
ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පලායාමෙන් පුරප්පාඩු වී ඇති ජාතික සංවිධායක ධූරය පාඨලී චම්පික රණවක මහතාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය රාජිත සේනාරත්න මහතාටත් ලබාදීමට ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කොන්දේසි විරහිතව එකග වන්නේ නම් හෙල උරුමය විසිරුවා හැර ශ්‍රීලනිපයට එකතු වීමට සූදානම් බව මෙසේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දන්වා ඇත.
පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් අනුව 2020 වන විට ඒ මහතා ශ්‍රී ලංකාවේ නායකයා වීම අනිවාර්ය බව පවසා ඇති රතන හිමියන් තමන් වහන්සේගේ යෝජනාවට ඉක්මන් ප්‍රතිචාරයක් ලබාදෙන ලෙස ශ්‍රීලනිපයෙන් ඉල්ලා ඇත. ඒ අනුව හෙට (28) සවස 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූළස්ථානයේ රැස්වන මධ්‍යම කාරක සභාවට රතන හිමියන්ගේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
http://sinhala.lankanewsweb.net/exclusive/15526-2015-01-27-12-45-20
0 comments:
Post a Comment