Pages

Friday, January 9, 2015

කිරෙන් දිය වෙන් කරගන්නට සමත් හංසයෝ, නිවැරැද්ද, සත්‍ය සහ විනය, වැරැද්දෙන්, අසත්‍යයෙන් සහ අවිනයෙන් වෙන් කර ගැනුමට සමත් වේවා!



මෙම ලිපිය උපුටා ගත්තේ බුද්ධික මල්ලවආරච්චි මහතාගේ මුහුණු පොතේ වූ තතු යාවත්කාලීනයකිනි.

බලකාමය මිනිසුන් අන්ධ කලේය. මහරජ සිහසුනට එසවූ අහිංසකයන්ට පහර වැදිනි. සැමදා රජු සමඟ සිටි බොදු බලයට නේකවිධ මඩ පහර වැදිනි. බලය සැමදා තම අත යැයි සිතූ මහරජුන්, සිහසුන් වැඩියේ දූෂණය, හොරකම යන කිරුළුද සමඟය. බලය, දූෂණය සඳහා ලැබෙන වරදානයක් නොවන බවට සියලු පාලකයෝ සිතාගත යුතුය. මේ දූෂිත පාලනය එරෙහිව මෙත් පාලනයක් වෙනුවෙන් නොබියව හැඬ නැගූ අප, අද හවස 6ට දිව්රන නව පාලකයන්ට මතක් කළ යුත්තේද මෙයයි.

කිරෙන් දිය වෙන් කරගන්නට සමත් හංසයෝ, නිවැරැද්ද, සත්‍ය සහ විනය, වැරැද්දෙන්, අසත්‍යයෙන් සහ අවිනයෙන් වෙන් කර ගැනුමට සමත් වේවා! එසේ නොවුනහොත්, හංස පාලනයටද එරෙහි වන්නට අපි කිසි විටෙක භිය නොවෙමු! මක්නිසාද යත්, අපි කිසිඳු පක්ෂයකට බැඳි පාක්ෂිකයන් නොවන බැවිනි! 

සබැඳි ලිපි -
[
දුෂ්ඨ ගමනට දැන් සමු දිය යුතුමයි!http://denethharinna.blogspot.com/2015/01/blog-post_25.html
]

0 comments: