකක්‌. උන්වහන්සේ කල්පනා කරල තියෙනව නැවත වතාවක්‌ තුන් නිකායම සමගි සම්පන්න කරන්න. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට තමයි ඒ කාලේ විෙද්‍යාaදය පිරිවෙන ආරම්භ වෙන්නෙ. මේක පාලනය වෙලා තියෙන්නේ 'සභාවක්‌' මඟින්.

ඒ දවස්‌වල ලංකාවෙ තිබිල තියෙන්නෙ නිකායවල් තුනයි. අමරපුර, රාමඤ්ඤ, සියම් නිකාය කියල. ඉතිං එහෙම කරල සංඝ සමාජය නැවත එකමුතු කරන්න සුමංගල නායක හාමුදුරුවෝ විශාල වැඩ කොටසක්‌ කරල තියෙනව. ඔන්න ඔය කාලෙ දී තමයි සියම් නිකායෙ භික්‌ෂුන්වහන්සේගෙන් නායක හාමුදුරුවෝ දෙඋර වැසෙන සේ සිවුරු දරන්න කියල ඉල්ලීමක්‌ කරල තියෙන්නේ. අදත් විෙද්‍යාaදයේ තියෙන විශේෂත්වය වන දෙඋර වැසෙන සේ සිවුරු දැරීම ආරම්භ වන්නෙ ඔන්න ඔය කාලේ.....ඒක ආරම්භ කෙරුවෙ අපේ හික්‌කඩුවේ සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ.....

එය අතරේ.....උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වුණ දෙවුන්දර ජිනරතන හිමියන්ට රාජකාරියක්‌ පැවරෙනව. ඒ තමයි මේ ස්‌ථානයේ පන්සලක්‌ ඉදිකරන්න. ජිනරතන හිමියන් ඒ ආරාධනය පිළිගෙන මේ ස්‌ථානයට (ගංගාරාම භූමියට) වැඩම කරල පුංචි අසපුවක්‌ හදාගෙන වැඩ ඉන්න ගමන් තමයි මේ පන්සලයි අර බේරේ වැවේ ඉදිකරල තිබුණ පැරැණි සීමාමාලකයයි හදන්න ආරම්භය ගන්නෙ. එදත් ජිනරතන හිමියන්ට මේ ස්‌ථානයේ අසපුවක්‌ ඉදිකරන්න උදවු උපකාර කරල තියෙන්නෙත්. ක්‍රිස්‌තියානි භක්‌තියකයෙක්‌ වෙච්ච එච්. එල්. ද මැල් කියන මහත්තය.

ඒ කාලේ වෙද්දී ඔය දැන් තියෙන ඡේම්ස්‌ පීරිස්‌ මාවත කියල පාරක්‌ තිබිල නෑ. මේ ජිනරතන මාවත හරියෙ ඉඳල දිගටම තිබිල තියෙන්නෙ බේරේ වැව. ඇම්පයර් සිනමාශාලාව හරියට යනකම් එක පැත්තකින් වැව, අනෙක්‌ පැත්තෙන් පෙරහැර නවම් මාවත කියල. ඔය දැන් හඳුන්වන හරිය වෙනකම්මත් වැව. වැව ගොඩකරල ඊට පස්‌සෙනේ ඔය අලුත් මං මාවත් හැඳුනේ. මම මේ කියන්නේ මේ ප්‍රදේශය ටික ටික සංවර්ධනය වෙච්ච විදිය. මොකද මේ කාරණා වැදගත් බවක්‌ ගන්නවනේ......

ඉතිං......ඔහොම වටපිටාවක්‌ තුළ 1954 වර්ෂය පමණ වෙනකම් මේ සීමාමාලකය පැවතුණේ දැව කඳන් උඩ. ඔය......අද සීමාමාලකය තිබෙන තැනම තමයි පැරැණි එකත් තිබිල තියෙන්නේ. ඔහොම තිබෙද්දී 54 වර්ෂයේම දවසක මේ සීමාමාලකය වැවට කඩා වැටෙනව. ඒ වැටෙන්නෙ නිකම්ම නෙවෙයි. ස්‌වාමීන්වහන්සේලා පනස්‌ නමක්‌ එක්‌ක. වාසනාවකට ඒ එක උන්නාන්සෙ කෙනකුගේවත් ජීවිතයකට අනතුරක්‌ වෙලා නැහැ. එක ස්‌වාමීන්වහන්සේ කෙනකුගේ කකුලක්‌ කැඩිල තියෙනව. ඒකත් ටික දවසක්‌ යද්දී සනීප කරල තියෙනව.

