Pages

Saturday, January 31, 2015

බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණය

මේ වන විට නව රජයක්‌ බලයට පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්‌කම් කීපයක්‌ ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස්‌ නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක්‌ ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක්‌ ප්‍රශ්න නොකරන්නේය. එයට හේතුව නව වාහනයකින් නව ගමනක්‌ යැම ආශ්වාද ජනක සිදු වීමක්‌ බැවිනි. යන්නේ යහ පාලනය නමැති අරමුණකින් බැවින් එය තවත්ආශ්වාද ජනකය. කෙසේ වෙතත් මේ යහ පාලනය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් තිබේ. එකක්‌ නම් මුස්‌ලිම් මූලධර්මවාදීන්ගේ යළි නැගිටීමයි. මේ සඳහා ආසන්නතම උදාහරණය වාර්තා වන්නේ කූරගලිනි. එම ඓතිහාසික සිද්ධස්‌ථානයට ප්‍රවිශ්ට වීම තහනම් කරමින් භික්‌ෂූන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධව උසාවි වාරණයක්‌ ගැනීම එම සිද්ධියයි.

කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය ප්‍රාග් මානවයාගේ විශේෂ ජනාවාසයකි. එසේම බුද්ධ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වූ බෞද්ධ ගල්ලෙන් තපෝවනයකි. මේ උතුම් භූමිය යටත් විජිත සමයේදී වනගතව තිබියදී ඒ ස්‌ථානයට ඇතුළු වී සිය මඩු කූඩාරම් ඉදි කරමින් 1923 න් පසුව මුස්‌ලිම් දේවාස්‌ථානයක්‌ ස්‌ථාපිත විය. පසුගිය වසර අනූදෙක තුළදී මේ මුස්‌ලිම් ආක්‍රමණය නිසා බෞද්ධ ආරාමයෙහි පැවති බුදු පිළිම සඳකඩ පහන් හා සිරි පතුල් පොඩිපට්‌ටම් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. 1971 දී මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙසට නම් කරන ලදී. නමුත් එයට සමගාමීව මුස්‌ලිම් අනවසර ඉදි කිරීම් වර්ධනය වූයේ හිටපු බළන්ගොඩ මන්ත්‍රී අබුසාලි මහතාගේ මැදිහත් වීමෙනි. පසුගිය කාලයේදී මේ ආක්‍රමණයට එරෙහිව බෞද්ධ සංවිධාන කළ මැදිහත් වීමද නීති මාර්ගයෙන් ක්‍රියාකිරීමද නිසා අනවසර ඉදි කිරීම් 19 ක්‌ ඉවත් කල යුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. ඒ අනුව පසුගිය කාලයේදී එම ඉදි කිරීම් වලින් සියයට අනූපහක්‌ පමණ ඉවත් කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ මුස්‌ලිම් ජන ඇඟෑලිකම් නිසා ප්‍රධාන පල්ලිය සහ සොහොන් ඉවත් කිරීමට පුරාවිද්‍යාවට නොහැකි විය. කෙසේ වෙතත් නැවත බෞද්ධ වන්දනාමාන කටයුතු ආරම්භ කර ගැනීමටත් සංචාරයකයන්ට අවශ්‍ය නිස්‌කලංක පරිසරය එහි ඇති වීමත් හේතු කොට ගෙන කූරගල චිර ප්‍රසිද්ධ විය. වසර දසදහසක්‌ පැරණි මානව ඇටසැකිල්ලක්‌ මේ ස්‌ථානයෙන් හමුවීම නිසා කූරගල ජාත්‍යන්තර ලෙසටද අද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

කූරගල ඓතිහාසිකත්වය සුරක්‌ෂිත කිරීමට කැපවූ බොහෝ බෞද්ධ සංවිධාන වෙයි. ජාතික බලවේග විසින්ද මේ කාර්යයට දක්‌වන ලද දායකත්වය විශාලය. නව රජය පත්වීමත් එහි වැඩි බරක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි වීමත් නිසා නැවතත් ඔවුන්ට හිතවත් මුස්‌ලිම් පිරිසට නව ජවයක්‌ ලැබුණා සේය. ජන අනුපාතයටත් වැඩිමනත්ව මුස්‌ලිම් ඇමැතිවරු පත්කර ගන්නා ලද්දේ එබැවින් විය හැකිය. කෙසේ වෙතත් අපගේ දැඩි අවධානයට යොමු වන්නේ නීත්‍යානුකූලව බෞද්ධයන්ට හිමිවිය යුතුව තිබෙන කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය යළිත් මුස්‌ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු කිරීම සඳහා නීතිය අවභාවිතා කළ ආකාරයයි.

මේ සිද්ධිය ඇරඹෙන්නේ කූරගල ජෙයිලානි පල්ලියේ මුස්‌ලිම් භාරකාරත්වය විසින් සිය වාර්ෂික වන්දනාමාන සමය වශයෙන් 2015 -01 -21 සිට 2015-2-21 කාලය ප්‍රකාශ කිරීමත් සමගය. ගිය දෙසැම්බර් මාසයේදී සිංහල රාවය විසින් සංවිධානය කරන ලද පූජ්‍ය ගංගොඩවිල සෝමහිමි පින්කම කූරගල දී පවත්වන ලද අවස්‌ථාවේදී පොලිසිය විසින් ඊට බාධා කරන ලද්දේ ඉහළ නියෝගයකින්ය. ඒ ක්‍රමයම මෙහිදී අනුගමනය කරන ලදී. පූජ්‍ය වටද්දර ඥාණිස්‌සර හිමි පුරාවිද්‍යා කාර්ය භාර නිලධාරිනිය හිටපු පුරාවිද්‍යා රැකවල් කරු හීන් මහත්මයා සහ එම්.ජී. විෙ-රත්න යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් කල්තොට පොලිසිය බළන්ගොඩ උසාවියෙන් 2015- 01- 21 දින වාරණ නියෝගයක්‌ ලබාගන්නා ලදී. ඒ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීමක්‌ මත යයි පවසති. පූජ්‍ය යක්‌කලමුල්ලේ පවර හිමි ඇතුළු සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන්ට කූරගලට ඇතුළු වීම වලක්‌වාලමින් මෙම වාරණය ගෙන තිබුණි. නමුත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ගෙන් අප කළ විමසුමකදී පැහැදිලි වූයේ මේ ආසන්න කාලවකවානුව තුළදී කූරගල යැම සඳහා කිසිම සැලසුමක්‌ නොතිබූ බවයි. එම තොරතුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ පුවතක්‌ පමණක්‌ බවයි. මෙයින් පැහැදිලි වන්නේ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීම මත කල්තොට පොලිසිය හිතාමතාම ස්‌වාමීන් වහන්සේලාට එරෙහිව නීතිය අතට ගත් ආකාරයයි. මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ බුදුගල පුරාවිද්‍යා සහකාර වසන්තා ඉනද්‍රානි මහත්මිය විසින් කල්තොට පොලිසියට කිසිදු ප්‍රකාශයක්‌ ලබා දී නොතිබූ බවයි. ඇය පැහැදිලි කරන පරිදි කල්තොට පොලිස්‌ ස්‌ථානාධිපති කේ.ඒ.පී. පෙරේරා දුරකතන ඇමතුමක්‌ මගින් ප්‍රකාශයක්‌ ඉල්ලා සිටි අතර පසුව පොලිස්‌ කොස්‌තාපල්වරු දෙදෙනෙක්‌ ඇය හමුවට එවා ඇත. මෙහිදී තම ආයතන ප්‍රධානියා වූ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට කතා කළ ඇය එවැනි ප්‍රකාශයක්‌ ලබා දිය හැකි දැයි විමසා තිබේ. නමුත් එයට අවසරයක්‌ අධ්‍යක්‌ෂක ජනරාල්වරයාගෙන් ලැබී නොමැත. ඒ අනුව ප්‍රකාශයක්‌ ලබාදීම ප්‍රතික්‌ෂේප කර තිබේ. එවැනි තත්ත්වයක්‌ මත උසාවිය හමුවේ සාවද්‍ය දැනුම්දීමක්‌ සිදුව තිබේ. 

කූරගල අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට මීට පෙර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයාට නියෝගයක්‌ නිකුත් කර තිබෙන්නේ එවකට සිටි බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් වරියයි. ඒ අනුව ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත 1990 දී මුස්‌ලිම් පිරිසට ලබා දුන් විකල්ප ඉඩම් වලට ඔවුන් යායුතු විය. මෙවර ඔවුන්ගේ උත්සවය වෙනුවෙන් 2015-01-12 දින අධ්‍යක්‌ෂක ජනරාල් වරයා ලබා දුන් අවසරය සහිත ලිත ලියෑවිල්ලේ මේ බව අවධාරණය කර තිබුණි. (04/කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයට විකල්ප ඉඩම් ලබාදී ඇති බැවින්ද එම විකල්ප ඉඩම් මෙම ස්‌ථානයට ආසන්නයේ පවතින බැවින්ද ලිපියේ සඳහන් අනෙකුත් අවශ්‍යතාවයන් පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ සිදු කිරීමේ අවශ්‍යතාවයක්‌ නොමැති බව පෙනේ.)

එහෙත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලිය ඉවත් නොකෙරුණු අතර එය ඉවත් කිරීම සඳහා පසුගිය කාලයේදී වෑයම් කළ නමුදු හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අත්හිටුවා ඇත. කූරගල පුරාවිද්‍යා රක්‌ෂිතයෙන් පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ තිබෙන ගල්ලෙන ඇරුණු කොට අනෙක්‌ කොටස්‌ අස්‌ගිරි පාර්ශවයේ මහානායක ස්‌වාමීන් වහන්සේලා වෙත පවරා දී ඇත. ඒ අනුව බෞද්ධයන්ට මෙහි ඇතුල් වීමටත් වන්දනා මාන කිරීමටත් කිසිදු බාධාවක්‌ නැත. එසේ තිබියදී පොලිසිය විසින් උසාවිය ද නොමග යවමින් ගන්නා ලද වාරණය නීත්‍යානුකූල නොවේ. එය බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ පොලිසිය මෙහිදී මුස්‌ලිම් පාර්ශවය වෙනුවෙන් පක්‌ෂපාතීව කටයුතු කළ ආකාරයයි. මීට ඉහත කීප වාරයකදීම බෞද්ධයන් සිය වන්දනා මානයට කූරගල තරණය කරද්දීද පොලිසි රාශියකින්ම කුළුපොළු සහිත හමුදාවන් ගෙනවුත් බියවැද්දූ ආකාරය අපට අමතක නොවේ. මෙහි යටි අරුත නම් බෞද්ධයන් ම්ලේච්ඡයන් ලෙසට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට මුස්‌ලිම් අයට තිබෙන වුවමනාවට පොලිසිය අනියමින් සහයෝගය දැක්‌වීමයි. එසේම ඉදිරියේදී බෞද්ධයන්ට කූරගල තරණයට එරෙහිව ස්‌ථිර වාරණයක්‌ ගැනීමේ බලාපොරොත්තුවක්‌ ද තිබිය හැකිය. දිගින් දිගටම මෙවැනි සිදු වීම් වාර්තා වීම සැබවින්ම බෞද්ධයන්ගේ සිත් රිදවන්නකි. යහපාලනයට මුවාවී යළිත් මුස්‌ලිම් අන්තවාදය හිස එසැවීමට ඉඩදුනහොත් එහි විපාක විදින්නට සිදුවන්නේ සමස්‌ත රටටයි. දේශපාලකයන් වරන් වර වෙනස්‌ වෙමින් ආවා ගියාට රටේ හොඳ නම රැක ගැනීමට නම් මෙවැනි කුමන්ත්‍රණයන් පරාජයට පත්කළ යුතුමය.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2015/02/01/feature11.html

සබැඳි ලිපි -
[
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ... සත්පුරුෂ පින්වතුනි, සාධු මිනිසකු වන්න!


දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:

01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.

03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.

04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.

05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.

06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.

07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.

08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.

09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.

10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.

11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.

12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.

සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.

සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.

සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.


පූජ්‍ය රිදියගම සුධම්මාභිවංස හිමි, නිමලව ආරණ්‍ය සේනාසනය කිරින්ද, තිස්සමහාරාමය
https://www.facebook.com/muduna/photos/a.304203129656289.72251.289518171124785/790802557663008/?type=1&theater

නිසි තැන හිමිනම් චම්පික ශ්‍රීලනිපයට?

chmpika exසිංහල බෞද්ධ ආකල්ප පෙරටුකොට පංචමහා බලවේගයේ සිතුම් පැතුම්වලට අනුව නිවැරදි දේශපාලන මාර්ගයේ ගමන් කරමින්, ජාතික හෙල උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතාට නිසි ස්ථානයක් ලබා දෙමින්, කටයුතු කරන්නේ නම් ජාතික හෙල උරුමය විසිරුවා හැර, පාඨලී චම්පික රණවක මහතා ඇතුළු හෙල උරුමය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීම සඳහා සූදානම් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රීලනිපයේ වත්මන් නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ශ්‍රීලනිප ක්‍රියාකාරී මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පලායාමෙන් පුරප්පාඩු වී ඇති ජාතික සංවිධායක ධූරය පාඨලී චම්පික රණවක මහතාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය රාජිත සේනාරත්න මහතාටත් ලබාදීමට ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කොන්දේසි විරහිතව එකග වන්නේ නම් හෙල උරුමය විසිරුවා හැර ශ්‍රීලනිපයට එකතු වීමට සූදානම් බව මෙසේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දන්වා ඇත.

පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් අනුව 2020 වන විට ඒ මහතා ශ්‍රී ලංකාවේ නායකයා වීම අනිවාර්ය බව පවසා ඇති රතන හිමියන් තමන් වහන්සේගේ යෝජනාවට ඉක්මන් ප්‍රතිචාරයක් ලබාදෙන ලෙස ශ්‍රීලනිපයෙන් ඉල්ලා ඇත. ඒ අනුව හෙට (28) සවස 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූළස්ථානයේ රැස්වන මධ්‍යම කාරක සභාවට රතන හිමියන්ගේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

http://sinhala.lankanewsweb.net/exclusive/15526-2015-01-27-12-45-20

Tuesday, January 27, 2015

පෙර පාලනයෙන් යහ පාලනයට උගතයුතු පාඩම්

රට දැන් යහ පාලනයකට ප්‍රවේශ වී ඇත. වඩාත් සදාචාරාත්මක අයුරින් නව ක්‍රමවේද ඔස්‌සේ රට පාලනය කරන්නට අරඅදින මොහොතක එය සාර්ථක තලයකට ඇද ගෙන යන්නේ පසුගිය කාල පරිච්ඡේදය දෙස අවලෝකනය කිරීමෙනි.

පසුගිය කාල පරාසයේදී සිදු වූ වැරැදි ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන ගියොත් යහ පාලනයෙන් කිසිදු ඵලක්‌ නැත. අනන්ත අප්‍රමාණ ලෙස සිදු වු වැරැදි සම්භාරය රට අවරට යැමට හේතු භූත විය.

යහ පාලනයට මූලික වශයෙන් බලපාන්නේ සුදුස්‌සාට සුදුසු තැන දීමය. පෙර පැවැති කාල පරාසයේදී සිදු වූයේ නුසුදුස්‌සාට ප්‍රමුඛත්වය දීමය. ඒ ආදර්ශය යහ පාලනයට ආදේශ කරගත්තොත් කිසිදු ඵලක්‌ ඇති නොවේ.

සුදුස්‌සා කවුරුන්ද, දක්‍ෂයන් කවරෙක්‌ද විෂයේ සුනිපුණයන් කවුරුන්ද යන්න තෝරා බේරාගෙන ඒ ඒ තැන්වලට සුදුස්‌සන් පත් කළ යුතුය. පසුගිය පාලන කාලයේදී සිදු වූයේ නුසුදුස්‌සන් ඉහළට ගෙන යැමය. පාලකයන්ගේ පැවැත්ම උදෙසා ඕනෑම අයකු තමන්ගේ මල්ලට දමා ගැනීම පසුගිය පාලන සමයේ සිදු වූ දෙයකි. මේ හේතුව නිසා බුද්ධිමතුන්, උගතුන්, සුදුස්‌සන් සිටියේ අතිශය කලකිරීමෙනි.

ආත්මාර්ථකාමිත්වය තමයි ඉහළට ගෙන ආවේ. පරාර්ථකාමීත්වය යටපත් වීම මත පාලිතයන් සිටියේ අතිශය දුකෙනි. යහ පාලනයේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ පරාර්ථකාමීත්වයටය. එය සිදු නොවුණොත් යහ පාලනයට අත්වන්නේත් පෙර ඉරණමමය.

රාජ්‍යායතනවලට ප්‍රධානීන් පත්කිරීමේදී සුදුස්‌සන් ඒ සඳහා යොමු කළ යුතුය. ආයතනයේ සේවක යන්ගෙන් උපරිම වශයෙන් ඵල ප්‍රයෝජන ගැනීමේ විඥානයක්‌ ආයතන ප්‍රධානියාට තිබිය යුතුය.

ආඥාදායක පාලන ක්‍රමය දුරලීමට වගබලා ගත යුතුය. ආඥාදායක පාලන ක්‍රමය නිසයි, ඒ අය පිරිහීමට පත් වූයේ. බලය අසීමිත ලෙස පරිහරණය කිරීම මත තමන්ගෙන් සිදු වන්නේ කුමක්‌ද යන්න පාලකයාට හිතා ගන්නට බැරි තත්ත්වයට පත් විය. හිටපු පාලකයාට සිදු වූයේත් එයමය. අප්‍රමාණ බලය තමන් අතට ගෙන රට පාලනය කරන්නට යැම හේතුකොට ගෙන එම පාලකයාට අත් වූ ඉරණම දැන් මනාව පැහැදිලිව පෙනෙන දෙයකි.

විධායක බලය අතට ගත් ඡේ. ආර්. එදා කීවේ ගැහැනියක්‌ පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක්‌ කිරීම හැර හැම සියල්ලක්‌ම මට කළ හැකි බවය. අවසානයේ සිදු වූයේ කුමක්‌ද සියලුම බලය දමා යන්නට සිදු වීමය.

මෙතනදී ඡේ. ආර්. අතින් හොඳ දෙයක්‌ සිදු විය. එනම් ඇමැතිවරුන් සතු බලය තමන් අතට ගත්තේ නැත. ඇමැතිවරුන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ හැරියේය. අවකාශ සලසා දෙන ලදී.

යහ පාලනය යටතේ ඇමැතිවරුන්ට අදීනව තීන්දු තීරණ ගන්නට අවකාශ සලසා දිය යුතුය. ඒවාට ඇඟිලි නොගැසිය යුතුය. ඇමැතිවරයකුට අමාත්‍යාංශයක්‌ භාර දෙනු ලබන්නේ එය නිසියාකාරව කරගෙන යැමටය. ඒ ඒ විෂයයේ සුදුසු අයට පවරන ලද අමාත්‍යාංශවලට විධායක පාලකයා ඇඟිලි ගසන්නට ගියොත් සිදු වන්නේ මහා අවුලකි.

පාලකයා කෙරෙහි බලය සදාකාලිකව රඳා පවතින්නේ නැත. ඒ බලය රැඳී ඇත්තේ කෙටි කාලයකි. බලය ගිලිහී ගිය විට අන්ත අසරණ තත්ත්වයට පත්වන ආකාරය දෙසත් යහ පාලනය නෙත් සිත් යොමු කළ යුතුය.


දක්‌ෂයා - සුදුස්‌සා පාලකයා ළඟට යනතුරු බලා නොසිට, පාලකයා ළඟට ඔහුව ගෙන්වා ගත යුතුය. මෙයයි යහ පාලනයක පාලකයාගේ පිළිවෙත විය යුත්තේ.


කිසියම් අවශ්‍යතාවක්‌ අරභයා පාලකයාට දැන් වූ විට එය කළ හැකිද? නොහැකිද යනුවෙන් පිළිතුරක්‌ එවීම පාලකයාගේ යුතුකම විය යුතුය. එවිටයි යහ පාලකයා තවදුරටත් ජනතාවට සමීපවන්නේ.

කළ යුත්තේ කුමක්‌ද? නොකළ යුත්තේ කුමක්‌ද? යන්න ගැනද අවධානයෙන් සිටිය යුතුය.

කළ යුත්තට ප්‍රමුඛත්වය දිය යුතුය. එසේ නොමැතිව නොකළ යුත්තට ප්‍රමුඛත්වය දිය යුතු නැත. මේ ආකල්පය කෙරෙහිද යහ පාලනය අවධානය යොමු කළ මනාය.

යහ පාලනයේදී අධිකරණයේ ස්‌වාධීනත්වය රැඳිය යුතුය. අධිකාරි බලයෙන්, ආඥාදායක බලයෙන් නීතිය අයාලේ යන්නට දෙන්නත් එපා. අධිකරණයට තීන්දු දෙන්නේ ආඥාදායකත්වයෙන් නම් එම අධිකරණයෙන් ඵලක්‌ නොමැත. අධිකරණයේ ස්‌වාධීනත්වය රැකීමටද වගබලා ගත යුතුය. එසේ නොවුණොත් එතැන රැඳී ඇත්තේ අවනීතියකි.

නාස්‌තියෙන්ද රට බේරා ගැනීමට වග බලා ගත යුතුය. පසුගිය කාලයේදී බොහෝ සෙයින් රටේ නාස්‌තියක්‌ ඇති විය. තවදුරටත් නාස්‌තියක්‌ ඇති නොවන්නටද වගබලා ගත යුතුය.

පාලකයන් හැදෙන්නටත් පාලිතයන් තැලෙන්නටත් යන ක්‍රමයෙන්ද යහ පාලනය වෙන් විය යුතුය. මෙතනදී නිමිත්ත විය යුත්තේ පාලිතයන් හදන්නට වගබලා ගැනීමය. පාලකයන් ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කළ යුතුය. ආර්ථික භූමිකාව ප්‍රශස්‌ත තලයකට ඇදගෙන යා යුතුය.

ඒකාකාරිත්වයෙන් මිදී සමාජය සංකීර්ණ වීමත් සමග ඊට අනුගතව පාලන දෘෂ්ටිය සැකැසිය යුතුය. ගතානුගතික ආර්ථික රටාවල්, ක්‍ෂේත්‍රවල රැඳී සිටියොත් ආර්ථික ප්‍රගතිය කරා යා නොහැකිය. මේ කෙරෙහිද පාලන තන්ත්‍රය වගබලා ගත යුතුය.

කෝප් වාර්තාවෙන් පෙන්වා දුන් පරිදි රාජ්‍යායතන 47 ක්‌ කඩා වැටී ඇත. අදූරදර්ශී පාලනය හේතුකොට ගෙන මේ රාජ්‍යායතන 47 පහළට වැටී ඇති ආකාරය පසුගිය රාජ්‍ය නායකයාට පෙන්වා දෙන ලදී. එහෙත් කෝප් වාර්තාවෙන් පෙන්වා දුන් රාජ්‍යායතන නඟා සිටුවීමට පසුගිය රාජ්‍ය නායකයාට කිසිදු වුවමනාවක්‌ නොවීය. කඩා වැටීම අඛණ්‌ඩවම සිදු විය. මේ තත්ත්වය සමනය කරන්නට යහ පාලනය වග බලා ගත යුතුය. පෙර කීවායේ සුදුස්‌සන් හා දක්‍ෂයන් ඒ රාජ්‍යායතනවලට පත් කළ යුතුය.

රටට අහිතකර දේ ඉවත දැමීමට වග බලා ගැනීමත් හිතකර දේවල් වර්ධනය කරගන්නට පාලන දෘෂ්ටිය යොමු වීමත් යහ පාලනයේ සුවිසාධනීය ලක්‌ෂණයක්‌ විය යුතුය.

ආචාර්ය ආර්. ඇල්. අබේවික්‍රම
http://www.divaina.com/2015/01/24/feature.html

Pic Source

Friday, January 23, 2015

"මහරජ ගැමුණු" - මේ ඔබේම කථාවයි! මහා ඉතිහාසයක උරුමකරුවනි, ඔබේ සමවැදීම අත්‍යාවශ්‍යයි!

මේ වනාහි අද පටන් තිරගත වන "මහරජ ගැමුණු" සිනමා කෘතියේ සිනමා රීති සමෝධානය, රූප භාවිතය, රංග වින්‍යාසය, පිළිබඳව කෙරෙන විචාරයක්‌ හෝ සංඥාර්ථ විද්‍යාත්මක (Semiotic) විවරණයක්‌ නොවේ. එම වගකීම අප අතර සිටින ප්‍රවීණ සිනමා විචාරක ප්‍රජාවට භාර කරමු. එහෙත් සමාජගත වන ඕනෑම කලා කෘතියක්‌ හෝ ශාස්‌ත්‍රීය නිබන්ධනයක්‌ සම්බන්ධයෙන් කාලීන සමාජ දේශපාලනික කරුණු අළලා එහි අදාළත්වය, ප්‍රබලත්වය පිළිබඳ විමර්ශනයක නිරතවීම වැදගත්ය. එහෙයින් මෙය විචාරකයකු විසින් ගොනු කරනා ලද සිනමා විචාරයකට වඩා සිංහල බෞද්ධ අනන්‍යතාව දැඩි අර්බුදයකට මුහණ දී ඇති යුගයක, සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායේ පරමාදර්ශයක්‌ වූ ගාමණී අභය "සජීවීව" දැක බලාගත් සිංහලයකුගේ ආත්මීය ප්‍රකාශනයක්‌ සේ සැලකීම වඩාත් යෝග්‍යය.

ශ්‍රී ලාංකීය සිනමාවේ නූතනය දෙස විචාරශීලීව බැලීමේදී ඉතිහාස කථා සිනමාවට නැගීමේ උත්සුකතාව කැපී පෙනෙයි. එම ප්‍රවණතාව තුළ සිනමාකරුවන් ප්‍රතිනිර්මාණ සඳහා ඉතිහාස සංසිද්ධින් තෝරාගැනීමේ ප්‍රධාන ධාරාව තුළ අප නිරීක්‍ෂණය කළ "ක්‍රමවේදයන්" දෙකකි. පළමුවැන්න, බොහෝ විට ග්‍රීක දේව හෝ වීරකාව්‍යයන් පදනම් කරගත් විදේශීය සිනමා කෘතිවල ආභාසයෙන් ඒ දැවැන්ත ආකර්ෂණීය පසුතල, සටන් හෝ පෙම් ජවනිකා ප්‍රතිනිර්මාණයට සිංහල ඉතිහාස කථා තුළ ඇති ඉඩකඩ මත ඒවා තෝරාගැනීමයි. "අබා" ඊට නිදර්ශනයකි. දෙවැන්න, සිංහල බෞද්ධයා තුළ ඉතිහාසය හා බුද්ධාගම පිළිබඳ ඇති ශ්‍රද්ධාව පදනම් කරගත් "ජනප්‍රිය සංස්‌කෘතික මතකයට" ගෝචර වන ශාසනික හෝ ජාතික ඉතිහාසයේ වැදගත් සංසිද්ධීන් සිනමාවට නැගීමයි. "මහින්දාගමනය", "සිරි දළදාගමනය" ඒ ධාරාවේ නිර්මාණයන් ලෙස අපි දකිමු.

මේ ප්‍රධාන ධාරාවන් දෙක තුළම සිනමාකරුවන් එක්‌කෝ උත්සහ දරන්නේ ඉතිහාස කථාව ඇති සැටියෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට ය. එහිදී ඉතිහාසය පිළිබඳව ඇති ජනප්‍රිය මතවාදය තහවුරු කිරීම සුලභව සිදුවනු දැකිය හැක. එසේම යටකී "ක්‍රමවේදයන්" දෙකට පදනම් වන්නේ යෑයි අප අභ්‍යාපගමනය කර ඇති හේතු හා තත්ත්වයන්ම පමණක්‌ සිනමා කෘතියේ එකම බලාපොරොත්තුව බවට පත්වීමේ ඉරණමද අපි නිරීක්‍ෂණය කරන්නෙමු. එමගින් සිය භාවයන් ජනප්‍රිය කලාවන්ගෙන් තෘප්තිමත් කරගැනීමට පුහුණු කරගෙන සිටින ඉලක්‌ක ගත ප්‍රේක්‍ෂක පිරිස්‌ තාවකාලික වශයෙන් සතුටට පත්වනු ඇත. නැතිනම් හුදු ආගමික ශ්‍රද්ධාව වෙත හෝ ආකෘතිගත ආධානග්‍රාහී ඉතිහාසයේ තුරුළට තව තවත් හැඟුම්බරව ගුලිවනු ඇත.

ලිත ඉතිහාස වංශකථාවන්ට අනුව "ක්‍රිස්‌තු පූර්ව" තුන්වන සියවසේදී සිදුවූ මහින්දාගමනයට පෙර තථාගතයන් වහන්සේ තෙවරක්‌ වැඩි සිංහලේ, බෞද්ධාගම ව්‍යාප්තව තිබුණේ නොවේදැයි තාර්තිකව සිතන්නට "මහින්දාගමනය" එය නරඹන්නකුගේ මනස මුවහත් කරන්නේ නැත. මුවකු වැනි අහිංසක සතකු පසුපස හඹායන "වැද්දකු" දෙවියන්ට කෙසේ නම් ප්‍රියවී දැයි (දේවානම්පියතිස්‌ස) තාර්කිකව සිතන්නට පුහුදුන් ප්‍රේක්‍ෂක මනසට මහින්දාගමනය වැනි සිනමා කෘතියකින් ලැබෙන පිටිවහල ශූන්‍යය. කියවා අසා හෝ පොසොන් සැරසිල්ලක පමණක්‌ මෙතෙක්‌ දැක තිබූ මහින්දාගමනයේ "චිත්තරූප" සමුදාය, දළදා වහන්සේ සිංහලයට වැඩිමවීම වැනි සංසිද්ධීන් සිනමාත්මක තාක්‌ෂණික රූප භාෂාවකින් අත්විඳ, බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩෙන සිතක්‌ "සාදුකාර පැවැත්වීම" ප්‍රතීයමාන කරන්නේ ප්‍රේක්‍ෂක මනසේ මතුපිට ස්‌ථරයකට බලපෑම් කරන්නට ඒ සිනමා කෘතීන් තුළ ගැබ් කරනු ලැබු සිනමාකරුවාගේ දැක්‌මයි. සීමාවයි. එය ඉතිහාසය පිළිබඳ නිර්දේශපාලනික සිනමා භාවිතයකි. අපි ඒ දැක්‌ම විවේචනය නොකරමු. සදාචාර විනිශ්චයකට ලක්‌ නොකරමු. එහෙත් ඒ පිළිබඳ යමක්‌ කීම අවශ්‍යම වූයේ ඉතිහාසය හා සිනමාව මුහුවන තවත් අවස්‌ථාවක්‌ වන "මහරජ ගැමුණු" කෘතිය ඉහත කී ඉතිහාස කථා සිනමාවට නැගීමේ නූතන ප්‍රවණතාව තුළ ස්‌ථානගත කරන්නටය.

මානව සමාජයන්ගේ ඉතිහාසය වූ කලී, පංති අරගලවල ඉතිහාසය යෑයි කාල් මාක්‌ස්‌ වරෙක ප්‍රකාශ කළේය. සිංහලයන් සම්බන්ධයෙන් අපට කියන්නට ඇත්තේ, සිංහල ඉතිහාසය වූ කලී, සහස්‍ර වර්ෂ ගණනාවක්‌ මුළුල්ලේ සිය ජාතික, ආගමික අනන්‍යතාවට හා භෞමික අඛණ්‌ඩතාවට එරෙහි බලවේග අභිමුවෙහි සිදු වූ සිංහල නැගිටීම්වල ඉතිහාසය බවයි. "මහරජ ගැමුණු" සිනමා කෘතිය, ඒ ඉතිහාසයේ සුවිශේෂිතම සංසිද්ධියක්‌ නූතනයට ගෙන ඒම තුළ, සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායේ "ගාමණී අභය චින්තනය" පිළිබඳව වඩාත් සාරගර්භ සමාජයීය කතිකාවකට අනිවාර්යයෙන්ම මුල පිරෙනු ඇත.

ගාමණී අභය වෘත්තාන්තයේ නූතනයට පමණක්‌ නොව සිංහල සමාජ දේශපාලනික තත්ත්වයන්ට ඇති සර්ව කාලීන අදාළත්වය "history repeats itself" යන ඉංග්‍රීසි කියමන අභිභවා යන්නේය. එදා මෙදා තුර, බලය පිණිස දේශීයව ස්‌ථානගතවී සිටි හෝ දකුණු ඉන්දියානු චෝල, ෙච්ර, පාන්ඩ්‍ය හෝ විජයනගර් රාජ්‍යයන්ගේ "පිහිට පැතූවන්" නිවහල් රුහුණේ ගොඩ නැගෙන සිංහල බලය පිළිබඳ එළාරට ගතු කියන්නට එන දීඝාභය නියෝජනය කරන්නේය.

ගාමණී අභයගේ විජයග්‍රහණය හුදු සිද්ධි මාත්‍රයක්‌ පමණක්‌ද? එය නූතනයට නිකුත් කරන්නා වූ පණිවුඩය කුමක්‌ද? සටන සූත්‍රගත වන්නේ ගාමණී අභයගේ උපතටත් පෙර බව "මහරජ ගැමුණු" අපට කියයි. ගිලන්ව මරණ මංචකයේ වැදහොත් කුඩා සාමනේරයන් වහන්සේට සිය කුස පිළිසිඳ ගන්නා ලෙසට කෙරෙන වෙහෙර මහා දේවියගේ ඉල්ලීම වනාහී හුදු ඕලාරික පැතුමක්‌ නොවේ. ඒ තුළ ගැබ්ව තුබුණේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කපටි හීන්සැරයට එරෙහි සිංහල අරගලයේ කූටප්‍රාප්තිය පිළිබඳ දෘඪතර අධිෂ්ඨානය බව තේරුම් ගත යුතුය. "මහරජ ගැමුණු" සිංහල ජාතික විමුක්‌ති අරගලයට නිකුත් කරන පණිවුඩය වනාහී, ජාතික විමුක්‌තිය යනු හත් අට මසෙකින් ඵල නෙලාගත හැකි ක්‌aෂණික ආහාර පන්නයේ කටයුත්තක්‌ නොවන බවයි.

ඡත්‍ර ප්‍රමුඛ එළාරගේ සෙබළ මුල, මහවැලියෙන් එතෙරව රුහුණට පලා යන සිවිල් වැසියන් සමූහයක්‌ තොටියාද සමග විද මරනු ලබත්, උණු ලේ ගලායන මළ සිරුරු සමගින් ගඟ පහළට පාවී යන පාරුව, මහාවංශයේද නොසඳහන් එළාරගේ සිව් සාළිස්‌ වසක පාලනයේ සැඟවුණු කෲරත්වය හඬගා කියනවාටත් වඩා, දෙගම්බඩ දෙපිරිසක්‌ විසින් පාලනය කෙරෙද්දී අතරමං වන සිවිල් වැසියන් පිළිබඳ වූ සාන්දෘෂ්ටික සහකම්පනයක්‌ද, දේශපාලන ප්‍රශ්නාර්ථයක්‌ද ප්‍රේක්‍ෂකයා තුළ ජනිත කරයි. එය ඉතා ප්‍රබල සංකේතයක්‌ බවද කිව යුතුය. ඒ සිද්ධි මාත්‍රයෙන් ගාමණි අභයගේ නෙතගට එන කඳුළ සංකේතවත් කරන්නේ ඔහු සාමාන්‍ය ජනතාවගේ දුක හා සැප හඳුනන අනාගත ජන නායකයකු බව විණා, මාළිගයක පස්‌කම් සැප විඳින්නට සූදානම් කුමාරයකු බව නොවේ.

සිංහල බෞද්ධ රාජ්‍යයක ස්‌වාධීනත්වය නොරුස්‌සන (වේළුපිල්ලේ පිරභාහරන් දක්‌වා වූ) කවර නම් ආක්‍රමණිකයකු වුවද, ජයසිරි මහ හාමුදුරුවන් දාඨා ධාතූන් වහන්සේ ආදී වූ සිංහල බෞද්ධයාගේ උත්තම වන්දනයට බඳුන් වූ වස්‌තූන්ට අත තබන්නට ක්‍රියා කළ බව මහරජ ගැමුණු කථාව තුළද විද්‍යමානය. එසේම දකුණේ ස්‌වාධීන සිංහල බෞද්ධ රාජ්‍යයෙන් යොදුන් සිය ගණනක්‌ දුරස්‌ථව වුවද ඉන්දියානු ආක්‍රමණිකයාගේ අග නගරයේ වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගැනීමේ වගකීම සාමාන්‍ය වැසියා පැහැර නොහැරිය බවද "මහරජ ගැමුණු" අපට කියයි. රුහුණේ චර පුරුෂ සේවයද, සංග්‍රාමික කණ්‌ඩායම්ද අනුරාධපුරයට සූක්‌ෂමව ඇතුළු වෙද්දී කැළඹෙන භට්‌ටාර ඇතුළු පිරිස කියන්නේ අපට පාලනය කළ නොහැකි පිරිසක්‌ අනුරාධපුරයේ සිටින බවය.

මේ මහා අරගලය භික්‌ෂූන් වහන්සේලාගේ කාර්යභාරය පිළිබඳව සිදු කෙරෙන්නා වූ සියුම් විවරණය ද නූතනයට බෙහෙවින් අදාළය. අරගලයේ කාර්යභාරය හා භූමිකාවන් පිළිබඳ ගාමණි අභය හා තිස්‌ස කුමරුවන් තුළ ඇතිවන්නා වූ ව්‍යාකූලත්වයත්, සිදුවන්නට ගිය විනාශයත් මුළුමනින්ම සංසිඳුවීමට උන්වහන්සේලා විසින් දරණ ලද වෑයම, ජාතික බලවේග සමග ක්‍රියාකාරී වර්තමාන භික්‍ෂූන් වහන්සේලා කොන්දේසි විරහිතව අවබෝධ කොටගත යුතුව තිබේ. ඉදින් උන්වහන්සේලාගෙන් පිරිසක්‌ ගාමණී අභය නිවැරදි බව හා සෙසු පිරිස තිස්‌ස නිවැරදි බව කියන්නට ගියා නම්, සිංහලයාගේ ඉරණම අදට වඩා වෙනස්‌ වන්නට තිබුණි.

ගාමණී අභය තරුණ සිත වරෙක නොරිස්‌සුවද, තුන් කල් දක්‌නා කාවන්තිස්‌සයන්ගේ තැන්පත් විචක්‌ෂණය, ක්‍රමෝපායික ඉවසීම හා සටන සඳහා සිදුකරන න්‍යායික මගපෙන්වීම ජයග්‍රහණය සඳහා කෙතරම් කේන්ද්‍රීය ද යන්න නිර්මාණාත්මකව පැවසීමට අධ්‍යක්‍ෂවරයා දරා ඇති වෙහෙස අවබෝධ වන්නේ සියුම් පරිකල්පනයකට පමණි. යම් හෙයකින් ගාමණී අභය හා තිස්‌ස යුද වදින්නට තීරණය කළහොත් නුඹලා ඒ කිසිවකුගේත් පැත්තක්‌ නොගත යුතු යෑයි තීක්‌ෂණ බුද්ධියකින් හෙබි කාවන්තිස්‌සයන් කළ නියෝගය සිය දෙටු පුත්‍රරත්නයේ සංග්‍රාමය පිණිස තමා ප්‍රවේශමෙන් පුහුණු කළා වූ දස මහ යෝධයින් පමණක්‌ අමතා නිකුත් කළ ආඥවක්‌ නොවන බවක්‌ දැනේ. නූතන ථේරපුත්ථාභයලාට වේලුසුමනලාටද ඉතිහාසයේ නිකුත් වූ ඒ ආඥව ශ්‍රවණය විය යුත්තේ සිංහලයා භේදභින්න වන තීරණාත්මක අවස්‌ථාවන්හිදී වගකීමෙන් සිය ස්‌ථාවරය ස්‌ථානගත කරන්නටය.

සිංහල බෞද්ධයා හට ගාමණී අභය වීරයකු වුවද ඊට ප්‍රතිමත දරන පිරිස්‌, ගාමණී අභය ඉතිහාසයේ ජීවත්වීමද, ගාමණී අභය පිළිබඳ කරන කවර හෝ සුභවාදී ප්‍රතිජනනාත්මක විග්‍රහයන්ද නුරුස්‌සති. මේ තත්ත්වය කෙතරම් විවාදාපන්නද කියන්නේ නම් ගාමණි අභය වර්ගවාදයෙන් උමතු නොමිනිසකු ලෙස උලුප්පා දක්‌වන්නට ඇතැම් නිර්මාණකරුවන් පවා සාහසික වූ අවස්‌ථා අපි අත්වින්දෙමු. ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමේ උත්සාහයන් තුළ පවා කරන්නට වෙර දැරුවේ, රාජාවලියේ ගාමණි අභය ඉවත් කිරීමට මිස, යටහත් රාජ ප්‍රතිරූපකයින්, රූකඩ රජුන් කළ පාලනය ඉතිහාස පොතෙන් කටුගාන්නට නොවේ. එහෙත් ජයන්ත, ගාමණි අභය නූතනයට කැඳවන්නේ හුදු රණකාමියකු ලෙස පමණක්‌ නොවේá දාර්ශනිකයකු ලෙසයá ජාතික විමුක්‌තිකාමියකු ලෙසය. ඒ විවේචකයන් අනපේක්‌ෂිත ලෙස නිහඬ කරවමින් රාජ්‍ය පාලනය පිළිබඳ විචාර හෝ පර්යේෂණ සම්ප්‍රදායන්ට ගාමිණි අභය චින්තනය වස්‌තු විෂයය කරවමිනි. සිංහල ඉතිහාසයේ ගාමණී අභයගේ භාවිතාව බරපතල ආසාත්මිකතාවක්‌ වී ඇත්තන්ගේ දැන ගැනීම සඳහා ගාමණී අභය කෙබඳු මානව හිතවාදියෙකු දැයි සංවේදී මිනිසකුදැයි කියන්නට, තීරණාත්මක අවසන් ද්වන්ධ සටනින් පැරදී ඇද වැටෙන එළාර වත්කම් කරගන්නා ගාමණි අභයගේ මෘදු එහෙත් සාරගර්භ වදන් අධ්‍යක්‍ෂවරයා උපයෝගී කරගනී. "මට කිසිදා ශ්‍රේෂ්ඨ මිතුරකු මුණ ගැසී නැහැ. නමුත් මට ශ්‍රේෂ්ඨ සතුරකු මුණ ගැසී තිබෙනවා" යෑයි එළාර ද සපථ කරන්නේ ඒ උදාරත්වයමය. එනයින් බැලු කල ඉතිහාසය තුළ විවිධ විචාරයන්ට හා විවේචනයන්ට ලක්‌වූ ගාමණී අභය නම් වූ ශ්‍රේෂ්ඨ සිංහලයාට ජයන්ත විසින් ඉෂ්ට කර ඇති සාධාරණය සුළුපටු නොවේ.

අති දැවැන්ත ජාතික විමුක්‌ති අරගලයක ජය කොන්තය දරන්නා වූ ගාමණි අභය බිහි කිරීමෙහි සිට රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් සටන සූත්‍රගත කිරීමේ ප්‍රධාන භූමිකාවක නිරත විහාර මහා දේවියගේ පටන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ කපා හෙළන්නට එන සතුරන්ට එරෙහිව සටන් කරන්නා වූ තරුණ කාන්තාවක දක්‌වා වූ පරාසය තුළ ව්‍යවහාර වර්ෂ ක්‍රිස්‌තු පූර්ව 161-137 වැනි වකවානුවකදී වුවද සිංහල කාන්තාව සතුවූ සමාජ තත්ත්වය පිළිබඳ ප්‍රමාණවත් හෙළිදරව් කිරීමකද අධ්‍යක්‍ෂවරයා නිරත වෙයි. තුන් සිංහලමය එක්‌සේසත් කරන රාජාංකුරය වූ හිද්දලයාට රන්මැණිකේත් කුඩා සාලියත් කොත්මලේ දමා යැම කළ නොහැක්‌කක්‌ නොවේ. එහෙත් හිද්දලයා පළමුව සිංහල පිරිමිකමද දෙවනුව රජකු විසින් සිය යටත් වැසියන් අභිමුවෙහි පලට කළ යුතු වගවීමද පෙන්වන්නේ රන් මැණිකේත් කුඩා සාලියත් සම්බන්ධයෙන් යුක්‌තිය පසිඳලීමෙනි. නූතන කාන්තා විමුක්‌ති ව්‍යාපාර සඳහා බටහිර ආදර්ශ ආකෘති ආනයනය කරන අපේ කාලයේ ක්‍රියාකාරිණියන් වෙත එයින් නිකුත් කෙරෙන පණිවුඩය අපි අගය කරමු.

සුඛාන්ත, දුක්‌ඛාන්ත, සටන්, යුද, හිංසන, දාමරික, වීරකාව්‍ය, වික්‍රම, හාස්‍යෝත්පාදක, වාර්තා, බටහිර ආදීවූ (තවත් බොහෝ ප්‍රවර්ග හෝ උප ප්‍රවර්ග ඔස්‌සේ බෙදිය හැකි) සිනමා රීතීන් සඳහා පදනම් වන්නේ සිනමා කෘතියට පාදක වන ආඛ්‍යානයේ මූලිකාංගයි. ඒ ඔස්‌සේ මේ දැවැන්ත කෘතිය ඇතැම් තන්හී ඓතිහාසික ප්‍රබන්ධයක්‌ (යසිඑදරසජ්ක සෙජඑසදබ) ලෙස විවරණය කර තිබෙනු අප දුටු නමුත් එය සදොස්‌ය. වරෙක හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කීවේ උපන් දරුවන්ට වේලා පත්කඩ ලියනවා විනා, අම්මලා දරුවන් වදන්නේ සැකසු වේලා පත්කඩවලට නොවේ" කියා ය. රීතිය හෝ විචාරය නිර්මාණය මත වෙනස්‌ විය යුතු විනා, රීතිය හෝ විචාරය මත නිර්මාණය බිහිවීම සිදු නොවිය යුතුය. සිංහලයේ මහා විමුක්‌ති අරගලය හා ජයන්ත චන්ද්‍රසිරි, ගුණපාල රත්නසේකර යුග්මයේ සුසංයෝගයෙන් සිදුවී ඇති එහි ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රතිනිර්මාණය වනාහී නව රීතියක්‌, නව විචාර සම්ප්‍රදායක්‌ ජනනය කළ යුතු, කළ හැකි දැවැන්ත සිනමා කෘතියකි. එහෙයින් සිදුවිය යුත්තේ පවතින විචාර කෝදු හා ප්‍රතිමාන ඔස්‌සේ මහරජ ගැමුණු මිණීම නොව එය මැනීමට නව කෝදුවක්‌ සැකසීමය.

අසූව දශකයේ සමස්‌ත භාරතයම ආධ්‍යාත්මිකවද, දේශපාලනිකවද ප්‍රබෝධමත් කළා වූ රාමායන දෘෂ්‍ය කාව්‍යයේ ටෙලි මැවුම්කරු වූ රාමානන්ද සාගර් භාරතය පුරා ප්‍රචලිත තුල්සි දාස්‌, කම්හර් වාල්මීකී ඇතුළු සම්භාව්‍ය කවීන් දහ අට දෙනෙකු විසින් ගෙත්තම් කළ රාමායන කාව්‍යයන්ද, සෙසු ජනශ්‍රැති ගත විශ්වාස හා ජන නාට්‍යයන්ද අධ්‍යයනය කොට එක්‌ මහා වීර කාව්‍යයක්‌ ගොතා ගත්තේය. ඔහු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට නගන්නේ එයයි. 2009 ඇරඹූ මහරජ ගැමුණු ප්‍රතිනිෂ්පාදන දැවැන්ත කාර්යයේ පළමු පිම්ම වූ ජයන්ත චන්ද්‍රසිරි විසින් මහාවංශයේද ථූපවංශයේද සෙසු ඉතිහාස ග්‍රන්ථවලද, ජන විඥනයේද ජීවත් වූ මහරජ ගැමුණු එක්‌ කෘතියකට එකතු කිරීම සාගර්ගේ ඉහත කී දැවැන්ත කාර්යයට නොදෙවැනි බව මගේ වැටහීමයි. එය පර්යේෂණාත්මක හා තාර්කික කටයුත්තකි. ඒ සඳහා ජයන්ත මූලාශ්‍ර රාශියක්‌ සමග අන්තර් ක්‍රියා කොට ඇත්තේය. ඒ පියවර සඳහා වියදම් වූ රුපියල් සත ප්‍රමාණය අනල්ප වූවා විය හැක. එහෙත් අධ්‍යක්‍ෂවරයාට පෙර එතැන සිටි ජයන්ත චන්ද්‍රසිරි නම් දේශප්‍රේමි ඉතිහාස ගවේෂකයාගේ චින්තනමය ආයෝජනය හා ප්‍රතිභාව අමූල්‍ය ය.

"මහරජ ගැමුණු" පන්නයේ වීරකාව්‍යයන්ගේ නිෂ්පාදනය අපේක්‍ෂාවෙන් සිටි අය කළ යුතු වන්නේ එහි අඩුපාඩු උලුප්පා දක්‌වනවාට වඩා එය වැළඳ ගනිමින් භාවිත කිරීමය, එය කේන්ද්‍ර කරගත් සමාජ කතිකාවකට මුල පිරීමය.

ජාතිමාමකත්වයෙන් පොපියන තරුණ ගාමණී අභය කොත්මලේ පැමිණීම හා මඩ මිරිකා වී ගන්නා හෙළ කර්මාන්තය පසුබිමෙහි පීදී කිරිවැදී සුවඳ හමන "හිද්දලයාගේත්" රන් මැණිකේගේත් ආදර අන්දරය, සිහිවිකල් විපරිත, නූතන, තාරුණ්‍යය කෙතට කැඳවයි. බතට පෙර බැත ගැන කියාදෙයි. තවත් තැනකදී ජාතික විමුක්‌තිය පිළිබඳව තරමක්‌ පෘථුල කියෑවීම සහිත චින්තනයන් සංකල්පීය සංස්‌ලේෂණයන් සඳහා පොළඹවයි. හුදෙක්‌ ඉතිහාස කථාවක්‌ කියෑවීමෙන් පමණක්‌ ඒ පෙළඹවීම නොසිදුවන්නේය. ලිතව හා ජනවහරේ මුසුව ඇති එමෙන්ම කලාතුරෙකින් අයෙකුගේ ගැඹුරු විචක්‌ෂණයන්ට දැනෙන ඉතිහාසයේ ප්‍රකාශනයන් ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රතිනිර්මාණයෙන්ම පමණක්‌ ඒ පෙළඹවීම් තීව්‍ර වේ. අප ජයන්තට සුභ පැතිය යුත්තේ මහාවංශයේ ලියෑවී සිටි හා සිංහල බෞද්ධ ජන විඥනයේ තැන්පත්ව සිටි ගාමණී අභය නම් ඒ අසහාය සිංහලයාගේ ප්‍රතිරූපයට පණ දෙන්නට ඔහු දරා ඇති වෑයම ප්‍රශස්‌ථ නිසාය. මේ ඔබේම කථාවයි. ඔබ අවශ්‍යයෙන්ම එය නැරඹිය යුතු වන්නේ එහෙයිනි.


චමිල ලියනගේ, හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලය, ඉන්දියාව
http://www.divaina.com/2015/01/23/cineart01.html


සබැඳි ලිපි -
[

වීරත්වය මනුශ්‍යත්වය පමණකින්ම ඔපකළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය - මහරජ ගැමුණුhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_9.html
"මහරජ ගැමුණු" රූගත කිරීම් ඇරඹේ...http://denethharinna.blogspot.com/2014/02/blog-post_8475.htmlජයන්ත යළි "මහරජ ගැමුණු" වැඩ අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9527.html
]

යළි උපන් මහා යුධ විරුවා 'ජෙනරල් ෆොන්සේකා'

"දෛවය එක්‌ දොරක්‌ නොවසා තවත් දොරක්‌ අරින්නේ නැත - ප්‍රංශ ගත්කරු වික්‌ටර් හියුගෝ

හමුදා සෙනෙවියන් රැසක්‌ වන්නි මෙහෙයුම දියත් කිරීමට නොහැකි යෑයි පවසද්දී කොටි ත්‍රස්‌තයන්ට එරෙහි වූ මෙහෙයුම දියත් කිරීමට ඉදිරිපත් වූයේ ඔහුයි. ඇමරිකාවේ පැවැති සිවිල් යුද්ධයේදී දකුණේ කැරලිකරුවන්ට එරෙහිව " ලී" නමැති යුද සෙනවියා මෙහෙයුම දියත් කර එකී කැරලිකරුවන් පරාජය කළ ආකාරයෙන් වන්නි මෙහෙයුම දියත් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා උතුරේ ත්‍රස්‌තයන් පරාජය කළේය. එහෙත් යුද හමුදා විනය විරෝධී ක්‍රියා සිදු කළ බව දක්‌වමින් 2010 පෙබරවාරි 8 දා ඔහුට අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව යුද්ධාධිකරණය හමුවට පමුණුවනු ලැබීය. තමාට එරෙහිව නඩු අසනු ලැබුවේ තමා විසින් විවිධ දූෂිත චෝදනා ගැන දඬුවම් කළ හමුදා නිලධාරීහු යෑයි ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය.

එක්‌ නිලධාරියෙක්‌ මැජස්‌ටික්‌ සිටි සංකීර්ණයේදී කොටි ත්‍රස්‌තයකු හමු වූ බවද ඔහු හෙළි කළේය.

යුද්ධාධිකරණය වෙත පමුණුවනු ලැබූ ඔහුට රණවික්‍රම රණශූර විශිෂ්ට සේවා උත්තම සේවා සහ දේශපුත්‍ර යන පදක්‌කම්ද අහිමි විය. යුද්ධාධිකරණයේ තීන්දු මත ඔහුගේ විශ්‍රාම වැටුපද අහිමි කෙරිණි.

මේ පසුබිම මැද එක්‌ මාධ්‍ය පාර්ශවයක්‌ සුදු කොඩි කතාව පවසා ඔහුව අමාරුවේ දැමීමටද ක්‍රියා කළේය.

ජෙනරාල් යන තම භාවිතා කිරීමද ඔහුට තහනම් විය.
1993 දී යාපනය කොටුව කොටි ත්‍රස්‌තවාදීන් විසින් වටලා තිබියදී එවකට කර්නල්වරයකු ලෙස ක්‍රියා කළ සරත් ෆොන්සේකා මිඩ්නයිට්‌ එක්‌ස්‌ප්‍රස්‌ මෙහෙයුම මගින් කොටුව තුළ සිරවී සිටි සෙබළුන්ව බේරා ගනු ලැබීය.

බලවේගය සහ ජයසිකුරු මෙහෙයුම් යටතේ අලිමංකඩ සහ මාන්කුලම් කඳවුරු යළි අල්ලා ගැනීමටද ඔහුට හැකි විය. යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුමේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙසද ඔහු කටයුතු කළේය. 1993 වසරේ යාල් දේවි මෙහෙයුමේදී ඔහු තුවාල ලැබීය.


2006 ජනවාරි මස දිනෙක වන්නියේ කොටින්ගේ විසිර යැමේ පෙළපාලියක්‌ ඇමතූ ප්‍රභාකරන් මෙලෙස පවසා තිබුණි.

'හමුදාපතිවරුන් රැසක්‌ දුටුවේ එකම එක ප්‍රභාකරන් කෙනෙක්‌ පමණයි. හමුදාපති සරත් ෆොන්සේකා දැක්‌කේ ඒ එකම ප්‍රභාකරන් පමණයි.'

2006 අප්‍රේල් 26 දා ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා කොළඹ හමුදා මූලස්‌ථානයේදී මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක්‌ වූ අනෝජා කුගේනිරාසාගේ ඝාතන ප්‍රයත්නයෙන් දිවි ගලවා ගත්තේය. එහිදී බරපතළ තුවාලලත් සරත් ෆොන්සේකා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයනු ලැබීය. සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලැබූ ඔහු 2006 ජුලි මස යළි සේවයට එක්‌ විය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාරගෙන කඩිනමින් හමුදා සේවයට එක්‌ වූ හමුදා නිලධාරියා ලෙස සරත් ෆොන්සේකා ඉතිහාසයට එක්‌ විය.

පැරදවිය නොහැකි යෑයි ලොව පුරා පැතිරී තිබූ මිත්‍යා මතය පරාජය කරමින් 2009 මැයි 18 දා ඔහු ලොව බිහිසුණුම ත්‍රස්‌ත සංවිධානය පරාජය කළේය.


කොටි සංවිධානය පරාජය කළ හැකි යෑයි කියා සිටි තිදෙනාගෙන් එක්‌ අයෙක්‌ සරත් ෆොන්සේකා යෑයි නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් පසුව ප්‍රකාශ කරනු ලැබීය.

2009 ජුලි 15 දා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රධාන ආරක්‍ෂක මාණ්‌ඩලික නිලධාරී තනතුරට පත් විය. එහෙත් 2009 නොවැම්බර් මස 12 දා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්‌විය. 2010 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස තරග කිරීම සඳහා ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.

2009 දෙසැම්බර් මස එක්‌තරා පුවත්පතක පළ වූ ප්‍රධාන පුවතක්‌ නිසා ඔහුට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය. ඒ සාවද්‍ය සුදුකොඩි කතාවයි.

මෙම තත්ත්වය මත යුද්ධාධිකරණය ඔහුට තෙවසරක සිරදඬුවමක්‌ නියම කරනු ලැබීය.

ඒ වන විට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කළේය. එහෙත් යුද්ධාධිකරණ තීන්දුව නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි විය. වසර දෙකක්‌ තිස්‌සේ සිරගතව සිටි සරත් ෆොන්සේකා 2012 මැයි 21 දා නිදහස්‌ විය.

මෙවන් කටුක අතීතයක්‌ ඇති හිටපු හමුදාපතිවරයාගේ අහිමි වී ගිය සිවිල් අයිතීන් සහ පදක්‌කම් මෙන්ම විශ්‍රාම වැටුප් ඇතුළු තනතුරු ඔහුට යළි ලබාදීම සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පූර්ණ ජනාධිපති සමාව දුන්නේය.

එසේම හිටපු හමුදාපතිට ෆීල්ඩ් මාර්ෂල් තනතුරද හිමිවීමට නියමිතය.

කොටි හමුවේ නොසැළුණු හිටපු හමුදාපතිවරයා දේශපාලකයන් හමුවේ සැළුණේ නැත.

ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ දුෂ්කරතා රැසකට මුහුණදුන් හමුදාපතිවරයා ඔහුයි.

මම පරාජය වන විට හැමෝම පැනලා යනවායෑයි ඔහු ප්‍රසිද්ධියේම කියා සිටියේය.

එසේම ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරද්දී මම ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දෙනවා යෑයිද ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකාගේ දෛවය වැසුණු බව ඔහු සිරගත වීම නිසා විවිධ පාර්ශව කියා සිටියහ. එහෙත් ඇලෙක්‌සැන්ඩර් ධුමා නමැති ගත්කරුගේ ද කවුන්ට්‌ ඔෆ් මොන්ට ක්‍රිස්‌ටෝ නමැති ග්‍රන්ථය දේශපාලන සිරකරුවකු බවට පත් වූවද යළි බලසම්පන්නව නැගී සිටීම ගැන සඳහන් කර ඇත.

දේශපාලනය නිසා සිරගත වූවද යළි සමාජයට ඒම කිසිවකුටත් වැළැක්‌විය නොහැකි යෑයි ඇලෙක්‌සැන්ඩර් ධුමා එම ග්‍රන්ථයේ දක්‌වා තිබුණි.

හිටපු හමුදාපතිගේ චරිතයද ඊට සමානය.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2015/01/23/feature.html

Pic Source

එකොළොස්‌ දෙනකුගෙන් යුත් දූෂණ විරෝධී කමිටුවක්‌

ඉකුත් සමයේ සිදු වී ඇතැයි කියන මහ පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා දූෂණ විරෝධී කමිටුවක්‌ පිහිටුවීමට ඇමැති මණ්‌ඩලය තීරණයකර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් මෙම කමිටුවට මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම් යන ඇමැතිවරුන්ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක, එම්. ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ඡේ. සී. වැලිඅමුණ හා මලික්‌ සමරවික්‍රම යන මහත්වරු සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

මෙම කමිටුවේ උපදෙස්‌ පරිදි ක්‍රියාත්මක වන ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවක්‌ද පත්කර ඇත. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර රාජ්‍ය නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, නීතිඥවරුන්, මූල්‍ය හා විගණන විශේෂඥයන් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අයත්ය.

දූෂණ මර්දනය සඳහා දැනට පවතින නීතිමය රාමුව පිළිබඳවත් පවත්නා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්‌ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා විශේෂ පනතක්‌ හඳුන්වා දීමටද අවධානය යොමුකර ඇත.

එමෙන්ම මේ යටතේ කෙටි කාලීන ක්‍රියාමාර්ග ලෙස ජනාධිපතිවරණය සමයේ බෙදා හැරීමට ගෙනවිත් ගබඩාකර තිබූ භාණ්‌ඩ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීමත්, ඉඩම් හා නිශ්චල දේපළ දූෂිත ලෙස අත්පත්කර ගැනීම පිළිබඳව සොයා බැලීමත්, සේවක අර්ථ සාධක අරමුදල, කොටස්‌ වෙළෙඳ පොළ වංචා හා දූෂණ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීම, මහ පරිමාණ දූෂණයන්ට වගකිව යුතු ජාවාරම්කරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් සිදු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම වංචනික ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කරන ලද මුදල් පිළිබඳව සොයා බලා, ඒවා අත්පත් කර ගැනීම හා වැරදිකරුවන්ට දඬුවම් කිරීම, වඩා ශක්‌තිමත් අල්ලස්‌ හා දූෂණ කොමිසමක්‌ හඳුන්වාදීම, ජාතික ප්‍රසම්පාදන කොමිසමක්‌ පත්කර එමගින් සියලු ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීම, ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම හා ශ්‍රී ලංකාවේ අත්සන් තබා ඇති දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලීනව සිදු කිරීමටත් ඇමැති මණ්‌ඩලය එකඟ වී තිබේ.

මූල්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා පරීක්‍ෂා කර බැලීමට සුවිශේෂී දක්‍ෂකම් ඇති කණ්‌ඩායම්වල දායකත්වය ලබා ගැනීමත් ඒ සඳහා ඉන්දියාවේ මහ බැංකුව යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි අංශයේ විශේෂඥ සහාය මෙන්ම ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවල සහාය ලබා ගැනීමටත් තීරණය කර ඇත.

හෙළිදරව් නොකළ වත්කම්වල මූලාශ්‍ර හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම සඳහා පුළුල් ප්‍රතිපාදන සහිත පනතක්‌ කඩිනමින් හඳුන්වාදීමට හා දැනට පවතින ආයතන වෙනුවට පුළුල් බලතල සහිත ආයතනයක්‌ පිහිටුවීමට පනත් කෙටුම්පත් සකස්‌ කිරීමට ඇමැති කමිටුවක්‌ද පත්කර ඇත.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/01/23/news34.html


Pic Source

ඩෙංගු හැදුණු ළමයින්ට අලුත් රෝග ලක්‍ෂණ - අවධානයෙන් සිටින්න!

මෙම දිනවල ඩෙංගු රෝගයට ගොදුරු වන ළමුන් තුළ මෙතෙක්‌ දක්‌නට නොලැබුණු රෝග ලක්‍ෂණ පහල වීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විඡේමුණි මහතා මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

විශේෂයෙන්ම සාමාන්‍ය ඩෙංගු රෝග ලක්‍ෂණයන් වන තද උණ, හිසරදය, මාශපේශීන් තුළ ඇති වන වේදනාවට අමතරව මෙම දිනවල පාචනය, දියරමය මළපහ පිට වීම, වලිප්පු තත්ත්වය (ෆිට්‌ හට ගැනීම) වැනි රෝග ලක්‍ෂණයන් ද ඩෙංගු රෝගයට ගොදුරු වන ළමුන් තුළ දක්‌නට ලැබෙන බව වෛද්‍ය විඡේමුණි මහතා කීවේය. මෙකී රෝග ලක්‍ෂණ රෝගියකු තුළ දක්‌නට ලැබෙන්නේ නම් ඒවා ද ඩෙංගු රෝග ලක්‍ෂණ සේ සලකා රෝගියාව ළඟම සිටින රජයේ පිළිගත් වෛද්‍යවරයකු හෝ රජයේ රෝහල වෙත ගෙන ගොස්‌ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.

මෙම නව රෝග ලක්‍ෂණයන් මත ළමා ඩෙංගු රෝගීන් දැඩි සේ අසාධ්‍ය තත්ත්වයට පත් වීම සිදුවන බැවින් එම රෝග ලක්‍ෂණ නොසලකා නොහැරිය යුතු බව වෛද්‍ය විඡේමුණි මහතා කීවේය.

මේ අතර මෙම මාසයේ ගතවූ දින 22 ක කාලයේදී කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීන් 194 දෙනකු වාර්තා වී ඇති අතර එක්‌ රෝගී මරණයක්‌ වාර්තා වී තිබේ. කොළඹ නගරයේ මෝදර, මට්‌ටක්‌කුලිය හා කාකදූපත යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.
 

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2015/01/23/news28.html


Pic Source

වෙලේ සුදා තතු වමාරයි! රටින් පැන්න හිටපු පොලිස්‌පති හා කොළඹ එක්සත් ජනතා තරුණ මන්ත්‍රී පසුපස සීඅයිඩී එක පන්නයි...

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන "වෙලේ සුදා" සමග සමීප සම්බන්ධතා පවත්වමින් රුපියල් කෝටි ගණනකින් මුදල් සහ දේපොළ ලබාගත් බව කියන හිටපු පොලිස්‌පතිවරයකු සහ කොළඹ ප්‍රදේශයේ (එජනිස) තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම සැකකරුවන් පිළිබඳ සාක්‍ෂි රැසක්‌ මේ වන විට ලැබී ඇති අතර ඒවා තහවුරු කර ගත් වහාම මොවුන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම්කරු සමග සම්බන්ධතා පැවැත්වූ හිටපු පොලිස්‌පතිවරයා තානාපති සේවයේ සිටි අයෙකි. මොහු මේ වන විට විදේශගතව සිටින බවද වාර්තා වෙයි.

 

මෙම හිටපු පොලිස්‌පතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදයක්‌ද නිකුත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

පසුගිය මැතිවරණ සමයේදී ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමට වෙහෙස මහන්සි විය. රජයේ නිලයක්‌ දරමින් මොහු පක්‍ෂග්‍රාහීව කටයුතු කළ බවටද චෝදනා එල්ලවී තිබිණි. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වීමෙන් පසු හිටපු පොලිස්‌පතිවරයා හොර රහසේම රටින් පලා ගියේය.




(<---වෙලේ සුදාගේ ඊයේ ගත් ඡායාරූපයක්‌)

මේ අතර වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂකවරයකුද එහි සේවය කරද්දී වැඩ තහනමට ලක්‌වූ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුද සැරයන්වරයකුද පිළිබඳවත් තොරතුරු ලැබී ඇත.

මෙම නිලධාරීන්ගේ තොරතුරු අනාවරණය වූයේ වෙලේ සුදා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.


මේ අතර ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් හය දෙනෙකු පොලිස්‌ භාරයට ගෙන තිබිණි. ඔවුන් අතර කොළඹ තරුණ දේශපාලනඥයාගේ පෞද්ගලික ලේකම්වරයකුද සිටින බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු පොලිස්‌පතිවරයාට වෙලේ සුදා නමැත්තා දේපොළ ඇතුළු තවත් වටිනා තෑගි ලබාදී ඇති බවද හෙළිවී ඇත.

සැකකාර කොළඹ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙලේ සුදා මාසිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ ලබාදී ඇති බවද හෙළිදරව් වෙමින් පවතී.


වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූවන් අත්අඩංගුවට ගැනීමට සීසීටීවී සාක්‍ෂි මෙන්ම තවත් පුද්ගලයන් කීපදෙනකුගේ සාක්‍ෂි ලබා ගැනීමටද නියමිතය.

පාකිස්‌තානයේදී අත්අඩංගුවට ගත් වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ ඉකුත් 8 වැනිදාය.

මොහු පාකිස්‌තානයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ට්‍රැක්‌ටර් රෝදවල සඟවා හෙරොයින් කිලෝ ග්‍රෑම් 185 ක්‌ ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර තිබියදීය.

පසුව පාකිස්‌තාන පොලිසිය මගින් වෙලේ සුදා ශ්‍රී ලංකාවට භාරදීමට කටයුතු කරන ලදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා

http://www.divaina.com/2015/01/23/news01.html

ශ්‍රී ලංකා ජනපති තරම් සරල රාජ්‍ය නායකයකු හමුවී නැතැයි පාප් වහන්සේ පැවසුවා - මැල්කම් රංජිත් කාදිනල්

මෙතරම් නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක්‌ ගත කරන ජනාධිපතිවරයකු තමන්ට ඉතිහාසයේ හමු නොවූ බවත්, ඔහු කෙරෙහි තමන් තුළ පුදුමාකාර ආදරයක්‌ ගෞරවයක්‌ ඇති වූ බවත් ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ තමන් සමඟ පැවසූ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

කාදිනල්තුමන් මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති විශේෂ රැස්‌වීමකදී ය. පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්‌තුති කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙම රැස්‌වීම පැවැත්විණි.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම පෙරේදා (20 දා) පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුවේ ෆ්‍රැන්සිස්‌ පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් බෙහෙවින් සතුටු වූ බව ද තමන් සමඟ පැවසූ බවයි. තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කළ බවත්, රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක්‌ හමු වූ බවත්, මෙවැනි රාජ්‍ය නායකයකු තමන්ට ඉතිහාසයේ කිසි දිනක හමු නොවූ බවත් පාප් වහන්සේ ප්‍රකාශ කළ බව ද කාදිනල්තුමා වැඩිදුරටත් පැවැසීය.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2015/01/23/news15.html


Pic Source

Thursday, January 15, 2015

මූසලු අන්තවාදයෙන් යුරෝපය රත්වේ! අන්තවාදීන් 5000 ක්‌ යුරෝපයට

අන්තවාදීන් 5000 ක්‌ යුරෝපයට තර්ජන එල්ල කරනවා - යුරෝපා පොලිස්‌ ප්‍රධානියා අනතුරු අඟවයි

5000 කට අධික ඉස්‌ලාමීය අන්තවාදීහු සිරියාවේ සිට යුරෝපය වෙත පැමිණ ඇතැයි යුරෝපා පොලිස්‌ ප්‍රධානී රොබ් වෙන්රයිට්‌ අනතුරු අඟවා ඇත.

ප්‍රංශයේ ඝාතන සිදු වීමට පෙර තමා මෙම අනතුරු ඇඟවීම් කළ බවද ඔහු කීවේය.. 

ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු යුරෝපයට මෙම බරපතල තර්ජනය එල්ල වී තිබේ.

http://www.divaina.com/2015/01/15/forign07.html

බ්‍රිතාන්‍යයේ නගරවල ෂාරියා නීතිය ක්‍රියාත්මක වෙද්දී රජය බලා සිටියා - නිජල් පාරේඡ්

බ්‍රිතාන්‍ය නගර ෂරියා නිතිරීති යටතේ පාලනය වෙද්දී රජය බලාසිටි බව යුකිව් පක්‍ෂයේ නායක නිජල් පාරේඡ් චෝදනා කරයි.

විශාල ලෙස මුස්‌ලිම් ජනතාව බ්‍රිතාන්‍යයට පැමිණීම නිසා අන්තවාදීන්ට එකී ජනතාව අතර රැඳීසිටීමට ඉඩ ලැබුණ බවද කීවේය.

පොලිසිය පවා අන්තවාදීන් අල්ලා ගැනීමට කටයුතු කළේ නැතැයි පැවසූ පාරේඡ් ෂරියා නීතිරීති බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වන අවස්‌ථාවේ රජය නිහඬව සිටි බවද චෝදනා නැගීය.

http://www.divaina.com/2015/01/15/forign03.html

අල්කයිදා ත්‍රස්‌තයන්ට අභියෝග කරමින් චාලි හෙබ්ද්‍රෝ සඟරාවේ නවතම කලාපයේ පිටපත් මිලියන තුනක්‌

චාලි හෙබ්ද්‍රෝ සහරා කාර්යාලයට අල්කයිදා ත්‍රස්‌තයන් කඩා වැද සිදු කළ වෙඩි තැබීමේදී ලයිලා නැමැති සුනඛයා දිවි ගලවාගෙන ඇත.

මෙම සුනඛයා වඩා සමීපතම සබඳකමක්‌ දක්‌වා ඇත්තේ ඝාතනයට ලක්‌ වු කී කබු නැමැති කාටුන් ශිල්පියා සමගය.
ද්‍රෝලොස්‌ දෙනකු ඝාතනය වීමෙන් පසු ලයිලා චාලි හෙබ්ද්‍රෝ සඟරාවේ නිල සුනඛයා බවට පත් වී ඇත.

මේ අතර අල්කයිදා ත්‍රස්‌තයන්ට අභියෝග කරමින් චාලි හෙබ්ද්‍රෝ සඟරාවේ නවතම කලාපයේ පිටපත් මිලියන තුනක්‌ මුද්‍රණය වී තිබේ.

http://www.divaina.com/2015/01/15/forign05.html

මහින්ද-මෛත්‍රී සීරුමාරු බලහුවමාරුව???

මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය.
බ‍්‍රහස්පතින්දා දිනයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසානයේ ඡන්ද ගණන් කිරීම ආරම්භවූ විට මිතුරන් හා පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන රටේ ජනතාව ප‍්‍රතිඵල ඉක්මනින් දැන ගැනීමේ නොතිත් ආශාව ඇතිව නිවසේ රූපවාහිනිය වටා එක්රැස් විය.බොහෝ දෙනාගේ සිත්හි තිබුණේ බියකි.ගෙවුණු බදාදා දිනයේ දිවයිනේ ප‍්‍රධාන නගරයන්හි සාප්පු  හා වෙළදසංකීර්ණ පිරී තිබුණේ ඡන්දයට පසුදා එනම් සිකුරාදා දින ඇදිරි නීතිය පනවනු ඇතැයි,ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුවනු ඇතැයි බියපත්ව ලහිලහියේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගණනින් මිලයට ගනිමින් සිටි ජනයාගෙනි.නමුත් එසේ බියපත්වීමට අවශ්‍යතාවක් නොතිබුණි.මන්ද ආරක්ෂක අංශ වල ,නීති ක්ෂේත‍්‍රයේ,මැතිවරණ දෙපාර්තමෙන්තුවේ,හා රජයේ වෙනත් අංශ වල නිර්භය නිළධාරීන් ඔවුන්ගේ දිවි පරදුවට තබා හැකිතාක් දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරේ කැපවී සිටි බැවින්ය.
එසේ වුවත් ගෙවුණු සතිය ශ්‍රී ලංකාවේ වෙනසක් අපේක්ෂා කළ ජනතාවට - විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයින්ට සිතෙහි නිදහසක් අත්කර දුන් කාලයක් නොවීය.නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන ඇතැම් දේශපාලඥයින් හා ඔවුනට හිතවත් ආරක්ෂක අංශ වල ඇතැම් කණ්ඩායම් වෙනසක් සිදුවුවහොත් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සැළසුම් කරගෙන සිටින බව සදහන් වාර්තා නොයෙක් වර පිටතට පැමිණියේය.බොහෝමයක් විශ්වාස කළ නොකළැකි වුවත් ඇතැම් වාර්තා අව්‍යාජ ස්වරූපයක් ගත්තේය.ජනපතිවරයා සතු බලතල භාවිතා කර ඡන්ද ප‍්‍රතිඵල නිකුත්  කිරීම අත්හිටුවා රාජපක්ෂ මහතාට තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් ඇත්දැයි එක් අවස්ථාවකදී නීති විශාරදයින්ගෙන් විමසනුද ලැබිණි.මෙයට රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි හෙළිව  තිබේ.අප සිටින්නේ ඡුන්දයට පෙර සිටම කුමන්ත‍්‍රණ දියත් කෙරෙන අවදියකය.දිවයිනේ නම ගිය නීතිඥයෙක් උද්ගතව තිබූ තත්ත්වය හදුන්වාදුන්නේ එළෙසය.
බොහෝ ශී‍්‍ර ලංකා ජාතිකයින් මේ බව නොදැන සිටියත් බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර ගෙවුණු කාලයේ ඉතිහාසයේ කිසිත් නොවූ විලස ප‍්‍රචණ්ඩකාරී හා අශ්ලීල ලෙස විපක්ෂයට පහර ගැසීමට රජයේ මාධ්‍ය යොදාගැනුනු බව නම්  ඔවුහු හොදින් දැන සිටියහ.රාජ්‍ය මාධ්‍යයන්ට විපක්ෂ නායකයින්  සියලූදෙනා ද්‍රෝහියන්,දුෂකයින් හා 
සොරුන් විය.
ඔවුන් අතරට දැන් ශී‍්‍ර ලංකාවේ හයවැනි විධායක ජනපතිවරයා බවට පත්ව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඇතුළත් විය.රාජපක්ෂ 2005 වසරේදී බලයට පත්වූ විට රටේ ජනතාවට අලූත් මාධ්‍ය සංස්කෘතියක් හදුන්වාදෙන බවට දුන් පොරොන්දුව අන්තිමේදී ඔහු ඉටු කර තිබුණේ මෙලෙසය.රජයේ මාධ්‍යකරුවන්ට ඔවුන් ලියනා දෙය  කියනා දෙය තමන්ම වාරණය කරගන්නවා හැරෙන්නට අන් කිසි දෙයක් ඉතිරිව නොතිබූ බව කිව හැකිය.අසීමිත රාජ්‍ය බලය හමුවේ ඔවුන්ට වෙන කරන්නට දෙයක් නොතිබූ බව සිතිය හැකිය.මෙනිසා කියනා දෙය කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කිසි දෙයකට ඉඩ  නොතිබුණි.මෙම තත්ත්වය කෙතරම් දරුණුවී තිබුණේද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ පළමු කතාවේදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ මේ  සා චරිත ඝාතනයක් රාජ්‍ය මාධ්‍ය වලින් කිසිකලෙකත් සිදුනොවී ඇති බවය.
විරෝධාකල්ප දරන කවරෙකු වුවත් ඔවුන්ට ඉතාම පහත් ලෙස නින්දා කිරීම අලූත් මාධ්‍ය සම්ප‍්‍රදාය විය.දිනපතා ගුවන්විදුලි වැඩසටහන් වලටද මෙම පහත් ගණයේ ප‍්‍රචාරණ උපක‍්‍රමය එන්නත් කරනු ලැබිණ.තත්ත්වය කෙසේවීද යත් ඡුන්දය ප‍්‍රකාශ කරන දිනයේ රටේ ප‍්‍රධාන රූපවාහිනී නාළිකාව,ජාතික රූපවාහිනිය සාවද්‍ය පුවතක් ප‍්‍රසිද්ධියේ විකාශයනය කරමින් කීවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා රජයට එක්වන්නට යන බවය.තමාට එල්ලවූ තර්ජනයන්ට හා පීඩනයන්ට නොබියව මුහුණදුන් එනිසාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙල නායකයින්  කිහිපදෙනෙකුගේම වෛරයට පාත‍්‍රව සිටි ධෛර්යමත් පුද්ගලයෙකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වහාම රූපවාහිනි මූළස්ථානය වෙත පැමිණ අසත්‍ය ප‍්‍රචාරයන් විකාශනය කරන්නේ නම් තමන්ගේ බලය භාවිතා කර සියලූ විකාශනයන් අත්හිටුවන බවට අනතුරු ඇගවූ විට මෙල්ලවූ රූපවාහිනිය පැය දෙකක් ගතවීමට  මත්තෙන් පුවත සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා සිදුකළ ප‍්‍රකාශයක් විකාශනය කිරීමටත්,සාවද්‍ය පුවතක් විකාශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළේය.සිකුරාදා මධ්‍යහනයෙන් පසු මෙතෙක් කල් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහර ගසමින් සිටි රූපවාහිනියම ඔහු ගැන ගුණ ගායනා කරනුද දැකගත හැකිවුනි.
මෙවැනි සිදුවීම් නිසා තිරය පසුපස සිදුවූ ඇතැම් දේ බහුතර ශී‍්‍රලංකා වාසීන්ගේ අවධානයට යොමුවූයේ නැත.ඒවායින් වඩාත්ම බරපතල වූයේ නිල ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමට පටන්ගැනීමත් සමග උද්ගතවූ තත්ත්වයයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මැතිවරණ ප‍්‍රතිඵල අධ්‍යනය කළ හැකි පරිදි විශේෂ මෙහෙයුම් කාර්යාලයක් අරලියගහ මන්දිරයේ පිහිටුවාගෙන සිටියහ.මේ හා සමානවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වූ සිරිකොතේද මෙහෙයුම් කාර්යාලයක් විය.දෙපක්ෂයේම නියෝජිතයෝ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ට අනුයුක්ත කර සිටියහ.දුරකථන ඇමතුම් දෙමින් මෙහෙයුම් මධ්‍යස්ථාන වල සිටි තම නායකයෝ අලූත්ම ප‍්‍රතිඵල  සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළෝය.සිකුරාදා අලූයම් සමයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට යන බව ස්ථීර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතා  ලබාගෙන සිටින ඡුන්ද සංඛ්‍යාව හා සම කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඡන්ද පොළ නියෝජිතයෝ තම නායකයින්ට දැනුම් දුන්හ.

