Pages

Friday, December 22, 2017

විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ අන්තවාදී විල්පත්තු සංහාරයේ නිරුවත එළියට!

විල්පත්තු වන විනාශයට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා පරිසරවේදීන් හා විල්පත්තුව සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් කරන ලද බලපෑම් වල ප්‍රතිපලයක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විල්පත්තු වන විනාශය පිලිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව 2017 දෙසැ. 20 කථානායකවරයාට භාර දී තිබේ.

“විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව” ලෙස නම් කර ඇති මෙම වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් සකස් කර ඇත.

විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරයේ සිදු කර ඇති වන හායනය සහ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, එම රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී බලහත්කාරයෙන් වනය විනාශ කර ඇති බවත්, එහි පදිංචි කළ ජනතාව යුද්ධයෙන් අවතැන් වුවන් නොවන බවත්, පදිංචි කොට ඇති පවුල් වලින් 80% ක් නිවාස වල දීර්ඝ කාලීනව ජීවත් නොවන බවත්, එයින් පෙනී යන්නේ ඔවුන්ට පදිංචිය සඳහා වෙනත් ස්ථාන වල නිවාස ඇති බවත්, රක්ෂිත ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් කොට ඇති බව සහ ඔහුට ඒ සඳහා අධිකාරිමය බලයක් නොමැති බවත් යන කරුණු සහ තවත් විශාල කරුණු ගණනාවක් මෙම විගණන පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇති බව දැනගන්නට ඇත.

විලත්තයිකුලම් රක්ෂිතය සංරක්ෂණය කළ යුතු ඉතා වටිනා වනාන්තරයක් බැවින් මෙලෙස පදිංචි කොට ඇති අනවසර පදිංචි කරුවන් හා නිවාස ඉවත් කොට එම හායනය කළ ප්‍රදේශය නැවතත් වනාන්තරයක් බවට පත් කරන ලෙසත් විගණකාධිපතිවරයා නිර්දේශ කොට ඇති බව ද දැනගන්නට ඇත.


මෙම විගණකාධිපති වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත්, එම වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම දැවැන්ත වන විනාශයට මුලික වූ රිෂාඩ් බදුර්දීන් ඇතුළු පද්ගලයින්ට තරාතිරම නොබලා පොදු දේපළ පනත යටතේ දඬුවම් කරන ලෙසත් විල්පත්තුව සුරකිමු සංවිධානය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.

– පරිසරය වෙනුවෙන් කලාකරුවෝ

Lanka C News

Pic Source

සබැඳි ලිපි -
[
විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න
http://yukthiyawenuwen.blogspot.com/2017/10/blog-post_24.html
වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html
වනය වනසන බලෙන් ඉඩම් අල්ලන බදුර්දීන්ගේ සහෝදරකම්!
http://yukthiyawenuwen.blogspot.com/2016/12/blog-post_29.html
බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!
http://yukthiyawenuwen.blogspot.com/2016/12/600.html
රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://yukthiyawenuwen.blogspot.com/2016/05/blog-post_31.html
බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://yukthiyawenuwen.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://yukthiyawenuwen.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://yukthiyawenuwen.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://yukthiyawenuwen.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://yukthiyawenuwen.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://yukthiyawenuwen.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්න
http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post_7519.html
විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_3649.html
විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_2205.html
විල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්න
http://yukthiyawenuwen.blogspot.com/2014/04/40.html
ඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌
http://yukthiyawenuwen.blogspot.com/2014/04/50.html
විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...
http://yukthiyawenuwen.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැති
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_9313.html
විල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARK
http://yukthiyawenuwen.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.html
පාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරු
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලය
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_7055.html
වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!
http://yukthiyawenuwen.blogspot.com/2014/03/30000-150.html
මුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!
http://yukthiyawenuwen.blogspot.com/2014/01/blog-post_2967.html
මුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.
http://yukthiyawenuwen.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://yukthiyawenuwen.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://yukthiyawenuwen.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://yukthiyawenuwen.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://yukthiyawenuwen.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_16.html
]

අපේ බදු මුදලින් අපේ බොදු උරුමය ඩෝසර්... ඩෝසර් කිරීමට යොදාගෙන ඇත්තේ රජයට අයත් ඩෝසර්...

සාම්පූර් බෞද්ධ නටඹුන් ඩෝසර් කර ඇත්තේ රජයේ දේපළ, යන්ත්‍රඋපකරණ යොදාගෙන!

සාම්පූර්, සුඩකුඩා ප්‍රදේශයේ බෞද්ධ නටඹුන් ඩෝසර් කිරීමට යොදාගෙන ඇත්තේ රජයට අයත් ඩෝසර් යන්ත්‍ර බවට හෙළිව තිබෙනවා.

සාම්පූර් ප්‍රාදේශීය සභාවේ අනුදැනුම මත එහි උපකරණ යොදාගෙන මෙම විනාශය සිදුකර ඇතැයි වාර්තා වන අතර, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත පොලීසිය එම ස්ථානයට යනවිටත් ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයක් එම ස්ථානයේ තිබී ඇතත්, එම කැබ් රථය හෝ ඩෝසර් යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර නොමැති බවට චෝදනා එල්ල වනවා.

අදාළ සිදුවීම පිළිබදව කරුණු විමසීමේදී, එවැනි දෙයක් සිදුව නැතිබව පවසමින් ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් ජාතික නිලධාරීන් කොලඹ බලධාරීන් නොමග යැවීමට කටයුතු කර තිබෙන බවද වාර්තා වේ.

පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු මෙම චෛත්‍යය පෙරේදා (18) ඩෝසර් කොට බිමට සමතලා කර තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන්ද ජනාධිපති කාර්යාලයෙන් විමසා ඇතැයිද වාර්තා වේ.

http://www.colombotoday.com/40983-265595/

සාම්පූර් සුඩකුඩා ප‍්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර සොයාගනු ලැබූ අනුරාධපුර යුගයේ බව සැලකෙන බෞද්ධ නටබුන් පිහිටි භූමිය කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර ඇත.

එම භූමියේ පිහිටි ගරා වැටුනු චෛත්‍යයක් මෙම ඩෝසර් කිරීමෙන් පසු මුළුමනින්ම බිමට සමතලා වී තිබේ.

චෛත්‍ය තිබූ ස්ථානය අසලින් පාදම් ගලක්ද හමුව තිබූ බව පුරා විද්‍යා බලධාරීන් කියයි.

සාම්පූර් පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Lanka C News

සබැඳි ලිපි - 
[

නැගෙනහිර සමුද්‍රගිරි පිච්චමල් විහාර පුරාවිද්‍යා බිම අන්තවාදීන්ගේ ග්‍රහණයට!http://yukthiyawenuwen.blogspot.com/2017/07/blog-post_86.html
කොටින්ගෙන් බේරාගත් නැගෙනහිර පුදබිම් අන්තවාදී වගවළසුන්ගේ ආක්‍රමණයට හසු වෙයි!http://yukthiyawenuwen.blogspot.com/2017/07/blog-post_10.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_6351.html
මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා... පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරලා!

http://yukthiyawenuwen.blogspot.com/2016/11/blog-post_16.html
නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්
http://yukthiyawenuwen.blogspot.com/2016/01/blog-post.html
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්http://yukthiyawenuwen.blogspot.com/2015/10/blog-post_22.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_5928.html
අක්කරපත්තුවේ බෞද්ධ නටඹුන් ගල් කණු ගලවා පල්ලියක් සාදති!

http://yukthiyawenuwen.blogspot.com/2016/04/blog-post_19.html
ඉතිහාසයෙන් අතුගෑවෙන නැගෙනහිර
http://yukthiyawenuwen.blogspot.com/2014/01/blog-post_4864.html
නැගෙනහිර සිහල බොදු උරුමය සේදීයයිද? දේශපාලකයන් සහ රජ්‍ය නිලධාරීන් හවුලේ මහා ඉඩම් කොල්ලයක...
http://yukthiyawenuwen.blogspot.com/2014/02/blog-post_7802.html
දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_4485.html
මොට්ටාගලින් මහා උරුමයක සාක්ෂි මතුවේ!
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_7167.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_11.html
http://yukthiyawenuwen.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post.html

]

Sunday, December 3, 2017

වැදගත් සිදුවීම් රැසක් වූ උඳුවප් පොහොය අදයි! සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි!

වසරේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් ලොව පුරා බෞද්ධ සැදැහැවත්හු වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙති.

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ද අද වැනි පොහෝ දිනෙක සිදු විය.

බුදුන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුමැතිය ලැබ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස ජය ශ්‍රී මහා බෝ සමිඳුන් දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවන්නේ ඒ අනුව ය.

එවක පටන් බෞද්ධාගමික පුනර්ජීවණය ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරු‍ණේ, මෙරට මෙහෙණි සස්නෙහි ඇරඹුම ද සනිටුහන් කරමිනි.

මේ අතර උඳුවප් පුර පසළොස්වක පොහෝයත් සමග සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වේ.

http://www.colombotoday.com/40232-262/

ශ්‍රී ලංකාවේ ශ්‍රී පා සටහන් හතරක්‌ තිබේද?

2008 දෙසැම්බර් දොළහට යෙදුණු උඳුවප් පුර පසළොස්‌වක පෝයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ විය. අවාරය හය මාසයක්‌ ගෙවී රත්නපුර ගල්පොත්තාවල රජමහා විහාරයෙන් රිය පෙරහරින් නල්ලතන්නියට වැඩම වූ සමන් දේව රූපය සුමන කූඨ හෙවත් ශ්‍රීපාද කඳුවැටියට වැඩමවීමෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි. එදා පාරිසරික හේතු මත අවාරය දෙවියන්ට ශ්‍රී පාදය වෙන් වූ කාලය ලෙස බැතිමත්හු සැලකූහ. තද වර්ෂාව, දැඩි සුළඟ ඝන මීදුම සැර අකුණු, ගස්‌ කඩා වැටීම්, ගල් ගැල වී පෙරළීම් පියගැට මාර්ග වසා ගෙන එන බොර වතුර කඳන්, තද පාළුව, දිවියන් ඇතුන් එළියට බැසීම වැනි හේතු මත අවාරය එදා උදා විය.

 බුදුහිමි මහියංගණයට වැඩි විට බණ අසා සෝවාන් වූ යක්‍ෂ ගෝත්‍රික ලාංකික ප්‍රාදේශීය අධිපතියෙකු වූ සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහිමි තුන්වැනිවර ලංකාවට වැඩි විට සමනල කඳු මත ශ්‍රී පාද ලකුණ පිහිටුවා ඇත. ලංකාවේ උස අතින් පස්‌වැනි ස්‌ථානය දරන සමනල කඳු ගැටය අඩි 7360 උසය. මෙය නම් රැසකින් හැඳින්වෙයි. ශ්‍රී පාදය සමන්ත කූඨ, සුමනගිරි සුමන කූඨ, ලංකා පබ්බත, රෝහණ පබ්බත, ශිවන් ඔලි පාදම්, බබාද මලෙයි, පීකෝද ඇඩම්, ඇඩම්ස්‌ පීක්‌ ඉන් කීපයකි. සමන් දෙවියන්ගේ බිසව හා පුතෙකු ගැන සීතාවක කල ලියවුණු සැවුල් සංදේශය කියන අතර "ප්‍රපංච සුදනී" "පාලි ග්‍රන්ථයේ සුමන දෙවිඳුගේ "කාලි" නමැති දුව ගැන කියයි. එතුමා ශ්‍රී පාද අඩවියට අධිගෘහීත අතර වාහනය සුදු ඇතෙකි. සමන් දෙවියන් යනු ආටානාටිය සූත්‍රයේ එන අටවිසි යක්‍ෂ සේනාධිපතියෙකු වූ සුමන විය හැක. එතුමාගේ වැඩිමහල් සහෝදරිය වූ "මහලොකු" තවමත් යක්‌ෂ පිරිවර ඇතිව යක්‍ෂ නායිකාවක්‌ ලෙස මහියංගණ අඩවියේ පුද ලබයි. සමන් දෙවියන් කවුද? යනු අදහස්‌ කීපයකි.

 මහියංගණය අඩවියේ විසූ යක්‍ෂ ගෝත්‍රික ප්‍රදේශ අධිපතියෙකි. මහලොකු යක්‍ෂ නායිකාව තාම මහියංගණය පුදයි.

 දඹදිව රජගහනුවර සිට බුදුහිමි සමඟ දෙවැනි වර කිරිපලු රුකක්‌ රැගෙන වැඩි සමිද්ධි සුමනයි.

 "රාමායණය" කතාවේ එන රාමාගේ සොහොයුරු ලක්‌ෂ්මණයි. පසුකල ඇති වූ මේ අදහස වැරදිය.

 මහායාන බෝධිසත්වයකු වූ සමන්තභද්‍රය. පොතාල කඳුමුදුනේ වසන සමන්ත භද්‍ර කහපාටය. සුදු ඇතා වාහනයයි. නළලේ ධ්‍යානි බුදුරුවක්‌ දරයි. සමන් යනු වේද ග්‍රන්ථවල එන යම දෙවි බව "ද ගෝඩ් ඔෆ් ඇඩම්ස්‌ පීක්‌" ඉංග්‍රීසි ග්‍රන්ථයේදී මහාචාර්ය පරණවිතාන කියයි. යම කරුණාවට අධිපතිය. (පිතුරාජ නමින් හැඳින්වූ වළගම්බා රජු යම රජු මෙන් දේවත්වය ආරූඪ කර ගත් බව පරණවිතාන මහතා කියයි.)

 සමනල කඳු මත සිව් බුදුවරුන්ගේ පා සටහන්

 පොළොන්නරුවේ පළමු විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055-1111) අඹගමුව ශිලා ලිපිය අනුව මේ මහාභද්‍රකල්පයේ පහළ වූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුවරුන්ගේ පා සටහන් ශ්‍රී පාද කඳු මුදුන මත ඇත.

 වෙනත් සිරිපතුල්

 යන්නම්මදාය නදියා පුලිනේචතීරේ...." ප්‍රකට ගාථාවෙන් බෞද්ධ ලෝකයේ ශ්‍රී පාද සටහන් ඇති ස්‌ථාන ගැන කියවෙයි. එහි යෝනකපුර යනු සියමේ සච්චබද්ධ පර්වතය බව සෙනරත් පරණවිතාන මහතා කියයි. ඒ මක්‌කම නොවේ. දඹදිව නර්මදා නදී තීරයේ එක්‌ සිරිපතුලක්‌ ඇත.

 ශ්‍රී පාදයේ සිරි පතුල මුල්කල මුල්හීනයානයේ නොසලකා හැර ඇත

 මහාවිහාරය මුල්කර ගත් ථෙරවාදීන් ශ්‍රී පාදය පිහිටුවීම දළදා වැඩමවීම වැනි ආමිෂ පූජා ගැන වැඩි සැලකිල්ලක්‌ දක්‌වා නැත. පාලි සමන්ත පාසාදිකාව අන් සියලු ආගමික තොරතුරු වාර්තා කළත් සමනල මත ශ්‍රී පාද පිහිටුවීම ගැන නොකියයි. මහාචාර්ය මලලසේකරගේ "ඩික්‌ෂනරි ඔෆ් පාලි ප්‍රෝපනවුන්ස්‌" ග්‍රන්ථය අනුව ශ්‍රී පාදය මත සමනල පිහිටුවීම සැක කරයි. හීනයාන හෙවත් ථෙරවාදී මූලාශ්‍රවල සමනල මත ශ්‍රී පාද පිහිටුවීම හා ඒ ගැන විස්‌තර ඉතා අඩු ලෙස සටහන් වෙයි. ඒ ගැන වැඩි උනන්දුවක්‌ දක්‌වා ඇත්තේ මහායාන බෞද්ධයන්ය. හේතුව ඔවුන් ආමිෂ පූජා හා භක්‌ති වාදය ගැන වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීමයි.

 ශ්‍රී පාද අඩවිය අවට පැරැණිම තොරතුරු

 මහාචාර්ය දැරණියගල අනුව ලංකාවේ ශිලා යුගය රත්නපුර හා බලංගොඩ යනුවෙන් යුග දෙකකට බෙදෙයි. ඉන් වඩා පැරණි රත්නපුර සංස්‌කෘතියයි. ඉන්පසු බලංගොඩ සංස්‌කෘතියට අයත් "හෝමෝසෙපියන් බලංගොඩෙන් සිස්‌" මානවයා ජීවත් විය. එකල ඉන්දියාව හා ලංකාව එකම බිමක්‌ විය. මේ මානවයන්ගේ ඇටසැකිලි 55 පමණ දැනට ලැබී ඇත. අවුරුදු 125,000 තරම් ඈතට අපේ ශිලා යුගය විහිද යයි. අද සිටින වැද්දන් පැවත එන්නේ මේ බලංගොඩ මානවයාගෙනි. ශ්‍රී පාද අඩවිය අවට රත්නපුර හා බලංගොඩ ශිලා යුග පැතිර තිබුණි. මහාවංශය අනුව කුවේණි මැරුම් කෑ පසු ඇගේ දරු දෙදෙනා වූ ජීවහත්ථ හා දිසාල පලා ගියේ සමනල අඩවියටයි. ඔවුන් දෙදෙනාගෙන් පුලින්ද හෙවත් වැද්දන් පැතිර එන බව මහාවංශය කියයි. (එහෙත් වැද්දන් ඊට වඩා පැරණිය) මුහුදේ ඈතට සමනල කන්ද දිස්‌වන බැවින් ලංකාවට ආ මුල්ම ආර්ය කණ්‌ඩායම් ශ්‍රී පාදය දැන සිටි බව පෙනෙයි. මහායාන මූලාශ්‍ර අනුව ලංකා හෙවත් ශ්‍රී පාද කඳු මුදුනේදී බුදුහිමි ලංකාවතාර සූත්‍රය දේශනා කර ඇත. ශ්‍රී පාදය අවට විහිදී ඇති ගල් ගුහා මුල් කාලීන වැද්දන් ජීවත් වූ අතර පසුව ඒවා මුල්ම ලාංකික බෞද්ධ භික්‌ෂූන්ගේ වාසස්‌ථාන විය. අනුරාධපුර යුගයේ ථෙරවාදීන් ශ්‍රී පාදය ගැන දක්‌වා ඇති සැලකිල්ල ඉතා අඩුය.

 අනුරාධපුර ශ්‍රී පාදය

 චූලවංශය හා මහාබෝධිවංශ ගැටපදය අනුරාධපුර තිබූ ශ්‍රී පාදයක්‌ ගැන තොරතුරු කියයි. 1961 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ "චින්තන" සඟරාවට ලිපියක්‌ සපයන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අනුරාධපුර ථූපාරාමය අසල අනුරාධපුර ශ්‍රී පාද ලාංඡනය පිහිටි බව කියයි. එය ආගමික ගොඩනැඟිල්ලකට යට වීමෙන් පසුව අප්‍රකට විය.

 අභයගිරිය ශ්‍රී පාදය

 අභයගිරිය විහාරය ගොඩනඟා ඇත්තේ බුදු සිරි පතුලක්‌ මත යෑයි මහායානයට බර අභයගිරියේ විශ්වාසය විය. ථෙරවාදී භික්‌ෂූණී වංශකතාවක්‌ වූ දීපවංශයද අභයගිරි සිරි පතුලක්‌ ගැන කියයි. ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමි කියන පරිදි සිරිපතුල පිහිටා ඇති අභයගිරිය විහාරය අසල භික්‌ෂූන් පන්දාහක්‌ වාසය කරන බව චීන ජාතික පාහියන් හිමි තම ගමන් වාර්තාවේ කියයි.

 කැලණිය සිරිපතුල

 තුන්වැනි වර මණිඅක්‌ත නා රජුගේ ආරාධනාවෙන් බුදුහිමි ලංකාවට වැඩිවිට මණිඅක්‌ත නා රජුට වැඳ පුදා ගැනීමට බුදුහිමි කැලණි ගඟ යට සිරිපතුලක්‌ පිහිටු වූ බව පොළොන්නරු කල ගුරුළුගෝමීන් ලියූ අමාවතුර හා කෝට්‌ටේ කල ධම්මදින්නාචාර්ය විමලකිත්ති හිමි ලියූ " සධර්ම රත්නාකරය" කියයි "අමාවතුර" හා "සධර්මරත්නාකරය " අනුව තුන්වැනි වර ලංකාවට වැඩි බුදුහිමි නාගයින් සඳහා කැලණි ගඟ යට සිරිපතුල පිහිටුවා ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන 
http://divaina.com/sunday/index.php/visheshanga2/1203-2017-12-01-09-49-60

මහනුවර පැරණි රජ මාළිගා සංකීර්ණයේ කතාව

ඕලන්ද ජාතිකයකු හා 1815 අඳින ලද උඩරට නගරය හා රජ මාළිගාවේ සිතියම්ද උදව් විය. රොබට්‌ නොක්‌ස්‌ පරිදි උඩරට රජුට සෙංකඩවල හැර මැද මහනුවර, අළුත්නුවර, නිල්ලඹ, හඟුරන්කෙත, ගලඋඩ යන අතුරු අගනුවරවල් පහක්‌ විය. ඩොයිලි පරිදි උඩගම්පහ හා පල්ලේගම්පහ අදිකාරම් දෙදෙනාට මහනුවර නගරයේ ආරක්‍ෂාව භාර විය. දළදා මැඳුර, රජ මැඳුර හැර ප්‍රධානීන්ගේ නිවාස වැදගත් විය. සාමාන්‍ය ජන නිවාස පැල්පත් විය. මහනුවර ජනගහනය 3000 පමණ විය.

1. දළදා මැඳුර - දැනට ඇති දළදා මැඳුර දෙවැනි විමලධර්මසූරිය (ක්‍රි.ව.1687-1707) තුන්මහල් කර හැදූ මැඳුර නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707-1739) විසින් දෙමහල් කොට සෑදුවකි. 1765 ඕලන්ද ආක්‍රමණයට පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1782) දලදා මැඳුර අලුත්වැඩියා කළේය. දළදා මැඳුරට පත්තිරිප්පුව එකතු කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. (ක්‍රි.ව. 1798-1815) දෙහිගම නිළමේගේ සැලැස්‌ම අනුව දේවේන්ද්‍ර මූලාචාරියා පත්තිරිප්පුව ඉදිකළේය. රජු මහජනයා ඇමතීම සංදර්ශන නැරඹීම, උත්සව බැලීම කළේ මෙහි සිටයි. දළදා මැඳුර වටා වලාකුළු බැම්ම ඇත.

අටවන පත්තිරිප්පුව - දළදා වැඩම වනවිට පත්තිරිප්පුවට වඩා පහතින් තිබූ අටවන පත්තිරිප්පුවේ සිට රජු හා බිසෝවරු පෙරහැර බැලූහ. අද ඒ නැත.

රජ මැඳුර - රජමැඳුර යාවම දළදා මැඳුර සෑදීම අනුරාධපුර කල සිටම සිදුවිය. මහනුවර නගරයේ නැගෙනහිර රජමැඳුර ඇත. ඉංග්‍රීසි ජාතික පයිබස්‌ පරිදි රජමාළිගය උදාරය. පෙනුම ප්‍රෙෘඪය. කුටි රැසක්‌ විය. ඒ සංකීර්ණය තුළ උස තාප්පයකින් වටකළ උයනක්‌ද විය. ඩේවි පරිදි රජමැඳුර යාර 200 තරම් දිගට ඇත. දළදා මැඳුර හා රජමැඳුරට යාමට දිය අගල හරහා උස්‌පහත් කළ හැකි පාලමක්‌ විය. රජමැඳුරට ඉහළින් හා වටේට මිනිසුන්ට තහනම්වූ උඩවත්ත කැලේ විය. උඩවත්තකැලේ එදා බහිරවකන්ද හා හන්තාන, ගන්නෝරුව දිවිදොස්‌ කන්ද එකම කැලෑවක්‌ ලෙස පැතිරී තිබුණි. ලේවැල්ල තොටින් ඇරැඹුණු පල්ලේකැලේ කැලෑව අද රන්දෙනිගල ජලාශය දක්‌වා විය.

එදා රජමැඳුරේ අංග, ගොඩනැඟිලි මණ්‌ඩප 18 විය. මේ 18 අද 5 වඩා ඉතිරි වී නැත. රජ මැඳුර, මඟුල් මඩුව, මැදවාහළ, පල්ලේවාහළ, උල්පැන්ගෙය, වැවමැද ජයතිලක මණ්‌ඩපය, උඩරට කලා සංගමය හා අනගාරික ධර්මපාල මාවතේ කැන්ඩි ක්‌ලබ් ගොඩනැඟිල්ල දක්‌වා රාජ මාළිගා ගොඩනැඟිලි විය. රජමාළිගා ඉතිරි ගොඩනැඟිල්ල 1966 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කටු ගෙයක්‌ විය. මහනුවර රාජ්‍යයේ මුල සිටම මේ ස්‌ථානයේ රජමැඳුර විය. පෘතුගීසී ඕලන්ද හා 1803 ඉංග්‍රීසීන් ඒ ගිනිතැබීම නිසා දැනට ඉතිරිව ඇති රජ මාළිගා මන්දිර ශාලාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අළුතින් ඉදිකර ඉතිරිව තිබූ ඒවා අළුත්වැඩියා කළ බව හැඟෙයි. අද ඉතිරි ගොඩනැඟිල්ලට නැඟීමට පියගැට පෙළකි. ප්‍රධාන ශාලාව අඩි 140 තරම් දිගය. අඩි 50 තරම් පළලය. බිත්තියේ ඉදිරිපස දොර අසළ හංස, සිංහ හා නෙළුම් මල් මෝස්‌තර තිබී මතුකර ඇත. ප්‍රධාන උළුවස්‌ස, දොර කැටයම් කර ඇත. ප්‍රධාන දොර අඩි 8 ක්‌ තරම් උසය. 6 තරම පළලය. පිටුපස දිගටම පටු බරාඳයකි. අඩි 40Ü15 ප්‍රධාන කාමර 3 හා කුඩා කාමර 3 ක්‌ එහි තිබී ඇත. රජ මැඳුරේ ඉහළ තට්‌ටුවක්‌ විය. දැනට ඉතිරි ශාලාව ඇතුළතින් උඩට නැගීමට තරප්පු පෙළක්‌ද පිටතින් නැගීමට පියගැටපෙළක්‌ තිබුණු බව පෙනෙයි. පිටත තිබූ පියගැට දෙකක්‌ තවම ඉතිරි වී ඇති බව සංස්‌කෘතික කැණීම් බාරව සිටි පී, බී. මණ්‌ඩාවල මහතා කියයි. දෙමහල් ගොඩනැඟිල්ල, වහළ පෙති උළු වසා තිබුණි. රජ මැඳුර හා දළදා මැඳුර ආරක්‍ෂාවට පවුර, දිය අගල හා මඩ අඟල විය. ගොඩ වී පස්‌ පිරී තිබූ දියඅඟළ 1947-50 අතර පාදා සැකසුවේ පරණවිතාන මහතා ය. රජමැඳුර පසුකර විෂ්ණු දේවාලය දක්‌වා දියඅගල මතුකිරීම 1963 පසු සිදුවිය. දියඅගල එදා වර්තමාන ජනාධිපති මන්දිරය වටා ත්‍රිකුණාමලය වීදියේ මැද ටි්‍රනිටි විදුහල අවට තිබූ බොර වැව දක්‌වා විහිදී තිබුණි. මඩ අගල අඩි 20 පළල විය. දිය අගලේ එදා නෙළුම්, ඕලු ගහණ විය. දළදා මැඳුර, රජමැඳුරට ඇතුළුවීමට උස්‌ පහත් කළ හැකි පාලමක්‌ විය. ඒ අසල දැවැන්ත නුග ගසක්‌ විය. කුංකුණාවේ හිමිගේ වස්‌ කවියකින් මේ නුගගස ගැළවී පාවී ගොස්‌ බෝගම්බර වැවට වැටුණු බව එයි.

ඕලන්දයින් - ඉංග්‍රීසීන් රජමැඳුර ගිනි තැබීම

ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු අඳුරු කුඩා ළැගුම් ගෙවල් හා කුටි කඩා දැමීම (මේ බව ඩේවි කියයි) ජෝන් ඩොයිලි හා ඉන්පසු ඒජන්තවරුන් පදිංචියේදී පැරැණි ගොඩනැඟිලි කඩා වෙනස්‌කිරීම හා 1875 හැත්වැනි එඩ්වඩ් කුමරුගේ ලංකා ගමනයට මහනුවර වෙනස්‌කම් රැසක්‌ කිරීම නිසා රජගෙදර හා පරිවාර ගොඩනැඟිලි රැසක්‌ විනාශ විය.

4. වීදි - මධ්‍ය ලංකා පුරාවෘත්ති ග්‍රන්ථය මහනුවර එදා වීදි 19 දක්‌වයි. දළදා වීදිය, කවිකාර මඩුව සිටි කවිකාර වීදිය - විෂ්ණු දේවාලය තිබූ වෛකුණ්‌ඨ වීදිය - රිදී වීදිය - එදා රජුගේ ඥතීන් විසූ අෂ්ටවංක හා කුඩාරුප්ප වීදි (වර්තමාන අනගාරික ධර්මපාල මාවත) ඉන් කීපයකි.

5. වාහල්කඩ - එදා වාහල්කඩ 9 විය. මහවාහල්කඩ පියගැට 16 නැග රජමැඳුර හා දළදා මැඳුරට ඇතුළු විය යුතුය. කෝරා - මෝහන - පෑතැටි තවත් වාහල්කඩ කීපයකි. පෑතැටි වාහල්කඩ වේලාව නිවේදනය කළ හැකිවිය.

6. මණ්‌ඩප්ප - මණ්‌ඩප හෙවත් ප්‍රධාන ගොඩනැඟිලි 9 විය. මඟුල් මඩුව - දකින මණ්‌ඩපය, ශාන්ති මණ්‌ඩපය - රන් ආයුධ මණ්‌ඩපය, සුපන් මණ්‌ඩපය ඉන් කීපයකි.

7. මහවාසල - රජ වාසළ තුළ මැඳුර මහවාසල නම් විය. එහි රජු සැතපෙන ගෙය, සළු මණ්‌ඩපය, බිසෝ කුටි, බිහි කුටි, බේත් ගබඩා, විවිධ කුටි විය.

8. මැදවාහළ - රජුගේ කිට්‌ටුම ඥතීන් විසූ මැඳුරය. වෙනස්‌කම් සහිතව දැනට ලෝක උරුම - මහනුවර නගර කාර්යාලය එහි ඇත. මැද මිදුල ඇත.

9. පල්ලේවාහළ - එදා රාජකීය අන්ත(පුරය පල්ලේවාහළ විය. 1875 හත්වැනි එඩ්වඩ් කුමරු එන විට මෙහි වූ කැටයම් - ලී කණු 32 ගළවා ඉන් කොටසක්‌ මඟුල් මඩුව දිගු කිරීමට යොදා ලී කණු තිබූ ස්‌ථානවල ගඩොල් කුළුණු ඉදිකර ඇත. මැද මිදුල ඇත. අද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කටුගේ මෙහි ඇත.

10. මඟුල් මඩුව - රාජාධිරාජසිංහ රජු දේවේන්ද්‍ර ලවා අරඹා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල නිමවිය. මුල් මඟුල් මඩුව මෙහිම විය. විසිතුරු ලී කැටයම් කණු ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල ඇමැති රැස්‌වීම් විශේෂ රජකීය උත්සව, මහනඩුව නම් ඉහළම උසාවිය මෙහි විය. ඩේවි පරිදි රජු මද අඳුරේ පහන් එළිය හා සුවඳ දුම් මැද තිර 7 මුවා වී මෙහිදී විදේශ දූථයන් හමුවිය. මුල් ගොඩනැඟිල්ල අඩි 59x55 විය. 1820 අවට මේ ක්‍රිස්‌තු පල්ලිය ලෙස යොදාගෙන ඇත. 1875 හත්වැනි එඩ්වඩ් කුමරු එනවිට වටා වූ කෙටි බිත්ති කඩා තවත් අඩි 31 දිගුකර ඇත. පේළි 4 කණු පේළි 12 පැරැණිය. 4 පේළි 3 අළුතින් 1875 සිටුවා ඇත. මඟුල් මඩුවේදී 1815 ගිවිසුම අත්සන් කළේය. මෙයට නැගීමට දෙපැත්තෙන් තිබූ පියගැටපේළි දෙකක්‌ කැණීම්වලදී මතුවිය. මඟුල් මඩුව දෙපස එදා තිබූ ශාන්ති මණ්‌ඩපය හා දකින මණ්‌ඩපය අද වැනසී ඇත. ශාන්ති මණ්‌පය රජුට යාගහෝම ශාන්ති කළ ස්‌ථානයයි. රජු විදේශීය තානාපතීන් හමුවූයේ දකින මණ්‌ඩපයේදීය. පාලි සිරිරාම සංදේශය - කිරල සංදේශය මේ වර්ණනා කරයි.

11. උඩ ගබඩාව - රජුගේ පෞද්ගලික බඩු ගබඩාව විය.

12. අරමුදලේ ගබඩාව - රාජකීය ප්‍රධාන ගබඩාවයි

13. කිරිමුහුද හා වැව් - 1815 වන විට අඩු ලෙස වැව් 5 හෝ 4 මහනුවර විය.

1. දෙවැනි රාජසිංහ රජු කළ බව සිතිය හැකි දැනට බෝගම්බර පිටිය ලෙස ගොඩ කර ඇති පැරණි බෝගම්බර වැව

2. ටි්‍රනිටි - විද්‍යාර්ථ විද්‍යාල අවට තිබූ 1832 වැනසී ගිය බොර වැව

3. දෙවැනි රාජසිංහ රජු කළ වැව් 32 න් එකක්‌ විය හැකි රාජකීයයන් නෑමට ගිය උඩවත්ත කැලේ වැව

4. 1810-12 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් මීගස්‌තැන්න මහාදිකාරම් ලවා ටිගොල්වෙල වෙල්යායේ සෑද වූ කිරිමුහුද (බෝගම්බර අළුත් වැව - කිරිමුහුද - අලකොළ වැව - සෙංකඩගල වැව මෙයට යෙදුණු නම්ය)

5. මහයාය - මාවිල්මඩ අවට පැතිර තිබූ ගබඩා වැව හෙවත් මහඉහවැව මහයියාව

ඉන් කිරි මුහුද නගරයට මනා අලංකාරයක්‌ විය. වැව වටා දියරැළි බැම්ම විය. රජු බිසෝවරුන් සඳහා දළදා මැඳුර ඉදිරිපිට බිසවුන් දිය නෑ උල්පැන්ගෙය විය. ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1857 උල්පැන්ගෙය වසා දෙමහල් පුස්‌තකාලයක්‌ ඉදිකර ඇත. පුරාවිද්‍යා කැණීම්වලදී යළි උල්පැන්ගේ මතුකර ඇත. මේ අඩි 40 තරම් දිග අඩි 20 තරම් පළලය. උල්පැන්ගෙය සිට වැව මැද දූපතට යාමට පාළමක්‌ වූ බව හැඟෙයි. එවැන්නක ශේෂයක්‌ උල්පැන්ගේ යට බැම්මේ අල්ලා ඇත. වැව මැද රජුගේ ජයතිලක මණ්‌ඩපය (කුණ්‌ඩශාලාව හෙවත් සීතල මාළිගාව) විය. එහි සිට උඩවත්තකැලේට විහිදුණු උමගක්‌ ගැන කියෑවෙයි. වැව වටා බැම්මේ විසිතුරු ගස්‌වැල් විය.

14. රන් ආයුධ මණ්‌ඩපය - රජුගේ රන් ආයුධ විය

15. මුද්දර මණ්‌ඩපය - රාජකීය නිළ ලාංජන විය

16. හරවක්‌කාර මඩුව - රජු කඩු ශිල්ප - මල්ලව පොර නැරඹූ මඬුවයි

17. කවිකාර මඬුව - රජුට ප්‍රශස්‌ති වන්දිභට්‌ටයන් සිටි ස්‌ථානයයි. (දළ මැඳුරේ තවම කවිකාර මඩුව ඇත.)

18. දෙමළ ඉලංගම්මඩුව - රජු නැටුම් ගැයුම්වලින් පිනවූ නිළියන් සිටි බිමයි.

19. මහාමළුව - දළදා මැඳුර පටන් ඇතැම් විට අද ඔරලෝසු කණුව ඇති බිමට ළං වන තුරු අද ඇති ක්‌වීන්ස්‌ හෝටලය සීමාව ඉක්‌මවා මහමළුව තිබෙන්නට ඇත. ප්‍රධාන උත්සව, සැණකෙළි, පෙරහර, රජු මහජනයා ඉදිරියේ පෙනී සිටීම මහ මලුවේ සිට ඉටුවිය. පසු කල මෙය මහමළුව හා මද්දුම බණ්‌ඩාර උද්‍යානය ලෙස දෙකට බෙදුණි. (දැනට ඇති බෝගම්බර වැවේ වතුර ගලා ගොස්‌ වැටුණු තවත් වැවක්‌ එයට පහළින් වූ බව "උඩරට කැරැල්ල -3" ග්‍රන්ථයේ තෙන්නකෝන් විමලානන්ද කියයි. ඒ දැනට ඩී. එස්‌. සේනානායක පුස්‌තකාලය අවට බිමේ වූවා විය යුතුය.

20. දේව සංහිඳ - මහදේවාලය (විෂ්ණු) හා නාථ දේවාලය අතර බිමේ විය.

21. යුක්‌තියේ ඝණ්‌ඨාරය - අධිකාරම හෝ දිසාව දෙන ලද තීන්දුවකට විරුද්ධව රජු වෙත අභියාචනා කිරීමට - හැඬවීමට තිබූ සීනුවකි. නාථ දේවාල බිමේ කෙළවර විය. එළාර රජු ගැන කතාවේදී යුක්‌තියේ ඝණ්‌ඨාරය ගැන කතාන්දර කීපයක්‌ එයි. එළාර රජුට පසු යුක්‌තියේ ඝණ්‌ඨාරය ගැන සඳහන් එකම අවස්‌ථාවයි.

22. ඇතුන් නාවන වළ - තිබූ ස්‌ථානය අප්‍රකටයි.

23. කුණම් මඩුව - රජුගේ කුණම් ගබඩා කර තිබූ තැනයි. අද ඒ වැව රවුමේ උඩරට කලා සංගම් ගොඩනැඟිල්ලයි. දෙවැනි ලෝක යුද්ධය කල මෙහි යුද හමුදා රෝහලක්‌ විය. අද උඩරට කලා සංගමය ඇත.

24. රජුගේ අටුව - අනගාරික ධර්මපාල මාවතේ පිහිටි "Kandy Club" (කැන්ඩ් ක්‌ලබ් නිවස) එදා රජුගේ අටුව විය.

25. රජ මැඳුරේ රජුගේ අසුන් බැඳීමට යෙදූ කණු දෙකක්‌ තවම ඇත.

26. කච්ෙච්රිය පිටුපස උඩවත්ත කැලේ රජ පවුල දියනෑ පිහිල්ලක කොටසක්‌ හා රජ මැඳුරේ වූ ගල් ආසන තුනක්‌ රජගෙදර කටුගේ ඇත. රජු හා බිසවුන් දිය නෑමට ගිය ස්‌ථාන අතර දළදා මැඳුර අසළ උල්පැන්ගෙය, බෝගම්බර වැව ඉස්‌මත්තේ රජපිහිල්ල - ලේවැල්ලේ ගිනිනිල්ල දියඇල්ල (අද නැත) කීපයකි.

27. මල්වත්ත - රජ බිසවුන්ට වෙන්වූ පසු කළ මල්වතු විහාරය ඉදිවිය.

28. නිලමේවරුන්ගේ වලව් - නිලමේවරුන්ගේ වළව් රජමැඳුර අසළ විය. පිළිමතලව්වේ වළව්ව 1817 රජයට ගන්නා ලදුව 1832 ඒ ඉංග්‍රීසි ආණ්‌ඩුකාර මැඳුර ඉදිවිය. අද ඒ ජනාධිපති මැඳුරයි. ඇහැලේපොල වළව්ව අද බෝගම්බර රිමාන්ඩ් හිරගෙදරයි. දුනුවිල වළව්ව මහනුවර නගර සභාව වන අතර දෙහිගම වළව්ව අද දෙහිගම හෝටලයයි.

29. ගම්පළ කල ඉදිවූ නාථ දේවාලයේ රජුගේ නම් පටබැඳීම හා ඉසතෙල් ගෑම විය. විෂ්ණු දේවාලයේ දී රාජාභිෂේක උළෙල විය.

30. පැරැණි බෝගම්බර වැව මායිමේ හිස්‌ ගසා දැමීම හා ස්‌ත්‍රීන් දියේ ගිල්වීම සිදුවිය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක එස්‌. කේ. ජයවර්ධන
http://divaina.com/sunday/index.php/visheshanga2/1181-2-13

සිංහලේ අසම සම කළ ඒ සිරිමහා බෝධියේ වැඩමවීම

සම්බුද්ධශාසනය හා බැඳී පවත්නා වසරේ වෙසක්‌ පෝය, පොසොන් පෝය හා ඇසළ පෝය තරමටම උඳුවප් පෝයද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක්‌ ගනී. ඊට පාදක වී ඇත්තේ සජීවී සම්බුදු හිමියන් බඳු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණිය සහ පිරිවරින් සිංහලේට වැඩමවා, මහමෙව්නා උයනේ වඩා හිඳුවීම සහ මෙහෙණි සස්‌න මෙහි ස්‌ථාපනය කිරීමය.

 සිංහලේ රජරටට වැඩම කර වඩා හිඳුවන ලද සම්බුදු හිමියන්ගේ ස්‌පර්ශය ලද ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව, වඩාත් උතුම් වන්නේ දැනට ලෝකයේ ජීවමානව පවත්නා සම්බුදු හිමියන්ගේ ස්‌පර්ශය ලද එකම බෝධීන් වහන්සේ මෙය වන බැවිනි.

 දඹදිව පිහිටි ශ්‍රී සම්බෝධියට ධර්මාශෝක රාජ සමයේදීම "නිස්‌සාරක්‌ඛා" නම් වූ දුශ්ශීල රජ මෙහෙසිය විසින් විෂ සහිත මඩුකටු ගස්‌සවා බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය නැති කරන ලදී. ඉන්පසු යළිත් දලුලා වැඩුණු ශ්‍රී මහා බෝධිය "ශශාඩක" නම් වූ හින්දු පාලකයෙකු විසින් කප්පවා විනාශ කරන ලද නමුත් යළිත් වරක්‌ ශ්‍රී මහා බෝධිය දලුලා වැඩුණේය. ඉන්පසුව පරිසරයේ හමා ගිය දැඩි සුළඟකට ශ්‍රී මහා බෝධිය පෙරළී ගියේය. මේ අනුව තෙවරක්‌ විනාශයට පත් ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියේ වර්තමානයේ පවත්නේ සිව්වැනි වරටත් දලුලා වැඩුණු ශ්‍රී මහා බෝධියයි.

 මීට අමතරව දඹදිව සැවැත් නුවර ඡේතවනාරාමයේ ආනන්ද මාහිමිපාණන් විසින් බෝධියක්‌ ස්‌ථාපනය කරන ලදුව එය අද දක්‌වාම පවත්නා නමුත් එය සැබෑ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් වැඩුණ බෝධි රාජයකි. මේ අනුව සම්බුදු හිමිපාණන්ගේ පහස ලද අද ලෝකයේ පිහිටි එකම බෝධිය වන්නේ වසර දෙදහසකට වඩා පැරණි සිංහලේ රජරට මහමෙව්නා උයනේ වඩා හිඳුවා ඇති ශ්‍රී මහා බෝධි රාජයාණන්ය. මෙහි ඇති සම්භාවනීයත්වය හා උත්තරීතර බව එපමණක්‌ම නොවේ.

 සම්බුදු හිමියන්ගේ පූර්ව අධිෂ්ඨාන ශක්‌තියෙන් සෘද්ධි බලය පා දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මව් බෝධි රාජයාගෙන් වෙන්ව ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කර තිබූ කටාහයට වැඩම කිරීම තවත් අද්භූත සංසිද්ධියකි. ධර්මාශෝක රජතුමා විසින් රනින් නිම කර තිබූ මේ කටාහනේ වටරවුම අඩි 13 1/2 කි. උස අඩි 7 1/2 කි. කටාහනේ මුවවිටේ ඝනකම අඟල් අටක්‌ පමණ වේ. මෙම රන් කටාහය දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවට යාව වටේ තිර ඇද සුවඳ දුම් දල්වා සපැමිණි සියලු දෙනා දොහොත් මුදුන් දී වැඳ සිටියහ.

 දක්‍ෂිණ ශාඛාව ශ්‍රී මහා බෝධියෙන් වෙන්කර ගැනීමට කැපීමක්‌ හෝ කැඩීමක්‌ සිදු නොවීය. ධර්මාශෝක රජු ඇතුළු රාජකීය පිරිස මෙසේ ශ්‍රී මහා බෝධියට ගරු බුහුමන් ඇතිව පුදදී සිටින විට ශ්‍රී මහා බෝධියේ කඳ සහ දක්‍ෂිණ ශාඛාව ඉතිරි වන්නට සෙසු කොටස්‌ හිටිහැටියේම අතුරුදන් විය. ඇදහිය නොහැකි වූ මේ ප්‍රාතිහාර්යය සියෑසින්ම දැකගත් ධර්මාශෝක රජතුමා දෙවරක්‌ නොසිතා එකෙණෙහිම සමස්‌ත ජම්බුද්වීපයම ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව හා ප්‍රධාන කඳ ඉතිරිව තිබියදී සෙසු කොටස්‌ අන්තර්ධාන වීමෙන් පසු ධර්මාශෝක රජතුමා විසින් ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවට ළංවන සේ ඉදිකර තිබූ ස්‌වර්ණමය මණ්‌ඩපය තබා ඒ මත රත්රන් කටාහය තැන්පත් කරනු ලැබීය. ඉන්පසු ධර්මාශෝක රජු දක්‍ෂිණ ශාඛාවට සමීප වන සේ ඉදිකර තිබූ තවත් මැණික්‌ එබ්බවූ රන් පුටුවට නැගී දක්‍ෂිණ බෝධි ශාඛාව වටා ඉරක්‌ අඳිමින් එම ශාඛාව ඉබේම ගැලවී රන් කටාහයට වැඩම කෙරේවායි අධිෂ්ඨානය කළේය. එම අධිෂ්ඨානයත් සමඟ ශ්‍රී මහා බෝ කඳින් දක්‍ෂිණ ශාඛාව ඉබේම ගැලවී සමීපයේ පැවති රන් කටාහයේ තැන්පත් වී රන් කටාහය තුළ මුල් ඇදී එහි ස්‌ථාවර විය. සම්බුද්ධ බලයෙන් සිදු වූ මේ ප්‍රාතිහාර්යය ඉෂ්ට සිද්ධ වූයේ සම්බුද්ධ හිමියන්ගේ පංච මහා අධිෂ්ඨාන බලයෙන් බව සිංහල බෝධි වංශයෙහි විවරණය කර තිබේ.