එතෙක්‌ වෙලා තමන් විසින් අසා දැනගත් තොරතුරු අපත් සමගින් පවසා සිටි පොඩි හාමුදුරුවන් වහන්සේ තරමක්‌ හඬ බාල කොට".....ඔන්න ඔය කාලෙ තමයි....මම මේ ස්‌ථානයට එන්නෙ. නොවැම්බර් මාසෙ තමයි මට මතක හැටියට ඒ සිදුවීම සිද්ධ වෙන්නෙ. පැරැණි සීමාමාලකය මම දැක්‌කෙත් පින්තූරයක්‌ විදියට. කොහොම හරි ජිනරතන නායක හාමුදුරුවන්ගෙන් පස්‌සෙ ගංගාරාමයේ නායක පදවියට පත්වන්නේ අපේ වාගීශ්වර නායක හාමුදුරුවෝ. ඊට ඉස්‌සර කියන්න ඕන කාරණයක්‌ තියෙනව. ඒ තමයි අපේ මහානායක හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් 

ශ්‍රී පාදස්‌ථානයේ නායක පදවිය දරල තියෙනව. උන්වහන්සේගේ තවත් ගෝල හිමිනමක්‌ තමයි මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේත් ශ්‍රී පාදයේ අධිපතිකම දැරුව. 

ශ්‍රී පාදයේ නායක කම දරන්න පුළුවන් වෙන්නේ වේහැල්ලේ ධම්මදින්න පරපුරට විතරයි. ඒ පරම්පරාවටම තමයි ගංගාරාමයේ උරුමය තියෙන්නෙත්. කොහොම හරි මේ විහාරස්‌ථානය මූලික කරගෙන බේරේ වැවේ සීමාමාලකය හදන්න තුන් නිකායටම විනය කර්මය කරන්න සහ ඒ තුළින් නිකායවල් අතර තිබුණ භේද දුරුකරල ස්‌වාමීන්වහන්සේලා අතර සාමග්‍රිය ඇති කිරීම තමයි මූලිකම අරමුණ වෙලා තියෙන්නෙ. එහෙම හදපු සීමාමාලකය තමයි 1954 වසරේ දී කඩාවැටිලා තියෙන්නෙ. 

මේ වන විට ද බේරේ වැව මැද විරාජමාන වස්‌තුවක්‌ සේ දිස්‌වන ගංගාරාම සීමාමාලකයේ නැවත ඉදිකිරීම පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුදැනුම මත සිදුවූවක්‌ය. ඒ පිළිබඳ වන අපූර්ව සිදුවීම් පෙළක්‌ ද උන්වහන්සේ විසින් හෙළිදරව් කරන්නට විය.

1971 වර්ෂයේ මාව රිය අනතුරකට ලක්‌වෙනව. ඒ සිද්ධියෙන් පස්‌සෙ ශල්‍ය කර්මයක්‌ සඳහා මම එංගලන්තයට යනව. ඒ ගිය අතරේ මම කැනඩාවට යනව. කැනඩාවෙ තරම් විශාල විල් තියෙන රටක්‌ තවත් නැහැ. ඒ තරමට විල් තියෙනව. ඒ එක විලක්‌ බලන්න ගිය වෙලාවෙ තමයි මට අපේ සීමාමාලකය මතක්‌ වෙන්නේ.

1976 දී ලංකාවට ආපු ගමන්ම සීමාමාලකයේ වැඩ පටන් ගන්නව. ඔය.....දැන් තියෙන සීමාමාලකය ජෙµaරි බාවා කියන කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක්‌. ඔය......සීමාමාලකය ගොඩනගද්දී ඒ සඳහා වියදම දරුවෙ හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිවෙලා ඉන්න එච්. එස්‌. මුසාජී කියන ධාර්මික මුස්‌ලිම් පවුලක්‌. ඊට පෙරත් මුසාජී පවුල විසින් නොයෙක්‌ අවස්‌ථාවල විහාරස්‌ථානයේ කටයුතුවලට විශාල වශයෙන් උපකාර වෙලා තියෙනව. ඒ පවුලේ උදවිය සහ විහාරස්‌ථානය අතර අදත් තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්‌. අදත් මුසාජී පවුලේ සිද්ධවෙන වැදගත් සිදුවීමක්‌ තියෙනව නම් ඒ අය විහාරස්‌ථානයට ඇවිත් ඒ සඳහා ආශිර්වාද ලබා ගන්නව. විදේශ ගමන් බිමන්වල යෙදෙන හැම අවස්‌ථාවකදීම විහාරස්‌ථානයට ඇවිත් තුන්රුවන් ආශිර්වාදය අරන් පිරිත් නූල් බැඳගන්නව. ඒ තරමටම විහාරස්‌ථානය හා බුදු දහම සමඟ සමීප ඇසුරක්‌ මුසාජී පවුල තුළ තියෙනව. කොටින්ම කියනව නම් මුසාජී මහත්තයගේ මිණිබිරියක්‌ විවාහ ගිවිසගන්න වෙලාවේ ඒ අයගේ පාර්ශ්වය වෙනුවෙන් විවාහයට අත්සන් කළේ මම. අදත් ඒ බැඳීම් විහාරස්‌ථානයත් මුසාජී පවුලත් අතර පවතිනව. මෙතනදී මතක්‌ කළ යුතු තවත් පුද්ගලයෙක්‌ තමයි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහත්තය. එතුමන් මේ සීමාමාලකය ගොඩනංවද් දී විශාල වශයෙන් උපකාර කළ ධානපතියෙක්‌.

පොඩි හාමුදුරුවන් වහන්සේ පවසා සිටි ආකාරයට සීමාමාලකය ඉදිකිරීමේ දී ජාති, ආගම් බේද නොතකමින් බෝර වර්ගයට අයත් ධාර්මික මුස්‌ලිම් පවුලක්‌ ඒ සඳහා බරපැන දරා ඇති අතර ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යැමේදී උන්වහන්සේට විවිධ දුෂ්කරතාවන්ට ද මුහුණ දීමට සිදුවී ඇත. ඉන් එක්‌ සිදුවීමක්‌ විස්‌තර කරන පොඩි හාමුදුරුවන් වහන්සේ,

"කොහොම හරි සීමාමාලකයේ වැඩ පටන් ගන්නවත් එක්‌කම වරායෙන් මට නියෝගයක්‌ ආව ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන්න වැඩ ආරම්භ කළ කොටසත් කඩා ඉවත් කර ගන්න කියල. ඊට පස්‌සෙ මම මේකෙ නීතිමය තත්ත්වය හොයා බැලුව. එතනදී හෙළිදරව් වෙච්ච කරුණක්‌ තමයි අපි එදා ඉඳලම රුපියල් 2 ක බදු මුදලක්‌ ආණ්‌ඩුවට ගෙවල තියෙනව කියන එක. මම මේ සම්බන්ධව රාජ නීතිඥ එච්. ඩබ්. ජයවර්ධන මහත්තයත් එක්‌ක කතා කළාම එතුමා කිව්ව "හාමුදුරුවනේ බදු මුදලක්‌ ගෙවනව කියන්නේ රජයට යටත්ව ජීවත්වෙන එකනේ" ඒ හින්ද රජයට ඒ තීරණය ගන්න පුළුවන් කියල.

මම එතනින් දුර්වල වුණේ නැහැ. මම ගියා ශ්‍රීමත් විලියම් ගොපල්ලව අග්‍රාණ්‌ඩුකාරතුමා මුණ ගැහෙන්න. එතුමා අපේ හිතවත් දායක මහත්තයෙක්‌. එතුමව මුණ ගැහිල කාරණය කියනව. ඒ කාලේ වෙද්දී වරාය භාර ඇමැතිවරයා වෙලා හිටියෙ පී. බී. ජී. කළුගල්ල, අග්‍රාණ්‌ඩුකාරවරය වහාම කළුගල්ලව රජ ගෙදරට ගෙන්නනව ඒ ගෙන්නල මාව මුණගැහෙන්න පන්සලට එවනව. එතකොට කළුගල්ල උන්නැහේ මම කවුද කියල දන්නෙත් නෑ. මම ඔහුව දන්නෙත් නෑ. ඇමැතිවරයා හැටියට මේ සිද්ධිය දන්නෙත් නෑ. ඒ පාර වෙච්ච සිද්ධිය ගැන එතුමා බොහොම කනගාටුවෙලා නැවත ඉදිකිරීම් කරගෙන යන්න අවසර කාරිය දීල මට කිව්ව මේ නියෝගය දීපූ නිලධාරියට ඒ අයත් දඬුවමක්‌ දෙනව ඔබ වහන්සේත් දඬුවමක්‌ දෙන්න කියල. අපි නම් දඬුවම් දෙන්න ගියේ නැහැ. ඒ කාලේ ඔය නියෝගය දීල තිබුණේ වරායෙ ඉංජිනේරුවරය වෙලා හිටිය සිල්වා කියන ක්‍රිස්‌තියානි මහත්තයෙක්‌. කොහොමහරි මාස නවයක්‌ යද්දී අපි සීමාමාලකය හදල ඉවර කරනව. එහෙම කරල සීමාමාලකය විවෘත කිරීමේ උත්සවය ශ්‍රීමත් විලියම් ගොපල්ලව අග්‍රාණ්‌ඩුකාරතුමා සහ මේ රටින් මැලේසියාවට ධර්ම ප්‍රචාර කටයුතු සඳහා වැඩම කරල හිටිය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ කරන්නෙ. එදත් හරි අපූරු සිද්ධියක්‌ වෙනව. උදේ ඉඳන්ම ධාරාණිපාත වර්ෂාව, සුසාජි කියන සුදු නෝනා කෙනෙක්‌ මගෙන් ඇවිත් අහනව නැකැත් ශාස්‌ත්‍රය එහෙම හොඳහැටි දන්න ඔබලා ඇයි මේ වගේ දවසක්‌ මේ සඳහා තෝරාගත්තෙ කියල. ඒ පාර මම කිව්වා නැකත තියෙන්නේ හවස හතරටනේ එතකොට බලමු කියල. ආශ්චර්යයක්‌ වගේ හවස හතර වෙද්දී අවට හැම තැනටම වැස්‌ස මේ ස්‌ථානයට එක වැහි පොදක්‌ වැටුණේ නෑ. පහුවැනිදා පත්තරවල පවා මේ සිද්ධිය පළ වුණා. ඔය වගේ අසිරිමත් තවත් සිදුවීම් රාශියක්‌ මේ විහාරස්‌ථානය හා සීමාමාලකය ආශ්‍රිතව තියෙනවා.

මෙතනදී තවත් මතක්‌ කළ යුතු වැදගත් කාරණයක්‌ තිබෙනව. ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමේ දී ගංගාරාම සීමාමාලකයේ ආකෘතිය තමයි ඒ සඳහා උපයෝගී කරගන්නෙත් ඒකත් ජෙµaරි බාවගේ නිර්මාණයක්‌ තමයි හැබැයි අපේ සීමාමාලකයට ආවේණික ලක්‌ෂණ සියල්ලක්‌ම පාර්ලිමේන්තුව ඉදිකිරීමේ දී යොදා ගෙන තිබෙනව.

අදත් ගංගාරාම විහාරස්‌ථානයත් අපේ සීමාමාලකයත් කියන්නේ බොහොම නිදහස්‌ව පවතින ආගමික සිද්ධස්‌ථානයක්‌. ඉබියතුරු දාල වහල තියෙන සිරිතක්‌ මෙතන නැහැ. පැය 24 පුරාම විවෘතව පවතින පුණ්‍ය භූමියක්‌. මෑතක දී අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තය මට අදහසක්‌ ඉදිරිපත් කළා බේරෙ වැවේ සීමාමාලක භූමියේ සතරවරම් දේවරූප හතරක්‌ නිර්මාණය කළ යුතුයි කියල. ඒ පාර අපි තීරණය කළා සතරවරම් දේව රූප හතරක්‌ බුදුරජාණන් වහන්සේට සිවුරු අටපිරිකර පූජා කළ මහා බ්‍රහ්මයගේ රූපයක්‌ ඊට අමතරව 

ශ්‍රී පාදස්‌ථානයට අධිපති සුමනසමන් දේව රූපයක්‌ මේ ස්‌ථානයේ ඉදිකරන්න. ඊට අමතරව මේ වෙද්දී 

ඡේඩ් කියන ගල් විශේෂය යොදාගෙන ටොන් 8 කින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ චීනයේ නිර්මාණය කරමින් පවතිනව. ඒ පිළිම වහන්සේ නමත් සීමාමාලක භූමියේ වඩා හිඳුවන්න කටයුතු කරනව. ඔන්න ඔය විදිහට තමයි මේ ස්‌ථානය පැවතගෙන එන්නේ. අපේ ගංගාරාම විහාරස්‌ථානයේ තියෙන අනික්‌ විශේෂත්වය තමයි කොළඹ කියන ඉතාමත් සංකීර්ණ සමාජ වටපිටාවක ඒ සංකීර්ණත්වය බාධාවක්‌ කර නොගනිමින් මුළුමනින්ම ආගමික, ශාසනික, සමාජීය මෙහෙවරක්‌ සඳහා පමණක්‌ යොදවා ගැනීම"

දිගු කතා බහක කෙළවර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ එසේ පවසා සිටිමින් පිළිසඳර නිමා කළ අතර එහි ගත කළ හෝරාවක දෙකක කාලය තුළ විනය, හික්‌මීම, පිළිවෙළ පිළිබඳ බොහෝ පාඩම් අපගේ ජීවිතයට ද එකතු කරගත හැකි විය.

රුවන් ජයවර්ධන, ඡායාරූප - නිමල් දයාරත්න
http://www.divaina.com/2016/11/13/feature17.html