උදෑසන 4.30 ට පමණ ඊට පැය කිහිපයකට පෙර ශී‍්‍ර ලංකාවේ බලවත්ම පුද්ගලයාවූ මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමංසිහ මහතාට දුරකථන ඇමතුමක් දුන්නේය.රාජපක්ෂ මහතා කතා කිරීමට සැරසෙනවාත් සමගම තමා අරලියගහ මන්දිරයට පැමිණ මුහුණට මුහුණ හමුවීම වඩා හොද යැයි පවසා සිටි විපක්ෂ නායකවරයා මේ බව සිරිසේන මහතාටද,ප‍්‍රජානත්ත‍්‍රවාදී පක්ෂයේ අනෙක් නායකයින්ටද දැනුම් දී අරලියගහ මන්දිරය බලා පිටත් විය.ආරක්ෂකයින් දොරටු විවර කර දුන් පසු එහි ඇතුල්වූ විපක්ෂ නායකවරයා තවත් ආරක්ෂක මුරකපොලූ 3 කට පසු මන්දිරයේ ගර්භය වෙත පැමිණියේය.ඔහු පුදුමයට පත්කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාද එහි විය.මේ අලූයම කෙමෙන් මැකී යමින් උදා හිරු පායන්නට ගෙන තිබුණු අතර දිගින් දිගටම මැතිවරණ ප‍්‍රතිඵලද නිකුත් වෙමින් පැවතින.
සාකච්ඡාවක් පැවැත්වින.වික‍්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ මහතා,ජනාධිපති ලේකම් ලලින් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් හුවමාරු කරගත්හ.හිටපු ජනපතිවරයා තම පූර්වගාමියා වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට චෝදනා කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තොරතුරු මගින් තමන්ට දැනගත හැකිවූ පරිදි ඇය කොළඹ එක්තරා තනාපති කාර්යාලයකදී පැවැති උත්සවයකදී තමන්ට හා තම සහෝදරයින්ට එරෙහිව අදහස් පළ කර ඇතැයි ඔහු කීය.ආරක්ෂක අමාත්‍යංශයේ  බලධාරියෙකු ඉතා පි‍්‍රයකරන හමුදා සේනාංකයකින් බදවාගත් භටයින් සිටින විශේෂ ඒකකයකින් නීතිවිරෝධී කි‍්‍රයා වල නියැළී තිබෙන බවට ඇය තමාට හා තම සහෝදරයින්ට බොරු චෝදනා එල්ල කර ඇතැයි රාජපක්ෂ මහතා පැවසුවේය.මේ පිළිඹදව පසු අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් හමුවේ අදහස් පළ කළ හිටපු ජනපතිනිය ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළාය.
රාජපක්ෂ මහතා සමග දිගු කාලයක සිටම සබදතා පවත්වාගෙන සිටි හා විශේෂයෙන් ගෙවුණු සති කිහිපයේදී ජනපතිවරණ කටයුතු නිසා නිතරම ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත් රනිල් වික‍්‍රමසිංහ මහතා හෙන්රි කිසින්ගර් (රුසියාව හා චීනය සමග ඇමරිකාවේ සබදතා ඇති කරන්නට දායකවූ ඇමරිකා ජාතික දේශපාලඥයෙක්) කෙනෙකු  බවට පත්වූයේ මෙහිදීය.රාජපක්ෂ මහතා කලබලයකින් තොරව බලය අතහැරීමට සූදානම් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් ඇතුලූ තමා රාජපක්ෂ මහතාටත්,ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ආරක්ෂාව සලසන බව වික‍්‍රමංසිහ මහතා කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කැරිණ.ජනපති රාජපක්ෂ මහතාට මේ දක්වා සපයා  දී තිබූ ආරක්ෂාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සපයා තිබූ ආරක්ෂාවද එළෙසම සැපයීමට තීරණය විය.මෙහිදී රාජපක්ෂ මහතා ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඞ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි විමසීය.එය ව්‍යවස්ථානුකූල බවද පෙන්වා දුන් හෙතෙම ඔක්ලන්ඞ්  හවුස් තම ආරක්ෂාව සළසා ගැනීමටද වැදගත් බව කීය.එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් නිසාවෙන් තමා හට එල්ලවී තිබෙන ජීවිත තර්ජනය තවමත් පහව නැති බව ඔහු කීවේය.
සාකච්ඡාවට බදුන් වූ අනෙක් කරුණ වූයේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉදිරි කි‍්‍රයාකලාපයයි.තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ ෆොන්සේකා මහතා කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.හිටපු ජනපතිවරයා මෙවැන්නක් සදහන් කිරීමට හේතුවවූයේ ෆොන්සේකා මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඇතිකරගෙන තිබෙන එකගතාවයට අනුව පහ කෙරුණු ඔහුගේ නිල තල යළි ලබාදීමටත්,ෆීල්ඞ් මාර්ෂල් ධූරය දක්වා උසස් කිරීමටත්,අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමටත් ආදී ලෙස එකතාවයන් ඇතිවී තිබෙන නිසාවෙන්ය.
මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය.ෆොන්සේකා මහතා තම නිල තල වලින් බැහැරව කි‍්‍රයාකර ඇතැයි නැගුනු චෝදනා වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ මහින්ද - ගෝඨා දෙපළ ඔවුන් වරක් ආරක්ෂා කළ වරක් ප‍්‍රශංසා කළ අනෙක් වර සියලූ තරු පටි ගලවා සිරගත කළ මිනිසාගෙන් ආරක්ෂවීමට උදවු ඉල්ලූහ.වික‍්‍රමසිංහ මහතා ඔවුන්ව අස්වැසූ අතර සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික‍්‍රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය.
මෙම හමුව පැවැත්වුනේ අරලිය ගහ  මන්දිරයට යාබදව තිබෙන සම්මන්ත‍්‍රණ ශාලාවේය.හමුව නිමවී පිටත්ව යෑමට වික‍්‍රමංසිහ මහතා තම මෝටර් රථයට නැගුණු විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.මේ වන විට රාජපක්ෂ මහතාද සම්මන්ත‍්‍රණ ශාලාවෙන් පිටතට පැමිණ රනිල් වික‍්‍රමසිංහ මහතා පිටත්ව යනු බලා සිට අරලිය ගහ මැදුරේ ප‍්‍රධාන ගොඩනැගිල්ල වෙත ඇතුල් වෙමින් සිටියේය.තම ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම ලබාගත් රනිල් වික‍්‍රමසිංහ මහතා වහාම රාජපක්ෂ මහතාට අඩගැසීය.ඇමතුම ලැබී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන්ය.වික‍්‍රමසිංහ මහතා තම දුරකථනය රාජපක්ෂ මහතාගේ අතට දුන්නේය.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික‍්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය.
තම ඉල්ලීම් ලිඛිතව භාරදීමට රාජපක්ෂ මහතා තීරණය කළේය.ඉන් එකක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු නාවුක හමුදා රියදුරු භටයින් 11 දෙනාගේ සේවය තවදුරටත් ඔහුට ලබාදීමය.මෙම රියදුරන් සිකුරාදා උදැසනම බෞද්ධාලෝක මාවතේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ සිටියහ.වෙබ් අඩවි වලින් හා පුවත් වලින් පැවසුණු පරිදි ගෝඨාභය මහතා රට හැරගොස් ඇතැයි ඔවුන් සිතා සිටියද ඔහු ඒ වන විටත් සිටියේ නිල නිවසේය.රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ආරක්ෂක ආමාත්‍යංශය වෙත යොමුකරනු ලැබිණ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයෙකු නම් කෙරී නොතිබුණු නිසාවෙන් එම ලියමන  නම් නොමැතිව අමාත්‍යංශය වෙත එවා තිබුණි.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයට මේ වන විට බී.එම්.යූ.ඞී.බස්නායක මහතා පත්ව සිටී.ඔහු පරිසර හා පුනර්ජනනීය ශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාය.
ලිපියට අත්සන් තබා තිබුණේ කර්නල් ආර්.එම් රණසිංහය.රාජපක්ෂ මහතා තම ආරක්ෂාවට සපයා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් භටයින් කිහිපදෙනා තම ආරක්ෂාව වෙනුවෙන් රදවාගෙන සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුට කොමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් ලබාදී තිබුණු භට කණ්ඩායමක් තබාගෙන සිටියේය.
සිකුරාදා දින පස්වරු 1.30 ට පමණ තම ගම් ප‍්‍රදේශය වන තංගල්ලට පිටත්ව යෑමට හෙලිකොප්ටර් 2 ක්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.වික‍්‍රමසිංහ මහතා වහාම ගුවන්හමුදාව අමතා රුසියාවේ නිශ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර 2 ක් ඒ සදහා  සූදානම් කළේය.
සිකුරාදා පෙරවරු 6.30 ට පමණ අරලියගහ මන්දිරයේ මෙතෙක් කල් තමන්ට සේවය කළ සේවක සේවිකාවන්ට සමුදුන් හිටපු ජනපතිවරයා ඔවුන්ගේ කදුලූ මධ්‍යයේ තමන්ට ලබාදී තිබූ වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු වර්ගයේ රථයට නැගී කොටුවේ ජනාධිපති  මන්දිරය වෙත පැමිණියේය.ඒ වන විටත් එහි පැමිණ සිටි ඔහුගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සේවකයින්ගේ උදවු ඇතිව සිහිවටන කිහිපයක් නිවසට රැගෙන යෑම සදහා සූදානම් කරමින් සිටියේය.
පෙර අවස්ථාවද තම පුතණුවන් ඔහු නාවුක හමුදාවේ දරමින් සිටි ලූතිනන් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජපක්ෂ මහතා ගෙන තිබුණි.බඩු ඇසිරිමේ නිරතව සිටි කාර්යමණ්ඩලය ඉදිරියේ වාඩිවී ඔවුන් දෙස බලාගෙන සිටි හිටපු ජනපතිවරයා හමුවන්න අමුත්තෝ කිහිපදෙනෙක්ම පැමිණියහ.බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග,ලක්ෂ්මන් හුලූගල්ල,ක්ෂෙනුකා සෙනෙවිරත්න,මජින්ත ජයසිංහ,ගාමිණී සෙනරත්,බන්දුල පද්මකුමාර,උඩුවේ ධම්මාලෝක හිමි ආදීහු ඔවුන් අතර විය.මෛතී‍්‍රපාල  සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ කරුණාරත්න පරණවිතාන ඇතුලූ පිරිස තවදුරටත් තමන්ට ලේක්හවුසියේ සභාපති ධූරය දන්නට ඉඩ දෙන්නට කැමැත්ත පළ කර ඇති බව පද්මකුමාර මහතා මෙහිදී හෙළි කළේය.නමුත් ඔහු සිකුරාදා දිනයේදීම ඉල්ලා අස්විය.කරුණාරත්න පරණවිතාන ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමේ කැමැත්තෙන් පසුවූ බවද වාර්තා වේ.මෙහිදී තමා බැලීමට ආ අමුත්තෙකුට මුස්ලිම් හා දෙමළ ඡුන්ද නිසා තමා පරාජය වූ බව රාජපක්ෂ මහතා කීවේය.මුස්ලිම් ජනතාවගෙන් බහුතරය තමන්ට එරෙහිවී තිබෙන බව ඔහු පැවසුවේය.
සාකච්ඡාව සිදුකෙරීගෙන යන අතරතුරදී ඔහු තවත් පැනයක් නැගීය.මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන්? ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද?
ඔහු ඒ සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය 
ගැනය.ඇය නැවත පැමිණ තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගනී යැයි ඔහු බියපත් විය.මෙයද දෛවයේ සරදමක් වැනිය.රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව  සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.හමුදා භටයින් ඔහු ඉදිරියට පැමිණ ආචාරය පුද කර සිටියේය.ඇතැමුන්ගේ කම්මුල් රූරා කදුලූ ගලායමින් තිබුණි.නුරුස්සනා ස්වභාවයකින් සිටි හිටපු ජනාධිපතිවරයා නැවත වරක් සිරිසේන මහතා ජයග‍්‍රහණය කළේ මුස්ලිම් ඡුන්ද නිසා බව අසල සිටියෙකු හා පැවසීය.කොළඹ ඇතුලූ වෙනත් ප‍්‍රදේශ වල මුස්ලිම් ජනතාව සියලූදෙනා ඔහුට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කර ඇති බව ලැබී තිබෙන ප‍්‍රතිඵල වලින් පැහැදිලි වන බව ඔහු නැවතත් කීවේය.එසේ කියා යටි තොල සපාගත් ඔහු මද වේලාවක් සිවිලිම දෙස බලා සිටි බව එතැන සිටියෙක් පවසන්නේය.පිටත්වීමට ප‍්‍රථමයෙන් ඔහු ජනාධිපති මන්දිරයේ තැන් තැන්හි ඇවදිමින් කාලය ගත කළ බවද,මන්දිරයේ තිබූ කුරුලූ කූඩුවක් ළග නැවතී එදෙස බලා සිටි බවද එම පුද්ගලයා කියන්නේය.කිසිවෙකුත් හිටපු ජනපතිවරයා කුමක් සිතන්නේදැයි දැන සිටියේ නැත.අවසානයේ තම බී.එම්.ඩබ්ලියු රථයට නැගුණු ඔහු පාර්ලිමෙන්තු ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහභාගීව සිටි හමුවක් බලා පිටත්ව 
ගියේය.ජනාධිපති මන්දිරයට යාර කිහිපයක් ඔබ්බෙන් සේවකයින් ගාලූමුවදොර පිටියේ පැවැත්වෙන පාප්වහන්සේගේ දේව මෙහෙය සදහා කටයුතු සූදානම් කිරීම අවසන් කරමින් සිටියේය.පෙබරවාරි 4 වැනිදා නිදහස් උළෙල සැමරීමට රාජපක්ෂ මහතා උපන් වීරකැටියේ කටයුතු සංවිධානය කෙරෙමින් පැවතුනේය.නිදහස් දින උත්සවය  පැවැත්වෙන ස්ථානය වෙනස්වීමට දැන් බොහෝ දුරට ඉඩ ඇත.
නොසිතූ පරිදි අත්වූ පරාජයෙනුත්,ඔහුගේ දේශපාලන අනාගතයේ ඇති අස්ථීරභාවයත් හමුවේ ඔහු කම්පනයට පත්ව සිටිනු පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ රාජපක්ෂ මහතා කළ කතාවේදී හොදින්ම පෙනී ගියේය.එහිදී ඔහු ලියැවිල්ලක් සම්මත කරගෙන පාර්ලිමෙන්තු කණ්ඩායමේ සාමාජිකයෝ එක්ව සිටිය යුතු බවටත් ඉදිරි දේශපාලන කටයුතු වලදී නොසැළී කි‍්‍රයාකළ යුතුව ඇති බවටත් සහතික කරවා ගත්තේය.මෙම හමුවට සහභාගීව සිටි නම සදහන් කිරීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකු පවසා සිටියේ  රාජපක්ෂ මහතාට පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ නියැළීමට අවශ්‍යවූ නිසා මෙසේ ලියැවිල්ලක් සම්මත කරගත් බවයි.පක්ෂයේ මහලේකම්  සුසිල් පේ‍්‍රමජයන්ත මෙම හමුවට සහභාගීව නොසිටි අතර එසේවුවත් මැතිවරණ කාර්යාලයේදී පැවැති හමුවේදී ඔහු රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊට සහභාගී  විය.හමුව අවසානයේ ඔහු නව නපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවී සාකච්ඡා කළේය.දෙදෙන නැවත වරක් හමුවිය යුතුව ඇති බව මෙහිදී සදහන් විය.මේ කටයුතු අවසාන වෙද්දී ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙලිකොප්ටර යානා 2 තංගල්ල බලා පියාසර කරමින් තිබුණේය.
කොළඹ සිරිසේන මහතාට ගැටලූවක් පැන නැගී තිබුණි.ඔහු රාජපක්ෂ රජයේ සිටි සියලූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා තිබුණි.ඒ අලූත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටය.අගමැති දී.මු ජයරත්න මහතා මුලින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමේ කැමැත්තෙන් සිටියද පසුව ඔහුගේ අදහස වෙනස් කර තිබුණි.ඔහු තම හිතවතුන්ට පවසා තිබුණේ සිරිසේනට අවශ්‍ය නම් ඔහුව අගමැති ධූරයෙන් නෙරපා හැරිය හැකි බවයි.සිරිසේන මහතා කළේද මෙයයි.නීති උපදෙස් ලබාගත් සිරිසෙන මහතා ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව ජයරත්න මහතා අගමැති ධූරයෙන් පහකර ඇති බව සදහන් කර ලිපියක් යැවීය.මෙයත් සමග සිරිසේන මහතාට පොදු විපක්ෂයේ ඇතිවූ එකගතාවයට අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්කිරීමට මාර්ගය පෑදීය.
මේ අතර වික‍්‍රමසිංහ මහතාගේ නීතිඥයෝ නව ජනපති ලෙස සිරිසේන මහතාගේ දිව්රුම් දීමේ කටයුතු සදහා විනිසුරු කේ.සිරිපවන්ට ආරාධනා කර තිබුණි.නිදහස් චතුරස‍්‍රයේ සංවිධානය කර තිබූ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 6.21 ටය.ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයාට තම දිව්රුම්දීම ඔනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ කළ හැකිය.එම විනිසුරුවරයා අගවිනිසුරු වීම අත්‍යාවශ්‍ය නොවේ.
දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරවරයා ලෙස සිරිපවන් මහතාව හදුන්වාදී තිබුණි.වත්මන් අගවිනිසුරු වන මොහාන් පිරීස්මහතාට උත්සවයේ තැනක් නොතිබුණි.දිවයිනේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස රාජපක්ෂ රජයේ යටතේ පත්වුනු ඔහුට පෙර සිටි 43 වැනි ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුවරිය අත්තනෝමතික ලෙස බලයෙන් පහ කෙරුණි.දිව්රුම් දීම අවසානයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහාම රනිල් වික‍්‍රමංසිහ මහතාව රටේ අගමැතිවරයා ලෙසද දිව්රුම් දුන්නේය.
දිව්රුම් දීම අවසානවූ වහාම සිරිසේන හා වික‍්‍රමසිංහ දෙපළ ප‍්‍රජානත්ත‍්‍රවාදී පෙරමුණේ අනෙකුත් නායකයින්ද සමග කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ඇරැඹිය.
කැබිනට් මණ්ඩලයේ කටයුතු එළැඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතය.අද (11) දිනයේදී දෙපළ මහනුවර බලා ගොස් දළදා මාළිගාව වැද පුදා ගනු ඇත.මහානායක ස්වාමිීන් වහන්සේලාද හමුව සාකච්ඡා පැවැත්විමෙන් පසු සිරිසේන මහතා ප‍්‍රථම වතාවට ජාතිය අමතනු ඇත.බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වීමට සතියකට ඉහතදී පාලන කටයුතු සදහා හමුදා මැදිහත්වීමක් සිදුවීමට යන බව පැවසුණු පුවත් පොදු විපක්ෂයේ නායකයින් කලබලයට පත්කිරීමට සමත්වූවක් විය.රනිල් වික‍්‍රමසිංහ මහතා පෞද්ගලිකවම හමුදාපති දයා රත්නායක මහතා අමතා එවැන්නක් සිදුනොවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීය.ඔහු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාද ඇමතීය.එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුලූ සමස්ථ පොලිසිය මේ ජනාධිපතිවරණයේදී ඉතාම ප‍්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය.නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ජනාධිපතිවරණ දිනයේදීම පත්කෙරුණු හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගෙන් එල්ලවූ පීඩනය මැද වුවද ඔහු සාධාරණව කටයුතු කළ ආකාරය පැසසුමට ලක්විය යුත්තකි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලේකම් ශියාමලා පෙරේරා මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපි පෙළක්ම යවමින් සදහන් කළේ විශ‍්‍රාම ගිය ආරක්ෂක අංශ නායකයින්ද හවුල් කරගෙන යාබද ඇති හමුදා කදවුරු වලින් භටයින්ද ගෙන්වාගෙන ඡන්ද විමසීමේ කටයුතු වලට බාධා එල්ල කිරීමේ වෑයමක් පවතින බවයි.ජනවාරි මස 7 වැනිදා යැවූ ලිපියකින් තොප්පූර්,කින්නියා,වෙරුගල්,හා මුතූර් වැනි ප‍්‍රදේශවල මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බව නිසැකවම තහවුරු කෙරෙන තොරතුරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙත ලැබී ඇතැයි ඇය එම ලිපිවල සදහන් කර තිබුණාය.
ජනවාරි මස 5 වැනිදා දින සටහන්ව තිබූ ලිපියක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලේකම්වරිය යාපනය අරධද්වීපයේ ඡන්ද මධ්‍යස්ථාන 14 ක කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක් ඇති බව සනාථ කෙරෙන තොරතුරු තම පක්ෂය වෙත ලැබී ඇතැයි සදහන් කර තිබුණාය.මේ සම්බන්ධයෙන් පොලිස්පති දැනුම්වත්කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කටයුතු කළ අතර ඒ අනුව උතුරේ පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතාට එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දුනි.මේ හා සමානවම මුලතිව් හා කිළිනොච්චි දිස්ති‍්‍රක්ක වල බළධාරීන් දැනුම්වත් කිරීමද සිදුවිය.
නමුත් කලබලකාරී තත්ත්වයක් පැනනැගුනේ ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුරදීම ඒ ආසන්න ප‍්‍රදේශවලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමත් සමගය.සාමාන්‍යයෙන් ඡන්ද විමසීම් අවසානයේ ඒ ආසන්න වීදි වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.එයද සිදුවන්නේ පොලිස්පතිවරයාගේ අනුදැනුම මත මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදිය.
නමුත් අනිසි පරිදි බලතල භාවිතා කරමින් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ඒ ඒ දිස්ති‍්‍රක්ක වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට ගෙන තිබූ තීරණය මැතිවරණ කොමසාරිස්වරයා මහත් උදහසට ලක් කෙරූවක් විය.ජනරාල් ජගත් ජයසූරියගේ අත්සනින් යුතුවූ එය පොලිස්පතිවරයාගේ අනුදැනුමකින් තොරන නිකුත් කළ බවක් කියැවුනි.මෙයින් බලාපොරාත්තු වූයේ ඡන්ද දායකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකිරීම බව පැහැදිලිය.නමුත් පසුව හමුදා ප‍්‍රකාශයකයේ මෙම තීරණය සාධාරණීකරණය කරමින් සදහන් කළේ ඇතැම් ප‍්‍රදේශ වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුනු බවයි.නමුත් ගැටලූව නැගෙන්නේ එසේ භටයින් අනුයුක්ත කිරීමක් සිදුවන්නේ ඡන්ද විමසීම සිදුවන දිනයේ හා ඊට පෙර දිනයේ වීම නිසාය.
මැතිවරණ කොමසාරිස් දේශපි‍්‍රය මහතා ඡන්ද විමසීම අවසාන වීමට මත්තෙන් ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම කිසිසේත් නොකළ යුතුව ඇතැයි අවධාරණය කළේය.එතැනින් නොනැවතුණු හෙතෙම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි පරිදි එම ස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව සැළසීමට පියවරද ගත්තේය.දේශපි‍්‍රය මහතාගේ හා ඔහුගේ කණ්ඩායමේ හැසිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් බලකණු වල ඇහේ කටු අනින්නාක්ම වැනි විය.නමුත් දේශපි‍්‍රය මහතාගේ කාර්යභාරය අගය කළ පුද්ගලයෝද විය.ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දැරූවන්ද ඔවුන් අතර විය.ඔවුන්ගේ සහයත්,දේශපි‍්‍රය මහතාගේ කෙලින් වැඩ කිරීමේ පිළිවෙතත් නිසා ඡුන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීහු තම රාජකාරිය අකුරටම ඉටු කළහ.නමුත් පොලිසියේද පක්ෂග‍්‍රාහී පුද්ගලයෝ සිටි බව සත්‍යය.නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා පොලිසියට පැන පොලිසියේ රදවා සිටි තම සහචරයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගියේය.විපක්ෂයේ වේදිකාවක් ගිනි තැබීයැයි ඔවුනට චෝදනා නැගී තිබුණි.ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබියදී පවා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.මෙලෙසම තවත් නියෝජ්‍ය අමාත්‍යවරෙයකු වන පේ‍්‍රමලාල් ජයසේකර කහවත්තේ විපක්ෂ දේශපාලන රැළියකට සහභාගීව සිටි පිරිසකට වෙඩි තැබීය.ඔහුව අත්අඩංගුවට ගැනීමද මගහරිමින් සිටි පොලිසිය අවසන පසුගියදා ඔහුව තම භාරයට ගත්තේය.
නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමන්ට අනිසි නියෝගයන් දුන් බව ඇතැම් පොලිස් නිළධාරීහු පවසන දෙයකි.
මේ අතර ජනපති ජනහමුව මැයෙන් සජීව දේශපාලන ප‍්‍රචාරණ වැඩසටහනක් ඡන්ද ප‍්‍රචාරණ කටයුතු අවසානවූ ජනවාරි මස 5 වැනිදා රාතී‍්‍ර 10 සිට විකාශය කිරීමට රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය කටයුතු සූදානම් කර තිබිණ.සෑම රූපවාහිනී නාළිකාවකම අදාළ ගුවන්වේලාව වෙන්කරගන්නට ඔවුන් කටයුතු කර තිබුණේ විපක්ෂයට කිසිදු ආකාරයට මැදිහත්වීමක් කිරීමට නොහැකි වන අයුරින්ය.ජනාධිපතිවරයා,රජයේ අමාත්‍යවරු,රජයේ නිළධාරීහු ජනතාව හා ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනක යෙදෙමින් ජනමතය වෙනස් කිරීම මෙම වැඩසටහනේ සැළසුම වී තිබුණි.2010 වසරේදීද මෙවැනිම වැඩසටහනක් රජය දියත් කළ අතර එවකදී විපක්ෂය සිටියේ කිසිවක්ම කරකියා ගත නොහැකි තත්ත්වයකය.

එදින උදැසනම ජනාධිපති උපදේශයකයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කමිටු සාමාජිකයෙකුද වන රොනල්ඞ් පෙරේරා කඩුවෙල දිස්ති‍්‍රක් විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවට ගොස් මෙම වැඩසටහන විකාශනය වීම වළක්වන වාරණ නියෝගයක් ලබාගත්තේය.එම නියෝගය රජයේ ප‍්‍රධාන මාධ්‍ය ආයතන වෙත භාරදීමට ගෙන ගියද ඒවායේ ප‍්‍රධාන දොරටු වසා තිබීම නිසා නියෝගය ෆැක්ස් කරනු ලැබිණ.විනිසුරු ජිනදාස මිට සති දෙකකට පමණ පෙර නීතිඥ සංගමයේ ප‍්‍රධානි ලෙස නිතරගයෙන් පත්වූවෙකි.නියෝගයට අනුව දේශපාලනික මුහුණුවරක් කිසිදු වැඩසටහනක් හෝ විකාශනය කිරීම තහනම් විය.නියෝගයට එවැනි වගන්තියක් අන්තර්ගත වීමට හේතුවූයේ ජනාධිපතිවරයා ඡන්ද ප‍්‍රකාශනය කටයුතු නිමවී ඡන්දය ප‍්‍රකාශය කෙරෙන තෙක් ගතවීමට තිබෙන පැය 48 කාලයේදී එක් අවස්ථාවක ජනතාව අමතමින් සිදුකෙරෙන විශේෂ වැඩසටහනක් විකාශනය කිරීමට සැළසුම් කර ඇතැයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා කර තිබූ දැනුම්දීමක් අනුවය.එහි ප‍්‍රධාන වීඩියෝ පටය හිමිව තිබූ දෙරණ හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාළිකාවලට එය අනෙක් රූපවාහිනී නාළිකා වෙත ලබාදීමද තහනම් කෙරුණි.විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටත් සම ගුවන්කාලයක් ලබානොදීම මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබෙන නීති උල්ලංඝණයක් කිරීමක් යන මතයේ විනිසුරු ජිනදාස මහතා සිටියේය.
රාජපක්ෂ මහතාගේ උපදේශකයෝ ඔවුන්ගේ උත්සාහය අත් හැරියේ නැත.ඔවුන් මෙම නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා අලූත්කඬේ මහාධිකරණයට ගියේය.ලියෝන් සෙනෙවිරත්න හා රුවන් ප‍්‍රනාන්දු යන විනිසුරුවරුන් දෙපළ යටතේ එය විභාගයට ගැනුනු අවස්ථාවේ රොනල්ඞ් පෙරේරා මහතා සදහන් කළේ මෙම ගැටලූව නිරාකණය කර ගත යුතුව ඇත්තේ නියෝගය ලබාදුන් අධිකරණයේදීම බවය.එය පිළිගත් විනිසුරු දෙපළ රාජපක්ෂ මහතාගේ උපදේශකයින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම ඉවත දැමූහ.මේ අතර විනිසුරු ජිනදාස මහතාට දුරකථන ඇමතුම් එක පිට එක ලැබෙන්නට පටන්ගෙන තිබුණි.ඉන් එක් ඇමතුමක අනෙක් කෙළවරේ සිටි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු ඔහුට උපදෙස් දී තිබුණේ නඩුව රාජපක්ෂ පාර්ෂවයට වාසි සහගත වන පරිදි පසිදලන ලෙසය.
හදිසියේවත් කඩුවෙල විනිසුරු ලබාදෙන තීන්දුව අයුක්ති සහගත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පැතීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදනම්ව සිටියේය.ශ්‍රේෂ්ඨාධිකරණයද ඔවුන්ට සහතික කර තිබුණේ තීන්දුව පිළිගත නොහැකි නම් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙට කිසිදු අවහිරයක් නැතිය කියාය.නමුත් විනිසුරු ජිනදාස නඩු විභාගය කැදවීම අද දිනට (12)  ට කල්දැමිය.දැන් එම නඩු විභාගයේ වැදගත්ම තිබෙනු ඇත්තේ නීති ක්ෂේත‍්‍රය ගැන උනන්දුව ඇත්තෙකුට පමණි.රාජපක්ෂ කදවුර රටේ පාවෙන ඡන්ද දිනාගැනීමට දියත් කළ තවත් මෙහෙයුමක් නිශ්ඵලව ගියේ මෙලෙසය.
ප‍්‍රකාශිත ඡන්ද ආශ‍්‍රයෙන් කෙරන විශලේශනාත්මක අධ්‍යනයකදී ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හට ඡන්ද ප‍්‍රකාශ වී ඇති අන්දම වටහා ගත හැකිය.එවන් විශ්ලේෂණයකින් පැහැදිලිවම පෙනෙන්නේ සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයට හේතුවී ඇත්තේ බහුතර දෙමළ හා මුස්ලිම් ඡන්ද ප‍්‍රමාණයක් ඔහුට ලැබීම බවය.රාජපක්ෂට අනුව නම් සිරිසේන මහතාට වැඩියෙන්ම ලැබී තිබෙන්නේ මුස්ලිම් ඡන්දය.මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාවගේ සහය අහිමිවීමට පසුගිය වසරේ ජූනි මස අලූත්ගම දර්ගා නගරය,බේරුවල හා අවට ප‍්‍රදේශයන්හි උද්ගතවූ තත්ත්වයන් ප‍්‍රධාන වශයෙන්ම හේතුවුනි.දකුණ,නැගෙනහිර පළාත් වල මෙන්ම කොළඹ දිස්ති‍්‍රක්කයේත් මුස්ලිම් ඡන්ද බහුතරයක් සිරිසේන මහතා වෙත ලැබී ඇත්තේ මේ නිසාය.නමුත් සිංහල බහුතරය වෙසෙන ප‍්‍රදේශවල සහය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇතත් ඒ සියල්ලකගේම පාහේ සිරිසේන මහතා සිටින්නේ තම ප‍්‍රතිවාදියාට වඩා ඡන්ද සුළු ගණනක්  පිටුපසිනි.එය ඔහුට සිංහල ජනතාවගේද කැමැත්ත හිමිව තිබෙන බව පැහැදිලිව පෙන්වා  දෙන්නකි.ඡන්ද විමසුම පැවැත්වුනු දිනයේදී සියයට 81.52 ක් තරම් ඉහළ ප‍්‍රතිශතයකින් ඡුන්දය භාවිතාවීම සිදුව තිබුණි.ඡුන්ද බල ප‍්‍රදේශ 160 කින් 90 කගේම බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබුණු අතර දිස්ති‍්‍රක්ක 22 න් 10 කම බහුතර කැමැත්ත ඔහුට විය.නමුත් ජයග‍්‍රහණය සදහා නියමිත බහුතර ඡුන්ද ප‍්‍රමාණය දිනාගැනීමට ඔහුට නොහැකි විය.සිරිසේන මහතා ඡුන්ද බල ප‍්‍රදේශ 70 ක බලය දිනාගනිමින් දිස්ති‍්‍රක්ක 12 ක බලය තහවුරු කරගත්තේය.රාජපක්ෂ මහතාට වඩා ඔහු ලද ජය සුලූ වුවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවශ්‍ය බහුතර ජනතා කැමැත්ත ඔහු  කෙරේ විය.ප‍්‍රකාශිත මුුලූ ඡුන්ද වලින් සියයට 51.28 ක ප‍්‍රතිශතයක් එනම් ඡන්ද ලක්ෂ 62 කට ආසන්න ප‍්‍රමාණයක් ලබාගැනීමට ඔහු සමත්වූ අතර ප‍්‍රතිවාදියා වූ රාජපක්ෂ මහතාට දිනාගැනීමට හැකිවූයේ සියයට 47.58 ක ඡන්ද ප‍්‍රතිශතයක් හෙවත් ඡන්ද ලක්ෂ 57 කට ආසන්න ප‍්‍රමාණයකි.
වැඩි ඡන්ද 449072 ක් එනම් තම ප‍්‍රතිවාදියාට වඩා සියයට 3.7 ක් වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් ලැබූ සිරිසේන මහතා අවසානයේ ජයග‍්‍රහණය කළේය.
සිංහල බහුතරයක් වෙසෙන කලූතර,මාතලේ,කුරුණෑගල,රත්නපුර,කෑගල්ල,ගාල්ල,මාතර,හම්බන්තොට යන ප‍්‍රදේශ වල බලය තහවුරු කර ගැනීමට හිටපු ජනපතිවරයා සමත්වුවත් 2010 ජනාධිපතිවරණයේදී ඔහු මහත් ඉහළින් ජයග‍්‍රහණය කළ කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්කයන්ගේ ඔහු සතුව  තිබූ ඡන්ද පදනම දැඩිව සෝදා පාලූව ගොස් තිබුණි.
මේ සියල්ල සැළකූ විට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය තහවුරු කරගෙන ඇත්තේ කොළඹ,වන්නි,යාපනය,ති‍්‍රකුණාමලය,දිගාමඩුල්ල,බදුල්ල,පුත්තලම,මඩකළපුව හා නුවරඑළිය වැනි දෙමළ හෝ මුස්ලිම් ජාතිකයින් බහුතරය වෙසෙන ප‍්‍රදේශ වල හා  සිංහල,මුස්ලිම්,දෙමළ යන ජාතීන් 3 නම වෙසෙන ප‍්‍රදේශ වලය.ඊට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඔහු ඉතා තියුණු ජයක් ලැබූ අතර අපේක්ෂා කළ පරිදිම ඔහු උපන් ප‍්‍රදේශය වන පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ අති බහුතර කැමැත්ත ඔහුට විය.
සිරිසේන මහතාගේ බල ප‍්‍රදේශය වන පොළොන්නරුවේ සියයට 80 ක පමණ ජනතාවක් ඡන්දය ප‍්‍රකාශ කර තිබුණි.2010 වසරේදීද මෙලෙසම පොළොන්නරුවෙන් ඉහළ ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තාවූ අතර එවර එම ඡුන්ද වලින් සියයට 65 ක්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්පත් කරගත්තේය.ඔහුගේ එවක ප‍්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා මහතාට හිමිවූයේ ඡන්ද සියයට 33.6 ක ප‍්‍රතිශතයකි.මෙවර තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරවී තිබෙන අතර මෛති‍්‍රීපාල සිරිසෙන මහතා ප‍්‍රකාශිත ඡුන්ද සියයට 80 න්  සියයට 62.8 ක් හිමිකරගනිද්දී මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ ඡන්ද සියයට 36.1 ක ප‍්‍රමාණයකි.
යාපනය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය සියයට 66.28 ක් වෙද්දී ඉන් සියයට 70 කට ආසන්න ඉහළ ඡන්ද ප‍්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාය.මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබෙන්නේ සියයට 21.85 ක ඡන්ද ප‍්‍රතිශතයකි.
වන්නි දිස්ති‍්‍රක්කයේද සියයට 78 ක ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ සියයට 19 ක ඡන්ද ප‍්‍රතිශතයකි.දෙමළ ජාතික සන්ධානය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ ප‍්‍රතිඵලය මෙයින් හොදින් පෙනේ.මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පළ කළ ඔවුන්ගේ දේශපාලන ප‍්‍රචාරණ තේමා පාඨය වූයේ මහින්ද ඔබට කළ දෙයක් නැත,එනිදා මෛතී‍්‍රට ඡන්දය දී බැලූවොත් නරකද යන්නය.
නැගෙනහිර පළාත සැළකීමේදී මඩකළපුව දිස්ති‍්‍රක්කයෙන් සිරිසේන මහතාට ඡන්ද 209422 ක අතිබහුරතයක් ලැබෙද්දී මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ ඡන්ද 41631 කි.කල්කුඩා ඡන්ද බල ප‍්‍රදේශයේ ප‍්‍රකාශිත මුලූ ඡන්ද වලින් සියයට 83 ක් ම හිමිව ඇත්තේ සිරිසේන මහතාටය.ති‍්‍රකුණාමලයේද ජය ඔහු හිමිකරගෙන ඇත්තේ සියයට 71 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගෙනය.මහින්ද රාජපක්ෂ මහතාට ති‍්‍රකුණාමලයෙන් ලැබී ඇත්තේ සියයට 26 ක් වැනි ඡන්ද ප‍්‍රතිශතයකි.
නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනතාවගේද වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව ඇත.විශේෂයෙන් අම්පාර දිස්ති‍්‍රක්කය සැළකීමේදී සියයට 81 ක් කල්මුණෙන්ද,සියයට 84 ක් සමන්තුරේ ප‍්‍රදේශයෙන්ද,සියයට 77 ක් පොතුවිල් ප‍්‍රදේශයෙන්ද ඔහු ලබාගෙන ඇත.එසේවුවත් අම්පාර දිස්ති‍්‍රක්කයේ අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ජය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටය.
සිරිසේන මහතා ලැබූ බහුතර ජනතා කැමැත්ත නුවරඑළිය මස්කෙළිය මැතිවරණ කොට්ඨාශයෙන් ලද ඡන්ද 171578 න් තවත් සවිමත් විය.පී.දිගම්බරන් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් නවීන් දිසානායක සන්ධානය අතහැර පොදු විපක්ෂය හා එක්වීමත් මෙසේ විශාල ප‍්‍රමාණයකින් සිරිසේන මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාමට හේතුව ලෙස දැක්විය හැකිය.මෙම ප‍්‍රදේශයේ රජයේ නියෝජනය හිමිව ඇත්තේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් හටය.නමුත් වතුකරයේ ජනතාව මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඡන්දය ප‍්‍රකාශ කිරීමට පෙර කී මන්තී‍්‍රවරුන් දෙදෙනා හැරෙන්නට වෙනත් හේතුවක්ද ඇත.රජය ඔවුන්ට පොරොන්දුවූ පරිදි පිටි සළාකයක් ලබා නොදීමද වතුකරයේ ජනතාව මෙසේ රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ප‍්‍රධාන හේතුවක් බව එම ප‍්‍රදේශයේ සිටින වෘත්තිය සමිති කි‍්‍රයාධරයෙක් සදහන් කරයි.
පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් ප‍්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ තමන්ගේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නීතියේ යහපැවැත්ම පවත්වාගැනීමටත් බිය සැක නොමැතිව නිදහස් ශී‍්‍ර ලංකාවක දිවි ගෙවීමටත් බහුරයක් ශී‍්‍ර ලංකා ජාතිකයින් කැමැති බවයි.සිරිසේන මහතාට පළවූ ඡන්ද වලින් එවන් ජනතාව ඔවුන්ගේ දුක කරළියට ගෙනවිත් පෙන්වා තිබෙන බව පැහැදිලිය.මෙය සියලූ දේශපාලඥයින්ට මෙන්ම රජයේ බළධරයින්ටද හොද පාඩමක් කියාදෙන්නකි.කවරෙකුට හෝ නීතිය තමන් අතට ගත හැක්කේ කෙටි කාලයකට පමණි.නීතිය දිගින් දිගටම තමන් සන්තකයේම තබාගැනීමට කිසිවෙකුට හැකියාවක් නැතය.

ලංකාදීප

Pic Source