 සම්බුදු හිමිපාණන්ගේ එම පස්‌විධ ප්‍රාර්ථනා මෙසේ විය.

 1. ධර්මාශෝක රජු යම් දිනෙක ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ලබා ගැනීමට යන්නේද, ඒ මොහොතේ දක්‌ෂිණ ශාඛාව ඉබේටම මුල් කඳින් වෙන්ව ස්‌වර්ණමය කටාහය තුළ තැන්පත් වීම.

 2. ඒ අවස්‌ථාවේ දක්‌ෂිණ ශාඛාවේ බෝපත්වලින් සවණක්‌ රැස්‌ පිටතට කාන්දු වීම

 3. ශ්‍රී මහා බෝධියේ සෙසු කොටස්‌ අහසට වැඩම කොට පුරා සතියක්‌ අදෘශ්‍යමානව අහසේ වැඩ විසීම.

 4. සිය දකුණු අකු ධාතුව සිංහලේ රජරට ථූපාරාම ගර්භයේ වඩා හිඳුවන දවසේ යමක මහා ප්‍රාතිහාර්යය පෑම.

 5. සිය සිරුරේ ද්‍රෝණයක්‌ තරම් වූ ධාතු කන්දරාව සිංහලේ රජරට ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාගේ ගර්භයෙහි තැන්පත් කරන දා සැබෑ සම්බුදු රූපයෙන් අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්යය පැවැත්වීම.

 මෙම පංච මහා අධිෂ්ඨානයන්ට අන්තර්ගත ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වූයේ සම්බුදු හිමිගේ අනුහසිනි. එසේ නම් සිංහලේ රජරට මහමෙව්නාවේ වඩා හිඳුවා ඇති ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවට ජීවමාන සම්බුද්ධ හිමියන් ආරූඪ වූවාක්‌ මෙන් බුදුගුණ, බුදු බලය, බුදු ප්‍රාතිහාර්යය, බුදු වින්තනය, බුදු ආශිර්වාදය යන කරුණු සහමුලින්ම ඊට අන්තර්ගත වී ඇත. ඒ අනුව අනුරාධපුර මහමෙව්නාවේ වඩා හිඳුවා ඇති සම්බුදු හිමියන්ගේ පහස ලද ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ජීවමාන බුදුන් බඳු යෑයි සිතා ගරු බුහුමන් ඇතිව අප විසින් වැඳ පුදා ගැනීම කළ යුතුය.

 එවකට සිංහලේ අනුරපුර මහමෙව්නාවේ වැඩ විසූ මිහිඳු මාහිමියන්ගේද උපදෙස්‌ ඇතිව දෙවනපෑතිස්‌ රජතුමා විසින් එවා තිබූ දූතයන්ගේ ඉල්ලීම් එනම් ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේට වැඩම කරවා ගැනීම පිළිබඳ ඉල්ලීම ඉටු කරන්නේ කෙසේ දැයි ගැටලුවකට මුහුණ දුන් ධර්මාශෝක රජතුමා ඒ පිළිබඳව උපදෙස්‌ අනුශාසනා ලබා ගැනීමට මොග්ගලීපුත්ත තිස්‌ස මහ රහතන් වහන්සේ බැහැ දුටුවේය. එම අවස්‌ථාවේ මොග්ගලී පුත්තතිස්‌ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රජතුමාට උපදෙස්‌ දෙමින් සම්බුදු හිමියන් පරිනිර්වාණ මංචකයේදී ඉෂ්ට සිද්ධ කළ පංච මහා අධිෂ්ඨානයන් රජුට කියා දුන්නේය. ධර්මාශෝක රජතුමා ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට ශක්‌තියක්‌ වූයේ ඒ සම්බුදු ප්‍රාර්ථනා අවබෝධ කර ගැනීමෙන් පසුවය. මේ අනුව ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට තීරණය කරගත් ධර්මාශෝක රජතුමා යටකී පරිදි ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ උතුම් ජීවමාන සම්බුදු හිමියන් බඳු දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට මූලික කටයුතු සැලසුම් කරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව භාර වූයේ බෝධි ගුප්ත කුමාරයාටය. ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේට වැඩම වීමේ පූජනීය ගමනට සූදානම් කළ පිරිස භාරව ගියේ සුමිත්ත කුමාරයාය. ශ්‍රී මහා බෝධියට ගරු බුහුමන් දැක්‌වීමේ කාර්යය භාරව චන්ද්‍රගුප්ත කුමාරයා සූදානම් කළේය. බෝධි රාජයාණන් නිතර නෑවීම සඳහා රත්තරං කෙණ්‌ඩි අටක්‌ සහ රිදී කෙණ්‌ඩි අටක්‌ සූදානම් කොට එම පැන් වැඩීමේ කාර්යය බිසෝවරුන් සිව් දෙනෙකුට පවරනු ලැබීය. මේ සියල්ල සැලසුම් කිරීමෙන් පසු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණින් වහන්සේට පවරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවෙන් වැටුණ එක්‌ ඵලයක්‌ රෝපණය කිරීමෙන් පසු එයින් බෝ පැළ අටක්‌ පහළ වූ බව බෝධිවංශ කියයි. මෙම පැළ අට දඹකොල පටුන, තිවක්‌ක බමුණුගම, ථූපාරාමය, කසුන්ගිරි වෙහෙර සෑගිරිය, කතරගම, සඳුන්ගම, ප්‍රථම චෛත්‍ය ස්‌ථානය, යන තැන්වල රෝපණය කරන ලද බව වංශකතාවල දැක්‌වේ. තන්තිරිමලය, කටියාව, යාපහුව, මහියංගණය, සේරුවාවිල, බෙල්ලන්විල, සිතුල්පව්ව, පැපිලියාන, වනවාස, බෙලිගල්ල, වැලිගම, වෙල්ගම ආදී ස්‌ථාන 32 දෙතිස්‌ඵල බෝධිය රෝපණය කරන ලද බව සඳහන් වේ. 

 ශ්‍රී මහා බෝධිය සිංහලේට වැඩම කරද්දී ඒ සමඟ පැමිණි පිරිස්‌ පිළිගෙන, සත්කාර කොට ඔවුන්ට සුදුසු තනතුරු ප්‍රදානය කිරීමටද තිස්‌ස රජතුමා අමතක කර නැත. සිංහල බෝධි වංශයෙහි දැක්‌වෙන අන්දමට බෝධි ගුප්ත හා සුමිත්ත කුමාරවරුන්ට ශ්‍රී මහා බෝධියේ ආරක්‍ෂාව පවරා "මහලේනා තනතුර" ලබාදී පදිංචියට මාළිගා තනා දී ඇත. චන්ද්‍රගුප්ත, දේවගුප්ත, සූර්ය ගුප්ත, ගෝතම, ජුතින්දර ආදී කුමාරවරුන්ටද ශ්‍රී මහා බෝධිය හා බැඳුණු මූලික රාජකාරි පවරා පදිංචියට නිවාස තනා දී ඇත. එසේම එක්‌ එක්‌ කුලවලින් පැමිණ සිටි ප්‍රධානීන්ට ද ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ රාජකාරි පවරා දී වාසස්‌ථාන සලසා දී ඇත. එදා තිස්‌ස රජු විසින් මේ අයට පවරන ලද බෝධි රාජකාරී අද දක්‌වාම ඒ ඒ පවුල්වල අය විසින් අඛණ්‌ඩව කරගෙන යනු ලැබේ. මේ අතර ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් දැක්‌ වූ ගරු බුහුමන් මුල්කොට ඉන්දියාවේ ධර්මාශෝක රජු විසින් සිංහලේ මහ රජුට එනම් තිස්‌ස රජුට "දේවානම්ප්‍රිය" යන සම්මාන නාමය සමඟ තුටු පඬුරු රැසක්‌ එවන ලද බව මහාවංශයේ දැක්‌වෙයි. තිස්‌ස රජු " දේවානම්පියතිස්‌ස" වූයේ ඉන්පසුවය. දිගින් අඩි 360 ක්‌ පළලින් අඩි 270 ක්‌ද ඇති බෝ මළුවේ මැද මාලක තුනකින් යුතු, තුන්වැනි මහලයේ ශ්‍රී මහා බෝධිය වඩා හිඳුවා ඇත. පොළවේ සිට අඩි 20 ක්‌ පමණ උඩකින් ශ්‍රී මහා බෝධිය අදටත් වැඩ වෙසෙයි.

රළපනාවේ ධම්මජෝති හිමි, අනුරාධපුර ලංකාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
http://divaina.com/sunday/index.php/visheshanga2/1201-2017-12-01-09-49-58

ගුරුත්වාකර්ෂණයට හසු නොවී වැඩ සිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය!


















මියන්මාරයේ පිහිටා ඇති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ කයිතියෝ වෙහෙර නැතහොත් Kyaiktiyo Pagoda එසේත් නැතිනම් Golden Rock ලෙස හැදින් වේ. ආශ්චෛර්යමත් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබද ඇති අති පූජනීයත්වය නිසාම මා එය රන්ගිරි වෙහෙර ලෙස හදුන්වන්නම්. මෙතැන් සිට දිගහැරෙන්නේ මේ රන්ගිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳකථාවයි.මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩසිටින්නේ වන්දනීය ප්‍රදේශයක් ලෙස සැලකෙන මියන්මාරයේ මොන් ප්‍රදේශයේ කයිතියෝ කන්ද මතයි. ස්වේසගොන් චෛත්‍ය රාජයාණන් මෙන්ම මහමුනි චෛත්‍යරාජයන් වහන්සේද පිහිටා ඇත්තේ මේ ප්‍රදේශයේ යි. රන්ගිරි වෙහෙර මීටර 7.3ක් නැතිනම් අඩි 24ක් පමණ වන කුඩා ස්ථූපයක් වන අතර එය ඉදිකර ඇත්තේ දැවැන්ත කලූගලක් මත පිහිටි කුඩා ගල් කුට්ටියක් මතයි. මේ ගල් කුට්ටිය සහිත සම්පූර්ණ වෙහෙර බැතිමතුන් විසින් රන්පත් මඟින් ආවරණය කර ඇත. ඒ නිසා Golden Rock යන නම ලැබී ඇත. පුරාවෘත අනුව මෙහි ගෝතම බුදු සමිදුන්ගේ කේෂධාතූන් වහන්සේලා තැන්පත්ව ඇති හෙයින් මේ අයුරින් පුදුම සහගත අයුරින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙම රන්ගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ගුරුත්වාකර්ෂණ බලපෑමට හසු නොවී සිටීම පුදුමයට කරුණකි. මේ රන්ගිරි වෙහෙර දකින ඕනෑම පුද්ගලයෙක් නැවත බුදුදහම පිළිබද හිතන්නට අවස්ථාව සලසා දෙයි.මේ චෛත්‍යරාජයාණන් වහන්සේට කයිතියෝ Kyaiktiyo යන නම ලැබුණේ කොහෙන්ද? මොන් භාෂාව අනුව Kyaik යනු චෛත්‍යය නැත්නම් වෙහෙර යන්නයි. හද යනු තාපසයාගේ හිස මත තබාගෙන සිටින ලෙස හැදින්වෙයි. ithi යනු තාපසයා යන්නයි. ඒ අනුව Kyaik-htiyo යනු තාපසයාගේ හිසමත ඇති වෙහෙර˜ යනුවෙන් හැදිනවේ.

පුරාවෘතයන්ට අනුව බුදුහිමියන් චාරිකාවේ යෙදෙන අවස්ථාවක හමුවූ තයික් තා (Taik Tha) නම් තාපසයාණන්ට උන්වහන්සේ විසින් කේෂ ධාතු මිටක් ලබාදී ඇත. තාපසයාණන් ඉතා ගරුසරුව ලබාගත් ඒ කේෂ ධාතූන් වහන්සේ තාපසයකුගේ හිසක් හැඩැති කලූගල් කුට්ටියක් මත නිදන්කරන ලෙස දන්වා රජතුමාට ලබාදී ඇත. ඔහු අධි මානසික බලයකින් යුත් අයෙකි. ඔහුගේ පියා මෙන්ම මවද එවැනිම බලයන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඔවුන් විසින් පහල මුහුද ඇති කයිතියෝ (පසුව නම ලැබුනි) කන්ද සොයාගත්හ. ඔවුන් සක්‍ර දෙවියන් ආදී නොපෙනෙන බලවේගයන්ගේ සහය ඇතිව කයිතියෝ කදුමුදුනේ රන් කන්ද පිහිටුවීමටත් රන් වෙහෙර පිහිටුවීමටත් ස්ථානය තෝරාගත්හ. එතැන් සිට චෛත්‍යරාජයන් වහන්සේ අපට අද දක්වා විරාජමාන වෙයි.චෙත්‍යරාජයන් වහන්සේ Mon ජනපදයේ කයිතියෝ ප්‍රදේශයට ආසන්නයෙන් Tenasserim වෙරළට ආසන්නයෙනි පිහිටා ඇත. මේ රන්ගිරි වෙහෙර චෛත්‍යය මුහුදු මට්ටමින් මීටර 1100ක්ද අඩිනම් 3600ක්ද ඉහළින් පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ Paung-laung කදු වැටියේ Eastern Yoma කන්දේය. එතනම Yangon සිට කිලෝ මීටර 210ක් පමණ ඇත. Kinpun ගමෙහි සිට Kyaiktiyo කදු මුදුන දක්වා කිලෝමීටර 16ක් පමණ ඇත. රන්ගිරි වෙහෙරට අඩිපාරවල් හෝ මාර්ගයන් ආරම්භ වන්නේ මෙතැන් සිටය. මේ ගමනේදී අනන්තවත් අඩමානව පිහිටා ඇති කලූගල් කුටිටි ඔබට දක්නට ලැඛෙනු ඇත. චෛත්‍ය රාජයාණන් වහන්සේට පිවිසෙන දොරටුවේ ආරක්ෂකයින් ලෙස සිටින සිංහරූප දෙකක් දක්නට ලැබේ. වාහන යා හැකි අවසන් ස්ථානය මෙයයි. මෙතැන් සිට පාවහන් ගලවා ඉදිරියට යාමට සිදුවෙයි. 1999 වසරේ ගල් අතුරා මෙම මාර්ගය පිලිසකර කිරීමට පෙර කිලෝමීටර 1.2ක දුර යාමට පැයක පමණ කාලයක් ගත කිරීමට සිදුවිය. Kinpun නැමැති ස්ථානයේ සිට රන්ගිරි වෙහෙර දක්වා සැතපුම් 6.8ක් නැතහොත් කිලෝමීටර 11ක් දක්වා දුර සිය වන්දනා ගමනේ චාරිත්‍රයක් වශයෙන් සලකා බොහෝ බැතිමත්හු පයින්ම ගමන් කරති. රන්ගිරි වෙහෙර අවට ඇති කදු ගැටයන්හි අද වන විට බොහෝ පන්සල් ඉදිකර ඇති බැවින් මෙලෙස පයින් ගමනේදී දැක බලාගන්නට බොහෝදෑ තිබේ.දැන් අපි හොදින් දන්නා මේ රන්ගිරි වෙහෙර පිහිටා ඇති ගල්කුට්ටිය පුරා රන් ආලේපකර ඇති නිසා ඉතා දීප්තිමත්ව ඈතට පෙනේ. මේ පූජනීය ගලෙහි වටරවුම මීටර 15ක් පමණ වන අතර උස මීටර 7.3ක් පමණ වේ. මේ ගල් කුට්ටිය පිහිටා ඇත්තේ ස්වාභාවිකවම සකස් වූ ගල් වේදිකාවක් මතය. මේ ගල් කුට්ටිය ප්‍රධාන ගලට සම්බන්ධ වී ඇලවී ඇති අතර ඒ කොටසේ ඇත්තේ ඉතාම කුඩා වර්ගඵලයකි. ගල් කුට්ටිය ප්‍රධාන ගල මත එල්ලී සිටින අතර එය බෑවුමෙහි අවසන් කොටසෙහි තැන්පත්ව ඇත. එහි පහත ඇත්තේ නිම්නයයි.

නෙලූම් මලක හැඩැති රන් පත්වලින් සෑදූ ආවරණයක් මේ ගල් දෙක සම්බන්ධ වන ස්ථානයේ තබා තියෙනවා. මේ ගල් කුට්ටිය පෙනෙන්නේ ඊලග මොහොතේ බිමට වැටේදෝ යන ආකාරයටයි. කලකට ඉහතදී මේ ගල් දෙක අතර අගල් 06ක පමණ පරතරයක් තිබූ බව මෙහි ඇද ඇති බිතුසිතුවම් වලින් පැහැදිලි කරයි. රන්ගිරි වෙහෙර පිහිටි ගලත් ප්‍රධාන ගලත් අතරින් සියුම් නූලක් දෙපසට රැගෙන යා හැකි බව එහි සිටින පුද්ගලයන් පෙන්වා දෙයි. ඒ අනුව වෙහෙර පිහිටි ගලත්, ප්‍රධාන ගලත් අතර සම්බන්ධයක් නැතිබව හොදින්ම පැහැදිලි වේ. මේ ගල සොලවා පෙන්වීමටද එහි සිටිනා පුද්ගලයන්ට පුලූවන්ය. එසේනම් ගුරුත්වාකර්ෂණයට අභියෝග කල මේ චෛත්‍යරාජයන් වහන්සේගේ ආශ්චර්යය කුමක්දැයි අදටත් අභිරහසක්ව පවතී.රන්ගිරි වෙහෙර වෙත නැගීමේදී ඒ අවට තවත් බොහෝ විහාරාරාම ඇති බව මා කලිනුත් කීවා. එහෙත් ඒ සියල්ල අතරින් රන්ගිරි වෙහෙර සියලූ බැතිමතුන් අතින් වන්දනාවන පූජනීයතම ස්ථානයක් වේ. විශේෂයෙන්ම රත්රන් කොළ ඇලවීම බුරුමයේ විශේෂ චාරිත්‍රයක් වන අතර ඒ නිසා රන්ගිරි වෙහෙර වහන්සේ සහිත ගල් පව්ව දිවා රෑ කාන්තිමත්ව බැබලේ. රන්ගිරි වෙහෙර අසල වන්දනාමාන කිරීමට තවත් නොයෙක් දෑ ඉදිකර පවතී.දෑසන හිරු නැගෙන විටත් සවසට හිරු බසින විටත් රන් ආලේපිත මේ රන්ගිරි වෙහෙර නොයෙක් අයුරින් රශ්මි දහරාවල් විහිදුවන්නේ බුදුගුණ කියාපාන්නාක් මෙනි. ඒ අතරවාරයේ බැතිමතුන්ගේ බැතිගී ගායනා වලින් මුලූ ගගන තලයම ගිගුම්දෙයි. බැතිමත්හු දිවා රෑ නොබලා මෙහි බුදුපියාණන් වෙනුවෙන් පහන්,සුවද පූජා මෙන්ම, මෙන්ම නොයෙක් පූජාවෝ පවත්වති. පුරුෂ පාර්ශවය මහා විවරයක් මතින් ඇති පාලම උඩින් ගොස් රන්ගිරි වෙහෙර පිහිටි ගලමත රන්පත් අලවන්නේ ඉමහත් බැතිසිතිනි. එහෙත් කාන්තාවන්ට ඒස`දහා අවස්ථාව නොලැබේ. සෑම ආගමකටම අයත් ජනතාව කිසිදු භේදයක් නොසලකා මේ රන්කොත් වෙහෙර වන්දනා කරති. ආබාධිත පුද්ගලයන් පමණක් නොව මහලූ වූ ඇවිදීමට නොහැකි අය පවා අන් අයගේ උදව්වෙන් හෝ මේ වෙහෙර වැදීමට උත්සාහ කරති. සෑම වසරකම මාර්තු මාසයේ පුර පෝදින බැතිමතුන්ට විශේෂ අවස්ථාවක් උදාවෙයි. ඒ ඉටිපන්දම් අනූදහසක ආලෝක පූජාවක් පැවැත්වෙන බැවිනි. ඒත් සමග පලතුරු, සුවද වර්ග, ආදි පූජාභාණ්ඩ ඒ අසහාය ශ්‍රාස්තෘන් වහන්සේ වෙනුවෙන් පූජා කරති.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝවැසි දනන් නෙත්සිත් සනහා වදාළ ඒ රන්ගිරි වෙහෙර ‍චෛත්‍ය රාජයන්වහන්සේ තවත් වසර දහස් ගණනක් මුලූල්ලේ ජීවමාන බුදුහිමියන් මෙන් අප වෙනුවෙන් වැඩසිටිනු ඇත. ඒ රන්ගිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

රංජිත් පරණවිතාන - karma.lk

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි!

සමාජ ජාලා ඔස්සේ මුස්ලිම් සමාජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන අන්වර් මනතුංග නමැති අයෙකු විසින්, මෙරට මුස්ලිම් බහුතර ප්‍රදේශවලදී, අන්‍ය ජාතිකයන් අපහසුතාවට පත් කරමින් සිදුකරන අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා.

මුස්ලිම් සමාජය පමණක් වෙත “වට්ස්ඇප්“ ඔස්සේ නිකුත් කර ඇති හඩ පටයක් මගින් ඔහු පවසන්නේ මෙරට මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල අමුතු සංස්කෘතියක් ගොඩනැගී ඇති බවයි. එවැනි ප්‍රදේශවලදී මෙරට නීතිය නොතකා අන්තවාදී ලෙස හැසිරෙන මුස්ලිම් ජාතික පිරිස්, අන්‍යජාතිකයන් හිරිහැරයටත් පත් කිරීමට පෙළඹී සිටින බවත්, ජාතිවාදී ගැටුම් ඇතිවීමට මූලික හේතුව එය බවත් හඩ පටය මගින් ඔහු ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ ඇතිවූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සාධාරණීකරණය කරමින් සමාජජාලා ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ අයෙකු වන අන්වර් මනතුංග ජමියතුල් උලමා සභාවේද උපදේශකයෙකු ලෙස කටයුතු කරන අයෙක් යැයි පැවසේ.

http://www.colombotoday.com/40200-26523/

Pic Source

2020 රටේ නායකත්වයට වැඩි කැමැත්ත ගෝඨාභයටයි.. කොළඹ විශ්වවිද්‍යාලයේ නවතම සමීකෂණය හෙළිකරයි!

වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

‘2020 දී මීළඟ කවුජනාධිපතිවරයා රු විය යුතුද යන්න පිළිබඳ ජනමතය හඳුනාගැනීම’ යන පර්යේෂණ මාතෘකාව යටතේ ප්‍රධාන පර්යේෂක වශයෙන් මහාචාර්ය අජන්තා හපුආරච්චි හා අවසාන වසර විශේෂ උපාධි අපේක්ෂකයකු වූ වයි.ඩී. ප්‍රියංකර යන අයගේ සහායෙන් මාස තුනක කාලයකදී නුවරඑළිය, කෑගල්ල, රත්නපුර යන ප්‍රදේශයේ ජනතාව සහ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 18-75ක් දක්වා වන සියලුම ජාතීන්, ආගමික නායකයන්, වෘත්තීයවේදීන්, විද්‍යාර්ථීන්, නියෝජනය කරගනිමින් සිදුකළ පර්යේෂණයෙන් මේ බව අනාවරණය වී ඇත.

එහිදී නියැදිය වශයෙන් 505කගෙන් සමන්විත පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති අතර පර්යේෂණ ක්‍රමවේදය වී ඇත්තේ ‘රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන පස්දෙනාගේ ඡායාරූපයකට අනුපිළිවෙළින් අංක යොදා එක් අයකු මේ පුද්ගලයන් පස් දෙනා අතුරින් කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය ප්‍රමාණාත්මකව ගණනය කිරීමයි. ඒ අනුව පර්යේෂණ නියැදියට අදාළ 505 දෙනාගෙන් 231ක් ගැහැනු අය වන අතර 274ක් පිරිමි අය වේ.

ඔවුන් ලබාදුන් ප්‍රතිචාරවලට අනුව පර්යේෂකයන් පහත නිගමනවලට එළැඹ තිබේ.

වර්තමාන දේශපාලන නායකත්වයට හෝ දේශපාලන තත්ත්වයට මේ නියැදියට අදාළ 505 දෙනාගෙන් 134ක්ම අකැමැති බව ප්‍රකාශ කර තිබේ. මොවුන් පසුගිය මැතිවරණයෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් සිට එය කඩකර ගත් රටේ ශ්‍රම බළකායේ නියමුවන් හා දේශපාලනය පිළිබඳව අවබෝධයක් ඇති කොටසයි. මේ 134 දෙනාගේ මතය වී ඇත්තේ නැවත වර්තමාන නායකයන් කිසිවකු බලයට නොපැමිණිය යුතු බවයි.

වයස අවුරුදු 18-20 යන නව කුලුඳුල් ඡන්ද හිමි තරුණ පිරිස කිසිදු දේශපාලන හැඟීමක් හෝ නායකයන් පිළිබඳ අවබෝධයක් නොමැති ඩිජිටල් ලොව සැරිසරන පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොදුවේ වත්මන් ඡන්ද දායකයා කිසිම දේශපාලන පක්ෂයක හෝ නායකයකුගේ පොරොන්දු, විශ්වාස නොකරන අතර ඒ කිසිවකුට රට පාලනය කිරීමේ වුවමනාවක් නැති බව මතය වී තිබේ.

ප්‍රධාන පක්ෂ දෙකම එකිනෙකාගේ පන්තිය රැකගැනීමක් පමණක් කරන බැවින් ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කර තිබීම, නියැදියෙන් නම් කළ පුද්ගලයන් 5ට දෙනාට අමතරව විකල්පයක් ලෙස යෝජනා කරන්නේ කවුරුන් දැයි ඇසූ ප්‍රශ්නයේදී බහුතරයම කියා ඇත්තේ ‘රට හැදීමට නම් රටට ආදරය කරන ඒකාධිපති නායකයකු අවශ්‍ය බවත් ඔහු බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුවද සුදුසු වන’ බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට පූර්ණ වශයෙන් ජනතාවගෙන් බැහැර වී ඇතත් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ වැඩි කැමැත්ත පළ කර ඇති අතර එහිදී ජවිපෙට කැමැති තවත් කණ්ඩායමක් දක්වා ඇත්තේ ‘ගෝඨාභය’ ජනාධිපති කර අනුර කුමාර විපක්ෂ නායකකමට පත් කළහොත් රට හැදේවි යන’ මතයයි.

සමස්තයක් වශයෙන් සම්පූර්ණ පර්යේෂණය මඟින් රනිල් වික්‍රමසිංහ මහතාට කැමැති පිරිස සියයට ගණනක් ලෙස ගත් විට එය 8.64%ක් බව අනාවරණය කරගෙන තිබේ. පිරිසක් සුළුතර ඡන්දය ඔහුට හිමි බවත් තවත් පිරිසක් නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරේ සිය අප්‍රසාදයත් තවත් පිරිසක් දේශපාලන අවබෝධය ඇතත් එය කළමනාකරණය හා සාමූහිකත්වය කරගැනීම අසමත් බව පවසා තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා, එජාප ඡන්දෙයන් යැපෙන බවත් රට වෙනුවෙන් ඍජු තීරණ නොගන්නා බවට පිරිසකුත් එම දේශපාලනය මේ රටට නොගැළපෙන බවත් ඔහුට ඡන්දය දුන්නේ එජාපය නොවන බවත් තවත් පිරිසක් පවසයි. ඔහුට කැමැත්ත දක්වා ඇත්තේ 9.18%ක ප්‍රතිශතයක්ය.

සජිත් ප්‍රේමදාස මහතා, එජාප බහුතර මතයට අනුව නිහඬව ගමන යන කෙනෙක් බවත් බහුතර කැමැත්ත ඔහුටය. 28.64%ක ප්‍රතිශතයක් ඔහුට කැමැත්ත පළ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමස්තයෙන් 39.18%ක පිරිසක් කැමැත්ත පළ කර ඇත. සිංහල බෞද්ධ පදනම හා අමාත්‍ය ධුරයක් හොබවන්නේ නැතිව රටට කළ සේවය, කොළඹ නගරය අලංකාරය අගය කරන පිරිස බහුතරයකි. ඇවන්ගාඩ් නඩුව, ද්විත්ව පුරවැසිභාවය, මුදල් අවභාවිතය, සුදු වෑන් පිළිබඳව ප්‍රශ්නයක් නොමැත. ඒවා රටේ ජනතාවගේ ආර්ථිකයට හේතුවක් නොවන බව ඔවුන්ගේ මතය වන අතර දැඩි තීරණ ගැනීම, ඍජු තීරණ ගැනීම, යුද්ධයට දැක්වූ දායකත්වය නිසා මෙසේ ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබේ.

මෙරට ජනතාවගේ දේශපාලන අවබා්ධය හා වර්තමාන දේශපාලන නායකත්වය පිළිබඳ මෙරට ජනතාවගේ වත්මන් ජනමතය හඳුනාගැනීමේ අරමුණින් මේ වසරේ සැප්තැම්බර් – නොවැම්බර් අතර කාලය තුළ මේ පර්යේෂණය පවත්වා තිබේ.

– Mawbima

http://www.colombotoday.com/40227-25253/

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී!

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට අයත් කැපිටල් FM ගුවන්විදුලි නාළිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද දිනයේ නිළ වශයෙන් විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට එම නාළිකාව ප්‍රදේශ කිහිපයක පරීක්ෂණ විකාශන කටයුතු සිදුකරයි.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ තවත් සිංහල, දෙමළ ගුවන් විදුලි නාළිකා දෙකක් සහ රූපවාහිනී සේවයක් සහිත මාධ්‍ය ජාලයක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ඇති අතර ඒ සදහා අරමුදල් ලබා දීමට කටාරයේ ඉස්ලාමීය සංවිධාන කැමැත්ත පළකර ඇතැයිද පැවසේ.

http://www.colombotoday.com/40221-263/

Thursday, October 26, 2017

හින්දු කෝවිල්වල සත්ව බිලිපූජා උසාවියෙන් අත්හිටුවයි!

හින්දු ආගමික උළෙල සඳහා සතුන් බිලිදීම හා කෝවිල් ඉදිරිපිට සතුන් මැරීම අත්හිටුවමින් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විසින් පෙරේදා 24 දා නියෝගයක්‌ නිකුත් කොට තිබේ.

අවිහිංසාවාදී හින්දු පූජකවරුන් පිරිසක්‌ විසින් යාපනය මහාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක්‌ සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.

පෙත්සමට අනුව ඉන් කියවුණේ ගතවූ වසර 300 ක කාලය තුළ හින්දු කෝවිල්වල විවිධ උත්සව වෙනුවෙන් එළුවන් 3000 ක්‌ පමණ වසරකට මරා දමන බවයි. ඊට අමතරව වසරකට කුකුළන් 10,000 ක්‌ පමණ මරාදමන බවද පෙත්සමේ සඳහන් වෙයි.

හින්දු දහමට අනුව එක්‌ පාර්ශ්වයක්‌ සම්පූර්ණයෙන්ම නිර්මාංශ වන අතර තවත් කොටසක්‌ බිලි පූජා දෙමින් මස්‌ අනුභව කරමින් දෙවියන් උදෙසාද මාංශ පූජා කරනු ලබයි.

පෙත්සම විභාග කළ අවස්‌ථාවේදී එක්‌ හින්දු පාර්ශ්වයකට මාංශ පූජාව ඉතා අත්‍යවශ්‍ය බවට මතයක්‌ ඉදිරිපත්වූ අතර එය සැලකිල්ලට ගත් විනිසුරුවරයා එවැනි අවශ්‍යතාවයන් සඳහා රජයේ ලියාපදිංචි මස්‌ අලෙවි සල්වලින් මාංශ මිලට ගෙන පූජාවන් පවත්වන ලෙසද නියෝග කොට තිබේ.

මෙම නියෝගයෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරුවරයාට උතුරේ නිර්මාංශ හින්දු කණ්‌ඩායම්වල ප්‍රණාමය පුදකර ඇති අතර ඊට එරෙහි කණ්‌ඩායම් පවසා ඇත්තේ මෙම අධිකරණ නියෝගයට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවයි.

දිනසේන රතුගමගේ
http://divaina.com/daily/index.php/puwath-2/1822-2017-10-25-15-52-54

Pic Source

ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ - අතුරලියේ රතන හිමි

ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා රටේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එකින් එක සොයා බලා ඒවාට විසඳුම් සෙවිය යුතු බවත් ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ බවත් ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
යහපාලනයක්‌ ඇතිකිරීම සඳහා පැවැති රජය පරාජය කර නව රජය බලයට පත්වූයේ රටට අහිතකර මෙවැනි සංශෝධන ගෙන ඒමට නොවන බවත් රටේ දැවෙන ප්‍රශ්න විසඳා සියලු ජනවර්ගයාට සාධාරණ අයිතිවාසිකම් ලැබෙන ජන සමාජයක්‌ ගොඩනැගීම සඳහා බවද උන්වහන්සේ පැවැසූහ.

යෝජිත නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. එහිදී වැඩිදුරටත් කතා කළ රතන හිමියෝ මෙසේ පැවැසූහ. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ විශාල ආන්දෝලනයක්‌ ඇතිවී තිබෙනවා. අපි බලාපොරොත්තු වුණේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමන් පසු රටේ සාමය පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න. මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසුව ජනතාව බලාපොරොත්තුවුණේ ගිය ආණ්‌ඩුවෙන් සිදුනොකළ අරමුණු සඵල කර ගැනීම සඳහායි.

මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසු යම්කිසි ව්‍යවස්‌ථා සංශෝධනයන් කරන බවට සඳහන් කළා. ඒ වගේම සමගිය මෙන්ම කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන බවට ජනතා පොරොන්දුවක්‌ දුන්නා. ජනාධිපතිතුමා 2016 වසරේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකළා. අධිකරණයට, රාජ්‍ය සේවයට, පොලිසිය කරන බලපෑම ඒ තුළින් නැති කළා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධන සිදුනොකරන බවට විධායක ජනාධිපති ධුරය අපට කරුණු කිහිපයක්‌ උඩ අවශ්‍ය වෙලා තිබෙනවා. යම් කිසි කෙනෙක්‌ යම් කිසි විදියකට මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළහොත් දැනට තිබෙන අනුපාත ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන්න බැහැ. එකම ක්‍රමය තිබෙන්නේ මනාප ඡන්ද ක්‍රමය පමණයි.

ඒ වගේම මේවන විට උතුරු හා නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට තවමත් විසඳුමක්‌ ලබාගැනීමට නොහැකි වෙලා. හැබැයි ඒ සඳහා විසඳුම් සෙවීම සඳහා නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හරහා පාර්ලිමේන්තුවට අතුරු වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් රට ස්‌ථාවර වෙනවාද රටේ ස්‌ථාවරභාවයට හානිකරනවාද ඒ වගේම සුළු ජනවර්ගයන්ගේ ප්‍රශ්න වලට උත්තරයක්‌ ලැබෙනවාද සංහිඳියාව ඇති වෙනවාද කියා සහ සොයා බැලිය යුතුයි. සියලු ජනකොටස්‌ සමඟ සාකච්ඡා නොකර මේ තුළින් කිසිදු සංහිඳියාවක්‌ ඇති නොවන බවයි අපේ මතය.

මේ ලියවිල්ල සමස්‌ත ජනතාවගේ යහපත උදෙසා නොවන බවද ප්‍රකාශ කළ යුතුයි. ආණ්‌ඩුව කියනව මේ අතුරු වාර්තාවක්‌ මේකට කලබල වෙන්න එපා කියලා. අතුරු වාර්තාවක්‌ දාන්නේ යම්කිසි කමිටුවක සාමූහික ඒකමතික තීරණයක්‌. එහෙත් මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාල තියෙන්නේ විසි දෙනෙක්‌ ඉන්න කමිටුවේ හත්දෙනකුගේ කැමැත්ත මතයි. පැහැදිලිවම විධායක ජනාධිපති ධුරය අහෝසිකරන ව්‍යවස්‌ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැමැති නැති බව. ඒ වගේම හෙළ උරුමය ඒ වගේම දෙමළ සන්ධානයද මේ සඳහා අදහස්‌ පළකර තිබෙනවා. එසේ තිබියදී මෙම ව්‍යවස්‌ථා සංශෝධනය නිත්‍යානුකූල නැහැ. ඒ වගේම පවත්නා විධායක ජනාධිපති ධුරය සම්පූර්ණව අහෝසි කළහොත් එහි බලපෑම් වලටත් මුහුණ දීමට අපට සිදුවෙනවා. මේ තුළින් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්‌ වෙනවා. එය රටට හිතකර දෙයක්‌ නොවෙයි.

විශේෂයෙන්ම උතුරේ ප්‍රශ්න රැසක්‌ මේ වනවිට බිහිවෙමින් පවතිනවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස්‌ නොකිරීම, ඔවුන් අධිකරණයට ගෙනත් නඩු පැවැරීම් හා නිසිලෙස පුනරුත්ථාපනය කිරීම් වසර තුනක්‌ ගියත් මේ ආණ්‌ඩුවට කිරීමට නොහැකිවී තිබෙනවා. ඒ වගේම මේ ඉඩම් ප්‍රශ්නය. යාපනයේ ඉඩම් වල වැඩි කොටසක්‌ තිබෙන්නේ ජනතාවට නොවෙයි ප්‍රභූවරුන්ට. ඒවා සොයා බලා අහිංසක ජනතාවගේ ඉඩම් ලබාදී නැවත පදිංචිකිරීම් නිසියාකාරව සිදුකිරීමට මේ ආණ්‌ඩුව අපොහොසත්වී තිබෙනවා.

රජය මගින් නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම්වීම සහ සිය මහා සභාවේ ස්‌ථාවරය පැහැදිලි කරනු සඳහා කොළඹ 07, නිදහස්‌ මාවතේ පිහිටි ජාතික පුස්‌තකාල සහ ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී ඊයේ (25දා) උදැසන පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙලෙස අදහස්‌ දැක්‌වූහ.

එම ජාතික මහා සභාවේ සාමාජික ආචාර්ය සුරේන් රාසවන් (දකුණේ) සහ ලංකා ජාතික කර්මාන්ත මණ්‌ඩලයේ හිටපු සභාපති තිස්‌ස සෙනවිරත්න යන මහත්වරුද වෙති.

අරුණ බෝගහවත්ත, ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://divaina.com/daily/index.php/puwath-2/1843-2017-10-25-15-52-75

Tuesday, October 24, 2017

ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..
































අද වනවිට පලාත් පාලන මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සියලු සීමා නිර්නය කටයුතු අවසන් කොට එක් එක් පලාත් පාලන ආයතනයන් සඳහා අවශ්‍ය සභිකයින් ගනන තීරණය කොට අවසන් බව මාධ්‍ය මගින් පලාත් පාලන අමාත්‍යවරයා ජනතාව දැනුවත් කලේය. කරුණු එසේනම් මීලගට ඇත්තේ එම සභිකයින් ගනන ගැසට් පත්‍රයේ පලකොට වහාම පලාත් පාලන මැතිවරණය පැවත්විමයි.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේම සුලු ජාතින් නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි අමාත්‍යවරුන් රටේ සම්පූර්ණ පරිපාලන ව්‍යහය කණ පිට පෙරලමින් සිටි. එනම් අරුම පුදුම අලුත්ම යෝජනාවක් ලෙස ජනවාර්ගික පදනම මත නුවරඑළියේ අලුතින් ප්‍රාදේශිය සභා බිහිකිරීමයි. මෙමගින් තමන්ගේම ආණ්ඩුවට අභියෝග කරමින් වසර 3 කට ආසන්නව කල් ගොස් ඇති පලාත් පාලන මැතිවරණය නැවත කල් දැමීමේ අසාධාරණ ඉල්ලීමක මොවුන් මේ වනවිට නිරත වී ඇත.

මෙහිදී මෙම ද්‍රවිඩ නායකයින්ගේ ඉල්ලිම උතුරු නැගෙනහිර ෆෙඩරල් ඉල්ලිමට සමාන එහෙත් මධ්‍යම පලාතට සරිලන ඉල්ලිමකි. ඒ මන්දයත් මෙතෙක් මධ්‍යම පලාත් සභාව සඳහා වෙනම රාජ්‍යකට අවශ්‍ය බලය බෙදාහැරීමට සම්පූර්ණ විය යුතු සුලු ජාතින්ගේ සංයුතිය ඇති වීමට තව කල් ඇති බැවිනි.

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන 20.3 කි (2012 සංගනනයට අනුව). එනම් 20359439 කි.
එයින්
කොළඹ දිස්ත්‍රික්යේ 11.4% (2324329) ජීවත්වෙති. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 13 කි. ප්‍රාදේශිය සභා නගර සභා 13කි.
අනුරාධපුර දිස්ත්‍රික්යේ 4.2% (860575)ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 22 කි. ප්‍රාදේශිය සභා නගර සභා 19 කි.
මුලතිව් දිස්ත්‍රික්ය 0.5%( 92231) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 6 කි ප්‍රාදේශිය සභා නගර සභා 4 කි.
මන්නාරම් දිස්ත්‍රික්ය 0.5%(99570) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි ප්‍රාදේශිය සභා නගර සභා 5 කි.
කිලිනොච්චි දිස්ත්‍රික්ය 0.6%(113510) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 4 කි ප්‍රාදේශිය සභා නගර සභා 3 කි.

ඉහත දිස්ත්‍රික්වල පරිපාලන කොට්ඨාස අනුව ජනගහනය බෙදි ඇති ආකාරයෙන් විශාල විෂමතා හදුනා ගත හැකිය, එනම් මුලතිව්, මන්නාරම් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් 3 නම එකතු කලවිට සමස්ථ රටේ ජනගහනයෙන් 1.5% කි. ඒ දිස්ත්‍රික් 3 සඳහා ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 15 කි ප්‍රාදේශිය සභා නගර සභා 15 කි, එහෙත් එම දිස්ත්‍රික් 3 ම ජීවත්වන ජනගහනයට සමානව හෝමාගම ප්‍රදේශිය සභාවේ 236179 ක් ජනතාව ජිවත් වුවත් එක ප්‍රාදේශිය සභාවකි. එහි සිංහල ජනතාව 98% කට වඩා වැඩිය. (Link) කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 252941 ක් ජීවත්වන අතර එය ප්‍රාදේශිය සභාවක් ( වර්තමානයේ මහ නගර සභාවක්) ලෙස පාලනය වේ.

සමස්ථ රටතුල පරීපාලන වශයෙන් සම්පත් බෙදි යෑමේ සහ පරිපාලනය කිරිමේ ගැටලු රාශියක් තිබියදි නුවරඑළිය දිස්ත්‍රික්ය පමණක් ද්‍රවිඩ පක්ෂ විසින් තෝරාගෙන ඒ හරහා රටතුල විශාල ගැටලුවක් නිර්මාණය කරන්නේ අනාගත ඊලම හරහා “මලය නාඩුව” නිර්මාණය කිරිමට විය හැකි බවට සැකය තහවුරු වනුයේ උතුරු නැගෙනහිරින් ආරම්භ වන බලය බෙදීම අවසන් වනුයේ මධ්‍යම කඳුකරයෙන් විය හැකි බැවිනි.

මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්යේ සමස්ථ ජනගහනය 711644 කි, එය රටේ සමස්ථ ජනගහනයෙන් 3.5% කි. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි. ප්‍රාදේශිය සභා නගර සභා 8 කි, එහි සිංහල 40% සහ දෙමළ 56 % ක් ජිවත් වෙති. එහෙත් අලුත් යෝජනාවක් ලෙස දෙමළ පක්ෂ ඉල්ලා සිටින්නේ තවත් අලුතින් ප්‍රාදේශිය සභා 4 ක් වැඩිකල යුතුය යන්නයි. එනම් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වු ශ්‍රී පාදස්ථානය අයත් අඹගමුව ප්‍රාදේශිය සභාව ජනගහනය 21000 යි, එනම් හෝමාගම ප්‍රාදේශිය සභාවටත් (236179) වඩා කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් නුවරඑළිය ජනගහනය 19000 යි, ඊටත් කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් වෙන් කොට අලුතින් ප්‍රාදේශිය සභා 6 ක් නිර්මාණය කරන ලෙසයි. එහෙත් මන්නාරම් හෝ මුලතිව් දිස්ත්‍රික්යන් වල පිහිටි අනවශ්‍ය ජනගහන ඉතා අඩු ප්‍රාදේශිය සභා හෝ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එකතු කොට සමස්ථ රටේ ඇති ප්‍රදේශිය සභා ප්‍රමාණය නොඉක්මවා යන යෝජනාවක් එහි නැත. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයන් සඳහා උතුරු නැගෙනහිර හැර අනික් සමහර දිස්ත්‍රික්වල පසුගිය කාලයේදී එසේ අඩු වැඩි කලේය.

එමෙන්ම පසුගිය කාලය තුල දි පලාත් පාලන ආයතනයකන් සීමා නිර්නය කිරිමේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රිලනිප යට වාසි අන්දමින් සමහර ඡන්ද මධ්‍යස්ථාන දෙකඩ කැඩුවා කියා කෑ මොර දුන්හ, ඒත් අද ඒ දේශපාඥයන් රටේ සමස්ථ පරිපාලනය අවුල් කරමින් දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමක් මත ජනවාර්ගික පදනමින් ප්‍රදේශ කොටස් කොට පරිපාලන ඒකක නිර්මාණය කිරිම සම්බන්ධව නිහඬය. ඒ පැහැදිලිවම අනාගත උතුරු නැගෙනහිරින් බිහිවන ෆෙඩරල් රාජ්‍යයේ කන්ද උඩරට උප කලාපය මේ හරහා නිර්මාණය වනු දැකගැනීමට ඇති ආශාව නිසා විය හැකිය.

එමෙන්ම නැති ප්‍රශ්නයක් හරහා ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගොඩනැගු මෙම පරිපාලන ගැටලුව නිසියාකාරව විසඳා පලාත් පාලන මැතිවරණය මේ අනුව 2020 දි වත් පැවත්වීම සැක සහිතය. මෙය පිටුපස මේ වනවිට දෙමළ ඩයස්පෝරාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් පෙල ගැසි ඇත. විශේෂයෙන්ම වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයා වන මෙරටේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක හිමිකරු මෙහි පිටුපස සිටිම තවත් බරපතළ සැකයක් ඇති කරන්නකි. එයින් ජනතාව ස්වාධීන මැතිවරණ කොමිසම කෙරෙහි සැක උපදවයි. එමෙන්ම ජනතා පරමාධිපත්‍යය කෙරෙහි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඇති විශ්වාසය තවදුරටත් පලුදු කරන්නකි.

Lanka C News