Pages

Sunday, November 13, 2016

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ පකිස්ථාන බොදු උරුමයක් - බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ!

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් විසින් හානි කරනු ලැබූ පාකිස්තානයේ පිහිටි ගල් බිත්තියක නෙලන ලද පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් සාර්ථකව ප්‍රතිස්ථාපනය කළ බව පුරා විද්‍යාඥයෝ පවසති.

මීට වසර නවයකට ඉහතදී සන්නද්ධ කණ්ඩායමක් විසින් වයඹ දිග පාකිස්තානයේ පිහිටි බුදු රුව සහිත ශෛලමය මූර්තියේ හිස කොටසට හානි සිදු කොට තිබිණි.

ස්වාත් නිම්නයේ පිහිටි මූර්තියේ ප්‍රතිස්ථාපන කටයුතු සඳහා ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට වසර පහක්ගත වූ බව ව්‍යාපෘතියේ ප්‍රධානී ඉතාලි ජාතික ආචාර්ය ලූකා මරියා ඔලිවියෙරි සඳහන් කළේය.

කෙටි කාලයක් එම කලාපය තාලිබාන් කැරලිකරුවන් අත පැවති අතර 2009 වසරේදී කැරලිකරුවන් පළවා හැරීමට පාකිස්තාන හමුදා සමත් වූහ. හත් වන ශතවර්ෂයට අයත් ධ්‍යාන මුද්‍රාවෙන් නිර්මිත බුදු රුව සහිත මූර්තිය දකුණු ආසියාවේ තිබෙන විශාලතම ශෛලමය මූර්තිවලින් එකකි.

පෞරාණික නිර්මාණයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ලොව පුරා කෝපය පළ විය.

BBC

http://www.colombotoday.com/24716-252/

0 comments: