Pages

Friday, January 23, 2015

වෙලේ සුදා තතු වමාරයි! රටින් පැන්න හිටපු පොලිස්‌පති හා කොළඹ එක්සත් ජනතා තරුණ මන්ත්‍රී පසුපස සීඅයිඩී එක පන්නයි...

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන "වෙලේ සුදා" සමග සමීප සම්බන්ධතා පවත්වමින් රුපියල් කෝටි ගණනකින් මුදල් සහ දේපොළ ලබාගත් බව කියන හිටපු පොලිස්‌පතිවරයකු සහ කොළඹ ප්‍රදේශයේ (එජනිස) තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම සැකකරුවන් පිළිබඳ සාක්‍ෂි රැසක්‌ මේ වන විට ලැබී ඇති අතර ඒවා තහවුරු කර ගත් වහාම මොවුන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම්කරු සමග සම්බන්ධතා පැවැත්වූ හිටපු පොලිස්‌පතිවරයා තානාපති සේවයේ සිටි අයෙකි. මොහු මේ වන විට විදේශගතව සිටින බවද වාර්තා වෙයි.

 

මෙම හිටපු පොලිස්‌පතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදයක්‌ද නිකුත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

පසුගිය මැතිවරණ සමයේදී ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමට වෙහෙස මහන්සි විය. රජයේ නිලයක්‌ දරමින් මොහු පක්‍ෂග්‍රාහීව කටයුතු කළ බවටද චෝදනා එල්ලවී තිබිණි. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වීමෙන් පසු හිටපු පොලිස්‌පතිවරයා හොර රහසේම රටින් පලා ගියේය.




(<---වෙලේ සුදාගේ ඊයේ ගත් ඡායාරූපයක්‌)

මේ අතර වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂකවරයකුද එහි සේවය කරද්දී වැඩ තහනමට ලක්‌වූ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුද සැරයන්වරයකුද පිළිබඳවත් තොරතුරු ලැබී ඇත.

මෙම නිලධාරීන්ගේ තොරතුරු අනාවරණය වූයේ වෙලේ සුදා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.


මේ අතර ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් හය දෙනෙකු පොලිස්‌ භාරයට ගෙන තිබිණි. ඔවුන් අතර කොළඹ තරුණ දේශපාලනඥයාගේ පෞද්ගලික ලේකම්වරයකුද සිටින බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු පොලිස්‌පතිවරයාට වෙලේ සුදා නමැත්තා දේපොළ ඇතුළු තවත් වටිනා තෑගි ලබාදී ඇති බවද හෙළිවී ඇත.

සැකකාර කොළඹ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙලේ සුදා මාසිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ ලබාදී ඇති බවද හෙළිදරව් වෙමින් පවතී.


වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූවන් අත්අඩංගුවට ගැනීමට සීසීටීවී සාක්‍ෂි මෙන්ම තවත් පුද්ගලයන් කීපදෙනකුගේ සාක්‍ෂි ලබා ගැනීමටද නියමිතය.

පාකිස්‌තානයේදී අත්අඩංගුවට ගත් වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ ඉකුත් 8 වැනිදාය.

මොහු පාකිස්‌තානයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ට්‍රැක්‌ටර් රෝදවල සඟවා හෙරොයින් කිලෝ ග්‍රෑම් 185 ක්‌ ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර තිබියදීය.

පසුව පාකිස්‌තාන පොලිසිය මගින් වෙලේ සුදා ශ්‍රී ලංකාවට භාරදීමට කටයුතු කරන ලදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා

http://www.divaina.com/2015/01/23/news01.html

2 comments:

Anonymous said...

දුමින්ද සිල්වයි, මහින්ද බාලසූරියයි...
අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

දෙනෙත් හරින්න ! said...

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව